Jump to content

මුන්ජොං අගබිසව

විකිපීඩියා වෙතින්
මුන්ජොං අගබිසව
කොරියාවේ අගබිසව
කොරියාවේ රාජ්‍යාධිකාරිණිය
ආධිපත්‍යය7 ජූලි 1545 – 7 අප්‍රේල් 1565
පූර්වප්‍රාප්තිකයාඉන්ජොං (රජකරන රජු ලෙස)
අනුප්‍රාප්තිකයාමියොංජොං (රජකරන රජු ලෙස)
උපත1 පෙබරවාරි 1501
ජොසොන්
මරණය29 දෙසැම්බර් 1565 (65 වියැති)
සොදොක් ශාලාව, චංදොක් මාලිගය, ජොංනෝ-ගු, සෝල්, ජොසොන්
භූමදානයතේර්‍යුං
වල්ලභයාජොසොන්හි ජුංජොං
දරුවන්ජොසොන්හි මියොංජොං
උයිහ්යේ කුමරිය
හ්යෝසුන් කුමරිය
ග්යොංහ්යොන් කුමරිය
ඉන්සුන් කුමරිය
මරණාපර නාමය
කෙටි: මුන්ජොං රැජින
*문정왕후
*文定王后
*මුන්ජොං වංහු
සම්පූර්ණ: පූජනීය හා ආශාඇති, සහ දයාබර හා දීප්තිමත් මුන්ජොං අගබිසව
*성렬인명문정왕후
*聖烈仁明文定王后
*සොංර්යොල් ඉන්ම්යොං මුන්ජොං වංහු
පියායූන් ජි-ඉම්
මවලී ආර්යාව
කොරියානු නම
හංගුල්문정왕후
හන්ජා文定王后
ප්‍රතිශෝධිත රෝමානුකරණයමුන්ජොං වංහු
මැකූන්–‍රයිෂවර්මුන්ජෝං වංහු

මුන්ජොං අගබිසව (හංගුල්: 문정왕후, හන්ජා: 文定王后) (1 පෙබරවාරි 1502 – 29 දෙසැම්බර් 1565) යනු ජොසොන් රාජවංශයේ ජුංජොං රජුගේ බිරිඳයි.

ඇය පප්යොං යුන් වංශයේ තැනැත්තියකි. ඇය සිය පුත්‍රයා වූ මියොංජොං රජ කුඩා අවධියේ 1565 දක්වා රාජ්‍ය පාලනය ගෙනගියා ය. දක්ෂ රාජ්‍ය පාලිකාවක වූ ඇය සිය පුතු වැඩිවියට එළැඹි පසු ද රාජ්‍ය පාලනය මෙහෙයවූවා ය. ඇය මුලින් වංශවතුන්ට හිමිව තිබූ ඉඩම් සාමාන්‍ය ජනයා අතර බෙදාදුන්නා ය. ඇගේ මරණින් පසු ඇගේ පුතුට බලය හිමි විය.

ඇයට සොංර්යොල් ඉන්මියොං මුන්ජොං වංහු (성렬인명문정왕후, 聖烈仁明文定王后) යන මරණාපර නාමය පිරිනැමිණි.

බලයට පත් වීම

[සංස්කරණය]

නිල‍නොවන වංශකථා අනුව, දශකයක පමණ උදාසීනභාවයකින් පසු මුන්ජොං රැජින අවසානයේ සිය "හදාගත්" පුත්‍රයා වූ ඉන්ජොං රජු කෙරෙහි සිය සෙනෙහස දැක්වූ බව සඳහන් වේ (රහසිගත සිදුවීම් පිටුපස ඇති සත්‍යය).

ඉන්ජොං සිය උදෑසන ආචාරය දැක්වීමට පිටත් වූ අවස්ථාවේ, මුන්ජොංගේ මුහුණ මවක විසින් දරුවකුට පමණක් පුදකළ හැකි සිනහවකින් පිරීගියේ ය. එය මව්බිසව අවසානයේ ඇගේ පුත්‍රයා මෙන් තමන්ව රජු ලෙස පිළිගත් බවට නිමිත්තක් ලෙස ඉන්ජොං රජු සිතී ය. ඔහු සිය සුළු මව ලබාදුන් දොක් අනුභව කළේ එය තමන් වෙත මරණය ළඟා කරවන බව නොදැන ය. ක්‍රමයෙන් රෝගී බවට පත් වූයේ කිසිදු සැකයක් ඇති නොකරමිනි. නමුත් පසුව ඉතිහාසඥයන් මෙම සිදුවීම සැලකිල්ලට ගෙන ඇත. ඉන්ජොං අද්භූත ලෙස මියයාමට පෙර දින තුනක් ගත විය. (මාස 9ක් රාජ්‍ය පාලනයෙන් පසු)

මුන්ජොං රැජිනගේ පුත්‍රයා මියොංජොං ලෙස සිහසුනට පත් වූ පසු, මුන්ජොං රාජ්‍යාධිකාරී රැජින බවට පත් විය. ඉන්ජොංගේ මරණින් පසු මුන්ජොං බිසව නිතර නිතර රාත්‍රියේ භූතාත්ම දුටු බව වංශකථාවල සඳහන් වේ.[1] මෙලෙසින් බියට පත් වූ ඇය, සිය නවාතැන ග්යොංබොක් මාලිගයේ සිට චංදොක් මාලිගය වෙත ගෙනගියා ය.

බුදු දහම නගා සිටුවීම

[සංස්කරණය]

රාජවංශයේ මුල් සමයේ මුන්ජොං අගබිසව බුදුදහමේ ප්‍රබල ආධාරකාරියක වූවා ය. නිල වශයෙන් බෞද්ධ වන්දනාවට පනවා තිබූ තහනම ඉවත් කළ ඇය, බුදු දහම නගාසිටුවීමට පියවර ගත්තා ය.

ඇය බුදුදහම දැක්වූ ප්‍රබල අනුග්‍රහය නිරූපණය කෙරෙන සාධක දෙකක් අදටත් පවතී.

බෞද්ධ සිතුවම්

[සංස්කරණය]

ඇගේ පුත්‍රයා (රාජකීය කුමරු) රෝගී වූ අතර ඇයට තවත් පුත්‍රයකු බිහිකිරීමට අපොහොසත් වූ අවස්ථාවේ, බෞද්ධ සිතුවම් 400ක් නිම කරවීමට ඇය ඉටාගත්තා ය. (මින් 50ක් රාජකීය කුමරුගේ නිරෝගීභාවය සහ තවත් පුත්‍රයකුගේ උපත සඳහා වන ආයාචනයන් ය) එසේම මීට අමතරව ‍මෙමගින් හොයිඅම් විහාරය විවෘත කිරීම ද අනුස්මරණය කෙරිණි.[2] 1563දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය වසර 2කට පසුව අවසන් විය. අවාසනාවට මෙම කටයුත්ත සම්පූර්ණ කිරීමට පෙර රාජකීය කුමරු මියගියේ ය.

මෙම දැවැන්ත කටයුත්ත සන්නස් 100කින් සමන්විත වූ අතර, ඒ සෑම එකක්ම ත්‍රික 4කින් සමන්විත විය:

මෙම සෑම 100හි කට්ටලයකම, 50ක් රනින් සහ වර්ණයෙන් නිමවා ඇති අතර, අනෙක් 50 රනින් පමණක් නිමවා ඇත.

2009 වන විට,[3] මෙම 400න් හමු වී ඇත්තේ 6ක් පමණි.

  • ශාක්‍යමුණි ත්‍රිකයේ සිතුවම් 1ක් – 1565දී නිර්මාණය වූවකි. මුලින් හොයිඅම් විහාරයට අයත්ව තිබූ මෙය ජපානයෙන් හමු විය (උසස් තත්ත්වයෙන් යුතුව[4]) මෙය 1990දී නිව් යෝක්හි මේරි ජැක්සන් බර්ක් එකතුව විසින් මිලදී ගන්නා ලදී. මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සැලකිල්ලට බඳුන් වූ මෙය, ජොසොන් රාජවංශ සමයේ නිර්මාණය වූ අනර්ඝ සහ ඉතාම වැදගත් බෞද්ධ කලානිර්මාණයක් යැයි පැවසේ.[5]
  • භෛසජ්‍යගුරු ත්‍රිකයේ සිතුවම් 1ක් – වර්තමානයේ කොරියාවේ ජාතික කෞතුකාගාරයේ තබා ඇත.
  • මෙහි සිතුවම් 4ක් ජපානයේ ඇත.
    • ඉන් සිතුවම් 1ක් ශාක්‍යමුණි ත්‍රිකයට අයත් ය
    • සිතුවම් 3ක් භෛසජ්‍යගුරු ත්‍රිකයට අයත් ය

බෞද්ධ විහාර

[සංස්කරණය]

මුන්ජොං අගබිසව තුළ බුදු දහම යළි නගාසිටුවීමට පැවති උද්යෝගයට තවත් සාධකයක් ලෙස බෞද්ධ විහාර දැක්විය හැක. බුදු දහම යළි නගාසිටුවීමට තැබූ අඩිතාලමක් වශයෙන් බොන්ගුන්සා විහාරය (සෙන් බුදු දහමේ ප්‍රධාන මධ්‍යස්ථානයකි) සැලකෙයි.

බොන්ගුන්-සා[6] විහාර පිහිටුවන ලද්දේ 794දී යොන්-හොයි භික්ෂුව[7] විසිනි. මෙය මුලින් හඳුන්වන ලද්දේ ග්යොන්සොං-සා [8] ලෙසයි. 1498දී (මුන්ජොං අගබිසවගේ අනුග්‍රහය යටතේ) ප්‍රතිනිර්මාණය වූ මෙය බොන්ගුන් න්-සා යනුවෙන් නම්කෙරිණි. 1562දී මෙම ස්ථානය එහි පැවති ස්ථානයෙන් කි.මී. 1ක් පමණ ඈත ස්ථානයක පිහිටුවන ලදී. අවසානයේ එය ගින්නෙන් (1592 සහ 1637) විනාශ විය. නමුත් එය නිරන්තර ප්‍රතිසංස්කරණයන්ට සහ නව්‍යකරණයන්ට (1637, 1692, 1912, 1941, සහ 1981) ලක් කරන ලදී. මෙහි ඇති මහල් තුනකින් යුත් ශෛලමය ස්තූපය තුළ 1975දී ශ්‍රී ලංකාවෙන් වැඩම වූ ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ චීවර ධාතුව තැන්පත් කොට ඇත.

පසුකාලීන ගෝර්යෝ යුගයේ මෙම විහාරය පරිහානියට පත් විය. නමුත් 1498දී එය ප්‍රතිසංස්කරණය කෙරිණි. මෙය ප්‍රතිසංස්කරණයට පෙර, නව-කොන්ෆියුසියානුවාදය රාජ්‍ය දර්ශනය ලෙස පදනම් කරගත් රජය යටතේ බුදු දහම දැඩි පීඩාවන්ට ලක් විය. බුදු දහම යළි නගා සිටුවීමට මුන්ජොං රැජින දරූ දැඩි පරිශ්‍රමය හේතුවෙන් ඇයට බොන්ගුන්-සා යළි ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වූ අතර, මුල්කාලීන ජොසොන් බෞද්ධ පුනරුදයේ සන්ධිස්ථානයක් ලෙස එය සැලකෙයි.

මෙම අවදානාත්මක සමයේ බෝ-වූ භික්ෂුව වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. 1648දී ඔහු බොන්ගුන්-සා විහාරයේ ප්‍රධාන විහාරාධිපති ධුරයට පත් විය. ඔහු කොරියානු බුදු දහමේ නිකායයන් වූ සොන් (භාවනා) සහ ග්‍යෝ (ආගමික, ශාස්ත්‍රීය) යන නිකායයන් සඳහා භික්ෂූන් තෝරා ගැනීමේ සහ පුහුණු කිරීමේ නිල ක්‍රමවේදය ප්‍රතිශෝධනය කළේ ය.[9] 1551දී, බොන්ගුන්-සා විහාරය, ජොංග්යේ සොන් නිකායේ ප්‍රධාන විහාරය බවට පත් වූ අතර, අනතුරුව එය කොරියානු බුදු දහම ප්‍රතිෂ්ඨාපනයට පදනම් ආයතනය ලෙස කටයුතු කළේ ය. මෙම ප්‍රතිශෝධිත පුහුණු ක්‍රමවේදය තුළින් සෝ-සන්, සා-මියොං, සහ බ්යොක්-අම් වැනි කීර්තිමත් භික්ෂූන් බිහි විය. කෙසේනමුත්, මුන්ජොං අගබිසවගේ මරණින් පසු, බෞද්ධ-විරෝධී නිලධාරීන් පිරිසක් විසින් බෝ-වූ භික්ෂුව මරාදමන ලදී.

  1. ග්යොංවොන් ප්‍රධාන කුමරු (හංගුල්: 경원대군), පසුව ජොසොන්හි මියොංජොං රජු
  2. උයිහ්යේ කුමරිය (හංගුල්: 의혜공주, හන්ජා: 懿惠公主)
  3. හ්යෝසුන් කුමරිය (හංගුල්: 효순공주, හන්ජා: 孝順公主)
  4. ග්යොංහ්යොන් කුමරිය (හංගුල්: 경현공주, හන්ජා: 敬顯公主)
  5. ඉන්සුන් කුමරිය (හංගුල්: 인순공주, හන්ජා: 仁順公主), ළමා වියේ මියගියේ ය

පූර්වජයින්

[සංස්කරණය]
  • මහා-මහා-මහා-මුත්තණුවන්: යුන් බොන් (හංගුල්: 윤번, හන්ජා: 尹璠) (1384–1448), ජොසොන්හි සේජෝ රජ සමයේ ආග්‍රාමාත්‍යවරයායි
  • මහා-මහා-මහා-මිත්තණිය: ලී ආර්යාව (හංගුල්: 이씨, හන්ජා: 李氏)
  • මහා-මහා-මුත්තණුවන්: යුන් සාහ්‍යුන් (හංගුල්: 윤사흔, හන්ජා: 尹士昕) (1422–1485), ජොංහුයි රැජිනගේ සොහොයුරෙකි
  • මහා-මුත්තණුවන්: යුන් ග්යේ-ගියොම් (හංගුල්: 윤계겸, හන්ජා: 尹繼謙) (1442–1483)
  • මුත්තණුවන්: යුන් උක් (හංගුල්: 성욱, හන්ජා: 尹頊) (1459–1485)
  • මිත්තණිය: යොංගිල් ජොං වංශයේ ජොං ආර්යාව (හංගුල්: 영일 정씨, හන්ජා: 迎日 鄭氏)
  • පියා: යූන් ජි-ඉම් (හංගුල්: 윤지임, හන්ජා: 尹之任) (1475–1534), අභ්‍යන්තර කුමරු පාසන් (파산부원군)
  • මව: ජොන්උයි ලී වංශයේ ලී ආර්යාව (හංගුල්: 이씨, හන්ජා: 全義 李氏) (1475–1511), ජොන්සොං අභ්‍යන්තර වල්ලභ කුමරිය (전성부부인 이씨)

සහෝදර-සහෝදරියන්

[සංස්කරණය]
  • සොහොයුරන්
  1. යුන් වොන්-ගේ (හංගුල්: 윤원개, හන්ජා: 尹元凱)
  2. යුන් වොන්-ර්යං (හංගුල්: 윤원량, හන්ජා: 尹元亮) (1495–1569)
  3. යුන් වොන්-පිල් (හංගුල්: 윤원필, හන්ජා: 尹元弼)
  4. යූන් වොන්-රෝ (හංගුල්: 윤원로, හන්ජා: 尹元老) (died 1547)
  5. යූන් වොන්-හ්යුං (හංගුල්: 윤원형, හන්ජා: 尹元衡) (1509–1567)
  • හඳනාගත් නෑනාවරියන්
  1. ජං ආර්යාව (장씨),[10] යූන් වොන්-ර්යංගේ බිරිඳ[11]
  2. කිම් ආර්යාව (김씨 부인, ?-1551),[12] යූන් වොන්-හ්යොංගේ 1වන බිරිඳ
  3. ජොං නන්-ජොං (정난정, ?-1565), ජොංග්යොං ආර්යාව[13] (정경부인), යූන් වොන්-හ්යොංගේ 2වන බිරිඳයි. ඔවුනට යුන් චුං-වොන් (හංගුල්: 윤충원, හන්ජා: 尹忠源) නැමැති පුත්‍රයකු විය.

මුන්ජොං රැජින නිරූපණය කළ නිළියන්

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ වංශකථා අනුව, ඉන්ජොංගේ යැයි සැලකුණු එම ආත්මය මරණයේදීවත් තමන්ට මවක නොවූ ස්ත්‍රිය පිළිබඳ ශෝකයෙන් වැළපුණු බව සඳහන් ය.
  2. ^ ප්‍රධාන සොන් (චීන: චැන්; ජපන්: සෙන්) බෞද්ධ විහාරයක් වන මෙය ග්යොංගි පළාතේ යංජුහි පිහිටියේ ය.
  3. ^ http://www.buddhistchannel.tv/index.php?id=45,7655,0,0,1,0
  4. ^ සිතුවමේ පහළ රන්වන් සිතුවමේ ප්‍රභවය ද පවතියි
  5. ^ මෙකල රාජ්‍ය දර්ශනය ලෙස නව-කොන්ෆියුසියානුවාදය පිළිගැනුණු නිසා බෞද්ධ කලාකෘති දුලබ ය.
  6. ^ "යහපත සැලසීම"
  7. ^ එක්සත් සිල්ලා යුගයේ විසූ ජාතික නායක භික්ෂුවයි.
  8. ^ "සැබෑ ස්වරූපය දැකගැනීම"
  9. ^ පළමුව ස්ථාපිත කළේ 13වන සියවසේ ජාතික භික්ෂු ප්‍රධානි ජිනුල් බොජෝ-ගුක්සා විසිනි.
  10. ^ ජං ඉල්-ච්වි (장일취) ගේ දියණියයි.
  11. ^ ඔවුන්ගේ දියණිය ඉන්ජොං රජුගේ උපබිසවක් බවට පත් වේ.
  12. ^ කිම් අන්-සූ (김안수) ගේ දියණියයි.
  13. ^ අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳයි
පූර්වප්‍රාප්තිකයා
ජංග්යොං අගබිසව
කොරියාවේ අගබිසව
1517-1544
අනුප්‍රාප්තික
ඉන්සොං අගබිසව
"https://si.wikipedia.org/w/index.php?title=මුන්ජොං_අගබිසව&oldid=476058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි