Jump to content

බ්‍රෝඩ්කාස්ටිං හවුස්

විකිපීඩියා වෙතින්

නිව් බ්‍රෝඩ්කාස්ටිං හවුස් ලෙසින්ද හැඳින්වෙන, බ්‍රෝඩ්කාස්ටිං හවුස් යනු, පෝට්ලන්ඩ් පෙදෙසෙහි සහ ලන්ඩනයෙහි ලෝංහැම් පෙදෙසෙහි පිහිටි, බීබීසී ආයතනයෙහි, මූලස්ථානය සහ ලියපදිංචි කාර්යාලය වෙයි. මෙම ගොඩනැගිල්ල වෙතින් පළමු පුළුල්විදැහුම් විකාශය සිදුකෙරුණේ 1932 මාර්තු 15 දිනදී වන අතර, ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කෙරුණේ මැයි 15 දිනදීය. ප්‍රධාන ගොඩනැගිල්ල නිමවා ඇත්තේ ආට් ඩෙකෝ ආකෘතිය අනුව වන අතර, වානේ රාමුවක් මත පෝට්ලන්ඩ් ගල් අතුරනු ලැබූ ගුණාංග දක්වයි. එය, II* ශ්‍රේණියෙහි ලැයිස්තුගත ගොඩනැගිල්ලක් වන අතර, මැදිරි ප්‍රේක්ෂක ගණයක් ඉදිරියේ සංගීත සහ කථන වැඩසටහන් පටිගත කෙරෙන බීබීසී ගුවන්විදුලි රංග ශාලාව සහ 1998දී ඉන් දරෙඩ් බීබීසී රූපවාහිනී කථා මාලාව පටිගත කිරීමට භාවිතා කළ ප්‍රවේශ ශාලාව එහි අඩංගු වෙයි.[1]

මැදිරි

[සංස්කරණය]

මුල් අවදිය

[සංස්කරණය]

එය මුලින්ම තැනුනු විට, බ්‍රෝඩ්කාස්ටිං හවුස් සතුව ගුවන්විදුලි මැදිරි 22 ක් වූ අතර [2][3] ඒවා සියළු වැඩසටහන් විභේද සඳහා භාවිතා කළ හැකි අයුරින් හා ආට්-ඩෙකෝ මාදිළියට සැලසුම් කර තිබුණේ පෙනුම සහ ප්‍රායෝගිකත්වය යන දෙකම ගැන අවධානය යොමු කරමින්ය. මැදිරිවල සමස්ත ප්‍රයෝගිකත්වය විගසින් වෙනස් වූයේ කාලය පිළිබඳ සීමාවන් සහ පුළුල්විදැහුමෙහි ස්වභාවයෙහි හා මැදිරි භාවිතයේ වෙනස්වීම් නිසාය. මෙම මැදිරි වූයේ:

අංකයනමසැලසුම්කරුසැලසුම් කළ භාවිතය
8Aහමුදා තූර්ය වාදක මැදිරියසර්ජ් චර්මයෙෆ්විශාල තූර්ය වාදක සහ වෝඩ්විල් රඟදැක්වීම් සඳහා සැලසුම් කර තිබුණි.[4]
8Bකුඩා විවාද මැදිරියසර්ජ් චර්මයෙෆ්වේගවත් සහ විශ්වාසී විවාද සඳහා අනුබල දීමට අවිධිමත් ලෙසින් සැලසුම් කර තිබුණු කුඩා මැදිරියකි.[5]
7Aනිෂ්පාදන මැදිරියවෙල්ස් කෝට්ස්නාට්‍යයක එක් කොටසක් සඳහා භාවිතා කළ ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද මැදිරිය.[6]
7Bනිෂ්පාදන මැදිරියවෙල්ස් කෝට්ස්නෘත්‍යයක හෝ නාට්‍යයක හෝ කථනය සඳහා හෝ පියානෝ ප්‍රසංගයන් සඳහා භාවිතා විය.[6]
7Cනිෂ්පාදන මැදිරියවෙල්ස් කෝට්ස්ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා නාට්‍ය මැදිරිය.[6]
7Dප්‍රයෝග මැදිරියවෙල්ස් කෝට්ස්ෆෝලි ප්‍රයෝග නිෂ්පාදනය සඳහාවූ කුඩා ප්‍රයෝග මැදිරිය.[6]
7Eග්‍රැමෆෝන් ප්‍රයෝග මැදිරියවෙල්ස් කෝට්ස්ග්‍රැමෆෝන් වෙතින් හෝ ඒවා අනුසාරයෙන් හෝ ප්‍රයෝග නිපැයුම සඳහාවූ කුඩා මැදිරිය.[6]
6Aනිෂ්පාදන මැදිරියවෙල්ස් කෝට්ස්නාට්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා වන දෙගුණයක් උස, විශාල නිෂ්පාදන මැදිරිය.[7]
6Bනිෂ්පාදන මැදිරියවෙල්ස් කෝට්ස්කුඩා නාට්‍ය මැදිරිය.[7]
6Cනිෂ්පාදන මැදිරියවෙල්ස් කෝට්ස්ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා නාට්‍ය මැදිරිය.[7]
6Dප්‍රයෝග මැදිරියවෙල්ස් කෝට්ස්ෆෝලි ප්‍රයෝග නිපැයීම සඳහා ප්‍රධාන ප්‍රයෝග මැදිරිය. වෙනස් ප්‍රයෝග සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ බිම් අතුරන සහ ප්‍රධාන මේසයෙහි අතුරන මෙහි තුබූ අතර සුලං යන්ත්‍රය හා ජල ටැංකියද අඩංගු විවිධ අයිතමද එහි විය.[8]
6Eග්‍රැමෆෝන් ප්‍රයෝග මැදිරියවෙල්ස් කෝට්ස්ග්‍රැමෆෝන් වෙතින් හෝ ඒවා අනුසාරයෙන් හෝ ප්‍රයෝග නිපැයුම සඳහාවූ කුඩා මැදිරිය.[9]
4Aප්‍රවෘත්ති මැදිරියවෙල්ස් කෝට්ස්ප්‍රවෘත්ති ප්‍රකාශ කියැවීම සඳහා වූ ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා මැදිරිය. අතරමැද නැවතීමක් සිදුවූ විට වාදනය කිරීම සඳහා ග්‍රැමෆෝන තැටි මෙහි තබා තිබුණි.[10]
4Bප්‍රවෘත්ති මැදිරියවෙල්ස් කෝට්ස්තැටි වාදන උපකරණ සහිත ධ්වනි විද්‍යාත්මකව නිශ්ශබ්ද කුඩා ප්‍රවෘත්ති මැදිරිය.[10]


වර්තමාන

[සංස්කරණය]

බ්‍රෝඩ්කාස්ටිං හවුස්හී යළි ගොඩනැගීම හා යළි සැකසීමෙන් පසුව, බොහෝ නව මැදිරි එක් කරන ලද අතර මැදිරි ව්‍යුහය වෙනස් වූයේ නාට්‍යකීය ලෙසිනි. වත්මන් මැදිරි වන්නේ:

මැදිරියමාධ්‍යයභාවිතාකරන්නා(නන්)වැඩසටහන(න්)
30Aගුවන්විදුලියබීබීසී රේඩියෝ 3
30Bගුවන්විදුලියබීබීසී රේඩියෝ 3
30Cගුවන්විදුලියබීබීසී රේඩියෝ 3
30Dගුවන්විදුලියබීබීසී රේඩියෝ 3
40Aගුවන්විදුලියබීබීසී රේඩියෝ 4දිගු තරංග සම්බන්ධතා මැදිරිය, යස්ටර්ඩේ ඉන් පාර්ලිමන්ට්, ද ඩේලි සර්විස්, ටෙස්ට් මැච් ස්පෙෂල් සහ ද ෂිපිජ ෆෝකාස්ට්.[11]
40Bගුවන්විදුලියබීබීසී රේඩියෝ 4බීබීසී රේඩියෝ 4 සඳහා සම්බන්ධතා මැදිරිය
60Aගුවන්විදුලියබීබීසී රේඩියෝ 3, බීබීසී රේඩියෝ 4, බීබීසී රේඩියෝ 4 එක්ස්ට්‍රා, බීබීසී ලෝක සේවයගුවන්විදුලි නාට්‍ය
62Aගුවන්විදුලියබීබීසී ලෝක සේවය ෆෝකස් ඔන් ඇෆ්රිකා
82Aගුවන්විදුලියබීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක්(සජීවි රඟදැක්වීම් සංකලනය සංදහාද භාවිතාවෙයි - සජීවි ආලින්දයට යාබද වෙයි)
82Bගුවන්විදුලියබීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක්
82Cගුවන්විදුලියබීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක්
82Dගුවන්විදුලියබීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක්(සජීවි ආලින්දයට යාබද වෙයි)
82Eගුවන්විදුලියබීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක්
82Fගුවන්විදුලියබීබීසී රේඩියෝ 1, බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රා හා බීබීසී ඒෂියන් නෙට්වර්ක්
82Gගුවන්විදුලියබීබීසී රේඩියෝ 1 හා බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රානිවුස්බීට් (15-විනාඩි ප්‍රවෘත්ති ප්‍රකාශ)
82Hගුවන්විදුලියබීබීසී රේඩියෝ 1 හා බීබීසී රේඩියෝ 1එක්ස්ට්‍රානිවුස්බීට් (පැයකට වරක් ප්‍රවෘත්ති ප්‍රකාශ)
83Aගුවන්විදුලියබීබීසී ඒෂියන් නෙට්වර්ක්ප්‍රවෘත්ති මැදිරිය
S31ගුවන්විදුලියබීබීසී ලෝක සේවය හා බීබීසී රේඩියෝ 4
S32ගුවන්විදුලියබීබීසී ලෝක සේවය හා බීබීසී රේඩියෝ 4නිවුස්ඩේ
වර්ල්ඩ් අප්ඩේට්
ස වර්ල්ඩ් ඇට් වන්
පීඑම්
S33ගුවන්විදුලියබීබීසී රේඩියෝ 4ටුඩේ
ද වර්ල්ඩ් ටුනයිට්
S34ගුවන්විදුලියබීබීසී ලෝක සේවයවර්ල්ඩ් බ්‍රීෆිං
SL1ගුවන්විදුලියබීබීසී ලෝක සේවය හා බීබීසී රේඩියෝ 4වර්ල්ඩ් බ්‍රෘෆිං
සික්ස් ඔක්ලොක් නිවුස්
මිඩ්නයිට් නිවුස්
G4Dරූපවාහිනියබීබීසී වන්දි වන් ෂෝ (2013 අගෝස්තු සිට)
34Dරූපවාහිනියබීබීසී ලෝක සේවයබීබීසී ඇරබික් ටෙලිවිෂන්
44Dරූපවාහිනියබීබීසී ලෝක සේවයබීබීසී ඇරබික් ටෙලිවිෂන්
54Dරූපවාහිනියබීබීසී ලෝක සේවයබීබීසී පර්ෂියන් ටෙලිවිෂන්
Aරූපවාහිනියබහුකාර්ය
(කොළ කඩතිර අතථ්‍ය මැදිරිය)
හාඩ්ටෝක්
නිවුස්වොච්
බීබීසී නිවුස් ඇට් නයින්
බීබීසී නිවුස් සමරි
බීබීසී ලන්ඩන් නිවුස් (තාවකාලික මැදිරිය)
Bරූපවාහිනියබහු කාර්යදි ඇන්ඩෲ මාර් ෂෝ
සන්ඩේ පොලිටික්ස්
නිවුස්නයිට්
බීබීසී වර්ල්ඩ් නිවුස් (12:00–18:30, සතියේ දිනවල), ජීඑම්ටී, ඉම්පැක්ට්, ග්ලෝබල්, වර්ල්ඩ් හෑව් යුවර් සේ, ෆෝකස් ඔන් ඇෆ්රිකා, වර්ල්ඩ් බිස්නස් රිපෝට් ද ඇතුළුව
Cරූපවාහිනියබීබීසී වර්ල්ඩ් නිව්ස්
බීබීසී නිවුස්
බීබීසී වර්ල්ඩ් නිවුස්
වර්ල්ඩ් බිස්නස් රිපෝට්
බීබීසී නිවුස් ඇට් ෆයිව්
ද ෆිල්ම් රිවිව්
නිවුස්ඩේ
වර්ල්ඩ් නිවුස් ටුඩේ
බිස්නස් එඩිෂන්
Dරූපවාහිනියබීබීසී ලන්ඩන්බීබීසී ලන්ඩන් නිවුස්
Eරූපවාහිනියබීබීසී නිවුස්බීබීසී නිවුස් ඇට් වන්ස්
බීබීසී නිවුස් ඇට් සික්ස්
බීබීසී නිවුස් ඇට් ටෙන්
බීබීසී වීක්එන්ඩ් නිවුස්
බීබීසී නිවුස් චැනල්
ඩේට්ලයින් ලන්ඩන්
Fරූපවාහිනියබීබීසී නිවුස්60 සෙකන්ඩ්ස්
Gරූපවාහිනියබීබීසී වෙදර්
Hරූපවාහිනියබීබීසී වෙදර්
Jරූපවාහිනියබීබීසී වෙදර්
Kරූපවාහිනියබහු කාර්යමීට් ද ඕතර්
ප්‍රවෘත්ති අංශයරූපවාහිනියබහුභාවිත (මැදිරියක් නොවන අතර එය ප්‍රවෘත්ති ප්‍රකාශ සකස් කෙරෙන අංශයක් වන මෙහි විවිධ කොටස් භාවිතා වෙයි)රිපෝටර්ස්
ක්ලික්
බීබීසී නිවුස්
බීබීසී වර්ල්ඩ් නිවුස්
වීක්එන්ඩ් වර්ල්ඩ්
පොයින්ට්ස් ඔෆ් විව්

මාධ්‍යවේදීන්ගේ ස්මාරකය

[සංස්කරණය]

බ්‍රෝඩ්කාස්ටිං හවුස්හී, නව ජෝන් පීල් පාර්ශවයෙහි පියස්ස මුදුනෙහි, ගුවන්විදුලි කුළුනට ඉදිරිපසින්, ගුවන්විදුලි කුළුනෙහි උසම දක්වා අහසට නැගෙන කේතු-හැඩැති ව්‍යුහයක් වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. [URL=http://www.imdb.com/title/tt0158414/]
  2. "බ්‍රෝඩ්කාස්ටිං හවුස්, ලන්ඩනය". කී ෆැක්ට්ස්. බීබීසී ප්‍රෙස් ඔෆිස්. 2004. සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012. {{cite web}}: Unknown parameter |month= ignored (help)
  3. හයින්ස්, මාර්ක් (2008). ද ස්ටෝරි ඔෆ් බ්‍රෝඩ්කාස්ටිං හවුස්, හෝම් ඔෆ් ද බීබීසී (පළමු ed.). ලන්ඩනය: මෙරෙල්. p. 51. ISBN 9781858944210. සම්ප්‍රවේශය 12 මාර්තු 2013.
  4. "එයිට්ත් ෆ්ලෝර් - ස්ටුඩියෝ 8A". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
  5. "එයිට්ත් ෆ්ලෝර් - 8B ඇන්ඩ් ඩ්‍රාමා කොන්ට්‍රෝල්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
  6. 1 2 3 4 5 "සෙවන්ත් ෆ්ලෝර් - 7B ඇන්ඩ් මියුසික් කොන්ට්‍රෝල්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
  7. 1 2 3 "සික්ස්ත් ෆ්ලෝර්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
  8. "සික්ස්ත් ෆ්ලෝර් - එෆෙක්ට්ස් ස්ටූඩියෝ". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
  9. "සික්ස්ත් ෆ්ලෝර් - එෆෙක්ට්ස් ස්ටූඩියෝ". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
  10. 1 2 "ෆෝර්ත් ෆ්ලෝර් - 4A, 4B ඇන්ඩ් ඔෆිස්". බ්‍රෝඩ්කාස්ටිං හවුස් 1932. ඕල්ඩ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ඉක්විප්මන්ට් ඇන්ඩ් මෙමරීස් (ORBEM). සම්ප්‍රවේශය 18 ඔක්තොම්බර් 2012.
  11. "ප්‍රයිමිං ද පිප්ස් ඉන් ස්ටූඩියෝ 40B". {{cite web}}: |access-date= requires |url= (help); Missing or empty |url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රෝඩ්කාස්ටිං_හවුස්&oldid=289515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි