Jump to content

මෝටු පට්ලු

විකිපීඩියා වෙතින්
මෝටු පට්ලු
මෝටු පට්ලුහි තේමා දසුන
ප්‍රභේදයප්‍රහසන
විනෝදජනක-ප්‍රහසන
කාලානුරූප ප්‍රහසන
තැනුවේක්‍රිපා ෂංකර් භාරද්වාජ්
ප්‍රවර්ධනය කලේකොස්මෝස්-මායා[1]
රචනය කලේනීරාජ් වික්‍රම්
අධ්‍යක්ෂණය කලේසුහාස් කාදව්[2]
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)රොනෝජෝයි චක්‍රබෝර්ති
රඟපෑමමෝටු, පට්ලු, ජෝන් නම් අපරාධ නායක, ඝාසිත රාම්, ආචාර්ය ජාට්කා, ඉන්ස්පෙක්ටර් චිංගම්
Voices ofසෞරව් චක්‍රබෝර්ති
ඕමි ෂර්මා
සංකල්ප්
බ්‍රයන් ඩී. කොස්තා
රාජා
රේණු ෂාරදා
විකාශ් කුමාර්
තේමා සංගීත නිර්මාණකරුසංදේශ් ෂන්දිල්‍යා[2]
ඇරඹුම් තේමාව"මෝටු ඕර් පට්ලු කි ජෝඩි"
අවසන් තේමාව"මෝටු ඕර් පට්ලු කි ජෝඩි"
Composer(s)සංදේශ් ෂන්දිල්‍යා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
ඉංග්‍රීසි
සිංහල
දෙමළ
තෙලිඟු
මලයාලම්
කන්නඩ
ටුලු
බෙංගාලි
කථාවාර සංඛ්‍යාව4
කථාංග ගණන260
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)අනූ සික්කා
නිෂ්පාදක(යෝ)දීපා සාහි
අනිෂ් ජේ. එස්. මෙහ්තා
ධාවන කාලයමිනිත්තු 10–11 (තනි කථාංගයක දිග)
නිෂ්පාදන සමාගමකොස්මෝස් එන්ටර්ටේන්මන්ට්, සිංගප්පූරුව
බෙදාහරින්නාකොස්මෝස් එන්ටර්ටේන්මන්ට්, සිංගප්පූරුව
ප්‍රචාරණය
මුල් නාලිකාවනිකලෝදියන්
නික් HD
ශබ්ද ආකෘතියඩොල්බි ඩි‍ජිටල්
පළමුව ප්‍රදර්ශනය කෙරුණේ16 ඔක්තෝබර් 2012 (2012-10-16)
මුල් ධාවනය16 ඔක්තෝබර් 2012 (2012-10-16)[1] – වර්තමානය
බාහිර සබැඳි
[cosmoa-maya.com නිෂ්පාදන වෙබ් අඩවිය]

මෝටු පට්ලු යනු නිකලෝදියන් සහ වසන්තම් නාළිකා ඔස්සේ විකාශය වන ඉන්දියානු සජීවීකරණ කාලානුරූප ප්‍රහසන රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරනු ලබන්නේ කොස්මෝස්-මායා වෙතිනි.[1] මෙය අනුවරතනය කොට තිබෙන්නේ ලොට් පොට්හි සුප්‍රකට තීරු චිත්‍රකථාවක් තුළිනි. මෙහි විකාශය ආරම්භ වූයේ 2012 ඔක්තෝබර් 16 දින "ජෝන් බනේගා ඩොන්" යන කථාංගය සමගිනි. මෙමගින් නිරූපණය වන්නේ ෆූර්ෆූරි නගර් නම් කල්පිත නගරයේ දිවි ගෙවන මෝටු සහ පට්ලු නම් මිතුරන් දෙදෙනාගේ කථාවයි.

මෙහි අධ්‍යක්ෂකවරයා සුහාස් කාදව් වන අතර, තේමා සංගීත නිර්මාපකයා සංදේශ් ෂන්දිල්‍යා ය. මෙහි නිෂ්පාදකයින් වන්නේ දීපා සාහි සහ අනිෂ් ජේ. එස්. මෙහ්තා ය. මෙහි තේමා ගීතය වන "මෝටු ඕර් පට්ලු කි ජෝඩි" ගීතය ගයනු ලබන්නේ සුඛ්වින්දර් සිං විසිනි.[2] මෙය ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය ළමා වැඩසටහන් අතුරින් එකක් ද වේ.[1] ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවූ මෙම කතාමාලාව සූටිං මාටිං යන නාමය ඔස්සේ ටීවී දෙරණ නාළිකාවෙන් විකාශය කෙරේ.

කථාපුවත

[සංස්කරණය]

මෙම කථාව ගෙතී ඇත්තේ ෆූර්ෆූරි නගර්හි ජීවත්වන මෝටු සහ පට්ලු නම් මිතුරන් දෙදෙනකු වටා ය.[3] මෙය ප්‍රධාන වශයෙන්ම හාස්‍යෝත්පාදක සිදුවීම්වල දී සිය භූමියට දක්වන අභිරුචියත්, අවාසනාවන්ත සිදුවීම්වලින් දිවි ගලවාගන්නා ආකාරයත් ය. මෝටු සහ පට්ලු කුලුපග මිතුරෝ වෙති. සමෝසා මෝටුගේ ප්‍රියතම ආහාරයයි. මෝටු හැමවිටම නගරයේ සිටින එකම සහ හොඳම සමෝසා සාදන්නා වන චයිවාලාගෙන් සමෝසා සොරකම් කිරීමට තැත් කරයි. මේ දෙදෙනාගෙන් මෝටු නිතරම ගැටලු ඇති කරගන්නා අතර, පට්ලු විසින් හැමවිටම එය විසඳනු ලබයි. ඇතැම් අවස්ථාවල ඝසිතරාම්, චිංගම් සහ ආචාර්ය ජාත්කා ඔවුනට සහාය වේ. ඝසිතරාම් ඇතැම් අවස්ථාවල ඔවුන් දෙදෙනාව නොමග යවමින් මුළා කරන්නේ මෝටු සහ පට්ලු ආචාර්ය ජාත්කාගේ විකාර සහ අරුම පුදුම යන්ත්‍ර සහ නිපැයුම් අත්හදා බැලීමට යොමු කරමිනි. මෝටු සමෝසා ආහාරයට ගන්නා විට ඔහුට වැඩි ශක්තියක් ලැබේ.

කතාමාලාවේ ප්‍රධාන එදිරිවාදියා වන්නේ "ජෝන් නම් අපරාධ නායකයා" ය. ඔහු සැමවිටම ඔහුගේ සගයන් දෙදෙනා වන නම්බර් වන් සහ නම්බර් ටූ පිරිවරා සිටියි. ජෝන් හැමවිටම තමන් සුපිරි අපරාධකරුවකු බව ඇඟවීමට උත්සාහ දරුව ද, මෝටු සහ පට්ලුගේ වීර ක්‍රියා හේතුවෙන් ඔහුගේ සැලසුම් අසාර්ථක වේ. ඔවුන් දෙදෙනා ජෝන්ගේ සැලසුම් හෙළි කරයි.

  • මෝටු: තරබාරු මිනිසකු වන මෝටු කථාවේ ප්‍රධාන චරිතවලින් එකකි. ඔහු සමෝසා ආහාරයට ගැනීමට ප්‍රිය කරන අතර, ඉන් ඔහුට බලය ලැබේ. ‍ඔහුගේ හොඳම මිතුරා පට්ලු ය. ඔහු නිතරම අකරතැබ්බයන්ට මැදි වන්නේ ඔහුගේම ක්‍රියාවන් හේතුවෙනි. ඔහු හැමවිටම මුදල් ඉපයීමට, විනෝද වීමට සහ සමෝසා ලබා ගැනීමට පහසුම ක්‍රම පිළිබඳ සොයා බලයි. ඇතැම් අවස්ථාවල ජයග්‍රහණයන් හමුවේ ඔහු අතිශයින් ප්‍රීතියට පත්ව ඉතා මුග්ධ ක්‍රියාවන්හි නියැළිය හැක. උදාහරණයක් වශයෙන් අතීතයේ සිට කොල්ලකරුවකු වර්තමානය වෙත රැගෙන ඒම දැක්විය හැක. ඇතැම් අවස්ථාවල තමන් සිදු කොට නොමැති දේ ගැන ඔහු පුරසාරම් පවසයි. නමුත් ඔහු අන්‍යන්ට උපකාර කිරීමට කැමති යහපත් මිනිසෙකි. ඔහු රතු පැහැ කමිසයක් සහ තද නිල් (බොහෝදුරට කළු පැහැ) කබායක් හැඳ කහ පැහැ ජිජාමාවක් සහ පාවහන් පැළඳ සිටියි. ඔහුගේ කථන විලාසය දාරා සිංගේ ආභාසය ලබා ඇත. ඔහු සමෝසා ආහාරයට ගන්නා විට චෝටා භීම්ට මෙන් ඔහුට සුපිරි ශක්තියක් හිමි වන අතර, ඉන් ඔහුට ලොව සෑම අයකුම පරාජය කළ හැකි ය. ඔහුගේ පියා විශ්වයේ පිටසක්වල ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටි අතරතුර, ඇක්සාර් ග්‍රහලොවින් පැමිණි පිටසක්වලයින් විසින් පැහැරගෙන ගිය බැව් විශ්වාස කෙරේ.
  • පට්ලු: සිහින්, කෙට්ටු මිනිසකු වන මොහු ද කථාවේ ප්‍රධාන චරිතවලින් එකකි. ඔහු මුළු නගරයේම සිටින දක්ෂ පුද්ගලයකු යැයි පිළිගැනේ. මෝටු නිසා නිතරම ගැටලුවලට මුහුණ පෑමට සිදුවුව ද, එම ගැටලු නිරාකරණය කරගැනීමට ඔහු උපකාර කරයි. ඔහු හැමවිටම මෝටුට උපදෙස් දෙන්නේ සාමාන්‍ය අයුරින් ජීවත් වන ලෙසයි. නමුත් කෙසේ හෝ මෝටු ඔහුව සිය ප්‍රශ්න විසඳාගැනීමට දායක කර ගනියි. සමෝසා ආහාරයට ගැනීමට අකමැති මොහු පුවත්පත් කියවීමට ලැදි ය. ඔහුගේ සීයා බොක්සිං ශූරයකු වූ බවත්, සුවිශේෂී ශක්තියක් ලබාගැනීමට හැකි විශේෂ වට්ටෝරුවක් ඔහු සතුව පැවති බවත් විශ්වාස කෙරේ. පසුව මෝටු විසින් මෙය සොයා ගනු ලබයි. මොහු කහ කබායක්, තැඹිලි පැහැ කලිසමක් හැඳ දුඹුරු රාමුවක් සහිත උපැස් යුවළක් හා දුඹුරු පාවහන් පැළඳ සිටියි‍.
  • ආචාර්ය ‍ජාත්කා: ආචාර්ය ජාත්කා විකාර අදහස් ඇති විද්‍යාඥයෙකි. ඔහුගේ උච්චාරණය සර්දාර් කෙනකුගේ මෙන් බැවින් ජන්ජාබි පුද්ගලයන් හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ. ඔහුගේ නව නිපැයුම් ඉතා විශිෂ්ට සහ සාර්ථක නමුත්, ජනයාට ප්‍ර‍යෝජනවත් ඒවා නොවේ. ආචාර්ය ජාත්කා තට්ට හිසක්, කොළ කමිසයක්, දම් පැහැ ටයි පටියක් සහ නිල් පැහැ කලිසමක් හැඳ සිටියි. ඔහුගේ සීයා ෆූර්ෆූරි නගර්හි සිය නැතිවූ මුණුපුරා සොයමින් සිටින මිලියනපතියකු බැව් පෙනේ. නමුත් කපටි ජෝන් තමන් එම විද්‍යාඥ මුණුපුරා යැයි මවාපාමින් ඔහුව රවටයි. මොහු ද මෝටු වැනි අ‍යෙකි.[4]
  • ඝසිතරාම්: ඝසිතරාම් හට සෑම ක්ෂේත්‍රයකම වසර 20ක පමණ පළපුරුද්දක් පැවතිය ද, එම අත්දැකීම් කිසිවක් කිසිවකුට ප්‍රයෝජනවත් නොවේ‍. ඔහු පැවතෙන්නේ බටහිර බෙංගාලයේ බටහිර මිඩ්නාපෝර්හි ඝාතල්වලිනි. ආචාර්ය ජාත්කා සේම මොහුගේ ද ඊනියා "වසර 20ක පළපුරුද්ද" බොහෝ අවස්ථාවල මෝටු සහ පට්ලුට ගැටලු ඇති කරයි. මොහු ද පට්ලු වැනි අයෙකි. ඔහු තද නිල් පැහැ කමිසයක්, දම් පැහැ ධෝතියක්, තද දුඹුරු කබායක් සහ එම වර්ණයෙන්ම යුත් පාවහන් පැළඳ සිටියි.
  • චිංගම්: මොහු පොලිස් පරීක්ෂකවරයෙනි. ඔහුගේ භාරයෙන් කිසිදු අපරාධකරුවකුට මිදී යා නොහැකි බව ඔහු විශ්වාස කරයි. කෙසේනමුත්, චිංගම් අපරාධරකරුවන් අල්ලා ගැනීමට සමත් වන්නේ මෝටු සහ පට්ලුගේ උපකාර නිසා ය. රජිනිකාන්ත් භක්තිකයකු වන මොහු දකුණු ඉන්දියානු සම්භවයක් ඇත්තෙකි. චිංගම් උද්‍යෝගීමත් නිලධාරියෙකි. කිසිදු අපරාධකරුවකුට ඔහුගෙන් බේරිය නොහැකිය යන අභිමානයෙන් ඔහු පසුවෙයි. මෙහි ඔහු සිය දෙබස් පවසා තුවක්කු පත්තු කරන සෑමවිටම ඔහුගේ හිස මත පොල් ගෙඩි පතිත වී ඔහු ද බිම ඇද වැටෙයි. කොළ පැහැ මෝටර් සයිකලයක් හෝ ඇතැම්විට පොලිස් ජීප් රථයක් පදවයි. ඇතැම්විට හේරා සහ ෆේරි නම් කොස්තාපල්වරුන් දෙදෙනකු ද ඔහුගේ සහායට සිටියි.
  • චයිවාලා: මෝටුගේ නිවසට යාබද වෙසෙන මිනිසෙකි. මෝටු සහ පට්ලුගේ ප්‍රියතම ආහාරයන් වන පිළිවෙලින් සමෝසා සහ තේ පිළියෙල කරන ෆූර්ෆූරි නගරයේ ඇති එකම පුද්ගලයා ඔහුයි. මොහුගේ වෙළඳසැලෙන් සමෝසා සොරකම් කරන මෝටු ඔහුට මුදල් නොදෙයි. චයිවාලාගේ සමෝසා ආහාරයට ගැනීමෙන් මෝටු හට සුවිසල් ශක්තියක් ලැබේ. සමෝසා ආහාරයට ගැනීමෙන් පසු මෝටුට සුපිරි ශක්තිමත් හිමි වේ. එනමුත් ඔහු සමෝසා නොමි‍ලේ ලබාදීමට කැමති නැත. ඔහුව සහ ෆූර්ෆූරි නගරයේ වැසියන්ව මුදාගන්නා විට ඔහු නිතරම නොමිලේ සමෝසා දීමට මෝටුට පොරොන්දු වනු දැකගත හැක.
  • ජෝන්: ජෝන් යනු කථාවේ එදිරිවාදියා‍ ලෙස කටයුතු කරන අපරාධ නායකයෙකි. ජෝන්ගේ අරමුණ වන්නේ භයානක මැර නායකයකු වීමටයි. නමුත් ඔහුගේ සෑම සැලැස්මක්ම අසාර්ථක වී කෙළවර වන්නේ පොලිස් සිරභාර‍යට පත්වීමෙන් හෝ ජනයා අතින් අවමානයට ලක්වීමෙනි. ඔහු ඇතැම්විට කෙටි ගීත ලියයි. සාමාන්‍ය සොරුන් මෙන් ඔහු චිංගම්ට බිය නොවූව ද, මෝටු සහ පට්ලුට බියක් දක්වයි. මොහු තරාබරු, කොට පුද්ගලයෙකි. මොහු තද නිල් පැහැ මල් සහිත නිල් පැහැ කමිසයක්, කහ පැහැ බැනියමක්, දුඹුරු ඉණපටියක්, නිල් පැහැ වාටියක් සහිත අඳුරු පැහැ කලිසමක් සහ දුඹුරු පාවහන් පැළඳ සිටියි.
  • නම්බර් 1: ජෝන්ගේ සගයකු වන මොහු අඥාන පුද්ගලයෙකි. ඔහු ජෝන්ගේ කෙටි ගීතවලට ප්‍රිය කරයි. මෝටු සහ පට්ලු අල්ලා ගැනීමට නිර්මාණශීලී අදහස් මොහු සතුවුවත්, ජෝන් ඒවා නොසලකා හරින්නේ ඒවා නොවැදගත් බව පවසමිනි. නමුත් ජෝන් තමන් සතුව වඩා හොඳ සැලැස්මක් ඇති බව පවසමින් නම්බර් 1ගේ සැලැස්මම යළි පවසයි. ජෝන්ට ගරුකළ ද, මොහු නිතරම ජෝන් අතින් පීඩාවට ලක්වේ. මොහු ප්‍රංශ අල්ලි සහිත තොප්පියක්, මැජෙන්ටා ඉරි සහිත කමිසයක්, ඩෙනිම් කලිසමක් සහ කහ පැහැ කර ලේන්සුවක් පැළඳ සිටියි.
  • නම්බර් 2: ජෝන්ගේ සහායකයකු වන මොහු කථා කරන්නේ අල්ප වශයෙනි. ඔහුගේ ඇසෙහි තද පැල්ලමක් ඇති අතර, විශාල නාසය වටා පටියක් ඇත. තද දුඹුරු හිසකෙස් සහිත මොහු මයුර නිල් පැහැ ඉරි සහිත කමිසයක්, තද නිල් පැහැ කර ලේන්සුවක් සහ දුඹුරු පැහැයට හුරු තැඹිලි කලිසමක් හැඳ සිටියි.
  • බොක්සර්: මෝටුගේ අසල්වැසියෙකි. මොහු රතු පැහැ බොක්සිං අත්වැසුම්, සුදු පැහැ අත්නොමැති කමිසයක් සහ සිරස් කහ ඉරි සහිත රතු පැහැ කලිසමක් හැඳ සිටියි. ප්‍රකෝපකාරී මිනිසකු වන මොහු පාසලේ ගුරුවරයකු ද‍ වේ. මොහුගේ පුහුණුකරු වන්නේ ඨාකූර් මහතා ය. ඔහුට හැමවිටම අසල්වැසියන්ට උපකාර කිරීමට අවශ්‍ය වුව ද, කෝපය හේතුවෙන් ගැටලු ඇති කරගනියි. ඔහුගේ මිලාධික කාරය මෝටු විසින් විනාශ කරනු ලබයි. "බොක්සර්ගේ බබා" කථාංගයෙහි ඔහු හොඳ දෙමාපියකු නොවන බවත්, ඔහු සිය පුත්‍රයා වන සනීව රැකබලා ගැනීමට අසමත් වන බවත් පෙනී යයි.
  • බබල්ගම්: චිංගම්ගේ පියා ය. ෆූර්ෆූරි නගර් ඇතුළු යාබද ගම්මාන ඇතුළත් කලාපයේ කොමසාරිස්වරයා මොහුයි. මෝටු සහ පට්ලු දැක විස්මයට පත්වන ඔහු ඔවුන් දෙදෙනාව හවල්දාර්වරුන් ලෙස සේවයට බඳවා ගනියි. නමුත් ඔවුන් දෙදෙනා එතරම් දක්ෂ නොවන බව වටහා ගැනීමෙන් පසු ඔහු විසින් ඔවුන් දෙදෙනාව පොලීසියෙන් නෙරපා හරිනු ලබයි.
  • හේරා සිං: ඉන්ස්පෙක්ටර් චිංගම්ගේ හවල්දාර්වරයෙකි. ඔහු හැමවිටම චිංගම්ට පවසන්නේ, "ආප් තෝ ටොප් හෝ, හින්දුස්ථාන් කි හොප් හෝ" යනුවෙනි.
  • ෆේරි ලාල්: ඉන්ස්පෙක්ටර් චිංගම්ගේ හවල්දාර්වරයෙකි. මොහු හැමවිටම පවසන්නේ, "ඔබ ඉතා ශ්‍රේෂ්ඨයි සර්, නමුත් උපන්නේ මඳක් ප්‍රමාද වී සර්" යනුවෙනි.
  • සබ්සිවාලි: මැය ෆූර්ෆූරි නගරයේම හොඳම එළවළු අලෙවි කරයි. ඇතැම් අවස්ථාවල මෝටු ඇයට ද කරදරයක් වන අතර, ඇයට ගෙවීමට ණය ද ඇත. ඇතැම් විටෙක දැඩි ලෙස කෝප වන ඇ‍ය චිංගම්ට ද පහර දෙන්නේ ඔහුගේ මෙහෙයුම්වල දී ඇගේ එළවළු විනාශ වීම නිසාවෙනි. මැය කොළ සාරියක් සහ කළු හැට්ටයක් හැඳ සිටියි.

මීට අමතරව අතිරේක චරිත ලෙස නගරාධිපති සිං මහතා, ප්‍රධාන ඇමතිතුමා සහ චෝටුගේ චරිත ද දක්නට ලැබේ.

පිහිටීම

[සංස්කරණය]

මෙම කතාමාලාව සඳහා පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ ෆුර්ෆුරි නගර් නම් ප්‍රබන්ධ නගරයයි.[5] ෆූර්ෆූරි නගර් කුඩා සාමකාමී, දර්ශීය ඉන්දියානු නගරයක් වන අතර, ගංගාවක් සහ වෙළඳසැල් කිහිපයක්, විශාල පොළක්, බස් නැවතුම්පලක්, තනි මහල් නිවාස රැසක්, දේවාල දක්නට ලැබේ. කතාමාලාවේ කමල්පූර්, සූර්සූරි නගර් සහ මොඩර්න් සිටි නැමැති වෙනත් යාබද ගම්මාන කිහිපයක් සහ නගරයක් දක්නට ලැබේ. කුඩා ගම්මානයක් වුව ද මෙහි ගුවන් තොටුපලක් ද ඇත. මෙම ගම්මානය ඉන්දියාවේ පිහිටා ඇතැයි පැහැදිළිව සඳහන් නොවුව ද, වාහන බොහෝමයක අංක තහඩුවල මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ MH අක්ෂරය දැකගත හැත. එසේම මෙම නගරයේ පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම මහාරාෂ්ට්‍ර පොලීසියට සමාන යැයි පැවසේ.

නිෂ්පාදනය

[සංස්කරණය]

සංගීතය

[සංස්කරණය]

සම්පූර්ණ කතාමාලාවේම දක්නට ලැ‍බෙන සියලු ගීත රචනා කරන ලද්දේ ප්‍රකට ඉන්දියානු චිත්‍රපට රචකයකු වන සංදේශ් ෂන්දිල්‍යා විසිනි. මෙහි තේමා ගීතය වන "මෝටු ඕර් පට්ලු කි ජෝඩි" ගීතය හින්දි බසින් ගයනු ලබන්නේ බොලිවුඩ් ගායක සුඛ්වින්දර් සිං විසිනි.[2]

කථාංග

[සංස්කරණය]
කථාංග අං. කථාංගයේ නම කථාංග අං. කථාංගයේ නම
1AJon Banega Don131AMotu Patlu Canteen
1BPilot Training131BThe Magical Laptop
2AScooter Race132AMotu Patlu Acchey Insaan
2BAngry Clouds132BAlien Baby
3ABaby Dinosaur133AMotu Patlu Jasoos
3BAntriksh Yatra133BPizza Boys
4ACar Park134AFurfuri Nagar Mein Bhoot
4BTime Machine134BMotu The Sun Flower
5AAnimal Instinct135ACourier Company
5BDiamond Robbery135BJohn's Mask
6AJagtey Raho136AMotu Patlu In Hotel
6BBomb Ki Khabar136BMotu Patlu Jinn
7AChamatkari Mukut137AChingum Ek Roop Anek
7BBoxer's Baby137BBhukkad Patlu
8ASuper Duper Man138ASniffer Dog
8BRace To Rock Garden138BTele Porting Machine 
9AFlying Helmet139ABachche Motu Patlu 
9BRoad Roller139BLie Detector Robot 
10AIce Factory140AKabaddi Kabaddi 
10BPhotography Competition140BParty Aaj Raat Ko
11AMotu Patlu Mbbs141AMotu Patlu In Balloon
11BMehnat Ki Kamayee141BMotu Ka Darr
12ALottery142AMotu Ki Khushi
12BMotu The Alien142BBahadur Motu
13AFuture Camera143AInaam Dus Karood
13BCross Connection143BJyotishi Motu
14AMotu Patlu And Robot Dog144AShaitanee Zuban
14BMotu Banega Don144BMotu Patlu Ki Dukan
15ASuper Murgiyan145APuncture Shop
15BAmir Chand Fakir Chand145BBat In The Town
16AMotu Patlu Aur Yamraj146BMotu Patlu Ki Tow Chain
16BFwwe Fight146ASupersonic Speed Band
17AJinn147ASinging Competition
17BMurti Ki Khoj147BAction Duplicating Machine
18AMotu Patlu And Tiger148AThe Villain Mask
18BEk Thee Heroine148BChacha Ki Tijori
19AMagician149AAlien Calling Machine Acm
19BPeacock Fish149BEnergy Charger
20AMela150ADuplicate Chingum
21ATrekking150BThe Train
20BBhoot Bangla151AA Dog Show
21BSalim Robot151BKing Patlu
22ABlack Bull152AAsli Raja Naki Raja
22BKite Competition152BMagical Pencil
23AHawaldar153AInvisible Bomb
23BBody Guard153BMotu Ke Ghar Ka Renovation
24AGiant Mosquitoes154ABest Friend Award
24BBig John154BMotu Patlu Ka Atm (Any Time Machine)
25AChamatkari Chashma155AGilli Danda Competition
25BMithai Ki Dukan155BMotu Patlu In Pyramid
26ASamudri Khajana156APirates Of Furfuri Nagar
26BCricket League156BInvisible John
27ASnow Park157AMr Gayab
27BAnt's Land157BYam Hain Ham
28ACircus158AMoorakh Nagari
28BGulabi Hathi158BPirates Of Furfurinagar
29AMotu Patlu Baney Film Producer159ARobotic Tunga
29BSoul Change159BSuper Star Motu Patlu
30AGold Samosa160ADon Ki Junglee Billian
30BArmy160BFlying Bus
31AWhishing Stone161AAlien Shankh
31BMermaid161BDiamonds In The Train
32ADance Competition162AMotu Mobile
32BHero Se Zero162BThe Magic Camera
33ARock Band163AIce Hockey
33BWajan163BChamatkari Locket
34AThe Game164AChipko Stick Ka Dhamaal
34BLost Island164BChingam Ki Chori
35AJhatka Ki Shaadi165AFortune Wheel
35BChamtkari Joota165BDr.Jhatka Ke Karodpati Dadaji
36AMotu Ka Birthday166ADon Ka Birthday
36BHoli166BDr.Jhatka Ka Laser Cutter
37AMotu Ke Clones167AMessage Ka Rahasya
37BMotu Patlu Aur Mummy167BMayor John
38AMadari168AMeals On Wheels
38BMemory Loss168BMotu Ki Self Defence
39ADuplicate Patlu169AMotu Loudspeaker
39BTel Malish169BMotu Patlu Ki Deewar
40AWard Boys170APatlu Ke Haat
40BHero No 1170BPolice Station Main Tabela
41ACar Mechanic171AThanda Thanda Cold Cold
41BReporter171BRoller Skate Thief
42ACarrot Thief172AJohn Ki Missiles
42BCaptain Crook172BBadhti Ka Naam Dadhi
43APatlu's Mustache173APigeon Paying Guest
43BPrince Motu173BJohn’S Certificate
44ASamosaaaaaaaaa174ALathi Charge
44BGiant Tree174BMotu Ka Vachan
45ACar Wash175AMobile Tower
45BFootball Match175BJohn The Super Hero
46AHawai Safar176ABody Control Machine
46BSamaj Seva176BJoker Motu Patlu
47ARobot Hand177AMadari Ki Rassi
47BShaving Foam177BDenture Alien
48AFurfuri Nagar And Bank178AEyes Of Motu Patlu
48BBoxing Competition178BGlass Man Alien_
49ABin Bulaye Barati179AMotu Patlu Ka Photo Phone
49BMotu Ki Height179BMotu’S Friend Yeti
50AMotu Patlu Aur Third Eye180AStone Man
50BHungry Motu180BToys Attack
51AMakaan Maalik (Updated)181AGhasitaram The Cloud Man
51BDog Training Center181BRevenge Of John
52APari Ka Vardan182AMotu Patlu In Mines
52BTution Teacher182BMotu Patlu Ka Aam
53ADragon Motu183AMotu Ke Sapne
53BJohn Ka Badla183BFurfuri Marathon
54AFriendship Gift184AMotu Master Chef
54BChotey Chotey Motu Patlu184BBurey Fasen
55ABaby Alien185AJohn’S Body Suit
55BEk Se Badhkar Ek185BLakshman Rekha
56AOffice Cleaning186AMotu The Monkey Man
56BRuck Motu Ruck186BJohn Ek Roop Anek
57AFauji Uncle187AShaitan Murga
57BOld Car Auction187BJohn The Alien
58AThe Golden Goose188AAjab Gajab Ring
58BMagical Scenery188BMagical Coin
59AChotu Ka Home Work189AChalaak John
59BChuha Daud Billi Ayee189BMetor Alien Attack
60AMotu Patlu Ka Dhamaal190ABahroopiye Patakhey
60BZatka Expiriment190BSafety_Book
61AHealth Compition191AJohn Ka Challenge
61BJohn The Gentleman191BElectric Shoes
62ASnow Man192AYamraj Ka Ear Phone
62BGold Coin192BMotu Ki Chheenk
63AJohn Ka Jaal193AMotu Ki Shadi
63BSleepy Motu193BJohn The Mosquito
64AMandir Ka Khajana194APhata Poster Nikla Motu
64BMotu Patlu Ki Shooting194BDr.Jhatka Ki Ulta Pulta Machine
65AMobike Ride195ATijori Ka Raaz
65BMotu Ka Jukam195BPatlu Ki Beemari
66AMotu Ka Udhar196ARangeela Baba
66BPatlu Ki Bull Power196BJadoogarini Ka Seb(Apple)
67ARobot Horse197AShrinking Machine
67BFurniture Ki Dukaan197BJohn Ka Bhoot
68AMotu Patlu Ka Dhaba198AJohn The Circus Man
68BGiaent Se Mukabla198BAlien Doll
69BMotu Ki Dosti199ADoggy Days Out
69AMotu Patlu Ka Hawa Mahal199BJohn Ka Bhookamp
70AAlien House200AMagical Wrist Watch
70BMagical Book200BSachha Mann
71AAfrican Safari201ADevil's Stone
71BThe Giant Roses (Updated)201BAnti Theft Medicine
72ACake Competition202AKaramati Binoculars
72BMotu Patlu In Golf Course202BLucky Coin
73AAlien Ke Samosey203AMehman John
73BFurfuri Nagar Ka Bhoot (Updated)203BMagical Tattoos
74BMagical Flute204AAlien Ball
75AMotu Patlu In Space Ship204BDayawan Motu
75BFancy Dress205AShaitan Murti
76AMotu Patlu Aur Shaitan Ice Cubes205BBakra
76BMotu Vs John206AUnbreakable
77AMotu Patlu Aur Monkey Kingdom206BEar Man Motu
77BMotu Patlu In Hotel207AWeight Machine
78APersonality Change Machine207BBold Se Old Laser Pen
78BMotu Patlu Photo Shop208APolice Van
79AMotu Patlu Aur Bunty Babblu208BMotor Cycle Ka Dhamal
80 ABura Na Mano Masti Hai209AHeerey Ki Talash
80 BMotupatlu Ka Makan209BMotu Ke Samosey Ki Dukan
81 ABijli Gul210ALost Island
81 BDhahi Handi210BFurfuri Nagar Club
82 AGolden Butterfly211AMachine Man
82 BMotu Patlu Ka Hawayee Dhaba211BSitar Wala Kungfu Master
83 AAnimal Park212ASuper Duper Fan
83 BShopping Mall212BBattery Power
84 AHoli Hai Bhai Holi Hai213AAlarm Clock
84 BMotu Patlu Ka Magic Bag213BJudwa Boxer
85 AMagnetic Motu214AChingum Ka Farm House
85 BThe Kung Fu Master214BJohny Madadgar
86 AMotu Patlu Ka Birthday Dhamal215ASamosa Vending Machine
86 BDogy Se Mukabla215BBoxing Gloves
87 AJungle Me Mangal216ABhalu Ka Aatank
87 BHungama Ho Gaya216BPatlu Pahlwan
88 AFuture News Tab217ABadal Mein Ghar
88 BDog In The Well217BMotu Ke Baal
89 AShaadi Ka Dhamaal218ASpin Rotator
89 BAlien Patlu218BLaal Pari
90 AMotu Ka Sapna219ADaldali Teer
90 BMotu Patlu In Antartica219BAmusement Park Mein Dhamal
91 AIntelligent Motu220AJadoogarni Ka Jhadu
91 BCycle Race220BJadoogar Joker
92 ABuzo Ko Bachana Hai221APatlu Ki Race
92 BMotu Balloon221BInspector Patlu
93 ATime Pass222AMotu Patlu Ball Game
93 BThe Electric Man222BMotu Ka Rona
94 AMagical Scissors223AMotu Ka Gussa
94 BThe Devil Toothpaste223BMotu Ki Roshni
95 AJohn Birthday224AKushti Ka Mukabla
95 BSlow Motion Gadget224BMotu Patlu Ki Gift
96 ADon The Magician225ADr Jhatka Ki Washing Machine
96 BThe Life Of Rat225BDiamonds And Balloons
97 AAadiwasi Ka Mukut226AWo Bhi Kya Din Thhe
97 BRobot Of Furfuri Nagar226BMotu Patlu In Frog World
98 AMotu Patlu Ki Jodi227AHum Chor Nahin
98 BBravery Competition227BDonkey With Horn
99 AEk Jinn Do Malik228AAjnabi Chor
99 BThe Bulk228BMotu Ki Umar
100 ARocky Ka Ghar229AJohn Ka Rumaal
100 BCricket Match229BPower Of Imagination
101 AThe Battle Of Tree230AShocking News Ka Shock
101 BNaagon Se Panga230BJyotishi Tota
102 ACylinder Ki Sawaar231ABubblegum Bomb
102 BPositive Motu231BMotu Patlu The Truck Driver
103 AThe Treasure Hunt232AJailer Alien
103 BJohn And The Hen232BMotu Patlu The Plumber
104 AMotu The Scientist233AKhamosh Motu
104 BHuman Remote Control233BMotu Patlu Hands Up
105 AMotu Patlu Ki Car234ATV Antenna
105 BThe Revenge Of Crows234BMotu The Super Dog Man
106 AThe Golden Chariot235AAlien Chasma
106 BAuto Rikshaw235BHorn Please
107 AWater Problem236AAdventure Of Mansi And Akaash
107 BAlien Hat236BMotu Patlu In Jail
108 AWish Point237ABaazon Se Takkar
108 BDhongi Jyotishi237BGuru Ho Ja Shuru
109 AMotu Patlu The Fire Fighter238AMotu Patlu Aur Madhumakkhi
109 BThe Magical Album238BAnimal Converting Gadget
110 ATabela239AJaadui Anguthi
110 BTraffic Police239BJohn Ki Chaal Motu Patlu Behal.
111 ASwimming Pool240AKhajaney Ki Taslash
111 BRupya Dus Karod240BMotu Ka Phone Ka Shauk
112 AThe Smart Missile241ANa Kehna Mana Hai
112 BAthwa Ajooba241BMotu Patlu - Dr Jhatka Ki Fighting Machine
113 AFire Ball Aliens242AJohn Shaitan Motu Patlu Pareshan
113 BPatakhey Ki Dukan242BJohn 'S Air Line
114 AYog Guru Motu243AChingum Hi Chingum
114 BSatellite Patlu243BJohn The Robot
115 AHouse Cleaning244AThe Scientist Neighbour
115 BSamosey Wali Murgi244BNaughty Motu
116 AAnts Attack245AMotu Eraser
116 BTiger John245BJohn Ek Icchhadhari Naag
117 ASevak John246AJohn Shrinks Motu Patlu
117 BBahaduri Puraskar246BBhullakad Motu
118AMotu Ki Poonch247AMotu The Roller Skate Coach
118BMermaid Patlu247BMotu The Grass Eater
119 ABaar Baar Lagataar248AMotu The Running Man
119 BApril Fool248BMotu Patlu - The Best Commandos
120 AMotu Ka Gadha249AMotu The King Of Mummies
120BMotu Ka Commitment249BMotu Ke Andey
121AColour Changing Camera250ARemote Control
121BKhatrey Ki Ghanti251AMotu The Alien
122AKal Karey So Aaj Kar251BJohn The Bee Man
122BBada Kabutar252AJohn Ka Body Guard
123AMimicry Parrot252BHelpline
123BMotu-Patlu Ki Bus253AGood Luck - Bad Luck
124ADost No.1253BThe Crystal Camera
124BMotu Ka Smart Phone254ABahadur No 1
125AFurfuri Nagar Ka Mayor254BMotu Ke Sawal
125BMotu Twister255AThe Danger Man
126AMotu Patlu Kidnapped255BThe Special Armour Suit
126BMotu Patlu Ka Ghar256AThe Agreement
127ACommando Training256BMotu Patlu Laundry Shop
127BBolney Wali Moorti257AMotu Akbar The Great
128AThe Magical Bells257BThe Golden Aliens
128BBuri Nazar Waaley Tera Munh Laal258AMotu The Doctor
129AJohn The Bodyguard258BMachchar In The Car
129BThe Evil Goggles259AThe Root Attack
130AMotu The King Of Tribe259BBhooton Ki Lottery
130BSlippery Motu260BHansna Zaroori Hai

1.Motu Patlu in wonderland 2.Motu Patlu mission moon 3.Motu Patlu Deep sea Adventure 4.Motu Patlu Kungfu kings 5.Motu Patlu aur khazaane Ki Race 6.Motu Patlu Kungfu king returns 7.Motu Patlu in Carnival Island 8.Motu Patlu 36 Ghante Race Against Time 9.Motu Patlu in Alien World 10.Motu Patlu in Double Trouble 11.Motu Patlu King of Kings (3D ලෙසින්) 12.Motu Patlu The Invisible Plane

හඬ රංගනය

[සංස්කරණය]
  • සෞරව් චක්‍රබෝර්ති - මෝටු, පට්ලු, ආචාර්ය ජාත්කා, ඝසිත රාම්, චිංගම් සහ බොක්සර්
  • ඕමි ෂර්මා - ජෝන්
  • ආන්චල් ත්‍රිවේදි - හේරා, ෆේරි
  • සංකල්ප් රස්තෝගි - චයිවාලා, නම්බර් 1
  • රේණු ෂාරදා - සබ්සිවාලි
  • බ්‍රයන් ඩී. කොස්තා - නම්බර් 2 (කථා වාර 1–2)
  • රාජා - නම්බර් 2 (කථාවාරය 3–වර්තමානය)
  • දීපක් කුමාර් (කථාවාරය 4-වර්තමානය)

වෙළඳ භාණ්ඩකරණය සහ ප්‍රවර්ධනය

[සංස්කරණය]

මෙම රූපවාහිනී කතාමාලාවේ ආරම්භයේ සිටම එහි නිර්මාණකරුවන් වන Lotpot සඟරාව, මායා ඩිජිටල් ස්ටූඩියෝස් සහ නිකලෝදියන් ඉන්ඩියා සමාගම් කතාමාලා නිෂ්පාදනය සහ ආයෝජන පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටියි.[6][7]

2014 මාර්තු මාසයේ දී, නික් ඉන්ඩියා සමාගම යෙලෝ ඩයමන්ඩ් පෙති සමග ගිවිසුමකට එළැඹියේ විවිධ මාධ්‍ය ඔස්සේ හමි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම පිණිසයි.[8][9] 2014 නොවැම්බරයේ දී, කතාමාලාවේ චරිත යොදාගෙන ‍වෙළඳ දැන්වීමක් නිර්මාණය කොට නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා හෝර්ලික්ස් සමාගම සමග දැවැන්ත ගිවිසුමක් ඇති කරගන්නා ලදී.[10]

අන්තර්ජාතික විකාශය

[සංස්කරණය]
  • Indosiar 2014–වර්තමානය
  • Kompas TV 2016—වර්තමානය
  • මාස්රංගා ටෙලිවිෂන් 2015–වර්තමානය[11]
  • ටීවී දෙරණ - ශ්‍රී ලංකාව
  • Kabillion (ඇ.එ.ජ.)
  • NTV Plus 2015-වර්තමානය

වෙනත් මාධ්‍ය

[සංස්කරණය]

ටෙලි චිත්‍රපට

[සංස්කරණය]
  • Motu Patlu in Wonderland! - ආචාර්ය ජාත්කාගේ අත්හදා බැලීමේ ගුවන් යානය දෝෂයක් හේතුවෙන් නොදන්නා දිවයිනක් වෙතට ගොඩබස්වයි. ඔවුන් නොයෙකුත් තර්ජනවලට මුහුණපායි.එහිදී ගෝරිල්ලන්ගේ ජනපදයකදී පිටසක්වලයන් චෝටුව පැහැර ගනී.අවසානයේ මෝටු හා පට්ලු ඔහුව බේරාගනී.[12]
  • Motu Patlu: Mission Moon - මෝටු පට්ලු[13] විසින් ආර්ථික ලාභ ලබා ගැනීමේ අරමුණින් ස‍ඳෙහි වැලි රන් බවට හරවන ආත්මාර්ථකාමී මිනිසකු නතර කිරීමට ප්‍රයත්න දරති.
  • Motu Patlu: Deep Sea Adventure - මුහුදු ගමනක යෙදෙන අතරතුර, මෝටු පට්ලුගේ නැව මුහුදුබත් වේ. එහි දී ඔවුහු දිය යට අරුම අත්දැකීමකට මුහුණ පාති.[14]
  • Motu Patlu: Kung-Fu Kings - කුරිරු සටන් කලා ගුරුවරයකු වන ටයිගර් චෑං ෆූර්ෆූරි නගරය වෙත පැමි‍ණ ඔවුනට බැණ වදියි. ටයිගර්ට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් මෝටු නරේෂ්‍ යටතේ පුහුණු වෙයි‍.[15][16]
  • Motu Patlu: Khazaane Ki Race - ක්‍රිස්මස් කන්දෙහි සැඟවුණු නිධානයක් සෙවීමේ අරමුණින් මෝටු පට්ලු, ජෝන් සහ චම්කු නම් පාතාල නායකයකු සමග ගැටෙයි.[17][18]
  • Motu Patlu: Kung Fu Kings Returns- නරේෂ්ගේ මුණුපුරා වන ටිම් ටිම්ව අද්භූත රාක්ෂයකු විසින් පැහැර ගැනීමෙන් පසුව, මෝටු පට්ලු අසාමාන්‍ය ලෙස ටයිගර් චෑං සමග සන්ධානයක් ඇති කරගන්නේ ඔහුව සොයා ගැනීමටයි. එහි දී ඔවුනට ආචාර්ය ස්නේක් විසින් පවත්වනු ලබන රාක්ෂයන්ගේ තරගයකට සහභාගී වීමට සිදු වේ. සැබැවින්ම ආචාර්ය ස්නේක් යනු ටිම් ටිම්ගේ පුත්‍රයා වන අතර, ඔහුගේ පර්යේෂණ හේතුවෙන් ඔහු සර්පයකු බවට පත්ව ඇත. ටිම් ටිම්ව පැහැරගෙන ඇත්තේ ඔහු විසිනි.[19]
  • Motu Patlu: Carnival Island! - මෝටු පට්ලු හට කාර්නිවල් දිවයිනේ සිය සියලු නිර්මාණ වනසා දමන සීයාගේ අභිරහස විසඳීමට සිදු වේ.
  • Motu Patlu: 36 Ghante Race - ගෝල්ඩන් කාර් සම්මානයේ සොරකම පිළිබඳ අභිරහස විසඳීමට මෝටු පට්ලු පැය තිස් හයක් පුරා කාලය සමග සටනක යෙදෙයි.ඔවුන්ව පැය 36 රේස් එකට පුහුණු කළ තැනැත්තාගේ කාරයේ තිබී කුසලානය හමුවේ.
  • Motu Patlu Alien World! - මෝටු සහ පට්ලු පිටසක්වල ග්‍රහලොවක් වෙත ගමන් කරන්නේ මෝටුගේ පියාව බේරා ගැනීමටයි.එහෙත් මෝටුගේ පියා ග්‍රහලොවේ නවතියි.
  • Motu Patlu in Double Trouble - චිංගම්ගේ විවාහයෙන් පසුව, මෝටු පට්ලු තමන්ට පෙනුමින් සමාන විද්‍යාඥයන් දෙදෙනකු සමග මාරු වෙයි.
  • Motu Patlu: The Invisible Plane - ෆූර්ෆූරි නගර් ගුවන්තොටුපළේ ගුවන්යානා තරගයක් පැවැත්වෙන විට, අංගාරා සහ ඔහුගේ මිනිසුන් රාජ්‍යයේ සිහිනය වන අදිසි ගුවන් යානය පැහැර ගනියි. මෝටු, පට්ලු, ආචාර්ය ජාත්කා, චිංගම් සහ ඝසිතරාම් ආක්ටික් වෙත රහස් පියාසැරියක යෙදෙනේනේ එය සොයා ගැනීමටයි. දුෂ්ට අංගාරාගෙන් මිදීමට ඔවුනට යෙටීලාගේ සහාය ද ලැබේ.

සිනමාහල් චිත්‍රපට

[සංස්කරණය]
  • Motu Patlu: King Of Kings

මේවාත් බලන්න

[සංස්කරණය]
  • චෝටා භීම්
  • නින්ජා හටෝරි
  • පක්ඩම් පක්ඩේ
  • වීර් ද රොබට් බෝයි

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 3 4 Milligan, Mercedes (19 May 2016). "Cosmos-Maya Leads Regional Animation Production". Animation Magazine. සම්ප්‍රවේශය 16 November 2016.
  2. 1 2 3 4 "Nickelodeon presents home-grown animated show 'Motu Patlu by Cosmos Entertainment/Maya Digital Studios". Bollywoodtrade.com. සම්ප්‍රවේශය 1 January 2013.
  3. "living in". සම්ප්‍රවේශය 29 March 2017.
  4. "Dr Jhatka, who gave us a shock". සම්ප්‍රවේශය 25 May 2015.
  5. Release Date
  6. Anil Wanvari. "Indian Television Dot Com - Nickelodeon gears up to promote Motu-Patlu". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
  7. "Viacom18 to expand sale of TV channel merchandise". The Hindu Business Line : Mobile Edition. සම්ප්‍රවේශය 25 May 2015.
  8. "Nickelodeon signs Motu-Patlu Licensing Deal with Prataap Snacks". afaqs.com. සම්ප්‍රවේශය 25 May 2015.
  9. Anil Wanvari. "Indian Television Dot Com - Nick opens up Motu Patlu for promotional licensing; launches toys with yellow diamond rings". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
  10. Business Standard. "- Business Standard Mobile Website". business-standard.com. සම්ප්‍රවේශය 25 May 2015. {{cite web}}: |author= has generic name (help)
  11. http://www.thedailystar.net/arts-entertainment/tv/motu-patlu-air-maasranga-television-110095
  12. "Indian Advertising, Media, Marketing, Digital, Advertising Agencies - afaqs!". afaqs.com. සම්ප්‍රවේශය 25 May 2015.
  13. "Motu Patlu Animated Series". motu patlu. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
  14. Anil Wanvari. "Indian Television Dot Com - Motu Patlu defines Nick's success". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
  15. "Nickelodeon launches Motu-Patlu merchandise; to air 4th movie soon". afaqs.com. සම්ප්‍රවේශය 25 May 2015.
  16. Anil Wanvari. "Indian Television Dot Com - Catch the movie 'Motu Patlu in Deep Sea Adventure' only on Nickelodeon". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
  17. "Fifth 'Motu Patlu' film to premiere on Republic Day". The Times of India. සම්ප්‍රවේශය 25 May 2015.
  18. Anil Wanvari. "Indian Television Dot Com - We deserve it, says Nina Jaipuria as ad sales rates hike 25-30%". indiantelevision.com. සම්ප්‍රවේශය 25 May 2015.
  19. New Sixth Movie Motu Patlu made for tv movie oremiere Kungfu kings returns, http://ayztube.com/new-sixth-movie-of-motu-patlu-made-for-tv-movie-premiere-kungfu-kings-returns/, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Children television series in India

"https://si.wikipedia.org/w/index.php?title=මෝටු_පට්ලු&oldid=666711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි