කහ ගඟ
පෙනුම
| කහ ගඟ (හොවැං හෝ) | |
|---|---|
ප්‍රධාන නගර හරහා කහ ගඟේ වත්මන් ගමන් මග | |
| ප්‍රභවය | බයාන් හාර් කඳු, කිංහයි පළාත |
| මෝය | බොහායි මුහුද |
| ද්‍රෝණියේ පිහිටි රටවල් | මහජන චීන ජනරජය |
| දිග | 5,464 km (3,395 mi) |
| ප්‍රභවයේ උස | 4,500 m (14,800 ft) |
| Avg. discharge | 2,571 m3/s (90,800 cu ft/s) |
| ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය | 752,000 වර්ග කිලෝ මීටර (8.09×1012 sq ft) |
කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ හත් වැනියට දිගම ගංගාව වෙයි. මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි[1][2]. බටහිර චීනයේ කිංහයි පළාතේ බයාන් හාර් කඳුවලින් ආරම්භ වන එය, චීනයේ පළාත් නමයක් හරහා ගලා ගොස් බොහායි මුහුදට වැටෙයි. කහ ගංගා ද්‍රෝණියට කි.මී. 1900 (සැ 1180)ක නැගෙනහිර-බටහිර පළලක් ද කි.මී. 1100 (සැ 684)ක උතුරු-දකුණු පළලක් ද ඇත. මුළු ද්‍රෝණි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 742,443 (වර්ග සැ 290,520)කි.
පැරැණි චීනයේ වඩාත්ම සශ්‍රීක ප්‍රදේශය වූ මෙහි ද්‍රෝණිය චීන ශිෂ්ඨාචාරයට නිජබිම වූ නිසා කහ කඟ "චීන ශිෂ්ඨාචාරයේ තොටිල්ල" ලෙස ද හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් ගඟේ පහළ ප්‍රදේශයේ උස් බව හේතුවෙන් නිරන්තර ගංවතුරු උවදුරු ඇතිවීම නිසා "චීනයේ ශෝකය" වැනි දුක්බර නම් ද මෙයට පටබැඳී ඇත[3].
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Yellow River (Huang He) Delta, China, Asia
- ^ Chinese history records that Yellow River has changed its course 17 times
- ^ China's Sorrow." Times Past: Pausing to Remember, http://www.pausingtoremember.net/China%27s_sorrow.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-16