මැක්සිමිලියන් කෝල්බ
පෙනුම
මැක්සිමිලියන් කෝල්බ | |
|---|---|
1936 වසරෙහිදී කෝල්බ | |
| ප්‍රාණපරිත්‍යාගවරයා | |
| උපත | 8 ජනවාරි 1894 ස්ඩුන්සකා වෝලා, කොංග්‍රස් පෝලන්තය, රුසියානු අධිරාජ්‍යය |
| මරණය | 14 අගෝස්තු 1941 (වයස 47) අවුෂ්විට්ස්-බෙයකනෝ, ජර්මානු-අධිවාසිත පෝලන්තය |
| ගරු කරනු ලබනුයේ | |
| භාග්‍යවත් භාවයට එසවූයේ | 17 ඔක්තොම්බර් 1971, වතිකානු පුරය හයවන පාවුළු පාප්වහන්සේ විසින් |
| ශුද්ධවර භාවයට එසවූයේ | 10 ඔක්තොම්බර් 1982, වතිකානු පුරය දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් |
| ප්‍රධාන සිද්ධස්ථාන | සමස්ත මහිමයන්ගේ සාර්ව-මැදිහත්කාරියගේ බැසිලිකාව |
| මංගල්‍යය දින | 14 අගෝස්තු |
| ලාක්ෂනික ගුණාංග |
|
| අනුග්‍රාහකත්වය |
|
මැක්සිමිලියන් මාරියා කෝල්බ OFMConv (උපත රේමන්ඩ් කෝල්බ;1894–1941) යනු, දෙවන ලෝක යුද්ධය තුලදී ජර්මානු-අධිවාසිත පෝලන්තයෙහි පිහිටි අවුෂ්විට්ස් නමැති ජර්මානු මරණ කඳවුරෙහිදී, ෆ්‍රන්ෂිසෙක් ගයෆ්නීෂෙක් නම්වූ පුද්ගලයෙකු වෙනුවෙන් මරණයට ස්වේච්ඡාවෙන් මුහුණදුන් පෝලන්ත ජාතික කතෝලික පූජකවරයෙක් සහ තාපසාරාමික ප්‍රැන්සිස්කානු තාපසවරයෙකි. නිර්මල කන්‍යා මරියාව පිදීම ප‍්‍රවර්ධන කිරීම, වෝර්සෝ අසබඩ පිහිටි නිපොකලානොෆ් ආශ්‍රමය ඇරඹුම සහ අධීක්ෂණය, ආධුනික-රේඩියෝ ස්ථානයක් (SP3RN) ක්‍රියාත්මක කරවීම, සහ වෙනත් බොහෝ සංවිධාන සහ ප්‍රකාශන ඇරඹුම හෝ ක්‍රියාත්මක කරවීම පිළිබඳව මෙතුමා සක්‍රීය දායකත්වයක් දැරීය.