කලා කීර්ති

විකිපීඩියා වෙතින්

කලා කීර්ති (ඉංග්‍රීසි: Kala Keerthi) යනු පුද්ගලයෙකු විසින් "කලාව, සංස්කෘතිය සහ නාට්‍ය කලාව වෙනුවෙන් සිදුකරන ලද දායකත්වය සහ විශිෂ්ඨ ජයග්‍රහණ හිමිකර ගැනීම" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] මෙය ශ්‍රී ලංකාවේ කලාව, සංස්කෘතිය සහ නාට්‍ය කලාව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම ගෞරව අභිධානයයි. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් කලා කීර්ති යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. කලා කීර්ති අභිධානය, විද්‍යා ජෝති අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
"https://si.wikipedia.org/w/index.php?title=කලා_කීර්ති&oldid=396422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි