නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්
Arthur C. Clarke Institute for Modern Technologies
සංක්ෂිප්තයACCIMT
සංස්ථාපනය1984 (1984)
වර්ගයරාජ්‍ය ආයතන
මූලස්ථානයMoratuwa, Sri Lanka
Membership
Asia Pacific Regional Space Agency Forum (APRSAF)
Chairman
Professor K. P. S. චන්දන ජයරත්න
පීතෘ සංවිධානය
තාක්ෂණ අමාත්‍යාංශය
වෙබ් අඩවියOfficial website

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය (ACCIMT) (ඉංග්‍රීසි: Arthur C. Clarke Institute for Modern Technologies ) යනු ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා තාක්ෂණ හුවමාරුව සඳහා වූ ආයතනයකි. එය නම් කර ඇත්තේ එහි ආරම්භක අනුශාසක, සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යා ප්‍රබන්ධ කතෘ, නව නිපැයුම්කරු සහ අනාගතවාදි ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාට උපහාර ලෙසයි. [1] [2] ආයතනයේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු කර ඇත්තේ ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, විදුලි සංදේශ, තොරතුරු තාක්‍ෂණය, අභ්‍යවකාශ තාක්ෂණ සහ රොබෝ විද්‍යාව යන ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ පැවැත්වීම සහ අදාළ කර්මාන්තවල වෘත්තිකයන් සඳහා පුහුණුව ලබා දීමයි. [3] එය ශ්‍රී ලංකාවේ ඇති මෙවැනි ආයතන කිහිපයෙන් එකකි. [4]

ඉතිහාසය[සංස්කරණය]

1984 අංක 30 දරන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පාර්ලිමේන්තු පනත මගින් 1984දී මෙම ආයතනය ස්ථාපිත කරන ලදි. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ලෙස මුලින් හැඳින්වූ මෙම ආයතනය, නවීන තාක්‍ෂණ සඳහා ආතර් සී ක්ලාක් ආයතනය ලෙස නම් කරන ලද අතර, 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනත මගින් 1994 දී ආයතනික ආකාරයෙන් නැවත ස්ථාපිත කරන ලදී. [2] එය ශ්‍රී ලංකාවේ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතී. [5] [6] එම වසරේම, ආසියා සහ පැසිෆික් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP)(ඉංග්‍රීසි: United Nations Economic and Social Commission for Asia and the Pacific) විසින් අභ්‍යවකාශ තාක්‍ෂණ යෙදුම් සඳහා ජාතික කේන්ද්‍රස්ථානය ලෙස ACCIMT පත් කරන ලදී. [7]

1996 දී, ජපාන රජය හරහා ටෝකියෝ ජාතික නිරීක්ෂණාගාරය විසින් පරිත්‍යාගයක් ලෙස ආයතනයට 45cm GoTo Cassegrain පරාවර්තක දුරේක්ෂයක් ලැබුණි. [8] එය ශ්‍රී ලංකාවේ විශාලතම දෘශ්‍ය දුරේක්ෂයයි . [9] [10] [11] [12] අදාළ තාක්ෂණික සහාය ජපානයේ Besei තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ දකුණු අප්‍රිකානු තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය විසින් සපයන ලදී.

ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා සිදු කරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ACCIMT හට ජපන් අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) අනුග්‍රහය යටතේ Asia Pacific Regional Space Agency Forum (APRSAF) හි සාමාජිකත්වය හිමි විය.. [9] ACCIMT විසින් 2011 දී තිරසාර සංවර්ධනය සඳහා වූ කලාපීය අභ්‍යවකාශ යෙදුම් වැඩසටහන (RESAP) පිළිබඳ අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේ 15 වැනි සැසිවාරය පැවැත්වීය [13] වැඩසටහන මෙහෙයවනු ලැබුවේ UNESCAP විසිනි.

සේවා[සංස්කරණය]

පර්යේෂණ සහ සංවර්ධනය[සංස්කරණය]

ආයතනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, අභ්‍යවකාශ තාක්‍ෂණය, තාරකා විද්‍යාව සහ රොබෝ විද්‍යාව පිළිබඳ පර්යේෂණ පවත්වයි. එහි බොහෝ පර්යේෂණ ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික අංශයේ කර්මාන්ත අතර නවීන තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. [2]

පෘථිවි නිරීක්ෂණ සඳහා චන්ද්‍රිකා දත්ත ලබා ගැනීම සහ නැවත බෙදා හැරීම සඳහා ජාතික මධ්‍යස්ථානය[සංස්කරණය]

ACCIMT විසින් චන්ද්‍රිකා දත්ත නොමිලේ හෝ දැරිය හැකි මිලකට ලබා ගැනීමට විදේශ නියෝජිතායතන සමඟ සාකච්ඡා කර ඇති අතර එය ACCIMT හි පිහිටි server හි ගබඩා කර ජාතික සංවර්ධනය සඳහා චන්ද්‍රිකා දත්ත භාවිතා කරන රාජ්‍ය අංශයේ ආයතන සමඟ බෙදා ගනු ඇත. පෘථිවි නිරීක්ෂණ දත්ත ලබා ගැනීමට සහ බෙදා හැරීමට යටිතල පහසුකම් සහ යෝජිත ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා අක්කර දහයක භූමි ප්‍රමාණයක් බස්නාහිර පළාත සඳහා වන මෙගාපොලිස් ප්‍රධාන සැලැස්මේ හඳුනාගෙන ඇත. චන්ද්‍රිකා බිම් මධ්‍යස්ථානය හෝමාගම පිටිපන මාහේන්වත්තේ 6°49′ 38.48″N, 80° 2′ 8.20″E යන ස්ථානයේ ස්ථාපනය කෙරේ. [14] [15]

ආතර් සී ක්ලාක් අනුස්මරණ දේශනය[සංස්කරණය]

2008 දී ශ්‍රීමත් ආතර් සී ක්ලාක් අභාවප්‍රාප්ත වූ දා සිට, ආයතනය වාර්ෂිකව ආතර් සී ක්ලාක් අනුස්මරණ දේශනයක් පවත්වයි. [16] [17] දේශනය පවත්වනු ලබන්නේ අභ්‍යවකාශ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රකට විද්‍යාඥයෙකි.

මෙතෙක් දේශනය පැවැත්වූ විද්‍යාඥයින්ගේ ලැයිස්තුව:

  • 2009 - ආචාර්ය ක්‍රිෂ්ණස්වාමි කස්තුරිරංගන් ( ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ හිටපු සභාපති සහ ඉන්දියාවේ සැලසුම් කොමිසමේ සාමාජික) [18]
  • 2010 - ආචාර්ය තිරුමලාචාරි රාමසාමි (ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම්) [18]
  • 2011 - ආචාර්ය මුස්තාෆා දින් සුබාරි ( මැලේසියානු ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්)
  • 2012 - මහාචාර්ය Suvit Vibulsresth (තායිලන්තයේ භූ-තොරතුරු හා අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන නියෝජිතායතනයේ නිර්මාතෘ-විධායක අධ්‍යක්ෂ)
  • 2013 - මහාචාර්ය ගෙහාන් අමරතුංග ( කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ඉලෙක්ට්‍රොනික, බලශක්ති සහ බලශක්ති සංරක්ෂණ ප්‍රධානී) [18]
  • 2014 - මහාචාර්ය හුයි ලින් (චීන හොංකොං විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ හා පෘථිවි තොරතුරු විද්‍යා ආයතනයේ (ISEIS) මහාචාර්ය සහ අධ්‍යක්ෂ)
  • 2015 - Prof.Guo Huadong ( චීන විද්‍යා ඇකඩමියේ (CAS) දුරස්ථ සංවේදන සහ ඩිජිටල් අර්ත් ආයතනයේ (RADI) අධ්‍යක්ෂ ජනරාල්)
  • 2016 - ආචාර්ය සරත් ගුණපාල ( භෞතික විද්‍යාඥ සහ අධ්‍යක්ෂ, අධෝරක්ත ඡායාරූප අනාවරක මධ්‍යස්ථානය, NASA Jet Propulsion Laboratory, Pasadena, USA ) ("අපේ සෞරග්‍රහ මණ්ඩලය සහ ඉන් ඔබ්බට ගවේෂණය") [19]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Science Fiction Writer Arthur C. Clarke Dies at Age of 90". Space.com. March 18, 2008. සම්ප්‍රවේශය March 26, 2012.
  2. 2.0 2.1 2.2 "Abut ACCIMT". Arthur C. Clarke Institute for Modern Technologies. March 5, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 25, 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "about" defined multiple times with different content
  3. "Arthur C. Clarke Gala to be held tonight in Los Angeles". Space Frontier Foundation. spaceref.com. සම්ප්‍රවේශය March 26, 2012.
  4. Ünver, Bircan. "Arthur C. Clarke Center for Modern Technologies: A Vision of Sri Lanka for Twenty-First Century". lightmillennium.org. සම්ප්‍රවේශය March 26, 2012.
  5. "Governing Ministry". Arthur C. Clarke Institute for Modern Technologies. January 8, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 25, 2012.
  6. "Arthur C. Clarke Institute for Modern Technologies". Ministry of Technology and Research, Sri Lanka. සම්ප්‍රවේශය March 26, 2012.
  7. "Advancement in Space Science Technology in Sri Lanka". Padmasiri de Alwis, H. S. Harvard–Smithsonian Center for Astrophysics. සම්ප්‍රවේශය March 26, 2012.
  8. Tulloch, Simon (May 1994). "The Sri Lankan National Astronomical Observatory: A Site Survey Report" (PDF). සම්ප්‍රවේශය March 26, 2012.[permanent dead link]
  9. 9.0 9.1 "World Space Week: Honing on modern technology". The Sunday Observer. October 4, 2009. 2015-09-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 25, 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "obs" defined multiple times with different content
  10. "Apace Applications Division". Arthur C. Clarke Institute for Modern Technologies. January 23, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 25, 2012.
  11. Gunawardene, Nalaka (October 4, 2011). "A Tale of Three Telescopes and a Blind News Media". groundviews.org. සම්ප්‍රවේශය March 26, 2012.
  12. Jayarathne, Chandana. "The Forerunner of Modern Astronomy in Sri Lanka". University of Colombo. සම්ප්‍රවේශය March 26, 2012.[permanent dead link]
  13. "Consultative Meeting on Regional Cooperative Mechanisms on Space Applications towards an Effective Disaster Management and Sustainable Development". United Nations Economic and Social Commission for Asia and the Pacific. සම්ප්‍රවේශය March 26, 2012.
  14. "National Space Hub – Space Technology Centre". www.accimt.ac.lk. සම්ප්‍රවේශය 2016-10-02.
  15. "National Hub for Receiving and Redistribution Satellite Data for Earth Observation | Arthur C Clarke Institute". www.accimt.ac.lk. 2016-10-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-10-02.
  16. Nizam, Ifham (March 19, 2009). "Arthur C. Clarke memorial lecture at BMICH today". The Island. සම්ප්‍රවේශය March 26, 2012.
  17. "Arthur C. Clarke Memorial Lecture". Arthur C. Clarke Institute for Modern Technologies. May 14, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 25, 2012.
  18. 18.0 18.1 18.2 "Memorial Lectures". Arthur C Clarke Institute for Modern Technologies. සම්ප්‍රවේශය 2023-12-08.
  19. "Arthur C Clark 08th Memorial Lecture". Arthur C. Clarke Institute for Modern Technologies. සම්ප්‍රවේශය November 2, 2016.

බාහිර සබැඳි[සංස්කරණය]