Jump to content

පළමු චින් අධිරාජයාගේ සොහොන්ගැබ

විකිපීඩියා වෙතින්
චින් ෂි හුවාංගේ සොහොන්ගැබ
秦始皇陵
සාමාන්‍ය තොරතුරු
පිහිටීමලින්තොං දිස්ත්‍රික්කය, ෂි’ආන්, ෂාන්ෂි
රටචීනය
ඛණ්ඩාංක34°22′54″N 109°15′14″E / 34.38167°N 109.25389°E / 34.38167; 109.25389ඛණ්ඩාංක: 34°22′54″N 109°15′14″E / 34.38167°N 109.25389°E / 34.38167; 109.25389

පළමු චින් අධිරාජයාගේ සොහොන්ගැබ (චින් ෂි හුවාංගේ සොහොන්ගැබ) (චීන: 秦始皇陵; පින්යින්: QínshǐhuángLíng) පිහිටා ඇත්තේ චීනයේ ෂාන්ෂි පළාතේ ෂි’ආන්හි ලින්තොං දිස්ත්‍රික්කයේ ය. ක්‍රි.පූ. 246 සිට ක්‍රි.පූ. 208 දක්වා වසර 38 කාලයක් තිස්සේ නිර්මිත මෙම ‍සොහොන්ගැබ පිහිටියේ ලුප්ත පිරමීඩයක හැඩැති මීටර් 76ක් උසැති සොහොන්ගොඩැල්ලකට පහළිනි.[1] මෙම මොසෝලියමේ (සොහොන්ගැබේ) සැලැස්ම චින් අගනුවර වූ ෂියැන්යැං ආදර්ශයට ගෙන තනා ඇති අතර, එය ඇතුළත සහ පිටත නගර ලෙස බෙදා ඇත. මෙහි ඇතුළු නගරයේ පරිමිතිය 2.5 km (සැතපුම් 1.55) වන අතර, ඇතුළු නගරයේ එය 6.3 km (සැතපුම් 3.9) වේ. සොහොන්ගෙය පිහිටියේ ඇතුළු නගරයේ නිරිග දිගට වන්නට වන අතර, එය නැගෙනහිරට මුහුණලා ඇත. මිනී පෙට්ටිය සහ භූමදාන වස්තූන් ඇතුළත් ප්‍රධාන සොහොන් කුටීරය මෙම සොහොන්ගැබෙහි ගෘහනිර්මාණ සංකීර්ණයේ මධ්‍යය වේ.

මෙහි සොහොන්ගෙය තවමත් කැනීම්වලට භාජනය කොට නැත. වර්තමානයේ පුරාවිද්‍යා ගවේෂණ සංකේන්ද්‍රණය වී ඇත්තේ සොහො‍න්ගෙය වටා පිහිටි විශාල නෙක්‍රොපොලිසයේ විවිධ ස්ථාන කෙරෙහි ය. මෙයට නිදසුනක් ලෙස ගොඩැල්ලේ නැගනහිරින් හමුවූ ටෙරාකොටා හමුදාව දැක්විය හැක.[2] ටෙරාකොටා හමුදාව මෙම සොහොන්ගැබට ආරක්ෂක හමුදාවක් ලෙස යොදා ඇති අතර, සොහොන්ගැබ මුළුමණින්ම කැනීම්වලට භාජනය කළ යුතුව ඇත.[3][4]

ඉතිහාසය

[සංස්කරණය]

මෙම මොසෝලියමේ කටයුතු ආරම්භ වූයේ ක්‍රි.පූ. 246 චින් අධිරාජයා සිහසුනට පත්වූ විගස ය. ඒවන විට ඔහුගේ වයස අවුරුදු 13ක් විය. නමුත් මෙහි මහා-පරිමාණයේ ඉදිකිරීම් ඇරඹියේ ඔහු අනෙක් ප්‍රධාන රාජ්‍ය සය යටත් කොට ක්‍රි.පූ. 221දී එක්සත් චීනය ගොඩනැගීමෙන් පසුවයි. මොසෝලියම ඉදිකිරීම පිළිබඳ තොරතුරු ලැබෙන්නේ සිමා ක්වියෑන්ගේ මහා ඉතිහාසඥයාගේ වාර්තා නම් ග්‍රන්ථයේ සයවන පරිච්ඡේදයේ ය. එහි චින් ෂි හුවාංගේ චරිතාපදානයක් ඇතුළත් ය:

නවවන මාසයේ දී, පළමු අධිරාජයා ලි කන්දෙහි භූමදාන කෙරිණි. පළමු අධිරාජයා සිහසුනට පත්වූ විගස, ලී කන්දේ කැනීම් සහ සූදානම් කිරීමේ කටයුතු ඇරඹිණි. පසුව, ඔහු අධිරාජ්‍යය ඒකාබද්ධ කළ පසු, සිය අධිරාජ්‍යය පුරා විවිධ ස්ථානවලින් මිනිසුන් 700,000ක් එම ස්ථානය වෙත යැවී ය. භූගත ජල ස්තර තුනක් ඔස්සේ හෑරූ ඔවුහු පිටත මිනී පෙට්ටිය සඳහා ලෝකඩ වත්කළහ. නිලධාරීන් සියදෙනකු සඳහා මාලිගා සහ දර්ශනීය කුළුණු ඉදිවූ අතර, සොහොන්ගැබ දුලබ කලාකෘතීන් සහ විස්මිත නිධානයකින් පුරවන ලදී. සොහොන්ගැබට ඇතුළු වන ඕනෑම අයකුට විදීම සඳහා කර්මාන්තකරුවනට හරස් දුනු සහ ඊතල තැනීමට නියෝග කෙරිණි. ගංගා සියය, යැංසි සහ කහ ගඟ හා මහා මුහුද නිරූපණයට රසදිය යොදාගැනිණි. ඒවා යාන්ත්‍රිකව ගලායාමට සැකසිණි. ඉහළින් දිව්‍යමය තරුරටාවන්ගේ නිරූපණයන් ද, පහළින් භූමියේ ලක්ෂණ ද විය. ඉටිපන්දම් සැකසූයේ "මිනිස්-මත්ස්‍යයන්ගේ" මේදයෙන් වන අතර, මේවා දීර්ඝ කාලයක් යන තෙක්ම නිවී නොයන ලෙස සකසා තිබිණි. දෙවන අධිරාජයා පැවසූයේ: "හිටපු අධිරාජයාගේ පුතුන් නොමැති උපබිසෝවරුන් මෙසේ නිදහසේ සිටීම නුසුදුයි" යනුවෙනි; ඒ අනුව, ඔහු ඔවුන් ද මළ තැනැත්තා සමග සිටිය යුතු බව පවසමින් විශාල පිරිසක් මරාදැමී ය. භූමදානයෙන් පසුව, යෝජනා වූයේ මෙහි යාන්ත්‍රික උපකරණ තැනවූ ශිල්පීන් මෙහි නිධන් පිළිබඳ දැනසිටි බවත්, එම රහස් හෙළි වීම දැඩි අර්බුදයක් වනු ඇති බවත් ය. එම නිසා අවමංගල උත්සවය සම්පූර්ණ කොට නිධන් සැඟවීමෙන් පසුව, ඇතුළු පැසේජ මාර්ගය අවහිර කෙරිණි. පිටත දොරටුව පහත හෙළිණි. මෙලෙසින් සියලු කම්කරුවන් සහ ශිල්පීන් ඇතුළත සිරකෙරිණි. කිසිවකුටත් මිදී යා නොහැකි විය. සොහොන් ගොඩැල්ල මත ගස් සහ ශාක වර්ග රෝපණය කෙරුණු නිමා, එය කන්දකට සමාන විය.

— සිමා ක්වියෑන්, ෂිජි, පරිච්ඡේදය 6.[5][6]

ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ "භූගත ජල ස්තර තුනක් හරහා කනින ලද බවට" වන සඳහන් හුදෙක් අතිශයෝක්තියක් වන බවයි.[7] එසේම පෙළෙහි "මිනිස්-මත්ස්‍යයා" යනුවෙන් සඳහන් කොට ඇත්තේ තල්මසා සිට වොල්රස් දක්වා වූ මත්ස්‍යයකු හෝ යෝධ සැලමැන්දරා වැනි වෙනත් ජලජ සත්ත්වයකු විය හැකි යැයි මතභේද පවතියි.[8][9]

පළමු චින් අධිරාජයාගේ මොසෝලියම නිම කිරීමට ප්‍රථම, පසුකාලීන චින් රාජවංශ සමයේ ගොවි කැරැල්ලක් ඇති විය. චෑං හැන් විසින් මොසෝලියම ඉදි කිරීමට යොදා ගත් මිනිසුන් 700,000 කැරැල්ල මැඬලීමට යොදා ගත්තේ ය. මේ නිසා මොසෝලියමේ ඉදි කිරීම් නැවතිණි. ෂියෑං යූ ෂියෑන්යැං වෙත ඇතුළු වූ පසු, ඔහු විසින් සොහොන්ගැබේ වූ වස්තුව කොල්ලකෑවේ යැයි පැවසේ. ඉන්පසුව, එ‍ඬේරකු අතින් නොදැනුවත්ව මොසෝලියමේ භූගත මාලිගය ගිනිබත් වූයේ යැයි පැවසේ.[10] එම කථාවෙන් කියැවෙන්නේ, ෂියෑං යු විසින් සාරන ලද මොසෝලියමේ ලෙන වෙත ඔහු ඇතුළු වූයේ සිය නැතිවූ බැටළුවා සෙවීමට බවත්, ඔහුගේ අතෙහි වූ ගිනි පන්දම නිසා සොහොන්ගැබේ ඉතිරිව තිබූ සෙසු සියලු දෑ ගිනිබත් වූ බැව් සඳහන් වේ.[11] මේ පිළිබඳ කිසිදු ස්ථිර සාක්ෂියක් මෙතෙක් හමුවී නැති අතර, ඇතැම් විද්වතුන් සිතන්නේ මොසෝලියම එතරම් දැවැන්ත විනාශයකට ලක්නොවූ බවයි.

1987දී මොසෝලියම හා එහි ටෙරාකොටා සෙබළුන් ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණි.[12]

ටෙරාකොටා සෙබළුන් සොයාගැනීම

[සංස්කරණය]
ෂි’ආන් කෞතුකාගාරයේ ඇති ආවාට අංක 1හි සාමාන්‍ය පෙනුම

මෙහි සෙබළුන්ගේ සහ ලෝකඩ ඊහිස්වල ‍පළමු කොටස් සොයාගන්නා ලද්දේ 1974 මාර්තුවේ දී ලින්තොං ප්‍රාන්තයේ ගම්මානයක් වූ ෂියෑංහි ළිඳක් කනිමින් සිටි යැං චිෆා, ඔහුගේ සොයුරන් පස්දෙනා සහ වැං පුචි යන අයටයි.[13][14] මීටර් දෙකක් පමණ ගැඹුරේ දී, ඔවුනට ඝන වූ අපද්‍රව්‍ය, රතු මැටි බඳුන්, ටෙරාකොටා කැබලි, ලෝකඩ ඊහිස් සහ ටෙරාකොටා ගඩොලු හමු විය.[15] ටෙරාකොටා කැබලි වත්තේ කෙළවරට විසිකළ යැං චිෆා ඊහිස් එකතු කරගත්තේ වෙළඳ නියෝජිතායනයකට ඒවා විකිණීම පිණිසයි. සෙසු ගම්වැසියෝ ටෙරාකොටා ගඩොලු දරණු තැනීමට යොදාගත්හ.[15] ද්‍රවස්ථිති කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂවරයා වූ ෆැං ෂුමියාඕ මෙම වස්තූන් දුටු අතර, ඔහු ගම්වැසියනට යෝජනා කළේ ඒවා දිස්ත්‍රික්කයේ සංස්කෘතික මධ්‍යස්ථානයට අලෙවි කරන ලෙසයි. යැං චිෆා ටෙරාකොටා සෙබලුන්ගේ ප්‍රතිමාවල කොටස් යැයි සැලකිය හැකි ද්‍රව්‍ය පිරවූ කරත්ත දෙකක් අලෙවි කොට යුවාන් 10ක මුදලක් හිමි කරගත්තේ ය.[15] සංස්කෘතික මධ්‍යස්ථානය භාර චාඕ කංමින් ගම්මානයට පැමිණ ගම්වැසියන් සොයාගත් සෑම දෙයක්ම මිලදී ගත්තේ ය. එසේම ඔහු වෙළඳ නියෝජිතායනයට අලෙවි කළ ‍ඊහිස් ද නැවත මිලට ගත්තේ ය.

1974 මැයි මස, ෂාන්ෂිහි පුරාවිදයාඥයින් කණ්ඩායමක් මෙම අඩවියට පැමිණියේ, ආවාට අංක 1 ලෙස පසුව නම්කළ එම ස්ථානයේ පළමු කැනීම් කටයුතු සඳහායි. 1976 මැයි මස, විදුම් කටයුතු මගින් 2වන ආවාටයත්, 3වන ආවාටය ජූලි මාසයේ දීත් සොයාගැනිණි.[16] වර්ග මීටර 20,000ක පමණ ප්‍රදේශයක සිදුකළ කැනීම් මගින් ටෙරාකොටා සෙබලුන් සහ අශ්වයින්‍ගේ ප්‍රතිමා 7,000ක් පමණ හමු විය. එසේම දැවමය යුධ රථ සියයක් පමණ සහ විවිධ ආයුධ ද හමු විය.[16] මෙම ආවාට ආරක්ෂා කරගැනීමට විශාල ගොඩනැගිලි ඉදිකොට ඇත. ඉන් පළමුවැන්න 1979දී නිම විය. 2008 වන විට, මෙසේ ආවාට හයසියයකින් සමන්විත විශාල නෙ‍ක්‍රොපොලිසයක් අනාවරණය කරගැනීමට හැකි විය.[17] ඇතැම් ආවාට සොයාගැනුණේ චින් ෂි හුවාං අධිරාජයාගේ සොහොන් ගොඩැල්ලෙන් කිලෝමීටර කිහිපයක් ඈතින් තිබී ය.[15]

පුරාවිද්‍යාත්මක අධ්‍යයන

[සංස්කරණය]
සොහොන් ගොඩැල්ලේ පිටත තිබී හමුවූ යුධ රථයක්

චින් ෂි හුවාංගේ සුසාන සංකීර්ණය අධිරාජයාගේ අධිරාජ්‍යයේ සහ මාලිගයේ පිළිඹිබුවක් වන අතර, මෙහි සොහොන් ගොඩැල්ල මධ්‍යයේ පිහිටා ඇත. මෙහි සොහොන් ගොඩැල්ල වටා ඇතුළු සහ පිටත ප්‍රාකාරය ලෙස ප්‍රාකාර දෙකකි. ප්‍රාකාරවලට ඇතුළතින් සහ පිටතින් විවිධ ප්‍රතිමා සහ කලාකෘති ඇතුළත් ආවාට ගණනාවක්ම හමු විය. ඇතුළු බිත්තියෙන් අභ්‍යන්තරයේ බටහිර වන්නට ලෝකඩ යුධ රථ සහ අශ්වයින් හමු විය. ඇතුළු ප්‍රාකාරයට ඇතුළතින් අධිරාජයාට සේවය කළ නිලධාරීන් සහ වංශවතුන්ගේ ටෙරාකොටා ප්‍රතිමා ද හමු විය. ඇතුළු ප්‍රාකාරයට පිටතින්, පිටත ප්‍රාකාරයට ඇතුළතින් විනෝදාස්වාදකයන් සහ ශක්තිමත් මිනිසුන්ගේ ටෙරාකොටා ප්‍රතිමා සහිත වළවල් (ආවාට) වූ අතර, ශෛලමය සන්නාහ ඇතුළත් වළක් ද හමු විය. පිටත ප්‍රාකාරයේ උතුරු දෙසට වන්නට අධිරාජකීය උද්‍යානය පිහිටි අතර, එහි ලෝකඩ කොකුන්, හංසයින් සහ තාරාවන් සමග සංගීතඥයන් සමූහයකගේ ප්‍රතිමා ද හමු විය. පිටත ප්‍රාකාරයට පිටතින් අධිරාජකීය ඉස්තාලය ද හමුවූ අතර, එහි වළලන ලද සැබෑ අශ්වයන්ගේ සිරුරු සමග ඔවුන් අසලින් දණගසා ගත් අස්ගොව්වන්ගේ ටෙරාකොටා ප්‍රතිමා ද විය. බටහිරට වන්නට මෙම සංකීර්ණය ඉදිකළ කම්කරුවන් භූමදානය කළ සමූහ මිනීවළක් ඇත. ටෙරාකොටා හමුදාව පිහිටියේ සොහොන් ගොඩැල්ලට 1.5 km පමණ නැගෙනහිරට වන්නට ය.[18][19]

ටෙරාකොටා සෙබළු

සොහොන් ගොඩැල්ල තවමත් විශාල වශයෙන් කැනීමට ලක්ව නැත. නමුත් මෙම ස්ථානය ගවේෂණය කිරීට විවිධ උපක්‍රම ගණනාවක් අනුගමනය කොට ඇත. භූගත මාලිගය පිහිටියේ ගොඩැල්ලේ මධ්‍යයේ ය. පුරාවිද්‍යාත්මක සමීක්ෂණ සහ චුම්බක විෂමතා අධ්‍යයන අනුව පෙනීගොස් ඇත්තේ මීටර 4ක් උසැති ප්‍රාකාරයක් පවතින බවයි. මෙහි උතුර සිට දකුණ දක්වා මීටර 460ක් ද, නැගෙනහිර සිට බටහිර දක්වා මීටර 390ක ද ප්‍රමාණයෙන් යුතු ය. මෙය ගඩොල්වලින් තනා ඇති අතර, භූගත මාලිගයේ ප්‍රාකාරය ලෙස ක්‍රියා කරයි. මෙහි මුදුනේ වසන ලද බිත්තියක් ඇති අතර, එය මීටර 30–40ක් උසැති තලන ලද පස් තට්ටුවකින් තනා ඇත. මෙහි බිත්ති සතර වෙත දිවෙන බෑවුම් පැසේජ මාර්ග පවතියි. බටහිර සොහොන්ගැබ් පැසේජය වළකට සම්බන්ධ අතර, එහි තිබී ලෝකඩ යුධ රථ සහ අශ්වයින් හමු විය. සොහොන්ගැබ නැගෙනහිර සිට බටහිර දක්වා මීටර 80ක දිගකින් ද, උතුරේ සිට දකුණ දක්වා මීටර 50ක දිගකින් ද යුතු අතර, උස මීටර 15කි.[20] නමුත්, මාලිගය පවතින ගැඹුර පිළිබඳ විද්වත් ප්‍රජාව අතර නොයෙකුත් මතභේද පවතියි. මෙහි ඇස්තමේන්තු කිරීම් මීටර 20 සිට මීටර 50 දක්වා පරාසයක වේ.

විද්‍යාත්මක ගවේෂණ සහ අර්ධව සිදුකළ කැනීම් අනුව, භූගත මාලිගයෙන් සැලකිය යුතු ලෝහ ප්‍රමාණයක් හමුවී ඇත. මෙහි ඉතා හොඳ ජලවහන පද්ධතියක් ද ඇත. සොහොන්ගැබ ඉදිකිරීමේ දී භූගත ජල මට්ටමට ළඟාවූ බවට සිමා ක්වියෑන් සඳහන් කොට ඇත. මෙහි ජල වාර්තා අනුව එය මීටර 30ක් පමණ ගැඹුරෙන් පිහිටා ඇත. 2000දී භූගත වේල්ලක් සහ ජලවහන පද්ධතියක් සොයාගැනුණු අතර, සොහොන්ගැබ භූගත ජලගැනීම්වලට ලක්වූ බවක් නොපෙනේ.[20] සොහොන් ගොඩැල්ල සහිත ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස ඉහළ රසදිය මට්ටමක් වාර්තා වී ඇත.[21] පළමු චින් අධිරාජයාගේ මොසෝලියමේ ජල මාර්ග සහ මුහුදු අනුකරණයට රසදිය යොදාගත් බවට සිමා ක්වියෑන් දක්වන වාර්තාව සත්‍යය යැයි මේ නිසා විශ්වාස කළ හැක. කෙසේනමුත්, ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ භූගත මාලිගයේ කැනීම් කටයුතු සිදුවුවහොත් රසදිය ඉක්මණින් වාෂ්ප වනු ඇති බවයි.

2012 දෙසැම්බරයේ නිවේදනය කෙරුණේ, දැවැන්ත ප්‍රමාණයේ "අධිරාජකීය මාලිගයක" නටබුන් මෙම අඩවියෙන් සොයාගැනුණු බවයි.[22] අත්තිරවාම් මත පදනම්ව, අංගණයක ආකාරයේ මෙම මාලිගය මීටර 690ක් දිගින් සහ මීටර 250ක් පළලින් යුතු බවට ඇස්තමේන්තු කොට ඇත. එමගින් වර්ග මීටර 170,000ක ප්‍රදේශයක් ආවරණය වේ යැයි අනුමාන කෙරේ. මෙය බීජිංහි තහනම් නගරයේ ප්‍රමාණයෙන් හතරනේ එකකි. මාලිගය අංගණ ගෘහ 18කින් සහ ප්‍රධාන ගොඩනැගිල්ලකින් සමන්විත ය. 2010 සිට, පුරාවිද්‍යාඥයින් විසින් මෙහි අත්තිවාරමේ කැනීම් කටයුතු සිදුකරන අතර, බිත්ති, දොරටු, ශෛලමය මාවත්, මැටි බඳුන් කැබලි සහ ගඩොලු නිර්මාණ සොයාගෙන ඇත.[23]

මත සහ භව්‍ය කැනීම්

[සංස්කරණය]
ලෝකඩ හංසයෙක්

1976 සිට, විවිධ විද්වතුන් විසින් ‍භූගත මාලිගය ගවේෂණයට පහත ප්‍රධාන හේතූන් දක්වා ඇත:

  • පළමු චින් අධිරාජයාගේ මොසෝලියම පිහිටියේ භූකම්පන බහුල ප්‍රදේශයක වන නිමා, භූගත සංස්කෘත පුරාවස්තූන් ඒවායේ ආරක්ෂාව පතා ගොඩගත යුතු ය;
  • සංචාරක කර්මාන්තය සංවර්ධනයට; සහ
  • සොහොන් ‍මංකොල්ලය වැළැක්වීමට.[24]

කෙසේනමුත්, මෙය‍ට විරුද්ධ මත ලෙස මෙවන් භූගත මාලියක මහා පරිමාණ කැනීම් සඳහා චීනයේ වර්තමාන තාක්ෂණය ප්‍රමාණව්ත නොවන බව ඉදිරිපත් වී ඇත. නිදසුනක් ලෙස, ටෙරාකොට සෙබළුන් සැලකුවහොත්, පුරාවිද්‍යාඥයන් මුලින් ටෙරාකොටා සෙබළුන්ගේ පෘෂ්ඨයේ වූ තීන්ත තට්ටුව සංරක්ෂණය කිරීමට අපොහොසත් විය. මේ නිසා වාතයට නිරාවරණය වීමේ දී එම පෘෂ්ඨයේ සායම් ස්තරයේ විවර සෑදිණි.[25][26] සංස්කෘතික උරුම ප්‍රාන්ත පරිපාලනය (SACH) සඳහන් කොට ඇත්තේ භූගත මාලිගය ආරක්ෂා කරගැනීමට සැලසුමක් ගොඩනැගීමට නම් පර්යේෂණ සහ ඇගයීම් සිදුකළ යුතු බවයි. ඔවුන් මෙයට යාබදව පිහිටි අධිරාජයාගේ මුණුපුරාගේ යැයි සැලකෙන සොහොන්ගැබ කැනීමට අවසර ලබා දී නැත්තේ ඉන් ප්‍රධාන සොහොන්ගැබට හානි සිදුවේ යැයි බිය වූ නිසායි.[27]

වෙනත්

[සංස්කරණය]
පළමු චින් අධිරාජයාගේ සොහොන්ගැබ හී දළ පැතිකඩ සමහරක් සංගණ්‍ය පිරමිඩාකාර හෝ සමීප්‍ය-පිරමිඩාකාර ගොඩනැගිලි සමග සංසන්දනයක්. තිති ඉරි වලින් පෙන්නුම් කරනුයේ, දත්ත ඇති පරිදී, මුල් උසවල් වෙයි. එහි SVG ගොනුවෙහි, විමසිය යුතු පිරිමිඩයක් මත ක්ලික් කිරීමෙන් අදාළ ලිපිය වෙත ගිය හැකිය.

ආකියොලොජි සඟරාවේ 7වන වෙළුමේ ප්‍රකාශිත "පළමු චින් අදිරාජයාගේ මොසෝලියමේ වැළලුණු රසදිය පිළිබඳ මූලික අධ්‍යයනයක්" නම් ලිපියේ දැක්වෙන්නේ පාංශු රසදිය අන්තර්ගතය මැනීමේ දී එක් පාඨාංකයක් බිලියනයට කොටස් 1440ක් තරම් ඉහළ අගයයක් ගත් බවයි. සෙසු පාඨාංක 53හි සාමාන්‍යය 205 ppb අවට අගයයකි. එසේම මෙම රසදිය අන්තර්ගත එම ප්‍රදේශයේ කාර්මික දූෂණය නිසා සිදුවූවක් බවට ද මතයක් ඇත. 1978 සිට 1980 දක්වා "ලින්තොං ප්‍රාන්ත අනුවාර්ෂිකයන්" හි සඳහන්ව ඇත්තේ කම්කරුවන්ගේ බෙන්සීන්, රසදිය සහ ඊයම් මට්ටම් සම්බන්ධයෙන් සිදුකළ සාමාන්‍ය සමීක්ෂණයක දී කර්මාන්තශාලා 21කින් විෂවූ පුද්ගලයින් 1193ක් වාර්තා වූ බවයි."[28]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Portal, Jane. "The first emperor of China: new discoveries & research: later this month the British Museum unveils an unprecedented loan exhibition of the terracotta warriors and other discoveries made at the 3rd-century BC tomb complex of Qin Shihuangdi, China's first emperor. Jane Portal, the exhibition's curator, explains the importance of the new finds." Apollo Sept. 2007: 54+. Academic OneFile. Web. 11 July 2016
  2. ^ Liu Yuhan (30 April 2012). "New York City welcomes the Terracotta Warriors". China Daily. සම්ප්‍රවේශය 13 July 2012.
  3. ^ "Terra Cotta Warriors: Guardians of China's First Emperor".
  4. ^ Li Xianzhi (13 October 2009). ""Teenage warriors" discovered in China's terracotta army". Xinhua News Agency. සම්ප්‍රවේශය 13 July 2012.
  5. ^ 司马迁 (1982). 史记. 卷六.秦始皇本纪: 中华书局. ISBN 9787101003048.
  6. ^ Chinese Text Project Shiji, original text: 九月,葬始皇酈山。始皇初即位,穿治酈山,及并天下,天下徒送詣七十餘萬人,穿三泉,下銅而致槨,宮觀百官奇器珍怪徙臧滿之。令匠作機弩矢,有所穿近者輒射之。以水銀為百川江河大海,機相灌輸,上具天文,下具地理。以人魚膏為燭,度不滅者久之。二世曰:「先帝后宮非有子者,出焉不宜。」皆令從死,死者甚眾。葬既已下,或言工匠為機,臧皆知之,臧重即泄。大事畢,已臧,閉中羨,下外羨門,盡閉工匠臧者,無復出者。樹草木以象山。
  7. ^ Portal, Jane (2007). The First Emperor: China's Terracotta Army. Harvard University Press. ISBN 978-0714124476.
  8. ^ http://www.ziyexing.com/files-5/shiji/shiji_06.htm
  9. ^ Charles Higham (2004). Encyclopedia of Ancient Asian Civilizations. Facts on File. p. 274. ISBN 978-0816046409.
  10. ^ Tanner, Harold M. (2010). China : a history. Indianapolis: Hackett Pub. Co. p. 424. ISBN 9781603842051.
  11. ^ Zhewen, Luo (1993). China's imperial tombs and mausoleums (1. ed.). Beijing: Foreign Languages Press. ISBN 7119016199.
  12. ^ "Mausoleum of the First Qin Emperor - UNESCO World Heritage Centre". UNESCO. සම්ප්‍රවේශය 9 June 2012.
  13. ^ Parry, Simon. "Curse of the Terracotta Army: How those who discovered relic suffered ruined lives". Daily Mail.
  14. ^ Yu Fei (September 29, 2009). "Living with the Terra-cotta Army".
  15. ^ a b c d Zhang Zhongli (1997), p. 16.
  16. ^ a b Zhang Zhongli (1997), p.19.
  17. ^ සැකිල්ල:Harvsp.
  18. ^ Anthony Barbieri-Low. "The Necropolis of the First Emperor of Qin - Excerpt from lecture in History 1420: Ancient China". University of California, Santa Barbara.
  19. ^ "The First Emperor - China's Terracotta Army" (PDF). British Museum.
  20. ^ a b DuanQingbo. "Summary of scientific testing carried out on the Emperor's tomb to address various questions". In Jane Porter (ed.). The first emperor: China's Terracotta Army. pp. 205–207. ISBN 0714124478.
  21. ^ DuanQingbo. "Scientific Studies of High Level of Mercury in Qin Shihuangdi's tomb". In Jane Porter (ed.). The first emperor: China's Terracotta Army. p. 204. ISBN 0714124478.
  22. ^ ""Imperial palace" found at first Chinese emperor's cemetery". Xinhuanet. December 1, 2012. සම්ප්‍රවේශය December 3, 2012.
  23. ^ Jonathan Kaiman (December 3, 2012). "China unearths ruined palace near terracotta army". Guardian. සම්ප්‍රවේශය December 3, 2012.
  24. ^ Ma Lie (27 November 2012). "Nine held over tomb robbery in Xi'an". China Daily. සම්ප්‍රවේශය 13 July 2012.
  25. ^ Ma Lie (19 May 2010). "More Terracotta Warriors rise from the earth". China Daily. සම්ප්‍රවේශය 13 July 2012.
  26. ^ Ma Lie (9 September 2012). "Terracotta army emerges in its true colors". China Daily. සම්ප්‍රවේශය 13 July 2012.
  27. ^ Tang Danlu (26 February 2012). "No excavation for mysterious tomb near Qinshihuang Mausoleum". Xinhua News Agency. සම්ප්‍රවේශය 13 July 2012.
  28. ^ 常勇; 李同 (1983). "泰始皇陵中埋藏汞的初步研究". 考古. 2022-05-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Shaanxi topics