මැඩ්ලින් ඕල්බ්‍රයිට්
මැඩ්ලින් ඕල්බ්‍රයිට් | |
---|---|
![]() | |
එක්සත් ජනපදයේ 64වන රාජ්‍ය ලේකම් | |
පදවිය දැරීම ජනවාරි 23, 1997 – ජනවාරි 20, 2001 | |
President | බිල් ක්ලින්ටන් |
පූර්වප්‍රාප්තිකයා | වොරන් ක්‍රිස්ටෝෆර් |
අනුප්‍රාප්තිකයා | කොලින් පවල් |
එක්සත් ජාතීන් වෙත 20වන එක්සත් ජනපද තානාපති | |
පදවිය දැරීම ජනවාරි 27, 1993 – ජනවාරි 21, 1997 | |
President | බිල් ක්ලින්ටන් |
පූර්වප්‍රාප්තිකයා | එඩ්වඩ් පර්කින්ස් |
අනුප්‍රාප්තිකයා | බිල් රිචර්ඩ්සන් |
පුද්ගලික තොරතුරු | |
උපත | මරී යන කොරබේල්වා මැයි 15, 1937 ප්‍රාග්, චෙකොස්ලොවේකියාව (දැන් චෙක් ජනරජය) |
දේශපාලන පක්ෂය | ඩිමොක්රටික් |
කලත්‍රයා(යන්) | ජෝසප් ඕල්බ්‍රයිට් (1959–1982) |
දරුවන් | ඈන් ඇලිස් කැටී |
උගත් ශාස්ත්‍රාලය | වෙල්ස්ලි විද්‍යාලය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කොලොම්බියා විශ්වවිද්‍යාලය |
අත්සන | ![]() |
මැඩ්ලින් කොර්බෙලොවා ඕල්බ්‍රයිට් (උපත මැයි 15, 1937) යනු, එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් පදවියට පත්වූ පළමු කාන්තාව වූවාය. 1996 දෙසැම්බර් 5 දිනදී, එ.ජ. ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් නම්කරන ලද ඇයගේ පත්වීම, ඡන්ද 99–0 ක් ලැබ, එ.ජ. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ඒකමතිකව තහවුරු කරන ලදි. ඇය දිවුරුම් දුන්නේ 1997 ජනවාරි 23 වන දිනදීය. ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ විදේශ සේවය පිළිබඳ වල්ෂ් ශාස්ත්‍රාලයෙහි ජාත්‍යන්තර සබඳතා මහාචාර්යවරියක වශයෙන් ඕල්බ්‍රයිට් වර්තමානයේදී සේවය කරන්නීය . කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියක් සහ විවිධ ගෞරව උපාධි ඇය හිමි කර සිටින්නීය. 2012 මැයි මාසයේදී, එජ ජනාධිපති බැරැක් ඔබාමා විසින්, නිදහස පිළිබඳ ජනාධිපති පදක්කම ඇය වෙත පිරිනමන ලදි.[2] විදේශ සම්බන්ධතා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂිකාවක ලෙසින්ද ලේකම් ඕල්බ්‍රයිට් සේවය කරන්නීය.[3]
ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු, සහ චෙක් යන භාෂාවන් චතුර ලෙසින් හැසිරවීමට ඕල්බ්‍රයිට් සතුව හැකියාවන් ඇති අතර; පෝලන්ත සහ සර්බෝ-ක්‍රොයේෂියන් යන භාෂාවන්ද කතා කිරීමට හා කියවීමට ඇයට හැකියාවන් ඇත.[4]
ආශ්‍රිත[සංස්කරණය]
අධෝසටහන්[සංස්කරණය]
- ↑ ඕල්බ්‍රයිඩ් ඇතිදැඩි වූයේ කතෝලිකයෙකු වශයෙන් වන අතර කැමැත්ත පරිදී එපිස්කෝපල් සභාවක් හා අනුබද්ධිතව ඇත.[1] එහෙත්, ජුදා තරාතිරම අරභයා, ආගම් හැරවීම හෝ අනුබද්ධයෙන් බැහැර යෑම නොසලකන සාම්ප්‍රදායික ජුදා ආගම විසින් , ඕල්බ්‍රයිට් ජුදා ආගමිකයෙකු ලෙසින් සලකන්නේ, ඇයගේ මව ජුදා ආගමිකයෙකුව සිටි බව පදනම් කර ගෙනය .[2] (බලන්න ජුදා ආගම#යම් පුද්ගලයෙකු ජුදා ආගමිකයෙක් කරනුයේ කුමක්ද?)
- ↑ කෝහන්, ටොම් (මැයි 29, 2012). "ඕල්බ්‍රයිට්, ඩිලන් එමන් රෙසපියන්ට්ස් ඔෆ් ප්‍රසිඩන්ෂල් මෙඩල් ඔෆ් ෆ්‍රීඩම්". සීඑන්එන්. http://articles.cnn.com/2012-05-29/us/us_medal-of-freedom_1_presidential-medal-highest-civilian-honor-president-barack-obama.
- ↑ "බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් – කවුන්සිල් ඔන් ෆොරින් රිලේෂන්ස්". Cfr.org. 2006-05-14. Archived from the original on 2010-11-03. Retrieved 2009-06-01.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ බ්‍රෝකර්ස්, එමා (2003-10-30). "ඉන්ටර්විව්: මැඩ්ලින් ඕල්බ්‍රයිට්". ද ගාර්ඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/world/2003/oct/30/usa.emmabrockes.