චින් ෂි හුවාං

විකිපීඩියා වෙතින්
(ක්වින් ෂි හුවාං වෙතින් යළි-යොමු කරන ලදි)
චින් ෂි හුවාං
秦始皇
චින් හි රජ
රාජ්‍ය සමයක්‍රි.පූ. 247 මැයි 7 – ක්‍රි.පූ. 220
පූර්වප්‍රාප්තිකයාචුවාංෂියෑං රජු
චීනයේ අධිරාජයා
රාජ්‍ය සමයක්‍රි.පූ. 220 – ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10[1]
අනුප්‍රාප්තිකයාචින් එර් ෂි
උපතක්‍රි.පූ. 259 පෙබරවාරි 18
මරණයක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10 (49 වියැති)
දරුවන්කිරුළහිමි ෆුසු කුමරු
චින් එර් ෂි
ගඕ කුමරු
ජියාංලූ කුමරු
සම්පූර්ණ නාමය
පාරම්පරික නාමය: යිං ()
වංශ නාමය: චාඕ ()
දෙන ලද නාමය: චෙං ()
වංශයචින් රාජවංශය
පියාචුවාංෂියෑං රජු
මවචාඕ වැන්දඹු රැජින
චින් ෂි හුවාං
"චින් ෂි හුවාං" යන්න මුද්‍රා අක්ෂර (ඉහළ) සහ විධිමත් (පහළ) චීන අක්ෂරවලින්
Chinese秦始皇
Literal meaning"චින් හි පළමු අධිරාජයා"
ෂි හුවාං ඩි
Chinese始皇帝
Literal meaning"පළමු අධිරාජයා"

චින් ෂි හුවාං මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය (චීන: 秦始皇; සාහිත්‍යමය: 'චින් හි පළමු අධිරාජයා'; ක්‍රි.පූ. 259 පෙබරවාරි 18 – ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10) යනු චින් රාජවංශයේ ආදිකර්තෘ මෙන්ම එක්ස්ත චීනයේ පළමු අධිරාජයායි. ඔහු උපත ලැබූයේ යිං චෙං (嬴政) හෝ චාඕ චෙං (趙政) යන නාමයෙන් චින් රාජ්‍යයේ කුමරකු ලෙසිනි. දහතුන්වන වි‍යේ දී චින්හි චෙං රජ (秦王政) ලෙස රජ වූ මොහු 38වන වියේ දී, එනම් ක්‍රි.පූ. 221දී සියලු අන්‍යෝන්‍ය සතුරු රාජ්‍ය සියල්ල යටත් කොට සමස්ත චීනයම එක්සත් කොට චීනයේ පළමු අධිරාජයා බවට පත් විය.[2] පෙර ෂෑං සහ චෞ පාලකයන් භාවිතා කළ "රජ" පදවි නාමය භාවිතා කරනු වෙනුවට ඔහු, ක්‍රි.පූ. 220 සිට 210 දක්වා චින් රාජවංශයේ පළමු අධිරාජයා (始皇帝) ලෙස රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ඔහු විසින් නිර්මාණය කළ "අධිරාජයා" (皇帝, මෙම ශබ්දය පිළිබඳ huángdì) යන පදවි නාමයේ "පළමු" යන්න සඳහන් කිරීමෙන් එය ඔහුගේ නිමැවුමක් බව දක්වයි. මෙය ඉදිරි සහස්‍රක දෙකක කාලය තුළ චීන පාලකයන් විසින් භාවිතයට ගෙන තිබේ.

ඔහුගේ රාජ්‍ය සමයේ සෙන්පතීන් විසින් චීන රාජ්‍යය විශාල ලෙස ව්‍යාප්ත කරන ලදී: චූ ප්‍රදේශයට දකුණින් සිදුකළ ආක්‍රමණ මගින් ස්ථිර‍ ලෙසම හුනාන් සහ ගුවාංදොංවරුන්ගේ යුඒ භූමි චීන සංස්කෘතික කක්ෂයට ඇතුළත් විය; මධ්‍ය ආසියාවේ ආක්‍රමණ මගින් සංචාරක ෂියොංනුවරුන්ගේ ඕර්ඩොස් ලූපය යටත් කරගැනිණි. නමුත් මෙය ක්‍රමිකව මෝඩු චන්යු යටතේ රාජ්‍ය සන්ධානයකට හේතු විය. පැරණි චීන ජනපදවල විවිධාකාර සම්ප්‍රදායයන් සම්මතකරණය සඳහා ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට චින් ෂි හුවාංට ඔහුගේ අමාත්‍යවරයකු වූ ලි සි උපකාර විය.[2] සම්ප්‍රදායිකව ඔහු විසින් බොහෝ පොත් තහනම් සහ ගිනිබත් කොට විද්වතුනට දඬුවම් පැමිණවූයේ යැයි පැවසේ.[3] ඔහුගේ මහජන ව්‍යාපෘති අතරට විවිධාකාර ජනපද ප්‍රාකාර වෙනුවට තනි චීන මහා ප්‍රාකාරයක් ඉදිකිරීම සහ දැවැන්ත ජාතික මාර්ග පද්ධතියක් සැකසීම අයත් වේ. එසේම ඔහු විසින් ඉදිකළ නගරයක් තරම් විශාල සොහොන්ගැබේ ආරක්ෂාවට ජීව ප්‍රමාණයේ ටෙරාකොටා හමුදාවක් ද තනවා තිබේ. ක්‍රි.පූ. 210දී සිය මරණය තෙක්ම රාජ්‍ය පාලනය කළ ඔහු අමරණීයත්වයේ පානයක් සෙවීමට නිරර්ථක වෑයමක යෙදී තිබේ.[3]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Wood, Frances. (2008). China's First Emperor and His Terracotta Warriors, pp. 2–33. Macmillan Publishing, 2008. ISBN 0-312-38112-3.
  2. 2.0 2.1 Duiker, William J. & al. World History: Volume I: To 1800, 5th ed., p. 78. Thomson Higher Education Publishing, 2006. ISBN 0-495-05053-9.
  3. 3.0 3.1 Ren Changhong & al. Rise and Fall of the Qin Dynasty. Asiapac Books PTE Ltd., 2000. ISBN 981-229-172-5.

බාහිර සබැඳි[සංස්කරණය]

ප්‍රථම ක්වින් අධිරාජයා
උපත: ක්‍රි.පූ. 260 මරණය: ක්‍රි.පූ. 210
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
චුවාංෂියෑං රජ
චින් හි රජ
ක්‍රි.පූ. 246–221
ලූ බුවෙයි සමග (ක්‍රි.පූ. 246–235)
ප්‍රතිනිර්මාණය කළේ
තනතුර ඊළඟට දැරුවේ
චින් සන් ෂි
නව තනතුරකි චීනයේ අධිරාජයා
චින්
ක්‍රි.පූ. 221–210
අනුප්‍රාප්තික
චින් එර් ෂි
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
චෞහි නන් රජ
චීනයේ රජ වශයෙන්
චීනයේ මහරජ
චීනයේ අධිරාජයා ලෙස

චින්
ක්‍රි.පූ. 221–210

සැකිල්ල:Monarchs of Qin

"https://si.wikipedia.org/w/index.php?title=චින්_ෂි_හුවාං&oldid=591993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි