නිකීතා කෘෂෙෆ්
නිකීතා කෘෂෙෆ් Никита Хрущёв | |
---|---|
සෝවියට් සංගමයෙහි කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවෙහි පළමුවන ලේකම් | |
In office 14 සැප්තැම්බර් 1953 – 14 ඔක්තොම්බර් 1964 | |
පූර්වප්‍රාප්තිකයා | ජියෝර්ගි මෙලෙන්කොෆ් (තත්ත්වාකාරයෙන්) |
අනුප්‍රාප්තිකයා | ලියනෙඩ් බ්‍රෙෂ්නෙෆ් |
අමාත්‍ය මණ්ඩලයෙහි සභාපති | |
In office 27 මාර්තු 1958 – 14 ඔක්තොම්බර් 1964 | |
පළමුවන නියෝජ්‍යයෝ | |
පූර්වප්‍රාප්තිකයා | නිකොලායි බුල්ගානින් |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්සෙයි කොසිජින් |
Personal details | |
උපත | නිකීතා සර්ගර්යෙවිච් කෘෂෙෆ් |
ජාතිකත්වය | සෝවියට් |
නිකීතා සර්ගර්යෙවිච් කෘෂෙෆ් (Ukrainian: Хрущо́в Мики́та Сергі́йович), [a] (15 අප්‍රේල් [පැ.මා. 3 අප්‍රේල්] 1894 – 11 සැප්තැම්බර් 1971) යනු සීතල යුද්ධය පැවති කාලයෙන් කොටසකදී 1953 සිට 1964 දක්වා සෝවියට් සමාජවාදී පක්ෂයෙහි ලේඛම් ලෙසත් 1958 සිට 1964 දක්වා අමාත්‍ය මණ්ඩලයෙහි සභාපති ලෙසත් සෝවියට් සංගමයට නායකත්වය ලබාදුන් දේශපාලනඥයෙකි. කෘෂෙව් ට පෙර සොවියට සංගමය තුල පැවති ස්ටාලින්වාදී ප්‍රතිපත්ති වෙනුවට වඩාත් ලිබරල්වාදී ප්‍රතිව්‍යුහගත කිරීම් කෘෂෙව් විසින් සිදු කරන ලදී. එම ප්‍රතිපත්තිමය වෙනස්කම් සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ දියුණුව සඳහා ද ඉවහල් විය. කෘෂෙව් ගේ පක්ෂ සගයන් විසින් 1964 දී කෘෂෙව් ව බලයෙන් පහකර ලේඛම් තනතුරට ලියොනිඩ් බ්‍රෙශ්නෙව් සහ සභාපති ලෙස ඇලෙක්සෙයි කොසිගින් පත් කරන ලදී.
කෘෂෙව්, 1894 දී වර්තමාන රුසියාව හා යුක්රේනය අතර ඇති දේශ සීමාව ආසන්නයේ පිහිටි ගමක් වන කලිනොව්කා හි දී උපත ලැබීය. තරුණ වියේදී ඔහු කම්මල්කරුවෙකු ලෙස රැකියාව කරන ලදී. රුසියානු සිවිල් යුද්ධය සිදුවන අවධියේදී ඔහු දේශපාලන කොමිසාර්වරයෙකු (නිලධාරියෙකු) ලෙස කටයුතු කළේය. ලාසර් කගනොවිච් ගේ සහාය ඇතිව ඔහු සොවියට සංගමයේ තනතුරු ලබා ගත්තේය. ඔහු ජෝෂප් ස්ටාලින් ගේ පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තියට සහාය දැක්වූ අතර දහස් ගණනින් සිදු කළ අත්තඩංගුවට ගැනීම් අනුමත කළේය. 1938 දී යුක්රේනය පාලනය කිරීම සඳහා ස්ටාලින් ඔහුව පිටත් කර යවන ලද අතර කෘෂෙව් එහි සිට ස්ටාලින්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීය. සෝවියට් සංගමය තුළ මහා දේශප්‍රේමී යුද්ධය ලෙස හඳුන්වනු ලැබූ දෙවන ලෝකයුද්ධයේ නැගෙනහිර පෙරමුණ පැවති කාලයේදී කෘෂෙව් නැවතත් කොමිසාර්වරයෙකු ලෙස ස්ටාලින් සහ ඔහුගේ ජෙනරාල්වරුන්ගේ අතරමැදියෙකු ලෙස සේවය කළේය. ස්ටාලින්ග්‍රාඩ් සටන සිදුවන අවස්ථාවේ කෘෂෙව් එහි සිටි අතර එය ඔහුගේ ජිවිත කාලය පුරාවට ඔහුට මහත් අභිමානයක් හිමිකර දුනි. යුද්ධයෙන් පසු ස්ටාලින්ගේ සමීපතම උපදේශකයෙකු ලෙස මොස්කව් වෙත කැඳවීමට පෙර ඔහු නැවත යුක්රේනයට ගියේය.