Jump to content

සරත් ගුණපාල

විකිපීඩියා වෙතින්
සරත්
Born25 මාර්තු
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ශ්‍රී ලංකාව
Other namesසරත් ඩේවිඩ් ගුණපාල
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Occupationඅභ්‍යාවකාශ විද්‍යාඥ
Employerනාසා
Known for1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා
Titleනාසා අායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය

ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල (ඉංග්‍රීසි: Sarath Gunapala) (තවද: සරත් ඩේවිඩ් ගුණපාල) යනු ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ (සොලිඩ් ස්ටේට්) භෞතික විද්‍යාඥයෙක් ද වෙයි.

මොහු 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පළමු පෙළ ගෞරව සමාර්ථයක්‌ හා භෞතික විද්‍යා උපාධිය, ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් විද්‍යාව විදුලි ඉංජිනේරු විෂය සමත් වී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ. කලක් ඇමෙරිකාවේ ATNT ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළ ආචාර්ය ගුණපාල නාසා ආයතනයට එක්වී ඇත්තේ 1991 දී ය.

1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා, ආචාර්ය සරත් ගුණපාලය.

2012 දී නාසා ආයතනය විසින් අඟහරු ග‍්‍රහයා වෙත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයට සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ සරත් ගුණපාලගේ නායකත්ව කණ්ඩායම විසිනි.

වසර 2006 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

සරත් ගුණපාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  • "විශ්වයේ අපි තනියමද පිළිතුරයි මේ සොයා යන්නේ ආචාර්ය සරත් ගුණපාල". divaina. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=සරත්_ගුණපාල&oldid=773590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි