මොනිකා රුවන්පතිරණ
Appearance
මොනිකා රුවන්පතිරණ | |
---|---|
උපත | 26 පෙබරවාරි 1946 |
මියගිය දිනය | 10 July 2004[1] කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 58)
අධ්‍යාපනය | සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය |
රැකියාව | කිවිඳියක |
සම්මාන | කලා කීර්ති (මරණාපර) (2005) |
කලා කීර්ති මොනිකා රුවන්පතිරණ (1946 – 2004) යනු ශ්‍රී ලාංකික කිවිඳියක හා කතුවරියකි. ඇය නූතන සිංහල කාව්‍යයේ ඉහළ පිළිගැනීමක් සහිත කිවිඳියක වශයෙන් පිළිගැනේ.[2] ඇය විසින් රචිත ග්‍රන්ත 23ක් අතරින්, 19ක් කාව්‍ය සංග්‍රහයන් වන අතර ඉන් තුනක් රාජ්‍ය සාහිතය සම්මාන හිමිකර ගෙන ඇත.[3] 2005 වසරේදී ඇය ශ්‍රී ලංකා රජය විසින් පිරිනමනු ලබන කලා කීර්ති (මරණාපර) අභිධානයෙන් පිදුම් ලැබුවාය.[4]
කාව්‍ය
[සංස්කරණය]මෙම ඡේදය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "මොනිකා රුවන්පතිරණ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 ජූලි) |
- දියණියනි
- ලෙච්චමීගේ සිතුවිල්ලක්
- අංගුලිමාලගේ සිහින
- විසි වසක ශේෂ පත්‍රය
- අසන් පත්තිනි
- වසන්තිට සහ වසන්තටය
- ආසිරි ලංකා
- කැළෑගමේ කවි
- දූ කුමරී
- තහනම් දේශයෙන්
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "'මොනිකා රුවන්පතිරණ, ඇන් ආර්ටිස්ට් ඔෆ් ග්‍රේට් රෙපියුට්'". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 16 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
- ^ ගුණවර්ධන, සී. ඒ. (2003). එන්සයික්ලොපීඩියා ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). නව දිල්ලිය: ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. p. 257. ISBN 81-207-2536-0.
- ^ "මොනිකා - ද පොයටෙස් ඔෆ් අවර් ටයිම්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 19 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
- ^ "නැෂනල් ඕනර්ස්#කලා කීර්ති#2005". ජනාධිපති මහලේකම් කාර්යාලය. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.