තල් ශාකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
තල් ශාකය
Asian palmyra (Borassus flabellifer).JPG
Borassus flabellifer, කරෙයිනගර්, ශ්‍රී ලංකාව
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
(unranked): Commelinids
ගෝත්‍රය: Arecales
කුලය: Arecaceae
උපකුලය: Coryphoideae
Tribe: Borasseae
Subtribe: Lataniinae
ගණය: ''Borassus''
Species

See text.

පර්යාය නාම(ය)[1]

තාල වර්ගයේ ශාක විශේෂ පහක් අතරින් එකක් වන තල් ශාකය ආසියාව, අප්‍රිකාව සහ නිව් ගිනියාවේ නිවර්තන ප්‍රදේශ වලට ආවේණික ශාක විශේෂයකි. මෙම දැවැන්ත ගස් මීටර් 30 ක් (අඩි 98) දක්වා ඉහළට වර්ධනය විය හැකි අතර වෙනස් වූ පත්‍ර කැලැල් සහිත ශක්තිමත් කඳක් එහි දැකගත හැකිය. කෙසේ නමුත් සමහර විශේෂයන්හි හේතුව නොදන්නා නමුත් මුදුනට පහලින් පැහැදිලි ඉදිමුමක් කඳෙන් වර්ධනය වේ. අවානක හැඩය ගන්නා පත්‍ර, දිගින් මීටර් 2-3 වන අතර වෘන්ත දාර ඔස්සේ නාරටි පිහිටයි. (B. heineanus හි නාරටි නොපිහිටයි). මෙහි කොළයේ පුෂ්ප මංජරිය මතුවන හනස්ස මුල පැහැදිලි දෙකට බෙදුණු විවරයක් ඇත. පැරණි කොළ හනසු කඳ මත රැදෙන අතර ඒවා කාලයත් සමඟ ගිලිහී යයි. ඒවායේ පිරිමි මල් සහ ගැහැණු මල් වෙන වෙනම ශාක වල හටගන්නා බැවින් සියලුම තල් ශාක ද්විගෘහි වේ. පිරිමි මල් දිගින් සෙ.මී. එකකට වඩා අඩු අතර අර්ධ කවාකාර පොකුරු, අවලම්භනය වන පුච්ඡයේ චර්මල නිපත්‍ර දෙකක් අතර රැඳී ඇත. පළලින් සෙ.මී. 3-5 වන ගෝලාකාර හැඩැති ගැහැණු මල් හුදෙකලාව, පොකුරේ අක්ෂයේ මතුපිට මත සෘජුවම පිහිටා ඇත. එමෙන්ම, පළලින් සෙ.මී. 15-25 අතර වන, දළ වශයෙන් ගෝලාකාර වූ සෑම ඵලයකම විශාල බීජ 1-3 පමණ අඩංගු වේ. විශේෂය මත පදනම්ව, ඵලයන්හි වර්ණයන් කළු සිට දුඹුරු, කහ හෝ තැඹිලි වශයෙන් වෙනස් වේ. මෙහි තන්තුමය මදය සුවඳවත් හා මිහිරිමය රසයකින් යුක්ත වේ. අලි, වඳුරන් හා වෙනත් පලතුරු ආහාරයට ගන්නා සතුන්ගේ පරිභෝජනයෙන් එය ආරක්ෂා කර ගැනීම සඳහා සෑම බීජයක්ම කාෂ්ඨීය අභ්‍යන්තරාවරණයකින් ආවරණය වී ඇත. බීජ ප්‍රරෝහණයේ දී, නොමේරූ බීජ පැළය පසේ පහලට විහිදෙන අතර පොළවෙන් මතුපිට දැකිය හැක්කේ පත්‍ර කිහිපයක් පමණි. මෙය සවානා බිම් වල නිතර ඇතිවන ලැව්ගිනි වලින් ආරක්ෂා වීමට උපකාරී වේ. නිර්ණය නොකරන ලද වර්ෂ ගණනාවකට පසුව බීජ පැළයෙන් කඳ සෑදෙන අතර ලැව්ගිනි වලට අවම වශයෙන් ගොදුරු වන ලෙස සැවානා බිම් වල ඉක්මනින් වර්ධනය වේ.[2] 

විශේෂ[සංස්කරණය]

  • Borassus aethiopum - අප්‍රිකානු තල් ශාක, Rônier (සහ තවත් නම්) (නිවර්තන අප්‍රිකාව සහ මැඩගස්කරය)
  • Borassus akeassii - Ake Assi's තල් ශාක (බටහිර සහ මධ්‍යම අප්‍රිකාව)
  • Borassus flabellifer - ආසියානු තල් ශාක/ලොන්ටාර් (Lontar ) තල් / ඩබ් (Doub) තල් (ඉන්දියාවේ සිට ඉන්දුනීසියාව දක්වා දකුණු ආසියාවේ)
  • Borassus heineanus - නිව් ගිනියා තල් ශාක (නිව් ගිනියාව)
  • Borassus madagascariensis - මැඩගස්කර් තල් ශාක (මැඩගස්කරය)

තල් ශාක වගාව සහ භාවිතයන්[සංස්කරණය]

අන්කෝර් වට් ප්‍රධාන පිවිසුමේ සිට විහාරයට ඇති නාග පාලමේ නැගෙනහිර අන්තයේ සිට ආසියානු තල් ශාක දැකගත හැක.
නොමේරූ අප්‍රිකානු තල් ශාකයක්  (Borassus aethiopum)

ආර්ථික වශයෙන් වැදගත් වන තල්, විශේෂයෙන් අග්නිදිග ආසියාවේ පුළුල් ලෙස වගා කර ඇත. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කාම්බෝජය සහ ඉන්දියාව යන රටවල් වල ඉතා වැදගත් ශාඛ වලින් එකක් බවට පත්ව තිබූ මෙම තල් ශාඛයේ භාවිතයන් 800කට වඩා තිබුණි. මෙහි කොළ වහලවල් හෙවිලි කිරීමට, පැදුරු, කූඩ, අවාන, තොප්පි, කුඩ සෑදීමට මෙන්ම ලිවීමේ ද්‍රව්‍යයක් ලෙස ද භාවිත කර ඇත.

කාම්බෝජයේ, ජාතික පුෂ්ප සලකුණ ලෙස සලකන මෙම ශාකය අන්කෝර් වට් විහාරය අවට වගාකර තිබෙනු දක්නට හැක. තල් ශාකයට අවුරුදු 100කට වඩා ජීවත් විය හැක.

පැරණි ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ, තල් කොළ ඔවුන්ගේ ලියන කඩදාසි ලෙස භාවිත කරන ලද අතර කොළයේ සමාන්තර රේඛා ඉරි ලෙස ප්‍රයෝජනවත් වීය. ඉන්දියාව තුළ, සුදුසු ප්‍රමාණය, හැඩය හා ස්වභාවය අඩංගු මේරූ කොළ තෝරා ගෙන ඒවා ලුණු සමඟ කහ කුඩු යෙදූ උතුරන ජලයෙන් තම්බා සංරක්ෂණය කරන ලදී. එය එක්වරක් ප්‍රමාණවත් තරම් වියලුණු පසු, කොළයේ මතුපිට පෘෂ්ඨයන් ලුහු යමහල් පාෂාණ(pumice) මඟින් ඔපවත් කර නිසි ප්‍රමාණයට කපා එක් කෙළවරක සිදුරක් සාදා ඇත. එක් එක් කොළ පිටු හතරක ඇති අතර ලිවීමට පන්හිඳක් භාවිත කර ඇත. ඒවා බැඳි අකුරින් හා අන්තර් සම්බන්ධිත ශෛලියකින් ලියනු ලැබේ. සම්පූර්ණ කරන ලද කොළ පසුව මිටි ලෙස බැඳ ඇත.

ගසේ කළු පැහැති දැවය දෘඪ, බර සහ කල් පවත්නා අතර විශේෂයෙන් රේගුව ආශ්‍රිත, වැටවල්, බෝට්ටු වැනි ජලයට නිරාවරණය වන නිර්මාණ ඉදිකිරීම් සඳහා ඉහල වටිනාකමක් හිමිවේ.

Ake Assi's තල් ශාකයේ ඵල (Borassus akeassii)
තල් ශාඛයේ ජෙලි වැනි බීජ ඵල (Borassus akeassii

තල් ශාකය, මීට අමතරව ආහාර වර්ග ගණනාවක් සම්පාදනය කරයි. නොමේරූ ශාක එළවළු ලෙස පිසින අතර බැද හෝ කොටා ආහාර සකස් කර ගනී. ජෙලි වැනි බීජ ඇති නොමේරූ පලතුරු, බැද හෝ අමුවෙන් ආහාරයට ගනු ලැබේ. රා නමින් පැණිරස ස්‍රාවයක් පිරිමි සහ ගැහැණු මල් පොකුරු වලින් ලබා ගත හැකි අතර මේවා පැසවා අරක්කු නැමැති පානයක් සාදාගත හැකිය. නැතහොත් එය සාන්ද්‍රිත කොට හකුරු/ තල් සීනි ලෙස හැඳින්වෙන ශුද්ධ නොකරන ලද සීනි නිපදවනු ලැබේ. එය ඉන්දුනීසියාවේ ගුලා ජාවා (ජාවා සීනි) ලෙස හඳුන්වන අතර පුළුල් ලෙස ජාවා ආහාර සඳහා භාවිත වේ. සැපිය හැකි කෙටි ආහාරයක් වන ඔඩියල් නිපදවීම සඳහා මුල් වියලා ගත හැක. මීට අමතරව, ශාක සාරය විරේචකයක් ලෙස ගනු ලබන අතර, ඖෂධීය වටිනාකම් ශාකයේ අනෙකුත් ප්‍රදේශවලට ආරෝපිතය.

දෙමළ සංස්කෘතිය තුළ[සංස්කරණය]

තල් ගස තමිල්නාඩුවේ නිල වෘක්ෂයකි. දෙමළ සංස්කෘතිය තුළ එය කර්පහ, "නුන්ගු", "ආකාශ ගස" ලෙස හඳුන්වන අතර එහි සියලුම කොටස් භාවිත කළ හැකි නිසා ගෞරවයකට ලක් වේ. අලුතින් ප්‍රරෝහණය වූ බීජ මතුපිටට පහළින් පෝෂ්‍යදායී, තම්බා ආහාරයට ගත හැකි තන්තුමය මාංසල අංකුර සාදයි. මෙම ප්‍ර්‍රරෝහණය වූ බීජයේ, ජල චෙස්නට් රසැති නමුත් පැණිරස සවිමත් මදය පිටතට ගැනීමට දෘඩ කටුව විවර කළ යුතුය. තැම්බීමෙන් හෝ කරකිරීමෙන් පසු ඵල වල ඉදුණු තන්තුමය පිටත ස්ථරය ආහාරයට ගත හැකි වේ. ඵල මෘදුවන විට; දෘඩ කටුව ඇතුළත ඇති, සිසිල් සහ ඛනිජ වලින් පොහොසත් මදය ආහාරයට ගත හැකි ජෙලිමය තත්වයට පත්වේ. ගසේ මුදුනේ ඇති ගොබය කපා ගත් විට කේක් සාදා ගත හැක. පුරාණ කාලයේ දී, වියළි තල් කොළ අත්පිටපත් ලිවීමට භාවිත කරන ලදී.

පලක්කාඩ්, කේරල[සංස්කරණය]

කේරල ප්‍රාන්තයේ පලක්කාඩ් දිස්ත්‍රික්කය තල් ඉඩම් (കരിമ്പനകളുടെ നാട്) ලෙස ප්‍රචලිත වී ඇත. තල් ගස් මෙම දිස්ත්‍රික්කයේ සලකුණ ලෙස හඳුන්වන අතර එයට විශාල සංස්කෘතික, සාහිත්‍යමය හා උරුමය පිළිබඳ සම්බන්ධයක් ඇත. බොහෝ නවකතා, කතා සහ කවි මෙම ගස් වටා බැඳී ඇත. ඉන්දියානු ලේඛිකාවක වන ඕ වී විජය විසින් ලියන 'ද පාත් බ්‍රේකින්' නම් වූ මලයාලම් නවකතාව පිළිබඳව Khasakkinte Itihasam විසින් තල් ගස් පිළිබඳව විවිධ කෝණ වලින් සඳහන් කරයි. විශේෂයෙන් ම නැගෙනහිර පලක්කාඩ්හි ජීවත් වන බොහෝ දෙනෙක්; සමූපකාර සමිති මඟින් පාලනය වන වෙළඳ සැල් වල විකුණනු ලබන, තල් රා කැපීමෙන් ලැබෙන ආදායම මත ජීවත් වෙති. දිස්ත්‍රික්ක බලධාරීන් විසින් මෙම ගස් සංරක්ෂණයට හා පලක්කාඩ්හි අනන්‍යතාව පවත්වා ගැනීමට පියවර ගනිති.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Kew World Checklist of Selected Plant Families". සම්ප්‍රවේශය 18 January 2016. 
  2. Bayton, Ross P. (2007). "A revision of Borassus L. (Arecaceae)". Kew Bulletin. 62: 561–586. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තල්_ශාකය&oldid=429282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි