ශ්‍රී ලංකා නාවික හමුදාව

විකිපීඩියා වෙතින්
(නාවික හමුදාව - ශ්‍රී ලංකාව වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා නාවික හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදා ධජය
Active දෙසැම්බර් 9, 1950; වසර 73 කට පෙර (1950-12-09)
Country ශ්‍රී ලංකාව
Branch ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව
Role නාවික සහ වෙරළාසන්නආරක්ෂක
Size 48,000
Part of ආරක්ෂක අමාත්‍යංශය
නාවික හමුදා මූලස්ථානය SLNS Parakrama, කොළඹ
Motto රට වට බැදි රන් ‍වැට
Anniversaries දෙසැම්බර් 9 ( නාවික හමුදා දවස )
Engagements ලෝක යුද්ධය II
1971 කැරලි කෝලාහලය
කැරලි කෝලාහලය 1987-89
ශ්‍රී ලංකා සිවිල් යුද්ධය
Commanders
අණ දෙන නිලධාරී නාවික හමුදාව වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න
Notable
commanders
නාවික සේනාපති W.W.E.C.ෆ්‍රනාන්දු විශිෂ්ඨ සේවා විභිශනය
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ RSP, VSV, USP,SLN
අද්මිරාල් තිසර සමරසි০හ RSP, VSV, USP,ndc, psc, SLN


රාජකීය සිලෝන් නාවික හමුදා ධජය (1950-1972)

ආශ්‍රිත ලිපි[සංස්කරණය]




  • ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ බළකායන්.(Y.W.B).
===========================[සංස්කරණය]
  • 1.ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය-වි.යා.බ-Sri Lankan Navy Special Boat Squadron-SBS.(Y.W.B).
=================================================================[සංස්කරණය]
  • විශේෂ යාත්‍රා බළඝණය යනු කුමක්ද...?.
===================[සංස්කරණය]
*විශේෂ යාත්‍රා බලඝණය (SBS)[Special Boat Squadron] ශ්‍රීලංකා නාවික හමුදාවේ විශිෂ්ඨතම විශේෂ බලකා ඒකකය වේ. බ්‍රිතාන්‍ය විශේෂ යාත්‍රා සේවය අනුව යමින් 1993 වසරේ මෙම විශේෂ ප්‍රහාරක බලඝණය ශ්‍රීලංකා නාවික හමුදාවේ ස්ථාපනය කරන ලදි.
  • ශ්‍රිලංකා හමුදාවට අයත් විශේෂ බලකා යටතේ වර්ගීකරණය වන මෙය කොමාන්ඩෝ රෙජිමේන්තුව (CR), විශේෂ බලකාය (SF), රෙජිමේන්තු විශේෂ බලකාය (ශ්‍රීලංකා ගුවන් හමුදාව ) යන විශේෂ බලකා බලඝණ හා එක්ව ක්‍රියා කරන එකම නාවික හමුදා විශේෂ බලකා බලඝණය වේ.
  • කාර්යභාරය.
=[සංස්කරණය]
  • විශේෂ යාත්‍රා බලඝණය , එක්සත් රාජධානියේ නාවුක විශේෂ ඒකකය වන විශේෂ යාත්‍රා සේවාව(Special Boat Service - SBS) ආදර්ශයට ගෙන නිර්මාණය කොට ඇත. මෙහි කාර්යභාරය වන්නේ නාවුක විශේෂ බලකායක් ලෙස,
  • "මුහුද හා ජලාශ්‍රිතව සිදුවන මෙහෙයුම් , සමුදුරේදී ඇතිවන ත්‍රස්තවාදී ප්‍රහාර වලට එදිරිව සිදු කරන මෙහෙයුම් , ත්‍රස්තවාදීන් හා ඉලක්ක පිරික්සීම් හා හඳුනාගැනීම් , කිමිදුම් සටන්කරුවන් හා කුඩා වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරන මෙහෙයුම්" වැනි විශේෂ නාවුක මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දීමයි .
  • විශේෂ බලකා ඒකකයක් ලෙස, එහි කාර්යභාරයන් මුහුදේ සිදුකරන ක්‍රියාන්විත සඳහා පමණක් සීමා නොවේ. බොහෝ අවස්ථා වලදී ශ්‍රීලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුව, යුධ හමුදා විශේෂ බලකාය හා එක්ව ගොඩබිම ඒකාබද්ධ සටන් සඳහා ද මෙම බලඝණය තම දායකත්වය නිතැතින්ම දක්වා ඇත.
  • විශේෂ යාත්‍රා බලඝණයේ කර්තව්‍යයන්.
=================[සංස්කරණය]
  • .වෙරලබඩ ව සිදුකරන හමුදා මෙහෙයුම් සඳහා කුඩා වේග ප්‍රහාරක බෝට්ටු මගින් සහාය සැපයීම.
  • .මුහුදු සීමා වල සිදුවන සටන් සඳහා කල්තියා රහසිගතව සූදානම් වීමට සිදු කරන විශේෂිත නිරීක්ෂණ හා ගවේෂණ මෙහෙයුම් හා මිනුම් කටයුතු සිදු කිරීම (මුහුදු පතුලේ ස්වභාවය ආදිය).
  • .මුහුදේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම.
  • .කලින් සැලසුම් කරන ක්‍රියාන්විත සඳහා පැමිනෙන කණ්ඩායම්වලට මාර්ග සැකසීම හා ආරක්ෂාව සැපයීම.
  • .ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ මුහුදු යාත්‍රා හා නැව් වලට ආරක්ෂාව සැපයීම හා ත්‍රස්තවාදී ග්‍රහණයේ ඇති යාත්‍රා මුදා ගැනීම.(VBSS operation)[ Visit Board Search & Seizure].
  • .ගැඹුරු මුහුදු සීමාවේ ඇති ඉලක්ක හඳුනා ගැනීම හා නිරීක්ෂණ සිදුකොට ප්‍රහාර එල්ලකිරීම.
  • .හඳුනාගත් ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම.
  • .ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයිම.
  • ඉතිහාසය.

==[සංස්කරණය]

  • ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය 1993 ජනවාරි 13 දින, ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ නායකත්වයෙන් යුතු ව අධිකාරිලත් නිලධාරින් 2ක් හා සෙසු නිලයන් 76 කගෙන් සමන්විතව යාපනය කරෙයිනගර් වල පිහිටි ශ්‍රි ලං.නා.නෞ. එළාර හිදී ආරම්භ කරන ලදි. විශේෂ පුහුණුවකින් පසුව 25 දෙනෙකුගෙන් යුතු ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණය පිහිටුවන ලදි .
  • මෙම ඒකකයේ පළමු මෙහෙයුම වූයේ 1993 නොවැම්බර් මසදී ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් පූනරීන් නාවික කඳවුර නැවත අත්පත් කර ගැනීමයි. වි.යා.බ විසින් ශ්‍රී ලංකාවේ පැවති රිවිරැස, දිරිතර , අග්නිඛීල වැනි ප්‍රධාන මෙහෙයුම් රැසකදී තම දායකත්වය මාතෘභූමිය වෙනුවෙන් සපයා ඇත.
  • තවද අවසන් මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරීව තම දායකත්වය වි.යා.බ විසින් විශිෂ්ට ලෙස දක්වා ඇත.
  • යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ වේග ප්‍රහාරක ජෙට් බෝට්ටු(Water Jet) වැනි කුඩා ප්‍රහාරක යාත්‍රා(Arrow) මගින් මුහුදු කොටින්ගේ යාත්‍රා හා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලින් සිදු කල ප්‍රහාර වලට එරෙහිව ක්‍රියාන්විත දියත් කිරීම විශේෂ යාත්‍රා බලඝණය මගින් සිදුවිය.
  • විශිෂ්ට සාමාජිකයන්.
=====[සංස්කරණය]
  • පරම වීර විභූෂණය.
====[සංස්කරණය]
  • 15.XX 31243

ප්‍රධාන සුළු නිලධාරි කේ.ජී.ශාන්ත විශේෂ යාත්‍රා බලඝණය.

  • පෞද්ගලික තොරතුරු.

  • සම්පුර්ණ නම :

කේ.ජී.ශාන්ත.

  • හමුදා ඒකකය :

විශේෂ යාත්‍රා බලඝණය.

  • මියගිය ස්ථානය :

නාගර්කෝවිල්.

  • උපන් දිනය :

1979 අගෝස්තු 04.

  • මියගිය දිනය :

2008 නොවැම්බර් 01.

  • වයස :

29.

  • පදක්කම ලැබුණු දිනය :

2009 ජනවාරි 07.

  • මව :

ආර්.එම්.ඩොලීනෝනා.

  • පියා :

කේ.ජී. ගුණතිලක.

  • විවාහක /අවිවාහක බව :

විවාහක.

  • බිරිඳ :

ආර්.එම්.එස්.ආර්.දිසානායක.

  • ලබා ගෙන ඇති පදක්කම්
:*පරම වීර විභූෂණය.
*වීර වික්‍රමාන්විතය.
====[සංස්කරණය]

තවත් සැකසුම් විශේෂ අනු ලකුණු උදව් හැඩකරණය සබැඳුම් ශීර්ෂ ලැයිස්තු ගොනු යොමුවන් සාකච්ඡාව

  • 2008 නොවැම්බර් 01 වන දින මුහුදු කොටින් නාවික හමුදාව සමඟ පේදුරුතුඩුව සහ නගර්කොව්ල් අතර මුහුදු තිරයේ දී ගැටුමක් ඇති කර ගත්හ.
  • සුළු නිලධාරියෙකු වන කේ.ජී.ශාන්ත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඇණිය ට අනුයුක්තව සේවය කළේය. ඔහු ඇරෝ වර්ගයේ පෙට්‍රල් යාත්‍රාවේ නිලධාරියා විය.මෙම යාත්‍රාව මෙම ප්‍රහාරය සඳහා නාවික හමුදාව විසින් යොදා ගැනිණි.
  • ශාන්ත සහ ඔහුගේ කණ්ඩායම එම යාත්‍රාවෙන් මුහුදු කොටින් හට ප්‍රහාර එල්ල කරන්නට වුහ. මෙම යාත්‍රාව සතු හැසිරවීමේ පහසුව නිසා මෙවැනි ප්‍රහාරයක දී එය නාවික හමුදාවට විශාල ශක්තියකි. සටන දරුණු වීම නිසා මෙම යාත්‍රාවේ සිටි තුවක්කු කරුවන් තිදෙනාම බරපතල ලෙස තුවාල ලැබුහ.
  • කෙසේ නමුදු මුහුදු කොටින්ගේ ඉලක්කය වී තිබුනේ විශාල යාත්‍රා දෙකය. ශාන්ත මෙය හොඳින් නිරීක්ෂණය කලේය. තවද ශාන්ත අනෙක් යාත්‍රා වල ගමන් කළ පිරිස 12 දෙනෙකු බවට ද ශාන්ත දැන සිටියේය. මේ වන විට ශාන්ත සතුව ඉත්රිව ඇත්තේ ඔහු සහ ඔහුගේ යාත්‍රාව පමණි.
  • ඔහු තම යාත්‍රාව වේගයෙන් මෙහෙයවා මුහුදු කොටින්ගේ යාත්‍රා වල ගමන් මග හරස් කළේය. අවසානයේ මුහුදු කොටි යානාව සමග ශාන්තගේ යාත්‍රාව ඝට්ටනය කළේය. මෙය කෙළවර වුනේ විශාල පිපිරිමකිනි.
  • මෙහිදී ශාන්ත තම ජීවිතය සහෝදර සෙබළුන් වෙනුවෙන් පුජා කළේය.එහෙයින් ශාන්තයන්ගේ වික්රමනිව්ත ක්‍රියාවට උපහාර පිණිස ඔහුගේ නිළය ප්‍රධාන සුළු නිලධාරී දක්වා උසස් වූ අතර, ඔහු පරම විර විභූෂණයෙන් පිදුම් ලැබුවේ ය.
  • .ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත - පරම වීර විභූෂණය පදක්කමින් පිදුම් ලබන ලදි.
  • වෙනත් විශිෂ්ට සාමාජිකයන්.
===========[සංස්කරණය]
  • .ලුතිනන් කමාන්ඩර් සමන්ත වරුණ ගාල්ලගේ, WWV, RWP, RSP 11 and a founding officer of SBS.
  • .වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න WV,RWP & Bar,RSP,ndc,psc - ඒකකයේ පළමු අණදෙන නිලධාරි.(Y.W.B).



  • 2.ශ්‍රීලංකා නාවික හමුදා ක්ෂණික විහිදුම් යාත්‍රා බලඝණය-ක්ෂ.වි.යා.බ
  • Rapid Action Boat Squadron-RABS.(Y.W.B).
========================================[සංස්කරණය]
  • ක්ෂණික විහිදුම් යාත්‍රා බලඝණය යනු කුමක්ද...?.
==========================[සංස්කරණය]
  • ඉතිහාසය.

==[සංස්කරණය]

  • මෙම ඒකකය නාවික හමුදාව තුළ ස්ථාපිත කරන ලද්දේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ සංකල්පයක් අනුවය.
  • කුඩා යාත්‍රා විශාල ප්‍රමාණයක් එකවර මුහුදු සටනට යොමු කරමින් මරාගෙන මැරෙන "මුහුදු කොටි" යාත්‍රා ප්‍රහාරක යාත්‍රා අවුල් කිරීම සැලැසුමේ අරමුණ විය.
  • ඒ අනුව මෙරටේදීම අදාළ කුඩා යාත්‍රා නිර්මාණය කිරීම සිදුවිය."ඇරෝ" හා "වේව් රයිඩර්ස්" ලෙස නම් කළ එම කුඩා යාත්‍රා තුළ සටන්කාමී නැවියන් 5 ත් 8 ත් අතර පිරිසක් යොදවා එවැනි යාත්‍රා 20 ක් 30 ක් පමණ එකවර සටනට යෙද වීම හමුවේ එතෙක් කලක් "මුහුදු කොටි" සතුව තිබූ මුහුදේ අසමතුලිත බලය නාවික හමුදාව අතට ගැනීමට හැකිවිය.
  • මෙය මෙරට නූතන සටන් ඉතිහාසයේ සිදුකර සාර්ථක ප්‍රතිපල අත් වූ ඉතාමත් අතලොස්සක් වූ උපායන් අතරින් ඉදිරියෙන්ම තිබෙන එකකි.
  • සාමාජිකයන් බදවා ගැනීම.
=========[සංස්කරණය]
  • මෙම ඒකකය සදහා සාමාජිකයන් තෝරා ගත්තේ නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුවට එක් වී අතර මැදදී විවිධ හේතු මත ඉන් ඉවත් වූ නමුත් මනා ශාරීරික,මානසික ශක්තියකින් හෙබි නිලයන් හා සෙසු නිලයන්ය.
  • පුහුණුව.

==[සංස්කරණය]

  • මෙම ඒකකයේ පුහුණුව සදහා වෙනම කදවුරු ඇතිකර ඒ සදහා නාවික හමුදා වේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණු උපදේශකයන් පිරිසක්ද යොමු කරන ලදි.ඔවුන් නිරන්තරයෙන්ම මෙම ඒකකය සමග රැදී සිටිමින් සාමාජිකයන්ගේ නිපුනත්වය හා නිර්භීත භාවය ඉහල තැනකට ගෙන ආහ.
  • මෙහෙවර.

=[සංස්කරණය]

  • අවසන් සටනේදී මෙම ඒකකයෙන් සිදුවූ මෙහෙවර විශාලය.ඔවුන් විශේෂ යාත්‍රා බලඝණයේ පිරිස් සමග එකතුව යෙදූ මුහුදු ආරක්ෂාව නොවන්නට එම සටන ඊට වඩා බොහෝඅ අසීරු හා හානි බහුල මිල අධික එකක් වනවාට සැක නැත.(Y.W.B).



  • 3.ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණය-Marine Squadron.(Y.W.B).
==========================================[සංස්කරණය]
  • මැරීන් බලඝණය යනු කුමක්ද...?.
==============[සංස්කරණය]
  • විශේෂ පුහුණුවකින් හා දක්ෂතා වලින් සන්නද්ධ මැරීන්(Marine) බලඝණයක් ශ්‍රී ලංකාවේ ද ස්ථාපිත කොට තිබේ.
  • භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා, විශේෂ පුහුණුවක් ලබා ‍ඇති මෙම මැරීන් භටයන්, දූපත් රාජ්‍යක් වන අප රටේ, ඕනෑම වෙරළ තීරයකට ගොඩ බැස, සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට, සාර්ථක අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වීම ඔවුන්ගේ විශේෂත්වයයි.
  • මැරීන් බළකා භටයෙක් ලෙස හදුන්වන්නේ නාවික හමුදා පුහුණුව මෙන්ම පාබල හමුදා බළකායක පුහුණුවද එකලෙස ලැබූ විශිෂ්ඨ ලෙස මුහුදේද, ගොඩබිමේද ඔවුන්ගේ බළකාය විසින් මෙහෙයවන සටනක, ඕනෑම පරිසරයක එකලෙස සටන් කළ හැකි දක්ෂයෙක්. දිය හා ගොඩ එකලෙස සටන් මෙහෙයවන මෙම භටයන් ලොවපුරා හදුන්වන්නේ “උභයජීවී භටයන්” ලෙසයි.
  • සාමාන්‍යයෙන් මැරීන් බළකාය රටක නාවික හමුදාවේ එක් කොටසක් ලෙස ක්‍රියාත්මක වන නමුත් ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ මැරීන් බළකා පාලනය කරන්නේ එරට යුධ හමුදාවයි.
  • නාවික හමුදාවේ කොටසක් නොවන ඇමරිකානු මැරීන් බළකාය ස්වාධීන බළකායක් ලෙස එරට ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු නාවික දෙපාර්තුමේන්තුවට යටත්වයි.
  • නාවික යාත්‍රා වල නැගී ගැඹුරු මුහුදේ සිට වෙරළ දක්වා සියළුම මෙහෙයුම්, සියළුම අවධානම් දරා ගනිමින් සතුරු නාවික යාත්‍රා අල්ලා ගැනීම, විනාශ කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, මුහුදෙන් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීම, නගරබද, කැළෑ සටන් හා ගංගා ආශ්‍රිත මෙහෙයුම් පිළිබඳවද මෙම බළකාය මනා නිපුණතාවයකින් යුක්ත වේ.
  • ශ්‍රී ලංකා මැරීන් බළකාය බිහි වූ ආකාරය.
===================[සංස්කරණය]
  • දූපත් රාජ්‍යයක් වන අප රටේ බිහිසුණු ත්‍රස්තවාදය ආරම්භ වීමත් සමඟම LTTE සංවිධානයේ අවි ආයුධ පිරවූ නැවු මුහුදු මාර්ගය ඔස්සේ උතුරට ලඟා වන්නට විය. මෙම ක්‍රියාවන් වැලැක්වීම සඳහා මුහුදේ මෙන්ම ගොඩබිමද දක්ෂ ලෙස සටන් කළ හැකි ගරිල්ලා සටන් උපක්‍රම වලින් මනා සන්නද්ධ බළකායක අවශ්‍යතාව තදින් දැනුණි. නමුත් ඒ සඳහා යොදා ගනු ලැබුවේ නාවික හමුදාවෙන් තෝරා ගත් භට පිරිසක් පමණයි.
  • යුද්ධය නිමවීමෙන් පසුව එහි ආරම්භක පියවර ලෙසින් 2016 වසරේ මුල් භාගයේදී ‘භූ ජල තරණ‘ ක්‍රියාන්විත පිළිබඳ දින 45 ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික සෙබළුන් හා නිලධාරීන් 300 කින් සමන්විත ප්‍රථම “භූ ජල තරණ” කණ්ඩායම ආරම්භ වේ.
  • නමුත් ඉන් අනතුරුව අනෙක් රටවලට නොදෙවෙනි හා ලෝකයේ පිළිගත් මැරීන් බළකායක් අපේ රටේ පිහිටුවීම සඳහා යෝජනා වූවත් ප්‍රබල රටවලට පමණක් නිර්මාණය වී ඇති මෙම බළකායේ පුහුණුව හා තාක්ෂණය පිළිබඳව ගැටළු පැනනැගීම නිසා එය ක්‍රියාත්මක වීම කල් යයි.
  • ඇමරිකානු මැරීන් බළකායේ මැදිහත් වීම.
====================[සංස්කරණය]
  • ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය ස්ථාපිත කිරීමේ මූලික වූ සිද්ධිය ලෙස 2016 වසරේ මාර්තු 29 වන දින ඇමරිකානු නාවික හමුදාවට අයත් “බ්ලූ රිජ්” යුධ නෞකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා එක්සත් ජනපද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති හමුව නම් කළ හැකියි.
  • මැරීන් බළඇණිය පිහිටුවීම, එහි පුහුණු කටයුතු හා අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා ඇමරිකානු මැරීන් බළකාය එහිදී සහය පළ කරයි.
  • ඒ අනුව හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණය ස්ථාපිත කරනු ලබයි.
  • පුහුණුවීම්.

=[සංස්කරණය]

  • මෙම බලඝණයට පුහුණුවීම් සදහා ඇමැරිකානු මැරීන් බලකායේ පුහුනු උපදේශකයන්ගේ මග පෙන්වීම හා සහාය ලැබේ.
  • ඇමරිකානු පුහුණුව.
===[සංස්කරණය]
  • නාවික හමුදාවෙන් මූලික පරීක්ෂණ වලින් අනතුරුව තෝරා ගත් භටයන් 164 දෙනා හට නාවික හා පාබල මූලික පුහුණුවට අමතරව යුධ නැවක සිට බෝට්ටු, හෙලිකොප්ටර්, වායුපායාන හා දිය ගොඩ දෙකම ගමන් කල හැකි වාහන යොදා ගනිමින් වෙරළට ළගා වීමටත් මැරීන් සෙබළුන්ට අත්‍යවශ්‍ය වන කිමිදුම් යුධ උපක්‍රම, පිහිනුම් යුධ උපක්‍රම හා පැරෂුට් භාවිතය පිළිබඳව මාස ගණනක පුහුණුවත් ලබා දී තිබේ.
  • “පුහුණුව යනු යුද්ධයයි- යුද්ධය යනු පුහුණුවයි” යන ඇමරිකානු මැරීන් ආදර්ශ පාඨය අනුකූලව අදියර කිහිපයකින් යුක්ත වූ පුහුණු සැසිවාර වලදී දුර දිගු විහිදුම් සටන් වලදී සන්නිවේදනය පවත්වා ගන්නා ආකාරයත්, සියළුම අවි පිළිබඳව උපාය මාර්ගික දැනුමත්, සතුරු ප්‍රහාර හා සතුරු අවි පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමත් ඕනෑම පරිසර තත්ත්ව යටතේ ඉලක්ක ලබා ගැනීම හා උභයජීවී හැසිරීම් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් මෙම මැරීන් සොල්දාදුවන්ට ලබා දෙයි.
  • මැරීන් බලඝණයේ කාර්යභාර්යය.
==============[සංස්කරණය]
  • මෙම මැරීන් පාඨමාලාව නිමකළ භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ‍ඇති නිලධාරීන් 6 දෙනා හා නාවිකයන් 158 දෙනා දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට ක්ෂණිකව මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ.
  • ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම, ශ්‍රී ලංකාව තුළ සහ කලාපය තුළ සිදුවන ස්වභාවික ව්‍යසන සහ ආපදා කළමනාකරණය, ඒ සඳහා සහන කටයුතු සැලසීම හා මානුෂීය සහන සේවා සැලසීම පිළිබඳවද භටයන් විශේෂ පුහුණුවක් ලැබී තිබේ.
  • ප්‍රථම මැරීන් බලඝණයේ විසිර යාම.
===============[සංස්කරණය]
  • මුහුදේ ගැඹුරට ගොස් සතුරාට පහර දීමේ සිට ගොඩබිම ඇතුළත ඕනෑම ගරිල්ලා සටන් ප්‍රහාරයන් දක්වා ක්‍රියා කිරීමට හැකියාව ඇති නාවික හමුදාව යටතේ ඇති මෙම මැරීන් බළකායේ ප්‍රථම බලඝනය විසිරි යන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වනදා මන්නාරම, මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා වයඹ නාවික ප‍්‍රධාන මූලස්ථානයේ පැවති මැරීන් ලාංජන පැළදවීමෙන් අනතුරුවයි.
  • එහිදී මුල්ලිකුලම් වෙරළ තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය විසින් සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම දක්වන සංදර්ශනයක් පවා සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා මැරීන් බළකායේ වෙබ් අඩවිය විවෘත කිරීමද සිදුවන්නේ මෙදිනයි.
  • ප්‍රථම මැරීන් බලඝණයේ නිලධාරීන් හා නාවිකයන් 164 දෙනාගේ විසිර යාමත් සමඟ ශ්‍රී ලංකා මැරීන් බළකාය ලෝකය විසින් පිළිගත් ලාබාලම මැරීන් බළකාය ලෙස වර්තමානය වනවිට කටයුතු කරමින් සිටී.(Y.W.B).