මුවංගල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
මුවංගල රජ මහා විහාරය
විහාරයේ දාගැබ
මූලික තොරතුරු
පිහිටීමමුවංගල, හිඟුරාණ
භූගෝලීය ඛණ්ඩාංක07°15′00.7″N 81°39′50.0″E / 7.250194°N 81.663889°E / 7.250194; 81.663889ඛණ්ඩාංක: 07°15′00.7″N 81°39′50.0″E / 7.250194°N 81.663889°E / 7.250194; 81.663889
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
රටශ්‍රී ලංකාව
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (26 දෙසැම්බර් 2014)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ සිද්ධස්ථානය

මුවංගල රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුවංගල පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. එය හිඟුරාණ – අම්පාර මාර්ගයෙහි හිඟුරාණ නගරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1895 යටතේ සිදුකොට තිබේ.[1]

විහාරය[සංස්කරණය]

දාගැබ ආසන්නයේ ගල්තලාව මත කෙටූ 3න් වන සියවසට අයත් ශිලා ලේඛනයක්. එහි රාජ්‍ය සමය දක්වා නැත[2]. කොඩිනි නම් උප රාජයෙකු විසින් විහාරයකට කරන ලද ප්‍රධානයක් පිළිබදව එහි සදහන්ය.[3]

මුවංගල පිහිටි විහාර සංකීර්ණය, අම්පාර සහ හිඟුරාණ අතර පිහිටි පර්වත මස්තක ද්විත්වයක පිහිටා තිබේ.[4] නූතන විහාරාරාම ගොඩනැගිලි පර්වතය පාමුල පිහිටා තිබෙන අතර පුරාණ විහාරයට අයත් නටඹුන් ඉදිකිරීම් පර්වතයෙහි මුදුනත මත විසිර පවතී. පුරාණ ඉදිකිරීම් අතර, සිරිපතුල් ගල්, ආසනඝරයක්, සදකඩපහණ කොටස්, පඩිපෙල්, පර්වත ලිපි, කටාරම් ලෙනක්, ගොඩනැගිලි වල පාදම් සහ කණු හදුනාගත හැකිය. බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙරාතුව ජනයා විසින් ආසනඝර සහ සිරිපතුල් ගල් වැනි විවිධ වස්තූන් වෙත බුදුන් වහන්සේ අදහස් කරමින් වන්දනාමාන කලහ. මේ හේතුවෙන් විහාරයකදී සිරිපතුල් ගල් හෝ ආසනඝර හමුවීම පුරාවිද්‍යාවේදී සළකණු ලබන්නේ එම විහාරය රටේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙර පටන් පැවති බවට සාධකයක් වශයෙනි.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගැසට් 1895 26 දෙසැම්බර් 2014, පිටු අංකය: 1148.
  2. විජේසේකර, නන්දදේව (1990). ආකියෝලොජිකල් ඩිපාර්ට්මන්ට් සෙන්ටනරි (1890-1990): ඉන්ස්ක්‍රිප්ෂන්ස්. වෙළුම 2: කොම්මෙමරේටිව් සීරීස් (ඉංග්‍රීසි බසින්). පුරාවිද්‍යා කොමසාරිස්, 1990.
  3. "මුවංගල රජ මහා විහාරය". ලංකාප්‍රදීප. 15 මාර්තු 2020. සම්ප්‍රවේශය 29 ඔක්තෝම්බර් 2023.
  4. "මුවන්ගල රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2017.
  5. විජේතුංග, සිරිසමන් (20 මාර්තු 2017). "සිරිපතුල් වන්දනාව". බුදුසරණ, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2017. ඉතාම පැරණි පුදබිමක් ලෙසින් හඳුනා ගැනීමට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙසින් පුරාවිද්‍යාඥයෝ සිරිපතුල් ගල් හඳුන්වති

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මුවංගල_රජ_මහා_විහාරය&oldid=600801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි