Jump to content

පෞරුෂත්ව මනෝවිද්‍යාව

විකිපීඩියා වෙතින්

පෞරුෂ්‍යත්ව මනෝවිද්‍යාව සඳහා කරන ලද අධ්‍යයනය මගින් පෞරුෂත්වය විවිධ පුද්ගලයින්ගේ සිද්ධාන්ත මත රඳා පවතී.

අයෙක් පවසනුයේ මෙය පුද්ගලයා සහ ඔහු / ඇයගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් අතර ඒකාබද්ධිත චිත්‍රයක් බවයි. තවත් අයෙක් අවධාරණය කරනුයේ පෞරුෂත්වය යනු පුද්ගලයින් අතර ඇති විවිධත්වය අධ්‍යයනය බවයි. නැතහොත් පුද්ගලයින් එකිනෙකාගෙන් වෙනස් වන ආකාරයයි. තුන්වන පාර්ශවයක් මගින් විශ්ලේෂණය කරනුයේ මිනිස් ස්වභාවය සහ සෑම පුද්ගලයෙක්ම එකිනෙකාට සමාන වන ආකාරයයි. මෙම ප්‍රධාන දැකීම් තුන පෞරුෂත්ව අධ්‍යයනයේදී එකිනෙකට බැඳී පවතී.

විවිධ අවස්ථාවන්හිදී පුද්ගලයෙකුගේ විලාසයට, හැසිරීමට, උනන්දුවට බලපාන ඔහුට ආවේණික වූ ක්‍රියාශීලි සහ ක්‍රමානුකූල පුද්ගල ස්වභාවයන් ලෙස පෞරුෂත්වය අර්ථ දැක්විය හැක. පෞරුෂත්වය යන වචනය උපදින්නේ “පර්සෝනා” යන වචනයෙනි. එහි අර්ථය වෙස් මුහුණ යන්නයි. පුරාණ ලතින් වාසීන්ගේ රංග පීඨයන්වල වෙස් මුහුණ යනු කෙනෙකුගේ පුද්ගල ස්වභාවය සැඟවීමට යොදා ගත් උපකරණයක් නොව චාරිත්‍රානුකූලව එම ආවේණික ගති ස්වභාවය ඉස්මතු කිරීමට යොදා ගත් අංගයකි.

ගාඩ්න් ඩිල්පෝට් (1937) පුරෝගාමී ඇමෙරිකානු මනෝවිද්‍යාඥයකු පෞරුෂත්ව අධ්‍යයනයේ ප්‍රධාන ක්‍රම දෙකක් පහදන ලදී. ප්‍රතිමාණික (Normality) මනෝවිද්‍යාවේ දී ප්‍රධාන වශයෙන් විවිධ පුද්ගලයන්ට ආදේශ කළ හැකි ස්වකීය තත්වාකාරයේ මූලධර්ම නැතහොත් බාහිර පුද්ගල ගතිය වැනි සාමාන්‍ය නීති පිළිබඳ සොයා බලයි. සංකල්පාත්මක මනෝවිද්‍යාවේදී පුද්ගලයාට ආවේණික වූ අද්විතීය ගති ලක්ෂණ අධ්‍යයනය සඳහා උත්සාහ දරයි. පෞරුෂත්ව වර්ධනය මනෝවිද්‍යාවේ ඉතිහාසයේ පාරම්පරික මතිමතාන්තර බොහොමයකින් සැදුම් ලද්දකි.

මෙම අධ්‍යයනයන්හිදී සමහර මනෝවිද්‍යාඥයින් මූලිකව විද්‍යාත්මක ප්‍රවේශයක් යොදා ගෙන ඇති අතර අන් අය මූලිකව තම අවධානය යොමු කර ඇත්තේ සිද්ධාන්ත බිහි කිරීමෙනි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පෞරුෂත්ව_මනෝවිද්‍යාව&oldid=598543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි