තායිපේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
තායිපේ
臺北市
විශේෂ මහ නගර සභා
තායිපේ නුවර
ඉහළ සිට දක්ෂිණාවර්තව: තායිපේ ස්කයිලයින්, ග්රෑන්ඩ් හෝටලය, ෆා ඊස්ටන් ප්ලාසා, නැෂනල් පැලස් කෞතුකාගාරය, චියැං කායි-ෂෙක් අනුස්මරණ ශාලාව, ජයන්ටන් ස්ටේෂන්
ඉහළ සිට දක්ෂිණාවර්තව: තායිපේ ස්කයිලයින්, ග්රෑන්ඩ් හෝටලය, ෆා ඊස්ටන් ප්ලාසා, නැෂනල් පැලස් කෞතුකාගාරය, චියැං කායි-ෂෙක් අනුස්මරණ ශාලාව, ජයන්ටන් ස්ටේෂන්
Flag of තායිපේ
Flag
Official seal of තායිපේ
Seal
Nickname(s): අසාලියා නගරය
තායිවානයේ තායිපේ දූපත් තුළ පිහිටීම
තායිවානයේ තායිපේ දූපත් තුළ පිහිටීම
තායිපේ නගරයේ චන්දිකා ඡායාරූපයක්
තායිපේ නගරයේ චන්දිකා ඡායාරූපයක්
රට  චීන සමූහාණ්ඩුව (තායිවානය)
කලාපය උතුරු තායිවානය
පදිංචි 1709
නගර ආසන සිනයි දිස්ත්‍රික්කය
දිස්ත්‍රික්ක-කොට්ඨාශ දිස්ත්‍රික්ක 12
Government
 • Type තායිපේ නගරාණ්ඩුව
 • නගරාධිපති කෝ වෙන්-ජේ
සරිය
 • විශේෂ මහ නගර සභා 271.7997 කිමී2 (104.9425 වර්ග සැත)
 • ජලය 2.7 කිමී2 (1.0 වර්ග සැත)  1.0%
ජනගහණය (දෙසැම්බර් 2014)
 • විශේෂ මහ නගර සභා 2,702,315 (22 කින් 4 වෙනි)
 • නගර 7,438,000 (ජනවාරි '15)[1]
 • නාගරික 7,021,482
  (නාගරික කලාපය)
වේලා කලාපය ජාතික සම්මත වේලාව (UTC+8)
තැපැල් කේතය 100–116
ප්‍රදේශ කේතය(න්) (0)2
දිස්ත්‍රික්ක 12
පක්ශියා ෆෝමොසාන් බ්ලූ මැග්පයි (Urocissa caerulea)
පුශ්පය අසාලියා (Rhododendron nudiflorum)
ගස නුග (Ficus microcarpa)
වෙබ් අඩවිය english.gov.taipei (ඉංග්‍රීසි)

තායිපේ, (/ˌtˈp/, වචනාර්ථයෙන් අදහස් වන්නේ "තායිවානයේ උතුර" යන්නයි) නිල වශයෙන් තායිපේ නගරය ලෙස හඳුන්වනු ලබන අතර (චීන: 臺北市 හෝ 台北市; පින්යින්: Táiběi Shì; Pe̍h-ōe-jī: Tâi-pak Chhī), තායිවානයේ අගනුවර හා විශේෂ මහ නගර සභාවක් වේ. තායිවානයේ උතුරු කෙළවරෙහි පිහිටා ඇත.

වර්ෂ 2009 වන විට 2,693,672ක ජනගණයක්[2] වාර්ථා වී ඇති අතර නව තායිපේ හා කීලන්ග් වැනි ආසන්න නගර වල ජනගහණයද ඇතුළත්ව 6,900,273[3] පිරිසක් එහි ජීවත් වේ. එය ලෝකයේ 40 වැනි වැඩිම ජනාකීර්ණ නාගරික ප්‍රදේශය වේ.

තායිපේ යනු තායිවානයේ ඇති දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වන අතර, චීන භාෂාව කතා කරන ලෝකයේ ප්‍රධාන කේන්ද්රස්ථාන අතරින් එකකි. තායිපේ නගරය ගෝලීය නගරයක් ලෙස සලකන අතර[4], ප්‍රධාන අධි-තාක්ෂණික කාර්මික ප්‍රදේශයකි.[5] දුම්රිය මාර්ග, අධිවේගී දුම්රිය, මහාමාර්ග, ගුවන් තොටුපළ, හා බස් රථ මාර්ග ආදිය දිවයිනේ සියලු කොටස් සමග තායිපේ නගරය සම්බන්ධ කරනු ලබයි. නගර තුළ ගුවන් තොටුපලවල් දෙකක් පිහිටා ඇත. ඒවා නම් තායිපේ සෝන්ග්ශන් ගුවන් තොටුපල හා තායිවාන් ටඕයුආන් ගුවන් තොටුපලයි. තායිපේ 101, චියැං කායි-ෂෙක් අනුස්මරණ ශාලාව, ඩාලොන්ග්ඩොං බැඔආන් විහාරය, හසිං ටියාං කොං, මෙංග්ජියා ලෝන්ග්ශන් පන්සල, නැශනල් පැලස් කෞතුකාගාරය, ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ල, තායිපේ ගෙස්ට් හවුස්, සිමෙන්ඩිංග් ඇතුළු නගරය පුරා විසිරි රාත්‍රී වෙළෙඳපොළ ඇතුළත්ව විවිධ ලෝක ප්‍රකට වාස්තු විද්‍යා හෝ සංස්කෘතික ස්ථාන සඳහා නිවහනක් වී ඇත.

ඉතිහාසය[සංස්කරණය]

හන් චීන ජාතිකයන් සැලකිය යුතු ලෙස ආගමනය වීමට පෙර, තායිපේ ද්‍රෝණි ප්‍රදේශය ප්‍රධාන වශයෙන් කේටගලන් මුල් ආදිවාසීහු විසින් ජනාවාස වී පැවතුනි. හැන් සංක්‍රමණිකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් 18 වන සියවසෙහි මුල් බාගයේදී ඉහළ යන ලදී. මෙය සිදුවූයේ ක්විං රාජවංශ පාලනය යටතේ ප්‍රදේශයේ සංවර්ධනය කටයුතු කිරීම සඳහා රජය අවසර ලබා දීමෙන් පසුවයි.[6] 1875 දී, දිවයිනේ උතුරු කොටස නව තායිපේ ප්‍රාන්තයට ඇතුළත් කරන ලදී.

1886 දී චීන ක්විං රාජවංශය විසින්, තායිවානය ෆුජියාන් පළාතෙන් වෙන් වූ විට තායිපේ නගරය තායිවාන් පළාතේ තාවකාලික අගනුවර බවට පත් කරන ලදී.[7][8] 1894 දී තායිපේ නිල වශයෙන් පළාත් අගනගරය බවට පත් කරන ලද කරන ලදී.

ජපානය පළමු චීන-ජපන් යුද්ධයෙන් පසු ශිමොනොසේකි ගිවිසුම යටතේ 1895 දී තායිවානය අත්පත් කර ගත්තේය. පසුව තායිවානය ඉම්පීරියල් ජපානයේ යටත් විජිතයක් බවට පත්විය, එහි අගනුවර වූයේ තායිපේ නගරයයි. එහිදී තායිපේ නගරය තයිහොකූ ප්‍රාන්තය යටතේ පාලනය කරන ලදී. දියුණු මට්ටමේ දුම්රිය මාර්ග නිර්මාණය කිරීම සදහා තායිවානයේ ජපන් පාලකයන් උසස් නගර සැලසුම්කරණ වැඩ පිළිවෙලක් ආරම්භ කලේ ය. තායිපේ වැදගත් ස්ථාන හා සංස්කෘතික ආයතන ගණනාවක් මෙම කාලය සිට දිව එයි.[9]

මුල් ජනාවාස[සංස්කරණය]

තායිපේ ද්‍රෝණි ප්‍රදේශය ලෙස හඳුන්වන ප්‍රදේශයේ දහඅටවන ශතවර්ෂයට පෙර කේටගලන් මුල් ආදිවාසීහු ජීවත් වුනි.[10] 1709 දී ෆුජියාන් පළාතේ ක්විං රාජවංශය විසින් හන් චීන ජාතිකයන් ප්‍රධාන වශයෙන් තායිපේ ද්‍රෝණි ප්‍රදේශයේ පදිංචි කරන ලදී.[11][12]

ජපන් නීති පද්ධතිය[සංස්කරණය]

පළමු චීන-ජපන් යුද්ධය පරාජය වීම නිසා චීනය ශිමොනොසේකි ගිවිසුමේ කොටසක් ලෙස 1895 දී ජපාන අධිරාජ්‍යා තායිවානයේ බලය අත්පත් කරගන්නා ලදී. එයට පසුව තායිපේ නගරය තයිහෝකු යන ජපන් නාමයෙන් හදුන්වන ලදී. පසුව එය අගනුවර ලෙස රඳවා ගනු ලැබූ අතර ජපාන යටත් විජිත රජයේ දේශපාලන මධ්‍යස්ථානය ලෙස ඉස්මතු විය.[9] මෙම කාලය තුල ජපානය විසින් හදුන්වා දෙන ලද නීති පද්ධතියක් ක්‍රියාත්මක විය.

යුධ නීතිය හා නූතන ප්‍රජාතන්ත්‍රවාදය[සංස්කරණය]

1947 දී චියැං කායි-ෂෙක් යටතේ කේඑම්ටී ආණ්ඩුව තායිපේ අනුභූති සිදුවීම් ආරම්භ වීමත් සමග චියැං පක්ෂපාත හමුදා විසින් දේශීය ජනගහනය දිවයින පුරා මර්ධනය කිරීමට තුඩුදුන් පෙබරවාරි 28 සිද්ධියට අදාල ප්‍රතිඵලයක් ලෙස තායිවාන දිවයින පුරා යුධ නීතිය ප්‍රකාශ කෙරුනි. වසර දෙකකට පසු, 1949 දෙසැම්බර් 7 දින, චීනය විසින් චියැං සහ කුවෝමිංටාන්ග් හට චීන සිවිල් යුද්ධය පැවති කොමියුනිස්ට්වාදී අර්ධද්වීපයෙන් පලා යාමට බල කරන ලදි.

1990 තායිපේ දිස්ත්‍රික්ක 16 වත්මන් දිස්ත්රික්ක 12 බවට පත්කර තහවුරු කරන ලදී.[13] ලී ටෙන්ග්-හුයිගේ ජනාධිපතිත්වය තුළ, නීති සම්පාදකයන් විසින් නියමිත මැතිවරණයක් හරහා ජනාධිපතිවරුන් තෝරාගැනීමට නීති සැකසීමත් සමග නූතන ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ විය.

භූ ගෝලීය පිහිටුම[සංස්කරණය]

තායිපේ නගරයේ උතුරු තායිවානයේ තායිපේ ද්‍රෝණියේ පිහිටා ඇත.[14] නගරය දකුණින් සින්ඩියාන් නදියෙන් හා බටහිරින් ටම්සුයි නදියෙන් මායිම් වී ඇත. කදු මුදුන් දෙකක් වන, සීසින් කන්ද සහ ඩාටුන් කන්ද නගරයේ ඊසාන දෙසින් පිහිටා ඇත.[15]

දේශගුණික රටාව[සංස්කරණය]

තායිපේ නගරයට මෝසම්-බලපෑමක් ඇති තෙතමනය සහිත උපනිවර්තන දේශගුණික රටාවක් ඇත.[16][17][18] (Köppen: Cfa).[19] ග්‍රීස්ම කාලය දිගු කල් පවත්නා, උණුසුම් හා තෙතමනය සහිත, ඉඳ හිට අධික වැසි කුණාටු හා සුලිසුලං සමග වන අතර, ශීත කාලය සාමාන්‍යයෙන් කෙටි වන අතර තරමක් උණුසුම් හා සාමාන්‍යයෙන් ඉතා මීදුම සහිත වේ.

තායිපේ (සාමාන්‍ය 1981–2010, අන්ත 1900–වර්ථමානය) සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රි මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වර්ෂය
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) 31.9
(89.4)
31.4
(88.5)
35.0
(95)
36.2
(97.2)
37.7
(99.9)
37.8
(100)
38.6
(101.5)
39.3
(102.7)
37.1
(98.8)
36.1
(97)
34.3
(93.7)
31.5
(88.7)
39.3
(102.7)
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) 19.1
(66.4)
19.6
(67.3)
22.1
(71.8)
25.7
(78.3)
29.2
(84.6)
32
(90)
34.3
(93.7)
33.8
(92.8)
31.1
(88)
27.5
(81.5)
24.2
(75.6)
20.7
(69.3)
26.6
(79.9)
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) 16.1
(61)
16.5
(61.7)
18.5
(65.3)
21.9
(71.4)
25.2
(77.4)
27.7
(81.9)
29.6
(85.3)
29.2
(84.6)
27.4
(81.3)
24.5
(76.1)
21.5
(70.7)
17.9
(64.2)
23
(73.41)
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) 13.9
(57)
14.2
(57.6)
15.8
(60.4)
19
(66)
22.3
(72.1)
24.6
(76.3)
26.3
(79.3)
26.1
(79)
24.8
(76.6)
22.3
(72.1)
19.3
(66.7)
15.6
(60.1)
20.4
(68.7)
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) −0.1
(31.8)
−0.2
(31.6)
1.4
(34.5)
4.7
(40.5)
10.0
(50)
15.6
(60.1)
19.5
(67.1)
18.9
(66)
13.5
(56.3)
10.2
(50.4)
1.1
(34)
1.8
(35.2)
−0.2
(31.6)
වර්ෂාපතනය mm (inches) 83.2
(3.276)
170.3
(6.705)
180.4
(7.102)
177.8
(7)
234.5
(9.232)
325.9
(12.831)
245.1
(9.65)
322.1
(12.681)
360.5
(14.193)
148.9
(5.862)
83.1
(3.272)
73.3
(2.886)
2,405.1
(94.69)
සාමාන්‍ය වැසි දින (≥ 0.1 mm) 14.1 14.6 15.5 14.9 14.8 15.5 12.3 14 13.8 11.9 12.4 11.7 165.5
 % ආර්ද්‍රතාවය 78.5 80.6 79.5 77.8 76.6 77.3 73 74.1 75.8 75.3 75.4 75.4 76.6
මාසික මධ්‍යයන සූර්යපැය ගණන 80.6 71.3 89.6 92.6 113.7 121.7 179 188.9 153.7 124 99.4 90.7 1,405.2
මූලාශ්‍ර: මධ්‍යම කාලගුණ කාර්යාංශය[20]

වායු ගෝලයේ ගුණාත්මකභාවය[සංස්කරණය]

ආසියාවේ අනෙක් නගර හා සසඳන විට, තායිපේ නගරයේ වායු තත්ත්ව කළමනාකරණය සඳහා "විශිෂ්ට" හැකියාවන් ඇත.[21] එහි වැසි සහිත කාළගුණය, වෙරළ අසල ස්ථානය සහ දැඩි පාරිසරික නීති රෙගුලාසි අවම වශයෙන් අග්නිදිග ආසියාවේ කාර්මික අර්ධද්වීපයක් ලෙස චීනයේ නගර වලට සාපේක්ෂව සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙමින් පවතින වායු දූෂණය වළක්වා ඇත.

නගරයේ අලංකරණය[සංස්කරණය]

තායිපේ නගරය (තායිපේ 101 සමඟ), ටයිගර් කඳු මුදුනේ සිට දර්ශණය වන ආකාරය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Demographia World Urban Areas PDF (March 2013) (PDF). Demographia. සම්ප්‍රවේශය 24 November 2013. 
  2. 鄉鎮市區人口及按都會區統計. Taiwan Ministry of Interior. December 2009. සම්ප්‍රවේශය 2010-07-11. 
  3. Methods and Term Definitions. Directorate General of Budget, Accounting and Statistics. සම්ප්‍රවේශය 2009-08-04. 
  4. The World According to GaWC 2008. සම්ප්‍රවේශය 2010-01-25. 
  5. Taiwan tech industry faces up to South Korea’s Samsung. The Seattle Times. April 2013. සම්ප්‍රවේශය 2015-01-16. 
  6. Taipei's History and Development. Taipei City Government. November 2014. සම්ප්‍රවේශය 2015-01-15. 
  7. Taipei (Taiwan) :: History – Britannica Online Encyclopedia. Britannica.com. සම්ප්‍රවේශය 2010-07-04. 
  8. Davidson, James W. (1903). The Island of Formosa, Past and Present : history, people, resources, and commercial prospects : tea, camphor, sugar, gold, coal, sulphur, economical plants, and other productions. London and New York: Macmillan & co.. පි. 245. https://archive.org/details/islandofformosap00davi. 
  9. 9.0 9.1 Marsh, Robert (1996). The Great Transformation. M. E. Sharpe. පි. 84. ISBN 1-56324-788-7. http://books.google.com/books?id=2p15NToHH2oC&pg=PA85. Retrieved 2009-07-27. 
  10. History. Taipei City Government. 2004-03-29. Archived from the original on May 7, 2005. සම්ප්‍රවේශය 2009-08-11. 
  11. Kelly, Robert (2007). Taiwan. Lonely Planet Publications. පි. 46. ISBN 1-74104-548-7. http://books.google.com/books?id=yKUQE-xdQhsC&pg=PA46. Retrieved 2009-07-27. 
  12. History of Taipei. Taipei City Government. Archived from the original on May 26, 2007. සම්ප්‍රවේශය 2009-08-11. 
  13. Republic of China Yearbook. Kwang Hwa Publishing Co.. 2002. පි. 120. ISBN 957-9227-35-7. 
  14. About Taipei – Taipei Profile. Department of Information and Tourism, Taipei City Government. සම්ප්‍රවේශය 2009-07-14. 
  15. Geography/Population. Taipei City Government. 2004-03-29. Archived from the original on January 27, 2005. සම්ප්‍රවේශය 2009-08-11. 
  16. Taipei City - Academia Sinica
  17. Living in Taipei - Mandarin Training Center, a subsidiary of National Taiwan Normal University
  18. Taipei, Taiwan; the sister city of Los Angeles - Los Angeles City Council
  19. Köppen−Geiger Climate Classification. 
  20. Climate. Central Weather Bureau. 
  21. Pollution is a major threat for Asian cities, says new report. EarthTimes. 2006-12-14. සම්ප්‍රවේශය 2010-07-22. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තායිපේ&oldid=351867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි