තන්ජාවූර් දිස්ත්‍රික්කය
තන්ජාවූර් දිස්ත්‍රික්කය | |
---|---|
දිස්ත්‍රික්කය | |
පෙරවුරනිට ආසන්න ග්‍රාමීය දර්ශනයක් | |
අපනාමය(න්): තන්ජෙයි | |
පිහිටීම | |
රට | |
ප්‍රාන්තය | තමිල් නාඩුව |
නගරීය සංස්ථාව | තන්ජාවූර් |
මූලස්ථානය | තන්ජාවූර් |
තලුකා | කුම්බකෝනම්, ඔරතනාඩු, පපනසම්, පාට්ටුකෝට්ටේ, පෙරවුරනි, තන්ජාවූර්, තිරුවෙයාරු, කිරුවිඩේමරුදුර්. |
ජනගහණය(2011) | |
• මුළු | 2,405,890 |
භාෂා | |
• නිල භාෂා | දෙමළ |
වේලා කලාප | IST (UTC+5:30) |
දුරකතන කේතය | 04362,0435 |
ISO 3166 කේතය | ISO 3166-2 |
වාහන ලියාපදිංචිය | TN-49,TN-68[1] |
වෙබ් අඩවිය | Thanjavur.nic.in/ |
තන්ජාවූර් දිස්ත්‍රික්කය යනු දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වූ දිස්ත්‍රික්ක 32 අතුරින් එක් දිස්ත්‍රික්කයකි. එහි මූලස්ථාන නගරය තන්ජාවූර් වේ. 2011 වර්ෂය වන විට දිස්ත්‍රික්කයේ ජනගහනය 2,405,890 ක් පමණ විය.
භූගෝලීය පිහිටුම
[සංස්කරණය]තන්ජාවූර් දිස්ත්‍රික්කය මධ්‍යම තමිල්නාඩුව තුල භූගෝලීය වශයෙන් 10°05′N 79°10′E / 10.08°N 79.16°E යන ඛණ්ඩාංකයන්හී පිහිටා තිබේ. දිස්ත්‍රික්කය ඊසාන දිගින් නාගපට්ටිනම් දිස්ත්‍රික්කයටත්, නැගෙනහිර දිගින් තිරුවරූර් දිස්ත්‍රික්කයටත්, දකුණු දිගින් බෙංගාල බොක්කේ පෝක් සමුද්‍ර සන්ධියටත්, බටහිරින් පුඩුකෝට්ටේ දිස්ත්‍රික්කයටත්, මායිම්ව පවතී.
ජනගහනය
[සංස්කරණය]2011 ජන සංගණනයට අනූව, තන්ජාවූර් දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනය 2,405,890 පමණ වන අතර ස්ත්‍රී පුරුෂ අනුපාතය, ස්ත්‍රීන් 1,035කට පුරුෂයෝ 1,000 ක් ලෙස සටහන් විය.[2] වයස අවුරුදු හයට වඩා අඩු ජනගහනය 238,598 ක් පමණ වූ අතර ඉන් 121,949 ක ප්‍රමාණයක් පිරිමි දරුවන් හා 116,649 ක ප්‍රමාණයක් ගැහැණු දරුවන් විය. දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ලිවීමේ හා කියවීමේ හැකියා ප්‍රතිශතය 74.44%, වන අතර එය සමස්ථ රටේ ප්‍රතිශකය වූ 72.99% සමග සසඳන විට ප්‍රමාණාත්මකව ඉහල අගයක පවතී.[2] දිස්ත්‍රික්කයේ සමස්ථ නිවාස ප්‍රමාණය 605,363 පමණ වන අතර ශ්‍රම බලකාය 974,079 ක් පමණ වේ. ඉන් 117,321 ක ප්‍රමාණයක් වගාකරුවෝද, 327,673 ක ප්‍රමාණයක් කෘෂිකාර්මික කම්කරුවෝද, 26,430 ක ප්‍රමාණයක් ගෘහස්ථ කර්මාන්තකරුවෝද, 363,060 ප්‍රමාණයක් අනෙකුත් කම්කරුවෝද, 139,595 ප්‍රමාණයක් උපාන්තික කම්කරුවෝද, 12,592 ප්‍රමාණයක් උපාන්තික වගාකරුවෝද, 87,688 ක ප්‍රමාණයක් උපාන්තික කෘෂිකාර්මික කම්කරුවෝද, 4,770 ක ප්‍රමාණයක් උපාන්තික ගෘහස්ථ කර්මාන්ත සේවකයෝද, 34,545 ක ප්‍රමාණය අනෙකුත් උපාන්තික කම්කරුවෝද විය.[3]
ආර්ථිකය
[සංස්කරණය]කෘෂිකර්මාන්තය
[සංස්කරණය]තන්ජාවූර් දිස්ත්‍රික්කය කාවේරි ඩෙල්ටා කලාපය ආශ්‍රිතව පිහිටා තිබීම හේතුවෙන් ප්‍රාන්තයේ සාරවත් භූමි ප්‍රමාණයක් හිමි පෙදෙසක් බවට පත්ව තිබේ.[4] එසේම තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධානතම වී නිෂ්පාදන කලාපය වීම හේතුවෙන්, මෙම දිස්ත්‍රික්කය, තමිල්නාඩුවේ සහල් බඳුන ලෙස හැඳින්වෙයි.[5] කාවේරි ගංගාව හා එහි අතු ගංගා මගින් දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතා පිරිමසනු ලැබේ. වී වගාවට අමතරව, ගොවියන් විසින් අනෙකුත් බෝග වශයෙන් පොල් සහ උක් වගා කරනු ලබයි. මූලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් වූ ආර්ථිකයක් පැවතීම හේතුවෙන්, දිස්ත්‍රික්කයේ කර්මාන්තමය වර්ධනය කෘෂි-පදනමකට සීමා වී තිබේ. තෙල් සහ සහල් ඇඹරුම්හල් විශාල සංඛ්‍යාවක් දිස්ත්‍රික්කය පුරා දැකගත හැකිවේ.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]වසර දහසකට වඩා පැරණි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙන, පළමුවන රාජ රාජ චෝල විසින් ලදිකරන ලද තන්ජාවූර් පිහිටි පෙරවුඩේයාර් කෝවිල (බ්‍රිහදීශ්වරර් කෝවිල) සහ දෙවන රාජ රාජ චෝල විසින් 12 වන සියවසේදී ඉදිකරන ලද කුම්බකෝනම් වලට ආසන්න දරසුරාම් නගරයේ පිහිටි ලෝක උරුමයක් වූ අයිරවතේශ්වර කෝවිලද, තන්ජාවූර් දිස්ත්‍රික්කයේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සැළකේ.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ www.tn.gov.in
- ^ a b "සෙන්සස් ඉන්ෆො 2011 ෆයිනල් පොපියුලේෂන් ටෝටල්ස්". ඔෆිස් ඔෆ් ද රෙජිස්ට්‍රාර් ජෙනරල් ඇන්ඩ් සෙන්සස් කොමිසනර්, මිනිස්ට්‍රි ඔෆ් හෝම් අෘෆෙයාර්ස්, ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා. 2013. සම්ප්‍රවේශය 26 ජනවාරි 2014.
- ^ "සෙන්සස් ඉන්ෆො 2011 ෆයිනල් පොපියුලේෂන් ටෝටල්ස් - තන්ජාවූර් දිස්ත්‍රික්ට්". ඔෆිස් ඔෆ් ද රෙජිස්ට්‍රාර් ජෙනරල් ඇන්ඩ් සෙන්සස් කොමිසනර්, මිනිස්ට්‍රි ඔෆ් හෝම් අෘෆෙයාර්ස්, ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා. 2013. සම්ප්‍රවේශය 26 January 2014.
- ^ සංරක්ෂිත පිටපත, http://drought.unl.edu/pubs/dnn/arch9.pdf, ප්‍රතිෂ්ඨාපනය 2015-11-12
- ^ "තන්ජාවූර්".
බාහිර සබැඳි
[සංස්කරණය]- තන්ජාවූර් දිස්ත්‍රික්ට් ඩිවලොප්මන්ට් ඔතෝරිටි සංරක්ෂණය කළ පිටපත 2013-08-04 at the Wayback Machine