බදුලු ටැම් ලිපිය

විකිපීඩියා වෙතින්
(බදුල්ල ටැම් ලිපිය වෙතින් යළි-යොමු කරන ලදි)
බදුලු ටැම් ලිපිය
ද්‍රව්‍යයපාෂාණ
ලේඛනයමධ්‍යතන සිංහල
සොයාගැනීම1857
සොරබොර වැවට කිට්ටුව
සොයාගනු ලැබුවේජෝන් බේලි
වර්තමාන පිහිටුමබදුල්ලෙහි සෙනරත් පරණවිතාන අනුස්මරණ පුස්තකාලය
බදුලු ටැම් ලිපිය

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය (සොරබොර වැව ටැම් ලිපිය) හෙවත් හෝපිටිගම සෙල් ලිපිය පිහිටුවා තිබේ.[1] එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.[2] එසේම මෙරටින් මේ තාක් සොයාගෙන ඇති ටැම් ලිපි අතුරින් ඉතා කුඩාම අකුරුවලින් ලියන ලද විශාලතම ලිපිය ලෙස මේ ලිපිය පිළිගැනේ.[3]

කරවීම[සංස්කරණය]

ක්‍රි.ව. 946 සිට ක්‍රි.ව. 954 සමයේ රාජ්‍ය කල හතරවන උදය රජ විසින් මධ්‍යකාලීන සිංහල අක්ෂර භාවිතයෙන් ටැම් ලිපිය කරවා තිබේ. මෙහි වචන පේලි 203 ක් හා අකුරු 2000ක් පමණ කරවා ඇති අතර ටැම් ලිපියේ උස අඩි 8 අඟල් 5 ක් පමණ වේ.

අන්තර්ගතය[සංස්කරණය]

හතරවන උදය රජුගේ දෙවන රාජ වර්ෂයේ නිකිණි මස අව පක්ෂයේ පස්වන දින කරවන ලද ශිලා ලිපියකි. සොරබොර නම් ප්‍රදේශයේ හෝපිටිගම නම් වෙළඳ මධ්‍යස්ථානයේ පාලනයට අදාලව ගම් වැසියන්, වෙළඳුන් හා රාජ්‍ය නිළදධාරීන් විසින් අනුගමනය කල යුතු නීති රීති,ව්‍යවස්ථා මාලාවක් හා පොහොය දින වෙලදාම තහානම් බව සෙල්ලිපියෙහි සඳහන් වේ. මෙහි සඳහන් අන්දමට බුලත් පුවක් පවා දණහිසෙන් පහළ තබාගෙන වෙළඳාම් කිරීම තහනම්ය

සොයා ගැනීම[සංස්කරණය]

මහියංගනයෙන් සැතපුම් 3 ක් පමණ ඊසාන දිග සොරබොර වැව අසල තිබී වර්ෂ 1857දී එවක බදුල්ල උප ඒජන්තව සිටි ජෝන් බේලි මහතා විසින් සොයාගෙන බදුලු කච්චේරිය අසල සිටුවා තැබීමෙන් අනතුරුව අවසානයේ මෙම ටැම් ලිපිය වත්මන් ස්ථානයට ගෙනැවිත් තිබේ.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "පාරිභෝගික නීතියේ ඉතිහාසය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය". සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2015.
  2. "බදුලු ටැම් ලිපිය අනතුරේ !". දිනමිණ. 7 ජූලි 2010. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2015.
  3. "බදුලු ටැම් ලිපියෙන් හෙළිවන සාධාරණ වෙළෙඳ නීති". සිළුමිණ. 19 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2015.
  4. "පෝදා වෙළෙදාම තහනම් කළ බදුලු ටැම් ලිපිය". මවුබිම. 8 මැයි 2013. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=බදුලු_ටැම්_ලිපිය&oldid=547656" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි