පුරාතන චීන රාජ්‍ය
මෙමලිපියෙහි චීන පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, චීන පෙළ වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
පුරාතන චීන රාජ්‍යයෝ (සරල චීන: 诸侯; සම්ප්‍රදායික චීන: 諸侯; පින්යින්: Zhūhóu) යන්නෙන් අදහස් වන්නේ, ක්‍රි.පූ. 221 දී ක්වින් ෂි හුවාං විසින් එය එක්සත් කිරීමට පෙර, චීනයේ පැවැති, විවිධ ප්‍රමාණයේ නගර රාජ්‍යයන් සහ භූමි ප්‍රදේශයන් වෙති. බොහෝ අවස්ථාවන්හීදී, මේවා යටත් රාජ්‍යයන් වූ අතර, පාලක චෞ රාජ වංශයට (ක්‍රි.පූ. 1046–256) කප්පම් ගෙවූහ. [1] චූ හවු (諸侯/诸侯) ලෙස හැඳින්වුනු නිදහස් රාජ්‍යයන් හෝ වැඩවසම් රාජ්‍යයන්, පසු කාලීන රාජ වංශයන් තුලදී, අවශ්‍ය විටකදී දේශපාලන යතොචිතයන් ලෙසින් යළි කරලියට පැමිණ ඇත.
පසුබිම හා ආරම්භය
[සංස්කරණය]චීනමධ්‍ය මතවාදය සහ ස්වර්ගයෙහි වරය ප්‍රකාර, චීනය ලෝකයේ මධ්‍යය වූ අතර උපරිස්ථ අධිරාජ්‍යයා එහි එකම පාලකයා විය; අනෙකුත් සැම නරේන්ද්‍රයන් සහ පාලතයන්, මධ්‍යම රාජධානියෙහි හෝ චුන්ගුවෝ (中国/中国)හී යටත් පාලකයෝ පමණක් වූහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ආදිතම යුගයන්හී සිට, චීන ජාතිකයන් ලෝකය දුටුවේ, ඔවුන්ගේ අගනුවර කේන්ද්‍රගතව ඉවතට විහිදී යන, ඒක කේන්ද්‍රීය බල ගෝලයන් මාලාවක් ලෙසටයි. මෑතම පිහිටි ගෝලය තුල වූයේ චූ පාලකයාට රාජපාක්ෂිකභාවය දැක්වූ යටත්රාජ්‍යයෝ වූහ. එහි අගනුවර අවට බලප්‍රදේශය පාලනය කල චූ හැරුණු විට, ඉතිරි රාජ්‍යයන් සඳහා, රාජ්‍යය හෝ දේශය යන අර්ථය සහිත ගුවෝ (国/国) යන උපසර්ගය භාවිතා විය. 150 පමණ වන මෙම රාජ්‍යයන්ගෙන්, [2] සමහරක්, ප්‍රාකාරයක් සහිත කුඩා පුරවරයක් හෝ නගරයක් තරම් වූ අතර අන් සමහරක් සඳහා අගනගරයක් සහ නාගරික ප්‍රදේශ වූ අතර සැලකිය යුතු බල ප්‍රදේශයක් ඒවා විසින් පාලනය කරන ලදි.
ඉතිහාසය
[සංස්කරණය]බටහිර චෞ රාජ වංශය (ක්‍රි.පූ. 1046–770)
[සංස්කරණය]ක්‍රි.පූ. 1046 දී ෂෑං රාජවංශය බලයෙන් නෙරපීම හා සමගම, මුල් රජවරුන් විසින් විවිධ ඥාතීන් සහ පැවතෙන්නන්ට ඉඩම් පිරිනැමීම් සිදුකළ අතර, මෙයින් සමහරක් පරම්පරාගත බවට පත් විය. [1] මෙම ඉඩම් පැවරීම් හා සමග, රදළ පෙළෙහි පස් පිළිවෙල[A] (五等爵位)අනුව වූ අභිධානයක්ද ප්‍රදානය කෙරුණු අතර, චූ පාලකයා පමණක්, රජ හෝ වාං (王) යන අභිධානය දැරීය. ඉඩම සහ අභිධානය හා සමගම, හදිසි තත්ත්වයකදී චූ රජු හට අනුග්‍රහය දැක්වීම සහ චූ මුතුන්මිත්තන්ට පූජාවිධිමය සත්කාරය සිදුකිරීම සඳහා වගකීම නිතැතින්ම පැවරෙයි. බටහිර කහ ගංගා නිම්නයෙහි, මුල්ම යටත් රාජ්‍යයන් වන, චායි රාජ්‍යය බිහිවුනේ පළමු චූ රජ විසින් ඔහුගේ බාල සොහොයුරාට ඉඩම් පැවරීම හේතුවෙනි. මෙම කාලසීමාවෙහිදී බිහිවුනු අනෙකුත් රාජ්‍යයන් අතර, කාඕ, ඉයැං, ලූ, වෙයි, සහ චේං වෙති. මධ්‍යම සොං රාජ්‍යය බිහිවූයේ පෙර පැවති ෂං රාජ වංශයෙහි රජු හට ඉඩම් පැවරීමක් හා සමගය. පර්යන්තය සැලකූ කළ, ඉයැං, චී, සහ ජින් යන, උතුරෙහි හා ඊසාන දිග රාජ්‍යයන් වෙත, විශාල රාජ්‍යයන් කරා වර්ධනය වීමේ ඉඩකඩ තිබූ පව පෙනෙයි. [3] දකුණු ප්‍රදේශයෙහි, චොඌ යටත් රාජ්‍යය, ෂොං යෙයි වෙත පවරාදුන් අතර, එය පසුව බලවත් රාජ්‍යයක් බවට පත්ව එහි පාලකයන් රජවරුන් බවට ප්‍රකාශ කළහ. [4] මෙම කාල සීමාවේදී, බටහිර පෙදෙසෙහි චියෙං සහ, නැගෙනහිර පළාතේ වූ සහ යුඒ යන පෙදෙස්, ශිෂ්ටසම්පන්න නොවන හෝ "අර්ධ-ම්ලෙච්ඡ" ලෙසින් සැලකුණු නිසා, යටත් රාජ්‍ය තත්වයට සැලකීමට සුදුසුකම් නොලැබූහ. [5][6] ඈත බටහිර, සූචුවාන් ද්‍රෝණියෙහි ෂූ සහ බා භූමිප්‍රදේශ නොසලකා හරින ලදි. ප්‍රධාන රාජ්‍යයන්ගේ දේශ සීමාවන්හී පිහිටි කුඩා අනුස්ථිතීන් කාලය ගත වත්ම විශාල අසල්වැසියන් විසින් අත්පත් කර ගැනිණි.[7]
වසන්ත සහ සරත් කාලය (ක්‍රි.පූ. 770–476)
[සංස්කරණය]- මෙයද බලන්න: වසන්ත සහ සරත් කාලයේදී අන්තර්-රාජ්‍යය සබඳතා
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b කීඑ, ජෝන් (2009). චයිනා – අ හිස්ට්‍රි. හාපර් කොලින්ස්. ISBN 978-0-00-722178-3. පි. 61 උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "Keay" defined multiple times with different content - ^ ලර්ව සහ ෂග්නිසි, 'ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් එන්ෂන්ට් චයිනා',1999, පිටුව 567
- ^ "චයිනීස් හිස්ට්‍රි – චූ ඩයිනස්ටි". ChinaKnowledge.de. 21 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය නොවැම්බර් 7, 2010.
- ^ 史记 楚世家 (හවුස් ඔෆ් චූ, රෙකෝඩ්ස් ඔෆ් ද ග්‍රෑන්ඩ් හිස්ටෝරියන්)
- ^ ගොං යං ච්වං
- ^ ලුවිස්, මාර්ක් එඩ්වඩ් (2008). "දි අර්ලි චයිනීස් එම්පයර්ස්: චිං ඇන්ඩ් හං". In බෲක්, තිමති (ed.). හිස්ට්‍රි ඔෆ් ඉම්පීරියල් චයිනා. කේම්බ්‍රිජ්: හාවඩ් යුනිවර්සිටි ප්‍රෙස්. p. 39. ISBN 978-0-674-02477-9. පි. 39
- ^ ගීතාවලිය (诗经)
සටහන්
[සංස්කරණය]- ^ රදළ පෙළෙහි පස් පිළිවෙල සහ බ්‍රිතාන්‍ය රදළ පෙළෙහි ඒවාට දළ තුල්‍යයන්වූයේ ආදිපාදවරයා හෝ ගොං (公), වංශාධිපති හෝ හොවු (侯), සිටුවරයා හෝ බෝ (伯), විස්කවුන්ට් or චී (子) ස බැරන් or නාං (男) වෙති.