මිං සොහොන්ගැබ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මිං සොහොන්ගැබ්
Tumbas ming1.JPG
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිල නාමයImperial Tombs of the Ming and Qing Dynasties
පිහිටීමChangping District, චීනය විකිදත්ත සංස්කරණය කරන්න
ඛණ්ඩාංක40°15′12″N 116°13′03″E / 40.253333333333°N 116.2175°E / 40.253333333333; 116.2175
මෙයට ඇතුළත් වන්නේකං ලිං
ක්විං ලිං
චාඕලිං
චැංලිං
ජිංලිං
ඩිංලිං (මිං)
තායිලිං
දේ ලිං
මාඕ ලිං
යූ ලිං
යොං ලිං
ෂියැන්ලිං
සි ලිං Edit this on Wikidata
නිර්ණායකසංස්කෘතික: (i), (ii), (iii), (iv), (vi) Edit this on Wikidata
සමුද්දේශ1004-004
අභිලේඛනය2000 (24වන සැසිය)
විස්තීර්ණ2003, 2004
මිං සොහොන්ගැබ් is located in චීනය
මිං සොහොන්ගැබ්
මිං සොහොන්ගැබ්හි පිහිටීම

මිං සොහොන්ගැබ් යනු චීනයේ මිං රාජවංශයේ අධිරාජවරුන් උදෙසා නිර්මාණය කරන ලද මොසෝලියම් සමූහයකි. ප්‍රථම මිං අධිරාජයාගේ සොහොන්ගැබ පිහිටා ඇත්තේ ඔහුගේ අගනගරය වූ නැන්ජිං ආසන්නයේය. කෙසේ නමුත්, මිං සොහොන්ගැබ් බහුතරය පිහිටා ඇත්තේ බීජිං වල සමූහයක් වශයෙන් වන අතර ඒවා සමූහයක් වශයෙන් මිං රාජවංශයේ සොහොන්ගැබ් තිහ (චීන: 明十\u19977 三陵; පින්යින්: Míng Shísān Líng; සාහිත්‍යමය: "මිං මොසෝලියම් තිහ") ලෙස හැඳින්වේ. මේවා පිහිටා ඇත්තේ නාගරික චැන්ග්පින්ග් දිස්ත්‍රික්කයේ බීජිං මහ නගර සභා බල ප්‍රදේශයේය. එවා බීජිං නගර මධ්‍යයේ සිට උතුරු- වයඹ පෙදෙසින් පිහිටා ඇතසැකිල්ල:යෙදීම. මෙම ප්‍රදේශය, ටියැන්ෂෞ කන්දේ දකුණු බෑවුමේ (ආදී හුවෑන්ටු කන්ද) පිහිටා ඇති අතර තෙවන මිං අධිරාජයා වූ යොංලෙ අධිරාජයා විසින් ෆෙං ෂුයි මූලධර්ම වලට අනුකූලව සොහොන්ගැබ් ඉදිකිරීම ආරම්භ කළේය. 1420දී රාජකීය මාළිගයේ (තහනම් නගරය) ඉදිකිරීම් වලින් පසුව යොංලෙ අදිරාජ්‍යයා විසින් සිය භූමදාන ස්ථානය තේරූ අතර තම තනි මොසෝලියම එහි ඉදිකළේය. එයින් පසුව සිටි අධිරාජ්‍යයවරුන්ද ඔවුන්ගේ සොහොන්ගැබ් මෙම නිම්නයේම ඉදිකරන ලදි.

යොංලෙ අධිරාජයාගේ සිට, 13 වන මිං රාජවංශයේ අධිරාජ්‍යයවරුන් එකම ප්‍රදේශයක භූමදාන කෙරුණි. ප්‍රථම මිං අධිරාජයා වූ හොංවූ අධිරාජයාගේ ෂිඔලිං සොහොන්ගැබ නැන්ජිං අගනුවර ආසන්නයේ පිහිටා ඇත. දෙවන අධිරාජයා වූ, ජිඈන්වෙන් අධිරාජයාව යොංලෙ අධිරාජයා විසින් පරාජයකරන ලද අතර ඔහුගේ සොහොන්ගැබ අතුරුදන්ව ඇත. "තාවකාලීන " අධිරාජ්‍යයෙකු වූ, ජිංතායි අධිරාජයාව, මෙම ස්ථානයේ භුමදානය කොට නොමැත. තියාන්ෂුන් අධිරාජයා විසින් ඔහුට රාජකීය භූමදානයක් සිදුකිරීමට ප්‍රතික්‍ෂේප කළනිසා; ඒ වෙනුවට, ජිංතායි අධිරාජයාව භූමදානකරන ලද්දේ බටහිර බීජීං වලය. [1] අවසාන මිං අධිරාජයාවූ චොංෂෙන් අධිරාජයා, ගෙලවැලලා සියදිවි නසාගත් අතර (1644 අප්‍රේල් 25 දින), ඔහුව ඔහුගේ උප බිසවක්වූ තියාන්ගේ සොහොන්ගැබෙහිම භූමදාන කෙරුණි. පසුව එම සොහොන්ගැබ රාජකීය සී ලිං මොසෝලියම ලෙස කෙටිකාලීන රාජවංශයක්වූ ෂුන් රාජවංශයේ, රජකළ ලී ෂීචෙං අධිරජු විසින් ප්‍රකාශයට පත්කරන ලදි. මිං අධිරාජ්‍යයවරුන්ගේ අනෙකුත් සොහොන්ගැබ් හා සසඳන විට මෙම සොහොන්ගැබ ප්‍රමාණයෙන් කුඩා එකකි.

මිං රාජ සමය වනවිට සාමාන්‍ය ජනයා හට රාජකීය සොහොන්ගැබ් වලට ඇතුළුවීම පවා තහනම් විය.නමුත් 1644 දී ලී ෂීචෙං' ගේ හමුදාව එම සොහොන්ගැබ් කොල්ලකන ලද අතර එම වසරේ අප්‍රේල් වලදී බීජිං ආක්‍රමණය කොට යටත් කරගැනීමට ප්‍රථමයෙන් සොහොන්ගැබ් බොහෝමයකට ගිනිතබන ලදි.

1725දී, ක්විං රාජවංශයේ යොංෂෙං අධිරාජයා විසින් සොහොන්ගැබ් වල උරුමය පිළිබදව නීත්‍යානුකූල අයිතිය ෂූ ගෘහයේ මිං රාජවංශයේ රාජකීය පවුලේ, පාරම්පරික වංශාධිපති උරුමක්කරුවෙකු වූ ෂූ ෂිලිඈං වෙත ප්‍රධානය කරන ලදි. මොහු විසින් ක්විං රජය වෙතින් වැටුප් ලැබූ අතර මොහුගේ කාර්යය වූයේ මිං සොහොන් ගැබ් සඳහා සාම්ප්‍රධායික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමයි.එසේම චීන සාම්ප්‍රධායික ශ්වේත වර්ණ ධජ නිර්මාණය කොඩි අට ඇරඹීම සිදුවිය. පසු කාලීනව 1750දී ක්විංලොං අධිරාජයා විසින් දීර්ඝ කාළීන වංශාධිපති වරප්‍රසාදය නම් තනතුර ෂූ ෂුලිඈං හට ඔහුගේ මරණින් පසු ප්‍රධානය කරන ලදි. අනතුරුව මෙම තනතුර ක්විං රාජවංශයේ අවසානය දක්වා සිටි දොළොස්වන පරම්පරාවේ මිං උරුමක්කරුවන් දක්වා හිමිවිය.

වත්මන වනවිට, මිං සොහොන්ගැබ් සහිත ප්‍රදේශය ලෝක උරුම ප්‍රදේශයක් බවට පත්කර ඇත. බීජිං සහ ලිඔනින්ග් පළාත්හි මිං සහ ක්විංග් රාජ වංශවල රාජකීය සොහොන්ගැබ්, පවතින ප්‍රදේශද මීට ඇතුළත් කර ඇත.

සැළැස්ම[සංස්කරණය]

චැංලිං සොහොන්ගැබෙහි දළ සැකැස්ම
මිං සොහොන් බිමෙහි ඇති ප්‍රතිමාවක්

මිං රාජවංශයේ රාජකීය සොහොන්ගැබ් පිහිටුවීමේදී ප්‍රවේසම් සහගතව ෆෙං ෂුයි (geomancy) මූලධර්ම භාවිතයට ගැණිනි. මෙයට අනුව, නරක ආත්ම සහ අශුභ සුළග සමපාතව උතුරු දිශාවට හරවන ලදි.මෙම නිසා දුනු හැඩැති නිම්න ප්‍රදේශ සහිත වූ ජුන්ඩු කන්දේ, බීජිං හි උතුරු ප්‍රදේශය ඒ සඳහා තෝරාගන්නා ලදි. මෙම වර්ග කිලෝමීටර් 40 ක භූමි ප්‍රදේශය පුරාතන කදු, කළු පැහැති බිමක් සහිත නිහඬ නිම්නයක්, නිශ්චල ජලය සහ වෙනත් අවශ්‍යතා වන මිං යුගයේ විශාල සුසානභූමියක් සඳහා වන ෆෙං ෂුයි මූලධර්ම වලින් ආවරණය විය. මෙහි 7-kilometer (4 mi) සංකීර්ණය තෙක් දිවෙන "ආත්ම මග" නමින් හැඳින්වූ මාර්ගයන්හි (පින්යින්: Shéndào), පේළියට පිහිටවූ උද්‍යාන සතුන් සහ නිලධාරීන්ගේ පිළිම ඇති අතර, ඉදිරි ද්වාරය හා සම්බන්ධ කරන ලද ආරුක්කු ත්‍රිත්වය සහිත රතු පැහැයෙන් වර්ණ ගැන්වූ ගේට්ටුව "ශ්‍රේෂ්ඨ රතු ද්වාරය " ලෙස හැඳින්වේ. ආත්ම මග හෙවත් පාරිශුද්ධ මාර්ගය ආරම්භ වන්නේ ඉදිරි ප්‍රදේශයේ ඇති සුවිසල් පාෂාණමය ආරුක්කු පේළියකිනි. 1540දී, මිං රාජවංශ සමයේදී ඉදිකරන ලද මෙම ආරුක්කු සහිත මාර්ගය අදටත් චීනයේ පවතින විශාලතම පාෂාණමය ආරුක්කු නිරූපිත මාර්ග වලින් එකකි.

තව දුරටත් මෙහි, ශෙන්ගොං ෂෙංඩේ ලේඛන සහිත ශිලා ස්තම්භ වලින් සමන්විත වන මණ්ඩපයක් දැකගත හැක. එහි අභ්‍යයන්තරයේ, මතක පුවරුවක් දරා සිටින ටොන් 50ක් පමණ බරැති ගල් පිළිමයක් වන බිෂි දැකගත හැක.සුදු කිරිගරුඬ ස්ථම්භ සතර [[හුආබිආඕ] (විජයග්‍රහණයේ ස්ථම්භ) පාෂාණමය මණ්ඩපයේ සෑම කොණකම පිහිටුවා ඇත. සෑම ස්ථම්භයකම මුදුනේ මිත්‍යාමය සතුන් නිර්මාණය කර ඇත. නැවතත් ස්ථම්භ දෙකක් මාර්ගය මත වේ.එහි මුහුණත වළාකුළු මෝස්තරයෙන් කැටයම් කොට ඇති අතර මුදුන්වල හැඩය ගෝලාකාර සිලින්ඩර් හැඩය ගනී. ඒවා සාම්ප්‍රධායික මෝස්තරයෙන් යුක්ත වන අතර ඒවා සාමාන්‍යයෙන් මළගිය ආත්මයන්ට මග පෙන්වන පහන් කණු ලෙස නිරූපිතය.මාර්ගයේ යුගල 18ක මිත්‍යාමය සතුන්ගේ ගල් ප්‍රතිමා පිහිටුවා ඇත.මේ සෑම ප්‍රතිමාවක්ම පූර්ණ පාෂාණයේම නිම කොට ඇති අතර ඒවා ජීව ප්‍රමාණයට වඩා විශාල වේ මේවා මකර සහ ෆීනීක්ස් ද්වාරය ලෙස හැඳින්වෙන ආරුක්කු ත්‍රිත්වයකින් යුක්ත ද්වාරයක් වෙත දිවෙයි.

වර්තමානයවන විට, සොහොන්ගැබ් ත්‍රිත්වයක් පමණක් මහජන ප්‍රදර්ශණයට විවෘත කර ඇත. වර්ෂ 1989 වවන තෙක් මේවායේ කැණීම් සිදුනොවූ නමුත් නව පුරාවිද්‍යාත්මක ගවේෂණයන් සඳහා සැළසුම් සහ වැඩිදුර සොහොන්ගැබ් විවෘත කිරීමට අදහස් සංසරණය වෙමින් පැවතුණි.මේවා Google earth හි දැකගත හැකිය: Chang Ling, the largest (40°18′5.16″N 116°14′35.45″E / 40.3014333°N 116.2431806°E / 40.3014333; 116.2431806 (Chang Ling tomb)); Ding Ling, whose underground palace has been excavated (40°17′42.43″N 116°12′58.53″E / 40.2951194°N 116.2162583°E / 40.2951194; 116.2162583 (Ding Ling tomb)); and Zhao Ling. මිං සොහොන්ගැබ් UNESCO ලෝක උරුම ප්‍රදේශ යටතට ගොනුකරන ලද්දේ 2003වසරේ අගෝස්තු මාසයේදීය. මේවා "මිං සහ ක්විං රාජවංශවල රාජකීය සොහොන් ගැබ්"යන නිල නාමය යටතට තනිතනිව ඇතුළතකොට ඇත.

මිං සොහොන්ගැබ්වල පිහිටීම දැක්වෙන දියසායම් සිතුවමක්

.

රාජකීය සොහොන්ගැබ්වල ලැයිස්තුව[සංස්කරණය]

රාජකීය සොහොන්ගැබ් වර්ෂ ක්‍රමානුකූලව තනි තනිව දක්වා ඇත. භූමදානයන් :

  1. චෑං ලිං (චීන: 长陵; පින්යින්: Cháng Lìng, 1424), යොංලෙ අධිරාජයා ගේ සොහොන් ගැබ
    1. රෙන්ෂියාඕවෙන් අධිරාජිනිය
  2. ෂියැන් ලිං (චීන: 獻陵; පින්යින්: Xiàn Lìng,1425), හොංෂී අධිරාජයාගේ සොහොන්ගැබ
  3. ජිං ලිං (චීන: 景陵; පින්යින්: Jǐng Lìng; සාහිත්‍යමය: "Scenic Tomb", 1435), ෂුවාන්ඩෙ අධිරාජයා
    1. ෂියොගොංසන්ග්
  4. යූ ලිං (චීන: 裕陵; පින්යින්: Yù Lìng, 1449), චෙංටොන්ග් අධිරාජයා
    1. ෂියොචුආන්ග්රුයි අධිරාජිනිය
    2. ෂියොසු අධිරාජිනිය
  5. මාඕ ලිං (චීන: 茂陵; පින්යින්: Mào Lìng, 1487), චෙංහුවා අධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාඕමූ අධිරාජනිය
    2. ෂියාඕසෙන්චුන්
    3. ෂියාඕහුයි අධිරාජිනිය
  6. තායි ලිං (චීන: 泰陵; පින්යින්: Tài Lìng, 1505), හොංචී අධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාඔචෙංජිං අධිරාජිනිය
  7. කං ලිං (චීන: 康陵; පින්යින්: Kāng Lìng, 1521), චෙංදෙ අධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාජිංයී අධිරාජිනිය
  8. යොං ලිං (චීන: 永陵; පින්යින්: Yǒng Lìng, 1566), ජිආජිං අධිරාජයා ගේ සොහොන් ගැබ
    1. ෂියාඔජියේසු අධිරාජිනිය
    2. ෂියාඔලයි අධිරාජිනිය
    3. ෂියාඔකෙ අධිරාජිනිය
  9. ෂැඔ ලිං (චීන: 昭陵; පින්යින්: Zhāo Lìng, 1572), ලිංකක්විංඅධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාඔයිචුආං අධිරාජිනිය
    2. ෂියාඔ'අන් අධිරාජිනිය
    3. ෂියාඔඩිං වැන්දඹු අධිරාජිනිය
  10. ක්විං ලිං (චීන: 慶陵; පින්යින්: Qìng Lìng, 1620), තායිචාං අධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාඔයුආන්චෙන් අධිරාජිනිය
    2. ෂියාඔහෙවාං වැන්දඹු අධිරාජිනිය
    3. ෂියාඔචුන් වැන්දඹු අධිරාජිනිය
  11. ඩිංලිං (චීන: 定陵; පින්යින්: Dìng Lìng; සාහිත්‍යමය: "ස්ථායිභාවයේ සොහොන්ගැබ", 1620), වන්ලී අධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාඔඩුආන්ෂියාන් අධිරාජිනිය
    2. ෂියාඔජිං වැන්දඹු අධිරාජිනිය
  12. දේ ලිං (චීන: 德陵; පින්යින්: Dé Lìng, 1627), තියාන්ක්වී අධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාඔ'අයිචේ අධිරාජිනිය
  13. සී ලිං (චීන: 思陵; පින්යින්: Sī Lìng, 1644), චොංචෙන් අධිරාජයාගේ සොහොන්ගැබ
    1. ෂියාඔජී අධිරාජිනිය
    2. වංශවන් තියාන් අගබිසව

මිං අධිරාජවරුන්ගේ ඉහත දැක්වූ සොහොන්ගැබ් දහතුනට පරිබාහිරව වෙනත් ස්ථාන වල භූමදාන කර ඇතැයි සැළකෙන අධිරාජවරුන් වන්නේ: හොංවූ අධිරාජයා, කං අධිරාජයා, ජිආන්වෙන් අධිරාජයා, ජිංතායි අධිරාජයාJ, සහ ෂිආන් අධිරාජයා යන අයයි.

ඩිංලිං සොහොන්ගැබ කැණීම[සංස්කරණය]

ඩිංලිං (චීන: 定陵; පින්යින්: Dìng Lìng; සාහිත්‍යමය: "Tomb of Stability"), යනු මිං රාජවංශයේ භූමදාන ප්‍රදේශයේ සොහොන්ගැබ් දහතුනෙන් එකකි. මෙම සොහොන් ගැබෙහි වන්ලී අධිරාජයා, ඔහුගේ අගබිසව සහ තායිචං අධිරාජයාගේ මව භූමදානකොට ඇත. මෙය දැනට කැණ ඇති එකම මිං සොහොන්ගැබයි. මෙහි ඇති නෂ්ටාවශේෂ සොයාගැනීම මහජන චීන සමූහාණ්ඩුව,පිහිටුවීමෙන් අනතුරුව නොඉඳුල් රාජකීය සොහොන්ගැබක් කැණීමෙන් කරන ලද ප්‍රථම අනාවරණය කිරීමකි.

ඩිංලිං සොහොන්ගැබ අභ්‍යයන්තරය
ඩිංලිං සොහොන්ගැබ, බීජිං අසළ ඇති මිං රාජවංශයේ සොහොන්ගැබ් දහතුනෙන් එකකි.

ඩිංලිං කැණීම ආරම්භ වූයේ 1956 දීය. ගුඔ මොරුඔ සහ වූ හැන් විසින් නායකත්වය ගත් විද්වතුන් ප්‍රමුඛ කැණීම් කණ්ඩායමක් බීජිං අසළ පිහිටි විශාලතම සහ පැරණිම සොහොන්ගැබ වන යොංලෙ අධිරාජයාගේ, චංලිං සොහොන්ගැබ කැණීමට පටන්ගත් අතර මේ සඳහා තිබූ විරෝධතාවය එවකට චීන අගමැති වූ චෞ එන්ලායිගේ අනුමැතිය හිමිවීමෙන් නැතිවිය. කෙසේ නමුත් මෙම සැළසුමට ,පුරාවිද්‍යාඥයන් විරෝධය දක්වන ලදි.ඇයිද යත් චැංලිං සොහොන්ගැබේ තිබූ වැදගත්කම සහ මහජන පැතිකඩ හේතුවෙනි.

ඩිංලිං සොහොන්ගැබ කැණීමෙන් සොයාගන්නා ලද රන් කිරුළේ අනුරුවක්

එහෙයින් චැංලිං සොහොන්ගැබ කැණීම වෙනුවට, තෙවන විශාලතම මිං සොහොන්ගැබ වූ ඩිංලිං කැණ අත්හදාබැලීමට තීරණය විය. වර්ෂ 1957දී කැණීම අවසන් වූ අතර කෞතුකාගාරය පිහිටුවනු ලැබුවේ වර්ෂ 1959දීය.

නොඉඳුල් සොහොන්ගැබ කැණී‍මෙන් අණාවරණය වූ පුරාවස්තු අතර දහස් ගණනින් සිල්ක්, රෙදිපිළි, දැව, පෝර්සිලේන්, වන්ලී අධිරාජයාගේ සහ ඔහුගේ බිසෝවරු දෙදෙනාගේ අස්ථීන් ආදිය හමුවිය. කෙසේ නමුත් කැණීම් කළ සමයේදී පුරාවස්තූන් සංරක්ෂණය හා පරිරක්ෂණය සදහා ප්‍රමාණවත් තාක්ෂණයක් නොතිබිණි. ආපදා තත්වයන්ට අත්හදා බැලීම් කීපයකින් අනතුරුව, විශාල සංඛ්‍යාවෙන් වූ සිල්ක් සහ වෙනත් රෙදිපිළි ගබඩා කාමරයක සියුම් ගොඩවල් ලෙස අසුරණු ලැබ ඇති අතර එහිදී සුළඟට නිරාවරණය සහ වතුර කාන්දු වීම්වලින් ඇතිවූ තෙත්වීම් වලට භාජනය වී ඇත. ප්‍රතිපලයක් ලෙස බොහෝමයක් පුරාවස්තූන් අදවන විට විනාශයට පත්ව ඇත. එහෙයින්අදවන විට කෞතුකාගාරයේ ප්‍රදර්ශණය කරන බොහෝමයක් පුරාවස්තු අනුරූ වේ. තවදුරටත් කියතොත් කැණීම ඉක්මණින් සිදුකිරීමට දේශපාලන බලපෑමෙන් ඇතිවූ අනවශ්‍ය පීඩනයන් හේතුවිය. එම ඉක්මන්වීමෙන් කැණීමේ ගුණාත්මක සහ සවිස්තරාත්මක භාවය දුර්වල වී ඇත.

මිං සොහොන්ගැබ් වලින් සමුවූ ආභරණ, සාම්ප්‍රධායික චීන ස්වරූපයේ හැඩයක් ඇති '', කාංෂී ප්‍රධාන අදහස 'හදවත'.

දැවැන්ත දේශපාලන ව්‍යාපාර කලින් කලට වෙනස් වීම නිසා ඇතිවූ අධික සේවක ගැටලුව ද මෙම ව්‍යාපෘතිය ඉක්මනින් බිදවැටීමට බලපෑවේය. වර්ෂ 1966දී සංස්කෘතික විප්ලවය වර්ධනයට මෙයද බලපාන ලදි. ඊළග වසර දහයේ දී , සියලුම පුරාවිද්‍යාත්මක කටයුතු නතර විය. වූ හැන් නම් මෙම ව්‍යාපෘතියට මූලිකවූ අයෙක් සංස්කෘතික විප්ලවයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වූ අතර ඔහුට ප්‍රසිද්ධියේ චෝදනාකොට සිරගත කළ අතර ඔහු 1969දී සිර ගෙදරදීම මිය ගියේය. රතු සෙබලුන් සිතාමතාම ඩිංලිං කෞතුකාගාරය වටලා ඒ තුළ තිබූ පුරාවස්තු සහ වන්ලී අධිරාජයා සහ ඔහුගේ බිසෝවරුන්ගේ නෂ්ටාවශේෂ සොහොන්ගැබ ඉදිරිපසට ගෙනගොස් මරණාපරව ‍චෝදනාකර ගිනිතබන ලදි.වෙනත් බොහෝ කෞතුක භාණ්ඩද ඒ සමඟ විනාශ විය. [2]

එය වර්ෂ 1979 තෙක් අවසන් නොවුණි. මාඕ සේතුං ගේ මරණින් පසු මෙන්ම සංස්කෘතික විප්ලවය අවසානයත් සමඟම එම පුරාවිද්‍යාත්මක කටයුතු දැඩිව නිර්‍දේශ කළ අතර කැණීම් වාර්තාව අවසානයේදී සාදනු ලැබුවේ අරගලයෙන් පසු ඉතිරි වූ පුරාවිද්‍යාඥයන් විසිනි.

ඩිංලිං කැණීම්කිරීමෙන් උගත් පාඩම් හේතුවෙන් මහජන චීන සමූහාණ්ඩුව රජය විසින් නව නීතියක් ගෙන ආවේය. එනම් ඕනෑම පුරාවිද්‍යාත්මක භූමියක් ගලවා ගැනීමේ මුවාවෙන් පමණක් කැණීම් සිදුකළයුතු බවත් අන් අවස්තාවලදී ඊට අවසර නොදෙන බවත්ය. විශේෂයෙන්ම, ඩිංලිං සිදුවීමෙන් අනතුරුව කිසිම ආකාරයක රාජකීය සොහොන්ගැබ් විවෘතකිරීමේ වාර්තා වලට අනුමැතිය දී නොමැත. පසුව අනපේක්ෂිත අයුරින් සොහොන් ගැබකට ඇතුළුවීමක් ක්වින්ලිං මොසෝලියම සම්බන්ධව දක්නට ලැබේ. චැංලිං හි කැණීම් කටයුතු සඳහා අත්හදා බැලීමේ අඩවියක් ලෙස ඩිංලිං භාවිතාකිරීමට වූ මුල් සැළැස්ම අත්හර දැමුනි.

"සමූගන්නා රාජපිරිවර " නිරූපිත හාත්පස දර්ශනය පෙන්වන සිතුවමක්., ෂුඅන්ඩේ අධිරාජයා රාජ සමය තූළ නිර්මාණය වූ සිතුවමකි (ක්‍රි.ව1425-1435), අශ්වයන් පිටුපසින් සිටින අධිරාජයා විශාල පරිවාරයක් සමඟ බීජිං අගනගරයේ මිං සොහොන් ගැබ්කරා යන දර්ශනයක් දැක්වේ.

පින්තූර[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

චීන මහා ප්‍රාකාරයට උතුරින් පිහිටි රාජකීය සොහොන්ගැබ්

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Eric N. Danielson, "[1]". CHINA HERITAGE QUARTERLY, No. 16, December 2008.
  2. "China's reluctant Emperor", The New York Times, Sheila Melvin,Sept. 7, 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:World Heritage Sites in China

"https://si.wikipedia.org/w/index.php?title=මිං_සොහොන්ගැබ්&oldid=414818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි