බෙනෙලක්ස්

විකිපීඩියා වෙතින්
බෙනෙලක්ස්
බෙනෙලක්ස් හී කොඩිය
කොඩිය
 බෙනෙලක්ස්  (තද කොළ) හි පිහිටුම යුරෝපය තුල  (තද අළු)  —  [ආඛ්‍යායිකාව]
 බෙනෙලක්ස්  (තද කොළ) හි පිහිටුම

යුරෝපය තුල  (තද අළු)  —  [ආඛ්‍යායිකාව]

පරිපාලන කේන්ද්‍රයබ්‍රසල්ස්
නිල භාෂා(ව)ලන්දේසි සහ ප්‍රංශ
සාමාජිකත්වය
Establishment
• රේගු සංගම් ගිවිසුම
5 සැප්තැම්බර් 1944[1]
• ක්‍රියාත්මක දිනය
1 ජනවාරි 1948[1]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
76,657 km2 (29,597 sq mi)
ජනගහණය
• ඇස්තමේන්තුව
28.4 මිලියනa
• ඝණත්වය
380/km2 (984.2/sq mi)
දදේනි (ක්‍රශසා)ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.080 ට්‍රිලියන
• ඒක පුද්ගල
$38,620
ව්‍යවහාර මුදලයුරෝ (EUR)
වෙබ් අඩවිය
benelux.int
  1. දළ වශයෙන් 23.5 මිලියන ලන්දේසි, 4.0 මිලියන ප්‍රංශ සහ 0.5 මිලියන ජර්මානු  / ලක්සම්බර්ගියානු.


බෙනෙලක්ස් අගමැතිවරු මාර්ක් රුට (නෙදර්ලන්තය),
ජෝන්-ක්ලොඩ් ජුන්කාර් (ලක්සම්බර්ග්) සහ ඊව්
ලෙටර්ම
(බෙල්ජියම) 2011 මැයි 24 දිනදී දි හේග් හිදී.

බෙනෙලක්ස් (ප්‍රංශ: Bénélux), යනු, වයඹ දිග යුරෝපයෙහි කිට්ටුව පිහිටි රටවල් තුනක් වන බෙල්ජියම, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් රාජ්‍යයන්ගෙන් සමන්විතවූ සංගමයකි[2]. සංගමයේ ඉංග්‍රීසි නම වන Benelux සැදී ඇත්තේ එක් එක් රටෙහි ඉංග්‍රීසි නමෙහි මුල් අකුරු දෙක හෝ තුන හෝ එකට ඈඳීමෙන් වන අතර  – Belgium Netherlands Luxembourg – සිංහල නමද එම රටවල සිංහල නම් අනුසාරයෙන් තනා ගෙන ඇති අතර  – බෙල්ජියම නෙදර්ලන්තය ලක්ස් (ස)ම්බර්ග් – මෙය ප්‍රථම වරට භාවිතා වූයේ, සංගමය පිළිබඳ මුල් පියවර තැබීමට ඉවහල්වූ (1944 දී අත්සන් තැබූ) රේගු පිළිබඳ එකඟතාවය නම් කිරීමටය. [3] වර්තමානයෙහිදී මෙය වඩාත් පොදු අයුරකින් භාවිතා කරන්නේ, මෙම රටවල් තුන අතර භූගෝලීය, ආර්ථික සහ සංස්කෘතික සමූහනය සඳහාය.

1951දී , මෙම රටවල්, බටහිර ජර්මනිය, ප්‍රංශය, සහ ඉතාලිය සමග එක්වී, යුරෝපියානු ආර්ථික ප්‍රජාවෙහි (EEC) සහ වර්තමාන යුරෝපියානු සංගමයෙහි (EU) පූර්වප්‍රාප්තිකයා වූ යුරෝපියානු ගල් අඟුරු සහ වානේ ප්‍රජාව පිහිටුවා ගත්හ.

සංගමයේ ප්‍රධාන ආයතන වන්නේ අමාත්‍යවරුන්ගේ කාරක සභාව, පාර්ලිමේන්තුව, සංගමයේ මන්ත්‍රණ සභාව, අධිකරණ සභාව, මහා ලේකම් කාර්යාලය, සහ බුද්ධිමය දේපල පිළිබඳ සංවිධානය වෙති.

බෙනෙලක්ස් මහා ලේකම් කාර්යාලය පිහිටන්නේ බ්‍රසල්ස්හීය. එය, බෙනෙලක්ස් ආර්ථික සංගමයෙහි මධ්‍යම පරිපාලන ස්තම්භය වෙයි. . එය විසින් හසුරුවනුලබන්නේ අමාත්‍යවරුන්ගේ කාරක සභාවේ, ආර්ථික සංගමයේ මන්ත්‍රණ සභාවේ සහ විවිධ කාරක සභා හා කෘත්‍යාධිකාරී කණ්ඩායම් වල ලේකම් කාර්යාලයයන් වෙති. මෙයට අමතරව, එය සහතික කරනුයේ බෙකෙලක්ස් අධිකරණ සභාවේ ලේඛනගත කාර්යාලයය නිසි පරිදී පවත්වාගෙන යනු ලබන බවයි.

දේශපාලනය[සංස්කරණය]

බෙනෙලක්ස් පාර්ලිමේන්තුව (මුලින් හැඳින්වුනේ අන්තර්පාර්ලිමේන්තු උපදේශක මණ්ඩලයක් ලෙසිනි) පිහිටවුනේ 1955 දීය. මෙම පාර්ලිමේන්තු පර්ෂදය සමන්විත වන්නේ ලන්දේසි පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන් 21 දෙනෙක්, බෙල්ජියම් ජාතික හා ප්‍රාදේශීය පාර්ලිමේන්තු වලින් මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සහ, ලක්සම්බර්ගියානු පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු වශයෙනි.

1944දී, මෙම රටවල් තුන ලන්ඩන් රේගු ගිවිසුම අත්සන් තැබූ අතර, මෙම ගිවිසුම මගින් බෙනෙලක්ස් රේගු සංගමය පිහිටුවෙනු ලදි. 1947දී අපරානුමත කරකු ලැබු මෙම ගිවිසුම, 1948 දී සිට බලාත්මක වූයේ එය වෙනුවට බෙනෙලක්ස් ආර්ථික සංගමය පිහිටුවෙන තෙක්ය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 පීස්ලී, අමොස් ජෙන්කින්ස්; සයිඩිස්, ඩොරති පීස්ලී (1974). ඉන්ටර්නැෂනල් ගවර්න්මන්ටල් ඕර්ගනයිසේෂන්ස්. BRILL. p. 165. ISBN 978-90-247-1601-2. සම්ප්‍රවේශය 4 සැප්තැම්බර් 2011.
  2. ආර්ථික සංගමය සඳහා බෙනෙලක්ස් ගිවිසුම පිළිබඳ එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා
  3. රොව්වේ ඩි ලන්ස්ටිට්‍යුට් ඉන්ටර්නැෂනල් ඩි ස්ටැටිස්ටික්‍යු (1947) වෙළුම. 15, අංක. 1/4, පිටුව 43. කෙසේවෙතත්, දි ඉකෝනමිස්ට් ප්‍රකාර, මෙම පදය මුලින්ම භාවිතා කර ඇත්තේ පුවත් පතෙහි බෙල්ජියම් වාර්තාකරු විසින් 1946 අගොස්තු මසදීය ("ගොයිං ඩච්". දි ඉකෝනමිස්ට්. සම්ප්‍රවේශය 6 සැප්තැම්බර් 2012.).
"https://si.wikipedia.org/w/index.php?title=බෙනෙලක්ස්&oldid=268041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි