පොම්පෙයි ලක්ෂ්මි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පොම්පෙයි ලක්ෂ්මි
Statuetta indiana di Lakshmi, avorio, da pompei, 1-50 dc ca., 149425, 02.JPG
පොම්පෙයි නටබුන්වලින් (ක්‍රි.ව. 79 විසුවියස් ගිනිකන්ද විදාරණයෙන් විනාශ වූ) හමුවූ කුඩා ඇත්දත් ලක්ෂ්මී ප්‍රතිමාවක් (ක්‍රි.ව. 1වන සියවස)
මාධ්‍යයඇත්දළ
උස24.5 cm (9 12 in)
සොයාගනු ලැබූයේ1930–1938 පමණ
පොම්පෙයි
වර්තමාන පිහිටුමරහස් කෞතුකාගාරය, නේපල්ස්
හැඳුනුම්කරණය149425

පොම්පෙයි ලක්ෂ්මි යනුවෙන් හඳුන්වන්නේ 1930 දශකයේ පොම්පෙයි නටබුන් අතුරින් සොයාගැනුණු ඉන්දියානු කුඩා ඇත්දළ ප්‍රතිමාවකි. මුලින් විශ්වාස කෙරුණේ මෙමගින් හින්දූන් සහ ජෛනයන් විසින් සශ්‍රීකත්වය, රුව සහ ධනයට අධිපති දෙවඟන යැයි සලකන ලක්ෂ්මි දේවිය නිරූපණය වන බවයි.[1] කෙසේනමුත්, ප්‍රතිමා ලක්ෂණ අනුව අනාවරණය වන්නේ මෙමගින් නිරූපණය වන්නේ බොහෝවිට යක්ෂියක, එනම් සශ්‍රීකත්වය සංකේතවත් කෙරෙන වෘක්ෂ දේවතාවියක බවයි.

වර්තමානයේ මෙම ප්‍රතිමාව නේපල්ස් ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයේ රහස් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.[2]

සොයාගැනීම[සංස්කරණය]

මෙම කුඩා ප්‍රතිමාව සොයාගැනුණේ පොම්පෙයි නටබුන් අතර වියා ඩෙල්’ඇබොන්ඩැන්සාහි කුඩා නිවසක් තුළිනි. මෙම නිවස වර්තමානයේ හඳුන්වන්නේ "කුඩා ඉන්දියානු ප්‍රතිමාවේ නිවස" ලෙසයි.[1][3] මෙම ප්‍රතිමාව සොයාගැනුණු දිනය ලෙස 1930 සහ 1935 අතර[2] සහ 1938 ලෙස විවිධ දිනයන් ලබා දී ඇත.[1]

මෙම කුඩා ප්‍රතිමාවේ අතිශයින් බහුල ලෙස ඇති ආභරණ නොසැලකූ විට එය බොහෝදුරට නිරුවත් ස්වභාවයක් ගනියි. ඇය අසල සහායිකාවන් දෙදෙනකු වේ. එම දෙදෙනා ප්‍රතිමාවේ දෙපස විලවුන් බඳුන් දරා සිටිමින් පිටත බලා සිටින අයුරක් දිස්වේ.[1]

ක්‍රි.ව. 79දී විසූවියස් කන්ද විදාරණය වී නගරය වැළලී ගිය අවස්ථාවේ ද මෙම ප්‍රතිමාව පොම්පෙයිහි පැවතීම තුළින් ක්‍රි.ව. 1වන සියවසේ පැවති ඉන්දු-රෝම වෙළඳ සබඳතාවල වූ තීව්‍ර ස්වභාවය හඳුනාගත හැක.[1][3] නේපල්ස් ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය විසින් මෙම කුඩා ප්‍රතිමාව එම සියවසේ මුල් භාගයේ ඉන්දියාව තුළ නිර්මාණය කරන්නට ඇතැයි කාලනිර්ණය කොට ඇත.[2]

සම්භවය[සංස්කරණය]

මුලින් යෝජනා වූයේ මෙම කුඩා ප්‍රතිමාව නිර්මාණය වූයේ මථුරාවේ කියා ය. නමුත් වර්තමානයේ මෙය නිර්මාණය වූ ස්ථානය ‍භෝකර්දාන් යැයි විශ්වාස කෙරෙන්නේ මේ හා සමාන රූ දෙකක් ඉන් හමුවීම නිසාවෙනි.[4] මෙම ප්‍රතිමාවේ හිස මුදුනේ රවුම් හැඩැති සිදුරක් ඇත. මෙම විවරයක් තිබීමේ අරමුණ පැහැදිළි කිරීමට විවිධ මතයන් ඉදිරිපත් වී ඇත: ඉන් එක් මතයකින් කියැවෙන්නේ මෙම ප්‍රතිමාව කිසියම් භාණ්ඩය අල්ලුවක් ලෙස පවතින්නට ඇති බවයි.[2] තවත් මතයකින් කියැවෙන්නේ මෙය සාතවාහන රාජධානියේ ඇත්දත් තෙපා මේසයක එක් පාදයක් වන්නට ඇති බවයි.[5]

ක්‍රි.ව. 25 සහ ක්‍රි.ව. 75 අතර වසර 50ක පමණ කාලයක් නාහපාන රජු යටතේ බටහිර ක්ෂත්‍රපවරු සාතවාහන භූමිය ආක්‍රමණය කළහ.[6] මේ නිසා බටහිර ක්ෂත්‍රපයින් විසින් පොම්පෙයි ලක්ෂ්මී රුව කොල්ලකා එය බටහිර වෙත අලෙවි කළා වන්නට ද හැක. පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී මූලාශ්‍රය අනුව මේ කාලය අවට බටහිර ක්ෂත්‍රපයන් සහ රෝම අධිරාජ්‍යය අතර තීව්‍ර වෙළඳ සබඳතා පැවති බැව් හෙළිවේ.[7]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 Beard, Mary (2010). Pompeii: The Life of a Roman Town. Profile Books. පි. 24. https://books.google.com/books?id=-H6HsNEWLhYC&pg=PA24. 
  2. 2.0 2.1 2.2 2.3 "Lakshmi". Museo Archeologico Napoli. Retrieved 4 February 2017.
  3. 3.0 3.1 De Albentiis, Emidio; Foglia, Alfredo (2009). Secrets of Pompeii: Everyday Life in Ancient Rome. Getty Publications. පි. 43. https://books.google.com/books?id=RainC5KUCIEC&pg=PA43. 
  4. Dhavalikar, M. K. (1999). "Chapter 4: Maharashatra: Environmental and Historical Process". මෙම කෘතිය තුල: Kulkarni, A. R.; Wagle, N. K.. Region, Nationality and Religion. Popular Prakashan. පි. 46. https://books.google.com/books?id=t7f0JEWk6HMC&pg=PA46. 
  5. Butterworth, Alex; Laurence, Ray (2011). Pompeii. Hachette UK. පි. 36. https://books.google.fr/books?id=tXPOgWSk1BIC&pg=PR36. 
  6. Higham, Charles (2014). Encyclopedia of Ancient Asian Civilizations. Infobase Publishing. පි. 299. https://books.google.com/books?id=H1c1UIEVH9gC&pg=PA299. 
  7. The Voyage around the Erythraean Sea, translation with commentary, Chap 41, 48 and 49
"https://si.wikipedia.org/w/index.php?title=පොම්පෙයි_ලක්ෂ්මි&oldid=403507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි