මල්
ලොව සුවඳ විහිදවමින් ස්වාභාවිකවම හටගන්නා ඒ අපූර්වතම වස්තුව මලයි.
මල් යනු ශාකයන්හි ලිංගික ප්‍රජනන අවයවයකි.ජීව විද්‍යාඥයන්ට අනුව මල්වල පුරුෂ හා ස්ත්‍රී ලිංගික කොටස් දක්නට ලැබේ,පුරුෂ කොටස ලෙස පරාගද ස්ත්‍රී කොටස ලෙස කලංකයද මල් තුල ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.ස්ත්‍රී හා පුරුෂ කොටස් එක්වීම පරාගනය මගින් සිදුවේ.මෙම පරාගනය මගින් සිදුවන ලිංගික සංසේචනය මගින් නව පරපුරකට උපතදියහැකි බීජ නිපවීම සිදුවේ.මෙම පරාගනය ක්‍රම දෙකකට සිදුවේ ඒ ස්වපරාගනය හා පරපරාගනය වශයෙනි.
මීට අමතරව ශාක වල ප්‍රජනන අවයවය වූ මල් අලංකරණ කටයුතු සදහාද යොදා ගනී.මල් වල ඇති සුන්දරත්වය හා සුගන්දවත්බව එයට හේතුවයි.ඇතැම් මල් ආහාර ලෙසද යොදාගනී.
මල් විශේෂීකරණය හා පරාගනය
[සංස්කරණය]මල් සහිත ශාක එහි ඇති මල්වල පරාග පතුරුවාහැරීම සදහා විවිධ ක්‍රම යොදාගනී.මෙම ශාක සුළග මගින් ජලය මගින් මෙන්ම සතුන් මගින්ද පරාගනය සිදුකරයි.ඇතැම් ශාක මෙම ක්‍රමවලින් කිහිපයක්ම යොදා ගනී.
ඇතැම් ශාක ස්වපරාගනය සිදුකරයි .
සපුෂ්පික ශාක තම පරාගන ක්‍රියාවලිය පහසු කරගැනීම විවිධ සැකසුම් සහිතව සකස්වී ඇත.සතුන් මගින් පරාගනය සිදුවන ශාකවල සතුන් ආකර්ෂණය සදහා පරාගධානියට ආසන්නව මල්පැණි පිහිටා ඇත.මල්පැණි ලබාගැනීමට මලවෙත එන සතුන්ගේ සිරුරේ පරාග තැවරීම සිදුවන අතර තවත් මලක පැණි උරාබීමට යන විට කලින් ගෑවී තිබූ පරාග අදාල පුෂ්පයේ කලංකය මත පතිතවීමෙන් මලක පූමාංගී හෙවක් පුරුෂ සෛල හා කලංකයමත ඇති ජායාංගී හෙවත් ස්ත්‍රී සෛල සංසේචනයවීම සිදුවේ.මෙම සතුන් මගින් පරාගනය සිදුවන සපුෂ්පික ශාක සතු මල් ඉතා අලංකාර හා සුගන්දවත්ය.බොහෝවිට දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණ රටාවලින් අලංකාර වී ඇති අතර රාත්‍රියේ පිපෙන මල් සුදු පැහැති වන අතර ඉතා මිහිරි සුගන්දයක් විහිදුවයි.උදාහරණ ලෙස පිච්ච කඩුපුල් ඇට්ටේරියා ආදී පුෂ්ප දැක්විය හැක.දිවා කාලයේ පිපෙන මල් විචිත්‍ර වර්ණ සහිත අලංකාරව පිපී තිබීම නිසා මල්පැණි බීමට එන සතුන්ට පහසුවෙන් දැකගැනීමට හැකිවේ.රාත්‍රී කාලයේ පිපෙන මල් සුදු පැහැ වර්ණයෙන් යුක්ත වීමත් ඉතා මිහිරි සුවදක් විහිදීමත් නිසා නිශාචර සතුන්ට පහසුවෙන් ලංවීමට හැකිවේ.
ඇතැම් සපුෂ්පිත ශාක තම පරාගනය සිදු කරන්නේ සුළග මගිනි.මේ වර්ගයට තෘණ පවුලට අයත් ශාක,මුර්ජ ශාක,මේපල් ශාක තාල වර්ගයට අයත් ශාක ආදිය ගතහැක.මෙම වර්ගයට අයත් මල් එකවර විශාල සංඛාවක් හටගනී මෙවාහි පරාග ඉතා සැහැල්ලු වන අතර විශාල පරාග ප්‍රමාණයක් නිපදවයි.බොහෝවිට මෙම මල් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් වෙන්වෙන්ව පවතී.පුරුෂ කොටස් පමණක් ඇති පූමාංගී මල් ඉතා විශාල සංඛ්‍යාවක් වරෙකට නිපදවේ.පුරුෂ කොටස් පමණක් ඇති පූමාංගී මල් කුඩා වන අතර ස්ත්‍රී කොටස් පමණක් ඇති ජායාංගී පුෂ්ප තරමක් විශාලව වැඩේ.මෙම සුළග මගින් පරාගනය වන පුෂ්ප වල අලංකාර වර්ණවත් බවක් හෝ සුගන්දවත් බවක් නැත.
රූපාකරය
[සංස්කරණය]සපුෂ්ක ශාක වල ප්‍රජනනය සිදුකෙරෙන බීජානු පරාග හා ඩිම්බ වශයෙන් වර්ග දෙකකට බෙදේ.ඒ අනුව ශාකයක ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන කොටස් ද්විත්වයම ශාක පුෂ්පයක අන්තර්ගතය.කෙසේ වෙතත් ඇතම් ශාක වල පුෂ්ප තුල පුරුෂ කොටස් පමණක්ද තවත් කොටසක ස්ත්‍රී පුෂ්ප කොටසද දක්නට ලැබේ.උදාහරණ ලෙස වට්ටක්කා මලේ ස්ත්‍රී පුෂ්පය හෙවත් ජායාංගී පුෂ්පයත් පුරුෂ කොටස් ඇතුලත් පූමාංගී පුෂ්පත් වෙනවෙනම දක්නට ලැබේ.තවත් ශාකවල ජායාංගි පුෂ්ප එක් ශාකයකත් පූමාංගී පුෂ්ප තව ශාකයකත් වැඩේ.උදාහරණලෙස පැපොල් වෘක්ෂ වල මේආකාර විභේදනයක් දක්නට ලැබේ.
ශාක පුෂ්පයන්හි ව්‍යුහය මීලගට සලකා බලමු.
- මණිපත්‍රය මල් පෙති වලට පිටතින් ඇති කොළ පැහැති ආවරණය.
- මුකූටය:මලේ පෙති වලට ඇතුල් පැත්තෙට වෙන්නට ඇති සිහින් සුමුදු දඩුවක ආකාරගත් අංගයකි.මෙහි අග පරාග තැන්පත්ව පවතී.මෙය මල් රේණු නමින්ද හදුන්වයි.මෙහි පාලජම්බුල කිරණවලට සංවේදී පෙදෙසක් පවතී.එමගින් මල් පැණි බීමට එන සංයුක්ත ඇස් ඇති සතුන්ට මල් පැණි ඇති පෙදෙට ගමන් කිරීමට පහසුවේ.(සංයුක්ත ඇස් ඇති සතුන්ට පාලජම්බුල කිරණ සංවේදීවේ).
- පූමංගය මුකූටය අග ඇති පරාගධානියයි.මෙය තුල පරාග විශාල ප්‍රමාණයක් නිපදවෙයි.මෙය මලක පුරුෂ කොටසට අයත් ප්‍රධාන උපාංගයයි.
- ජායාංගය මෙය පුෂ්පයක ප්‍රධාන ස්ත්‍රී ලිංගික කොටසයි.මෙයට කලංකය ඩිම්බ බිම්බ කෝෂය අයත්වේ.ඇතැම් පුෂ්පවල එක් ඩිම්බකෝෂයක්ය හා එක් ඩිම්බයක් පමණක් පවතී.තවත් පුෂ්පවල ඩිම්බ කෝෂය තුල ඩිම්බ කිහිපයක් දක්නට ලැබේ. .
මලක ව්‍යුහය පොදුවේ ඉහත පරිද් දැක්වුවද එකිනෙකට අසමාන විවිධ වෙනස්කම් මල්තුල දක්නට ලැබේ.මෙම වෙනස්කම් සදහා පරිණාමීය සාධක ප්‍රෙව්ණිගත සාධක පාරිසරික සාධක ආදිය බලපායි.එකම පවුලකට අයත් විශේෂයක වුවද විවිධ වෙනස්කම් දක්නට ලැබේ.
බොහෝ පුෂ්පයන්හි ජායාංගි හා පූමාංගි කොටස් දෙකම එකම පුෂ්පයක දක්නට ලැබේ.මෙවැනි පුෂ්ප ද්වීලිංගික පුෂ්ප යනුවෙන් හදුන්වයි.ඇතම් පුෂ්පවල ජායාංගී කොටස හා පූමාංගී කොටස වෙන වෙනම පිහිටා ඇත.මෙවැනි පුෂ්ප එ්ක ලිංගික පුෂ්ප යනුවෙන් හදුන්වයි.පූමංගී කොටස පමණක් ඇති පුෂ්ප පූමංගී පුෂ්ප ලෙසත් ජායාංගී කොටස් පමණක් ඇති පුෂ්ප ජායාංගී පුෂ්ප ලෙසත් හදුන්වයි.මෙවැනි පුෂ්පයන්ට උදාහරණ ලෙස වට්ටක්කා කරවිල වැටකොළු ආදී පුෂ්ප දැක්විය හැකිය.බොහෝවිට මෙම ජායාංගී හා පූමාංගී පුෂ්ප එකම ශාකයක වර්ධනය වෙයි.එවැනි ලක්ෂණ සහිත ශාක ඒකගෘහී ශාක යනුවෙන් හදුන්වයි.එහෙත් තවත් ශාකයන්හි ජායංගී පුෂ්පය එක ශාකයකත් තවත් ශාකයක පූමංගී පුෂ්ප ලෙසත් වෙන වෙනම වර්ධනයවේ.මෙවන් ශාක ද්වීගෘහි ශාක යනුවෙන් හදුන්වයි.
මල් වල හැඩය ප්‍රමාණය විශාලත්වය අනුව එකිනෙකින් වෙනස්වේ.විවිධ පුෂ්පවල මණි පත්‍රෙය් හැඩය හා ප්‍රමාණය ද වෙනස්ය.ඇතැම් පුෂ්පවල මණියට අමතරව උප මණියක්ද දක්නට ලැබේ.විවිධ පුෂ්පවල දල ප්‍රමාණය එකිනෙකට වෙනස්ය.ඇතැම් පුෂ්ප වලට ඇත්තේ එක් දලයක් පමණි.උදාහරණලෙස ඇන්තූරියම් පුෂ්පය දැක්විය හැක.තවත් මල්වල දල දෙකක් තුනක් ආදී වශයෙන්ද දක්වට ලැබේ බහුලව දක්නට ලැබෙන්නේ දල හතරක් හෝ පහක් ඇති පුෂ්පයි.ඇතඅම් පුෂ්පවල දල හයක් අටක් හෝ විශාල දල ප්‍රමාණයක් ඇති පුෂ්පද දැකිය හැකිය.පූමංගය හෙවත් රේණුවල ස්වභාවය අනුවද මල් එකිනෙකට වෙනස්වේ.ඇතුම් පුෂ්පවල රේණු කිහිපයක් දක්නට ලැබේ.රේණුවේ දණ්ඩ හෙවත් සූත්‍රිකා විවිධ දිගින් යුක්තව දක්නට ලැබේ.ඇතැම් මල්වල සූත්‍රිකා කුඩාවට පිහිටා ඇති අතර තවත් මල්වල සූත්‍රිකා දික්ව පිහිටා ඇත.
ඵල හටගැනීම
[සංස්කරණය]පුෂ්පයක කලංකයමත ඇලෙනසුලු සීනි ද්‍රාවණයක් පවතී.පරාගකයේ දී කලංකයමත පතිතවන පරාග කංලකයමත ඇති ද්‍රාවණයේ ප්‍රෙරා්හණයවීමට පටන්ගනී.මෙහිදී පරාග බිත්තියේ තුනී ස්ථානයකිත් රාගය තුල ඇති සෛල ප්ලාස්මය නළයක්සේ පිටතට වර්ධනයවේ.මෙය පරාග නාලය නමින් හදුන්වයි.පරාගයේ න්‍යෂ්ටියද පිටතට පැමිනේ.ඉන්පසු මෙය කීලය දිගේ වර්ධනයවී පුෂ්පයේ ඩිම්බ කෝෂය දෙසට ලගාවෙයි.ඩිම්බය තුල පවතින ඩිම්බ අනුද්වාරයනම් සිදුරෙන් ඇතුළුවී පරාගයේ න්‍යෂ්ටියත් ඩිම්බයේ න්‍යෂ්ටියත් සම්බන්ධවී සංසේචනය සිදුවේ.මෙසේ සංසේචනයවූ පුෂ්පයේ දල පරවී වැටේ.මලක අනෙකුත් කොටස් මිය යද්දී ඩිම්බ බීජ බවටත් ඩිම්බ කෝෂය ඵලාවරණය ලෙසත් වර්ධනයවීම ඇරඹේ.
පරාගනය
[සංස්කරණය]ශාකයක ලිංගික ප්‍රජනනයේ මූලික අවස්තාව පරාගනයයි.ශාකයක ප්‍රධාන ලිංගික අවයවය එහි පුෂ්පයන්ය.පුෂ්පයක ඇති පරාග ඩිමබ හා සංසේචනයවීමේ ක්‍රියාවලිය සරලව පරාගනය ලෙස දැක්විය හැක.පරාග හෙවත් පූමාංගී සෛලවල න්‍යෂ්ටිය හා ඩිමබ වල න්‍යෂ්ටිය හාවීම සංසේචනය යනුවෙන් හදුන්වයි.සමාන්‍යයෙන් පරාග ශාකයකින් ශාකයකට ගමන්කරයි.එහෙත් ඇතැම් ශාක ස්වපරාගනය සිදුකරයි.මේ ආකාරයට ස්වපරාගනය සිදු වන්නේ එකම පුෂ්පයක ස්ත්‍රී හා පුරුෂ කොටස් දෙකම ඇති පුෂ්පයන් ඇති ශාක වලය.සංසේචනය වූ ඩිමබ මගින් පමණක් ඉදිරි පරම්පරාව ගෙනයාහැකි බීජ නිපදවයි. පුෂ්පයන් පරාගනය සදහා විවිධ රූපාකරයන් අනුව හැඩගැසී පවතී.ඇතැම් පුෂ්ප සතුන් මගින් පරාගනය වීමටත් ඇතැම් පුෂ්ප වාතය මගින් පරාගනය වීමටත් තවත් සමහර පුෂ්ප ජලය මගින් පරාගනය වීමටත් හැඩගැසී ඇත.සතුන් මගින් පරාගනය වීමට හැඩගැසී ඇති පුෂ්ප සදහා කෘබීන් කුරුල්ලන් හා වවුලන් වැනි සතුන්ගේ සහය හිමිවේ.
ආකර්ශන උපක්‍රම
[සංස්කරණය]ශාකයකට එක්තැනක සිට තවත් තැනකට සංචරණය වීමට නොහැකිය.එම නිසා සංචරණය වියහැකි සතුන්ගේ සහය පරාගනය සදහා ශාකයන් විසින් උපයෝගීකරගනී.පරාගනයේ දී ශාකයන්ට වැඩිපුරම සහය ලබා දෙන්නේ කෘබීන්ය.කෘබින් ආදී පරාගනය සදහා සහය දැක්විය හැකි සතුන් ආකර්ශන සදහා මල් වල විශේෂ හැඩගැසීම් පෙන්වයි.සතුන් මගින් පරාගනය සිදුවන මල්වල මධුකොෂයක් පිහිටයි.මෙහි රසවත් මල්පැණි පිරී පවතී.එම මල්පැණි බීමට මීමැස්සන් කෘබීන් කුරුල්ලන් පැමිනේ.මෙම මල්වල පරාගධානියේ සිට මධුකෝෂය දක්වා දෘෂ්‍ය ආලෝකයට සංවේදී නොවන එහෙත් පාරජම්බුල කිරණවලට සංවේදී ගමන් මාර්ගයක් පිහිටා ඇත.මෙම ගමන් මාර්ගය විශේෂයෙන් සංයුත්ත ඇස් ඇති සතුන්ට හොදින් දර්ශනයවේ.දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණයන්ගෙන් සමන්විය.මෙම විචිත්‍ර වර්ණ රටා සතුන් ආකර්ශනය කරගැනීමට හැකිය.එහෙත් රාත්‍රී කාලයේ පිපෙන මල් සතුන් ආකර්ශනය කරගැනීම සදහා සුවද විහිදුවීම සිදුකරයි.එසෙම එම මල් බොහෝවිට සුදු පැහැතිය.ඇතැම් මල් වලින් නිකුත් කරන සුගන්දයන් මිනිස් නාසයට සංවේදීවේ නොවේ.තවත් ඇතැම් මල් මිහිරි සවදක් වෙනුවට නිකුත් කරන්නේ අමිහිරි දුර්ගන්ධයන්ය.උදාහරණ ලෙස රැෆ්ලේසියා කිඩාරම් ආදිය දැක්විය හැක.මෙම මල් පරාගනයවීම සිදුවන්නේ වවුලන් සළබයන් ආදී සතුන් මගිනි.
ඇතැම් මල් පරාගනය සදහා අමුතු හැසිරීම් දක්වයි.උදාහරණ ලෙස ඇතැම් ඕකිඩ් මල් ගැහැණු මීමැස්සන්ගේ වර්ණය හැඩය ගැනීම මෙන්ම ගැහැණු මීමැස්සන් ගේ සුවන විහිදුවයි.මෙවිට පිරිමි මීමැස්සන් ගැහැණු මීමැස්සන් යැයි සැකකර සංසර්ගය සදහා පැමිනේ.
පරාගන යාන්ත්‍රණය
[සංස්කරණය]පරාගන යාන්ත්‍රණය ශක අනුව වෙනස්වේ.බොහෝ පුෂ්පයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
කෘබිකාමී(Entomophilous): මෙම වර්ගයට අයත් මල් පරාගනය සදහා කෘබීන් වවුලන් හෝ වෙනත් සතුන් උපයොගීකරගනී.නිතරම මෙම වර්ගයට අයත් මල් කෘබීන් ආකර්ශනය කරගැනීමට හැඩගැසී ඇත.විචිත්‍ර වර්ණ දැරීම සුගන්දයන් විහිදුවීම මධුකෝෂ පිහිටා තිබීම ඉන් කිහිපයකි.මෙමගින් ස්වපරාගනය වලක්වා පරපරාගනය සිදුවීම පහසු කරවයි.වඩාත් උසස් ඉදිරි පරම්පරාවක් බිහිකිරීමට නම් පරපරාගනය වඩාත් උචිතය.ඇතැම් ශාක ස්වපරාගනය වැළැක්වීමට හැඩගැසී පවතී.
වාතකාමී(Anemophilous): ඇතැම් පුෂ්පයන් වාතය මගින් පරාගනයවීමට හැඩගැසී ඇත.තෘණ කුලයට අයත් ශාක හා තාල වර්ගයට අයත් ශාක වැනි විවිධශාක වර්ග මෙම ගණයට අයත්ය. මෙම ශාකවලට කෘබිකාමී ශාක වලට මෙන් කෘබීන් ආකර්ශනය කරගැනීමට අවශ්‍ය නැතතඑබැවින් මෙම පුෂ්ප අලංකාර හෝ සුගන්දවත් බවක් නොපෙන්වයි.මෙම පුෂ්ප බොහෝ විට කුඩාය.පරාග ඉතා සැහැල්ලුය සුළගේ පාවී යන පරාග පුෂ්පයක කලංකය මත පතිතවීමෙන් සංසේචනය සිදුවේ.මෙම පුෂ්පයන් පරාග ඉතා විශාල සංඛාවක් නිපදවයි.
බොහෝ පුෂ්පයන් ස්වපරාගනය සිදු කරන අතර ඇතැම් ශාකවල ස්වපරාගනය වැළැක්වීම සදහා හැඩගැසී පවතී.
පරාගන සම්භන්ධතා
[සංස්කරණය]පරාගනයේ දී පුෂ්පයන් හා කෘබීන් ආදී පරාගන කාරක සතුන් අතර විවිධ සම්භන්ධතා දැකිය හැකිය.ඇතැම් පුෂ්පයන් කරා ලගාවන්නේ එක් විශේෂයකට අයත් කෘබීන් පමණය.එබැවින් ඇතැම් ශාක වෙනත් භූගෝලීය කලාපයක සරුවට වැඩුනද ඵල හටගැනීම සිදු නොවේ.එයට හේතුව එම මල් පරාගනය කිරීමට සුදුසු සත්ව විශේෂය එහි නොසිටීමයි.එසෙම පරාගන කාරක සතුන් යම් හෙයකින් වදවී ගියහොත් හෝ ආපදාවකට පත්වු හොත් අදාල ශාකයන්හි ඵල හටගැනීම සිදුනොවේ.උදාහරණ ලෙස මැලේසියාවේ සිදුවූ අධික හිරිගල් ගුහා කඩා දැමීමත් සමග වවුලන් දහස් ගණනකට තම වාසස්ථාන අහිමිවිය.ඒ සමගම එරට දූරියන් ඵලදාව ඉතා විශාල ලෙස අඩුවිය.එයට හේතුව ඩූරියන් පුෂ්ප පරාගනයට වවුලන් දායකවූ බැවිනි.මේ ආකාරයට යම් ශාකයකට අයත් පරාගන කාරක සත්වයින්ට වන හානියත් සමග එම ශාකයන්හි ඵලදාව අඩුවේ.
මේ ආකාරයට ශාක හා පරාගන කාරක සතුන් අතර ඇති සම්භන්ධය වරෙක ඔවුන් දෙකොට්ටාශයේම අවාසියකට හේතුවිය හැක.මන්ද එක් විශේෂයකට සිදුවන හානිය අනෙත් විශේෂයේ පැවැත්මට ඍජුව බලපාන බැවිනි.
සංසේචනය හා ව්‍යාප්තිය
[සංස්කරණය]ස්ත්‍රී හා පුරුෂ කොටස් දෙකම ඇති ද්ළුීලිංගික පුෂ්ප බොහෝවිට ස්වපරාගනය සිදුකරයි.මෙම ස්වපරාගනය සිදුවන ශාකවල ජානමය වෙනස්වීම් ඉතා අඩුවෙන් සිදුවේ.මෙම හේතුව නිසා පරිසරයට ඔරෝත්තු දියහැකි නව ප්‍රභේදයන් බිහිවීම අවමවේ.ඇතැම් පුෂ්පයන්හි ස්වපරාගනය වැළැක්වීමට විශේෂයෙන් හැඩගැසී ඇති ආකාරය දක්නට ලැබේ.උදාහරණ ලෙස වැල් දොඩම් ශාකය දැක්විය හැක.
පුෂ්පයන්හි ඇති පරාග පුෂ්පයේ කලංකය මතට වැටීමෙන් පසු ප්‍රරෝහනය වන පරාගය ඩිම්බ කෝෂය දක්වා වර්ධනයවී පරාගයේ න්‍යෂ්ටිය හා ඩිම්බයේ න්‍යෂ්ටි හාවීමෙන් සංසේචනය සිදුවේ.පසුව සංසේචනයවූ ඩිම්බ බීජ ලෙසත් ඩිම්බ කෝෂය ඵලාවරණය ලෙසත් වර්ධනය වෙයි.
මෙසේ වර්ධනයවූ ඵලයේ බීජ ව්‍යාප්තිය සදහා ශාක මගින් විවිධ උපක්‍රම භාවිත කරයි.උදාහරණ ලෙස සතුන් මගින් ජලය මගින් හා වාතය මගින් හා ස්ඵෝටනය මගින්ද බීජ ව්‍යාප්තිය සිදුකරයි.
සතුන් මගින්
[සංස්කරණය]සතුන් මගින් ව්‍යාප්තවන බීජයන්හි සතුන්ට ආහාරයට ගත හැකි මාංසල කොටසක් දැරීම සිදුකරයි.එසේම ද්වීප්තිමත් වර්ණ දැරීම ආකර්ෂණීය සුවඳක් විහිදුවීම ආදිය මගින් සතුන් ආකර්ෂණය කරගනී.ඇතැම් ඵලයන් සතුව සතුන් ආකර්ෂණය කරගතහැකි මාංසල කොටස් නොදරයි.ඒ වෙනුවට සතුන්ගේ සිරුරේ දැවටියහැකි කෙඳි කොකු වැනි උපාංග දරයි.
වාතය මගින්
[සංස්කරණය]වාතය මගින් ව්‍යාප්තවන බීජ සැහැල්ලුය.සුලගේ පහසුවෙන් පාවී යාහැකිවන සේ සැකසුන පියාගත් කෙඳි වැනි උපාංඟ දරයි.උදාහරණ ලෙස මහෝගනී හොර ගම්මාලු වරා අදී දැක්වය හැක.
ජලය මගින්
[සංස්කරණය]ජලය මගින් ව්‍යප්තවන බීජ වාතය පිරි කෙඳි සහිත ඵලාවණනයක් දරයි.එසේම සෑහෙන දවසක් බීජය කුණු නොවී ජලයේ රැඳී පැවතිය හැක.උදාහරණ ලෙස පොල් පුවක් ආදී තාල වර්ගයේ ශාක බීජ හා කදුරු නෙළුම් දැක්විය හැක.
ස්ඵොටනය මගින්
[සංස්කරණය]ස්ඵොටනය හෙවත් පිපිරීමෙන් ව්‍යාප්තවන බීජ වල ඵලාවරණය වියලීමෙන් පසු වේගයෙන් පිපිරීමට ලක්වේ.එවිට ඵලාවරණයෙහි රැදී තිබුන බීජ වේගයෙන් ඉවතට විසිවේ.රබර් කූඩළු ආදිය මේවාට උදාහරණවේ.
සංකේත
[සංස්කරණය]බොහෝ මල් වර්ග විවිධ සංකේත ලෙස විවිධ සංස්කෘතිය තුල භාවිතා කරයි.මෙවන් සංකේත සදහා උදාහරණ කිහිපයක් මෙසේය.
- රතුරෝස මල- ආදරය රාගය හා සුන්දරත්වයේ සංකේතය ලෙස.
- පොපිමල - මරණයේ සංකේතය ලෙස.රණබිමේ මියගිය රණවිරුවන් සැමරීමට ද පොපිමල යොදාගනී.
- ලිලී මල - මිහිදන් කිරීම හා ජීවිතයේ සංකේතය ලෙස.මීට අමතරව හිරු සඳු තරු වැනි දිදුලන ආකාශ වස්තු සංකේතවත් කිරීමට.
- ඩේසි මල - අවිහිංසකත්වයේ සංකේතය ලෙස.
- සුදු නෙළුම් මල - සාමයේ සංකේතය ලෙස.
මීට අමතරව විවිධ ජාතීන් විසින් තම ජාතියකත්වය සංකේතවත් කිරීමට ජාතික පුෂ්පයක් යොදාගනී.තවද විවිධ පලාත් ප්‍රදේශ නියෝජනය කිරීමටත් මල් යොදාගනී.
මල් බොහෝ සංස්කෘතීන් තුල ස්ත්‍රිය හා ස්ත්‍රීත්වය සංකේතවත් කිරීමට යොදාගනී.
බොහෝ කලා කෘතීන් තුල මල් විවිධ දේ සංකේතවත් කිරීමට යොදාගෙන ඇත.විශේෂයෙන් කව්‍යයන් හි ස්ත්‍රිය සංකේතවත් කිරීම සදහා උපමාවක් හා රූපකයක් ලෙස යොදාගෙන ඇත.
ගද්‍ය හා පද්‍ය කාව්‍යයන් තුල මෙන්ම විවිද දෘශ්‍ය කලාවන්හිද මල් භාවිතා කරයි.විවිධ විත්‍ර හා සැරසිලි නිර්මානයට මල් යොදාගැනීම දක්නට ලැබේ.විවිධ උස්සව අවස්ථාවලදී සැරසිලි අලංකරණ කටයුතුවලට මල් යොදාගනී.
භාවිතයන්
[සංස්කරණය]මිනිසුන් විසින් තම ගෙවතු අලංකාරකර ගැනීම සදහා මල් වගාකරනු ලබයි.මල් වලින් අලංකාරය මෙන්ම මිහිරි සුවඳක්ද ලැබේ.ගෙවත්තේ මෙන්ම නිවෙස් අභ්‍යන්තරයේද අලංකාරය සදහා මල් බඳුන් තැබීම සිදුකරයි.ගෙවතු අලංකරණය සඳහා වගාකරනු ලබන මල් බදුන්ගතව හා භුමියමතද වගාකරනු ලබයි.
- විවිධ උස්සව අවස්තා වලදී සැරසිලි අලංකරණ කටයුතු සදහාද මල් භාවිතා කරයි.
- ඇතැම් සංස්කෘතීන් තුල මල් කළඹක් තෑගි දීම මගින් සුහදත්වය ප්‍රකාශ කරයි
- අවමංගල්‍ය වැනි අවස්තාවලදී ශෝකය පළකිරීම සදහා සුදු පැහැති මල් මාලා භාවිත කරයි.මීට අමතරව මල්වඩම් දේහය අසල රඳවා තබයි.
- හින්දු හා බෞද්ධ ආගමිකයන් තම ශාස්තෘෘවරයාට හා දෙවියන් හා දෙවඟගනන් උදෙසා මල් පූජා කරනු ලබයි.බෞද්ධයෝ ඇසතු වෘක්ෂයට හා චෛත්‍යවලටද මල් පූජා කරති.
ඇතැම් පුද්ගලයන් ව්‍යාපාරයක් ලෙස මල් වගාකර එම මල් විකුණා ආදායම් ලබති.
මල් වගාව මගින් විවිධ වාසි ලබාගත හැක.ඇතැම් මල් වර්ග සුවඳ විලවුන් වර්ග නිෂ්පාදනයසදහා යොදාගනී.උදාහරණ ලෙස පිච්ච මල් දැක්විය හැක.බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන අසල බැතිමතුන්ට මල් අලෙවිකරන වෙළඳුන් පෙරදිග රටවල ඇකිය හැකිය.මෙහිදී විශේෂයෙන් නෙළුම් මානෙල් ඕලු වැනි මල් බහුලව බැතිමතුන් සදහා අලෙවි කෙරේ.අලංකාරය සදහා මල් වගා කරන පුද්ගලයන් සදහා මල් පැල විකිණිමද සිදුවේ.
ඇතුම් මල් වර්ග ආහාර ලෙස අලෙවිකිරීමද සිදුවේ.ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා තෙල් නිපදවීමටද ඇතැම් මල් යොදාගනී.උදාහරණ ලෙස සූරියකාන්ත මල් දැක්විය හැක..
ඇතැම් මල් වර්ග ඖෂධීය පානයන් සාදාගැනීමටද යොදාගනී.ඇතැම් මල් වර්ග හරිත තේ සමග මිශ්‍ර කොට ඖෂධිය පානයන් සාදාගනී.
මේවාත් බලන්න
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]- Eames, A. J. (1961) Morphology of the Angiosperms McGraw-Hill Book Co., New York.
- Esau, Katherine (1965) Plant Anatomy (2nd ed.) John Wiley & Sons, New York.