මිරර් ඔෆ් ද විච්

විකිපීඩියා වෙතින්
මිරර් ඔෆ් ද විච්
ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේSecret Healer
ප්‍රභේදයඓතිහාසික
ෆැන්ටසි
ප්‍රේම කථා
රචනය කලේයැං හ්‍යුක්-මූන්
අධ්‍යක්ෂණය කලේජෝ හ්‍යුන්-තක්
රඟපෑමයූන් ෂි-යූන්
කිම් සේ-රොන්
ලී සුං-ජේ
යුම් ජුං-ආ
ක්වක් සි-යැං
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන20
නිෂ්පාදනය
ධාවන කාලයමිනිත්තු 70
නිෂ්පාදන සමාගමඇපලෝ පික්චර්ස්
ඩ්‍රාමා හවුස්
මීඩියා එන් නෙට්
බෙදාහරින්නාJTBC
ප්‍රචාරණය
මුල් නාලිකාවJTBC
මුල් ධාවනයමැයි 13, 2016 (2016-05-13) – ජූලි 16, 2016 (2016-07-16)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මිරර් ඔෆ් ද විච් (කොරියානු마녀보감; ප්‍රරෝමන්යෝබෝගම්) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. ඓතිහාසික කතාමාලාවක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ යූන් ෂි-යූන්, කිම් සේ-රොන්, ලී සුං-ජේ, යුම් ජුං-ආ සහ ක්වක් සි-යැං යන නළු නිළි පිරිස විසිනි.[1][2][3] මෙම මාලා නාට්‍යයේ කථාපුවත සඳහා පෙළඹවීමක් ඇති වී තිබෙන්නේ දොන්ගුයි බෝගම් නැමැති ග්‍රන්ථයයි. Ms. Temper and Nam Jung-Gi කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම රූපවාහිනී කතාමාලාව දකුණු කොරියාවේ JTBC නාළිකාව ඔස්සේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල 20:30ට (KST) විකාශය විය. කථාංග 20කින් සමන්විත වූ මෙය 2016 මැයි 13 විකාශය ඇරඹී 2016 ජූලි 16 දින තෙක් විකාශය කෙරිණි.

කථාපුවත[සංස්කරණය]

මාලිගයේ වෙසෙන රාජකීය රැජිනක වන ෂිම් රැජින (ජං හී-ජින්) හට දරුවකු බිහිකළ නොහැකි වේ. මේ නිසා ඇය හොං-ජූ (යුම් ජුං-ආ) නම් යකැදුරුවරියකගේ ආධාර ඇතිව පුත් කුමරකුව බිහි කිරීමට අදහස් කරන්නී ය. ඉන්පුසව හොං-ජූ විසින් ෂිම් රැජිනට පවසන්නේ හේ-රන් (ජුං ඉන්-සොන්) නැමැති තරුණ යකැදුරුවරියට රජු සමග සැතපීමට අවසර ‍ලබා දෙන ලෙසයි. මෙම හේ-රන් හට සුවිශේෂී බලයක් පැවති අතර, එවිට ඇයට ගැබ් ගත හැකි විය. අනතුරුව හොං-ජූ හදි හූනියම් ක්‍රම අනුගමනය කරමින් හේ-රන්ගේ කුසෙහි වූ භ්‍රෑණය රැජිනගේ ගැබ තුළට මාරුකොට, හේ-රන්ව මරා දැමීමට අදහස් කරන්නී ය. අවාසනාවට, හේ-රන් මේ සියල්ල දැනගන්නා අතර, මියයාමට පෙර ඇය රැජිනගේ දරුවාට ශාප කරයි. ෂිම් රැජින පසුව නිවුන් දරුවන් දෙදෙනකුට උපත ලබා දෙයි. එනම් කිරුළහිමි සූන්හ්වේ කුමරු (යෝ හොයි-හ්‍යුන්) සහ යොන්-හී කුමරිය (කිම් සේ-රොන්) යි. නමුත් ශාපය හේතුවෙන් ඇයට කුමරියව අත්හැර දැමීමට සිදු වේ. චෝයි හ්‍යුන්-සෝ (ලී සුං-ජේ) යකැදුරුවරයාගේ සහාය ඇතිව, යොන්-හී හැදී වැඩෙන අතර, ඇය රූමත් තරුණ යුවතියක බවට පත් වේ. නමුත් ඇයට සෑමදෙනාගෙන්ම වෙන්ව හුදකලාව ජීව්ත වීමට සිදුවන අතර, ඇය ජීවත් වන නිවස වටා ආරක්ෂක යන්ත්‍රයක් ද ක්‍රියාත්මක කොට ඇත. හ්‍යුන්-සෝගේ පුත්‍රයා වන පූං-යොන් (ක්වක් සි-යැං) කුඩා කල සිටම ඇය පිළිබඳ දැඩි සෙනෙහසින් පසුවෙයි. මේ අතර වහල් සේවකයකුගේ පුත්‍රයකු වන හෝ ජුන් (යූන් ෂි-යූන්) නැමැති විද්වතකු යොන්-හීට මුණ ගැසෙයි. මෙලෙසින් කුමරියගේ ශාපය ඉවත් කරවීමට හෝ ජුන්ගේ සහ ඇගේ දෛවයන් එකට ගැට ගැසේ.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

රාජකීය ගෘහය[සංස්කරණය]

සෝග්යොක්සෝහි ජනයා (소격서)[සංස්කරණය]

  • ලී යි-ක්‍යුං, යෝ-ක්වං ලෙස
  • ?, චොන්-හූ ලෙස
  • ?, චොන්-ක්වොන් ලෙස
  • ?, ඔක්-හ්‍යුං ලෙස
  • ?, ගේ-යැං ලෙස

හෝ ජුන්ගේ පවුල[සංස්කරණය]

  • ජෝ දල්-හ්වන්, හෝ ඔක් ලෙස
  • ?, හෝ යූන් ලෙස

විස්තෘත චරිත[සංස්කරණය]

  • මූන් ගා-යොං, සොල්-ගේ ලෙස[4]
  • මින් දෝ-හී, සුන්-ද්‍යුක් ලෙස; හෝ ජුන්ගේ සහායකයායි.
  • චෝයි සුං-වොන්, දොං-රේ ලෙස
  • හ්වං මි-යොං, සෝ-යෙං ලෙස
  • කිම් සෝ-යොන්
  • කිම් චේ-ඉයුන්, මූ-මේ ලෙස
  • සොං ජේ-ඉන්, ගිසෙංවරියක ලෙස
  • ජුං යූ-මින්, හ්වා-ජින් ලෙස
  • කිම් සෝ-හ්යේ, මි-හ්යැං ලෙස
  • කිම් ජොං-හූන්, බත්-සොයි ලෙස
  • කිම් යොං-හෝ
  • කිම් වොන්-ජින්
  • ක්වොන් හ්‍යුක්-පූං
  • සොං යොං-හෝ
  • කිස් ස්‍යුං-පිල්
  • ලී ගා-ක්‍යුං
  • ගෝ ඉයුන්-මින්
  • සොං කයුං-හ්වා
  • සොන් යොං-සූන්
  • ලී ග්‍යු-බොක්
  • නම් තේ-බූ
  • ක්වොන් හ්යොක්-සූ
  • මූන් සූ-ජොං
  • යූ ඉල්-හන්
  • සොක් බෝ-බේ
  • ජං යොං-චොල්
  • ආන් මින්-සං
  • පාක් සේ-ජින්
  • යූ ස්‍යුංඉල්
  • සෝල් ජූ-මි

පසුබිම් නිරූපණයන්[සංස්කරණය]

ඇගයීම්[සංස්කරණය]

පහත දැක්වෙන වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම ප්‍රතිචාරත්, සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම ප්‍රතිචාරත් නිරූපණය වේ.

කථාංගය මුල් විකාශන දිනය තේමාව සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
AGB නීල්සන් ඇගයීම්[5] TNmS ඇගයීම්[6]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත
1 මැයි 13, 2016 "වශීකරණ නෙත් ශාපය"
(저주가 깃든 아이)
2.606% 2.401% 2.2%
2 මැයි 14. 2016 "අර සරුංගලය! මා එය යළි රැගෙන එන්නෙම්"
(저 연! 제가 가져 오겠습니다)
1.830% 2.063% 1.9%
3 මැයි 20, 2016 "සෑම කෙනකුම හේතුවක් නිසා උපන්නේ ය"
(사람은 누구나 태어난 이유가 있어)
2.422% 2.616% 2.2%
4 මැයි 21, 2016 "සැම දෙනම රැක ගන්නට ඔබට අවශ්‍ය ද? ඔබට ඇත්තේ මියයාමට පමණයි. ඔබ පමණක්"
(모두를 살리고 싶으냐? 너만 죽으면 된다. 너만)
1.903% <2.106% 1.7%
5 මැයි 27, 2016 "කරුණාකර, මා අත් නොහරින්න"
(제발 절 두고 가지 마세요)
2.545% 2.631% 2.2%
6 මැයි 28, 2016 "බලාපොරොත්තු නොමැතිව දෛවය ඉදිරියේ අප හමුවෙමු"
(절망과 운명 앞에서 다시 만나다)
2.705% 3.225% 2.0%
7 ජූනි 4, 2016 ""උතුමාණෙනි, එය යළි ඇරඹේ." අවාසනාව හැඟවීම"
("대감 이제 다시 시작입니다." 불행 암시)
2.986% 3.112% 2.2%
8 "???????"
(허준, 다가오는 연희 잡고 아련 "홍시..?")
2.525% 2.683% 2.2%
9 ජූනි 10, 2016 "???????"
(허준, 나가보면 알겠지. "내가 너의 결계가 맞는지")
2.380% 2.589% 2.1%
10 ජූනි 11, 2016 "???????"
('붉은 도포'에 습격당하다!)
2.004% <2.276% 1.7%
11 ජූනි 17, 2016 "???????"
(네가 어떤 모습이든 나에겐 다 똑같은 연희다)
2.260% 2.467% 2.2%
12 ජූනි 18, 2016 "කරුණාකර, යන්න එපා!"
(제발 가지마)
2.095% <2.634% 1.7%
13 ජූනි 24, 2016 "???????"
(궁으로 들어간 '공주' 서리, 홍주에 선전포고)
2.797% 3.003% 2.3%
14 ජූනි 25, 2016 "පිහියෙන් ඇතුළට අනින්න!"
(칼을 꽂다!)
1.692% <2.143% 1.6%
15 ජූලි 1, 2016 "???????"
(허준, 선조가 걸린 흑주술을 풀어야만 한다!)
2.742% 3.017% 2.4%
16 ජූලි 2, 2016 "???????"
(홍주가 휘두른 흑단검에 쓰러진 풍연)
1.797% <2.058% 1.6%
17 ජූලි 8, 2016 "???????"
(허준 - 연희, 남은 시간만이라도 함께 있게 해주세요)
2.322% 2.184% 1.9%
18 ජූලි 9, 2016 "???????"
(절벽에 떨어진 허준 - 폭주하는 연희)
1.697% <2.218% 1.6%
19 ජූලි 15, 2016 "???????"
(허준, 연희 살리기 위해 고군분투 "너를 위해 살 거다")
2.709% 3.182% 2.1%
20 ජූලි 16, 2016 2.773% 2.944% 1.9%
සාමාන්‍යය 2.340% <2.578% 1.985%

සටහන: මෙම නාට්‍යය විකාශය වූයේ කේබල් නාළිකාවක/මුදල් ගෙවා නැරඹිය යුතු නාළිකාවක බැවින් නිදහස් විකාශන රූපවාහිනී/මහජන විකාශකයින් (KBS, SBS සහ MBC හා EBS) හා සැසඳීමේ දී හිමිව ඇත්තේ අඩු ප්‍රේක්ෂක ප්‍රතිශතයක් බව සලකන්න.

මුල් නාදපථ[සංස්කරණය]

OST කොටස 1[සංස්කරණය]

අංකය. ගීතයශිල්පියා කාලය
1. "ප්‍රේමය (연)"  Lush 3:50
2. "ප්‍රේමය (연)" (වාදනය)  3:50
සම්පූර්ණ දිග:
7:40

OST කොටස 2[සංස්කරණය]

අංකය. ගීතයශිල්පියා කාලය
1. "එක් දිනකට පමණක් ඔබව (단 하루만 너를)"  ජොන් සං-ග්‍යුන් 3:15
2. "එක් දිනකට පමණක් ඔබව (단 하루만 너를)" (වාදනය)  3:15
සම්පූර්ණ දිග:
6:30

OST කොටස 3[සංස්කරණය]

අංකය. ගීතයශිල්පියා කාලය
1. "පීඩිත (달)"  ලිම් ජොං-හී 3:42
2. "පීඩිත (달)" (වාදනය)  3:42
සම්පූර්ණ දිග:
7:24

OST කොටස 4[සංස්කරණය]

අංකය. ගීතයශිල්පියා කාලය
1. "හැමවිටම (늘)"  Way, චෝආ (ක්‍රේයොන් පොප්) 4:00
2. "හැමවිටම (늘)" (වාදනය)  4:00
සම්පූර්ණ දිග:
8:00

සලකුණ[සංස්කරණය]

52වන පෙක්සං කලා සම්මාන උළෙල විකාශය කිරීමට සිදුවීම නිසා 7වන කථාංගය 2016 ජූනි 3වන සිකුරාදා දින විකාශය නොවිණි. එමනිසා ‍ඉහත කථාංගය සහ 8වන කථාංගය යන කථාංග දෙකම ජූනි 4වන සෙනසුරාදා දින විකාශය කෙරිණි.[7]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2016 9වන කොරියා නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය කිම් සේ-රොන් දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Ko Dong-hwan (March 7, 2016). "Rising child star gets first adult role". The Korea Times. සම්ප්‍රවේශය May 19, 2016.
  2. Kang Seo-jeong (April 28, 2016). "'마녀보감' 윤시윤♥김새론, 비주얼 갑 포스터 공개 '신비'". The Chosun Ilbo (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 2, 2016.
  3. "'응팔' 노을이 최성원, '마녀보감'서 윤시윤과 브로맨스 보여준다 '기대↑'". The Dong-a Ilbo (කොරියානු බසින්). April 29, 2016. සම්ප්‍රවේශය May 2, 2016.
  4. Jo In-woo (March 23, 2016). "문가영, 나는 보디가드다…'마녀보감'". Newsis (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 2, 2016.
  5. "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 10, 2016.
  6. "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS Ratings (කොරියානු බසින්). සම්ප්‍රවේශය May 10, 2016.
  7. Bae Hyo-joo (June 1, 2016). "JTBC 측 "백상예술대상 중계로 3일 '마녀보감' 결방, 4일 연속방송"". Newsen (කොරියානු බසින්). සම්ප්‍රවේශය June 3, 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිරර්_ඔෆ්_ද_විච්&oldid=592956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි