පොල්

විකිපීඩියා වෙතින්

පොල් ගස යනු තාල වර්ගයේ සාමාජිකයෙකි.මෙයට ඇත්තේ තන්තු මූල පද්ධතියකි. එසේ ම genus cocos කුලයේ පවතින බවට හඳුනාගෙන ඇති එක ම ප්‍රභේදය යි. ජීව විද්‍යාත්මකව ඵලයක් නොව අෂ්ටි ඵලයක් ලෙස සැලකුණ ද " coconut" (පොල්) යන පදය ( අතීතයේ "cocoanut" උජ්න්බ්බ්න් වූ) පොල් ගසේ බීජය, ඵලය යන ඕනෑ ම කොටසක් සඳහා භාවිතා කළ හැකි ය. සමානව පැතිරුණු වත්‍ර අංගවලින් සමන්විත පොල් ලෙල්ලේ කඩතොලු 3කට ඇතුළතින් ඇති හිස හෝ හිස් කබල යන අර්ථය සහිතව Coco යන පෘතුගීසි සහ ස්පාඤ්ඤ පදයෙන් 16 වන සියවසේ දී බිඳී පැමිණි පදයක් ලෙස coconut යන්න හැඳින්විය හැකි ය. පොල්වල බහුකාර්ය ගුණය ආහාර නිෂ්පාදනනයේ සිට විලවුන් නිෂ්පාදනය දක්වා තරම් විහිදුණු පුළුල් පරාසයක පැතිර පවතියි. පැසුණුපොල් බීජය තුල ඇති මාංසලයත් ඉන් ලබා ගන්නා පොල් කිරිත් බොහෝ නිවර්තන සහ උප නිවර්තන ප්‍රදේශවල ජකතාවගේ ආහාර වේලේ නොවරදින අංගයකි. පොල් බීජය තුළ ඇති " පොල් වතුර " හෝ "පොල් යුෂ" යනුවෙන් හැඳින්වෙන හැදිලි ද්‍රවයක් පොල් බීජාණුධරයේ විශාල වශයෙන් අඩංගු වන නිසා පොල් අනෙකුත් ඵල වලින් වෙනස් වේ. පැසුණු ඉදුණු පොල් ආහාරයට ගත හැකි බීජයකි. එලෙසම පොල් මාංශලය පොල් තෙල් ලෙස ‍හෝ පොල් කිරි ලෙස සකසා ගත හැකිය. පොල් කටුවෙන් පොල් කටු අඟුරු ද පොල් ලෙල්ලෙන් ‍‍පොල් කෙඳි ද ලබා ගැනේ. වියළි පොල් මදය ' 'copra හෙවත් "කොප්පරා" යනුවෙන් හැඳින්වෙන අතර ලබාගන්නා තෙල් සහ කිරි පොදුවේ ඉවුම් පිහුම් කටයුතු සඳහා ද යොදා ගැනේ. පොල් කටුව, පොල් ලෙල්ල, සහ දෙපසට විහිදුණු දිගු පත්‍ර විවිධ ඇසුරුම් සහ අලංකරණ කටයුතුවල දී අමුද්‍රව්‍යක් ලෙස යොදා ගැනේ. විශේෂයෙන් හින්දු ආගමික වතාවත් සිදු ඉන්දියාව වැනි ඇතැම් සමාජ තුළ පොල්වලට සංස්කෘතික සහ ආගමික වැදගත්කමක් පවතියි.

පොල් ඵලයේ කොටස්


විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය Plantae
උප රාජධානිය Tracheophytes
උප රාජධානිය Angiosperms
උප රාජධානිය Monocots
උප රාජධානිය Commelinids
වර්ගය Arecales
කුලය Arecaceae
උප කුලය Arecoideae
වර්ගය Cocoseane
ගණය Cocos
විශේෂය C. nucifera
ජීව විද්‍යාත්මක නාමය
Cocos nucifera

නිරුක්තිය[සංස්කරණය]

"coconut" යන නාමය 16 සහ 17 වැනි ශතවර්ෂවල දී හිස යන්නට සමාන වූවක් ලෙස නැව්කරුවනගෙන් බිඳී පැමිණියකි.1521 දී පෘතුගීසි සහ ස්පාඤ්ඤ ජාතික දේශ ගවේෂකයන් පැසිෆික් දූපත් වාසීන් මුණ ගැසුණ අවස්ථාවේ පොල් ලෙල්ල දුටු ඔවුන් හට පෘතුගීසි ජන කතාවල "coco" යන නමින් හැඳින්වූ භූතාත්ම හෝ මායාකාර‍යෙක් සිහි ගැන් වූ අතර coco සහ coconut යන්න ඉන් පැමිණෙන්නට ඇති බව පෙනී යන්නකි. nucifera යන ගණ නාමය ලතින් බසින් " ඵල දරා සිටින" යන අර්ථය හඟවයි.

මතුපිට ඇති සිදුරු තුනේ සමාන ලක්ෂණ විදහා පෙන්වන ලෙලි ගැසූ පොල් ඵලය

ඉතිහාසය[සංස්කරණය]

රාමායණය සහ ශ්‍රී ලාංකික වංශ කථාවන්ගේ සඳහන්ව ඇති සාහිත්‍යමය සාක්ෂිවලට අනුව  ඉන්දියානු අර්ධද්වීපයේ ක්‍රි.පූ.පළමු ශත වර්ෂයට පෙර සිට ම පොල් පැවතී ඇත. පොල් පිළිබඳ තවත් පූර්ව සඳහනක්  "Thousand and One Nights";සින්බෑඩ් නම් නාවිකයාගේ කථාව දක්වා දිව යයි.ඔහු ඔහුගේ පස් වන මුහුදු ගමන අතරතුර පොල් මිලට ගැනීම සහ විකිණීම සිදු කර ඇති බවට සාක්ෂි පවතියි."තේංගා" යනුවෙන් හඳුන්වන පොල්වල මලයාලම් නාමය, පොල් පිළිබඳ සවිස්තරාත්මකව දක්වා ඇති  Luduvio di Varthema විසින් 1510 දී ප්‍රකාශයට පත් කරන ලද itinerario හි මෙන්ම  පසුව Hortus Indicus Malabaricus හිත් සඳහන් වී තිබේ. ඊට පෙර පවා  අරාබි ජාතිකයන් විසින් jawz hindi යනුවෙන් හැඳින් වූ එය 1280 දී සුමාත්‍රාවේ දී මාකෝ පෝලෝ විසින්  nux indica යනුවෙන් හඳුන්වා "indica nut" ලෙස පරිවර්තනය වී තිබේ. 545 දී පමණ ලියැවුණු Cosmas Indica ගේ Topographia Christina මඟින් පොල් ගස යනුවෙන් හැඳින්වෙන අර්ජල් ගස සහ එහි අෂ්ටි ඵලය සම්බන්ධයෙන් සඳහනක් ඇත. 1521 මාර්තුවලදී " Megellan ලොව වටා යාත්‍රනය " අතරතුර පැසිෆික් සාගරය හරහා පළමු යුරෝපීය යාත්‍රනයේ දී පසු කාලීනව ගුආන් සහ පිලිපීනය බවට පත් වූ ප්‍රදේශයේ එවකට වැසියන් හමු වීමෙන් අනතුරුව  Antonio Pigafetta විසින් ඔහුගේ ජර්නලයේ ඉතාලි බසින්  කරන ලද විස්තරයේ "cocho"/"cochi"යන පද වලින් පොල් පිළිබඳව වාර්තා කර තිබේ. ඔවුන් ගුවානයේ දි පොල් ආහාරයට ගත් ආකාරය සහ එහි වාසය කළ ස්වදේශිකයන් පවා ඔවුන්ගේ සිරුරු සහ හිසකෙස් පොල් සහ බෙනිසීඩ් තෙල් යොදා පිරිසිදු කළ ආකාරය ඔහු විස්තර කරයි.

සම්භවය[සංස්කරණය]

පොල් ගසේ ස්වභාවික ජන්ම භූමිය රතු රේඛාවෙන් නිරූපනය වේ.( Wreth(1933) ගේ තොරතුරු මත පදනම් ව නික්ලස් ජොන්සන් විසින් සුළු වශයෙන් වෙනස් කරන ලද ) මුල් කාලීන අද්‍යතන පර්යේෂකයෙක් සහ ඇමරිකානු ජාතික උද්භිත විද්‍යාඥයෙක් වන Orator F. Cook පොල් ශාකයේ ලොව පුරා වර්තමාන පැතිරීම පදනම් කර ගනිමින් පොල් ශාකයේ සම්භවය පිළිබඳව 1091 දී උපකල්පනයක් ඉදිරිපත් කළේය.

පරිණාමික ඉතිහාසය[සංස්කරණය]

cocos nusifera සහ cocoseae කුලයේ අනෙකුත් සාමාජිකයන්ගේ පරිණාමික ඉතිහාසය සහ ෆොසිල ව්‍යාප්තිය,.වර්නමාන ව්‍යාප්තිය සහ බෙදී යාම ට වඩා නොපැහැදිලි බවක් පෙන්නුම් කරන්නේ එහි අත්‍යන්ත සම්භවය සහ මානව ආගමනයට පෙර එහි ව්‍යාප්තිය තවමත් අපැහැදිලි බැවිනි. Cocos යන ගණයේ සම්භවය ඉන්දු පැසිෆික් ප්‍රදේශයේ ද දකුණු ඇමරිකාවේ ද යන්න සම්බනධව දැනට මත දෙකක් පවතියි. පොල්වලට සමාන යැයි සැලකිය හැකි ෆොසිල සොයාගෙන ඇත්තේ නවසීලන්තය සහ බටහිර ඉන්දියාව යන ලෝකයේ ප්‍රදේශ දෙකකින් පමණි. කෙසේවෙතත් බොහෝ පාම් වර්ගයේ පොසිල මෙන්ම පොල්වලට සමාන ලක්ෂණ සහිත පොසිල ද අනුමාන වශයෙන් හඳුනා ගැනීමට අසීරු වේ.

මුල් කාලීනව සොයා ගන්නා ලද පොල්වලට සමාන යැයි සැලකෙන පොසිල cococ zeylanica යන නමින් හැඳින් වූඅතර   එය 3.5cm සිට 2.5cm දක්වා ප්‍රමාණයෙන් යුක්ත කුඩා ඵලයන්ගේ පොසිල ලෙස ඒවා විස්තර කෙරේ.1926 දී නවසීලන්තයේ මයොසීන්හි දී ඒවා සොයා ලන්නා ලදියි. එතැන් පටන් නවසීලන්තයේ Eocene,Oligocene සහ Holoceneහි දී  පොල්වලට සමාන අනෙකුත් ඵල වර්ග ගණනාවක පොසිල සොයා ගන්නා ලදියි. නමුත් ඒවා සත්‍ය වශයෙන් ම cocos ගණයට අයත් වන්නේ ද යන වග පිළිබඳව තවමත් පර්යේෂණ පැවැත්වේ. එන්ඩ්ට් සහ හේවර්ඩ්(1997) cocos ගණයේ ශාක දකුණු ඇමරිකානු කුලයක් වන Parajubaeaවලට දක්වන අනුහාරය අනුව cocosවලට වඩා දකුණ ඇමරිකානු කුලයක් වන Parajubaeaහි ඇමරිකානු සම්භවයක් පවතින බව යෝජනා කළහ. කෙසේවෙතත් හඳුන්වා දුන් විශේෂයක් ලෙස විශාල ප්‍රදේශයක ව්‍යාප්තියට වඩා ඒකදේශීය වශයෙන්  නවසීලන්තය තුළ මෙම ශාකයේ විකාශනය මේ හරහා පෙන්වා දෙයි.
බටහිර ඉන්දීයාවේ ඩෙකෑන් සානුවෙන් cocosවලට සමාන ඵල, පත්‍ර,සහ කඳ සහිත පොසිල වර්ග ගණනාවක් සොයා ගෙන ඇත.ඊට palmoxylon sundaran, palmoxylon insignae සහ Palmocarpon cocoidides වැනි marphotaxa අඩංගු  වේ. cocos වලට සමාන ඵලවල පොසිලයන්ට cocos intertrappeansis, cocos pantii,සහ cocos sahnii අඩංගු වේ.එමෙන් ම වර්තමාන cocos nusifera ලෙසින් තාවකාලිකව හඳුන්ගෙන ඇති ඵලයන්ගේ පොසිලවල ද ඒවා අන්තර්ගත වී ඇත.මේවාට cocos palaeonucifera සහ cocos binoriensis යන නිදර්ශක අයත් වන අතර මෙම දෙවර්ගය ම වසර මිලියන 70 සිට 62 කට පෙර  maastrichtian-Danian යන සමයට අයත් යැයි කතුවරුන් විසින් නම් කරන ලැබ ඇන.c.binoriensis, cocos nusiferaහි මුල් කාලීන පොසිල වලට හිමිකම් කියාපාන්නට ඇති බව කතුවරු සඳහන් කරති. 

cocos-nusiferaවලට සමාන පොසිල හමු වී ඇත්තේ නවසීලන්තයෙන් සහ ඉන්දියාවෙන් පිටත ප්‍රදේශ දෙකක් වන ඔස්ට්‍රේලියාව සහ කොලොම්බ්යාව යන ප්‍රදේශවලින් පමණි.


විස්තරය[සංස්කරණය]

  • ශාකය

cocos nusifera යනු මීටර් 30ක් තරම් උසින් යුක්ත වූ ද එකක් 60-90cm තරමේ දෙපසට විහිදුණු පත්‍රිකා සහිතව මීටර් 4-6ක් තරම් දිගු වූ ද පැරණි පත්‍ර පිරිසිදුව සහ පහසුවෙන් කඳෙන් ගැලවී යන්නා වූ ද ශාකයකි. සාමාන්‍යයෙන් පොල් උස් සහ කුරු ලෙස දෙආකාරයකට වර්ගීකරණය කළ හැකිය. සරු පසේ දී උස් පොල් ශාකය වසරකට ගෙඩි 75ක් දක්වා අස්වැන්නක් ලබා දෙයි.නමුත් බොහෝ විට එම අස්වැන්න ගෙඩි 30කට වඩා අඩු වේ. දෙනු ලබන ප්‍රශස්ත අවධානය සහ වර්ධනය වන තත්වයන් හමුවේ වසර 6 සිට 10 දක්වා කාලය තුළ මුල් වරට ඵල දරන අතර උපරිම ඵල නිෂ්පාදනයට ලඟා වීමට වසර 15 සිට 20 දක්වා කාලයක් ගත වේ.

  • පුෂ්පය

සාමාන්‍යයෙන් වසර 4-6 අතර කාලයේ වසන්ත සමය වන විට පොල් ශාකයේ කහ පැහැති සුගන්ධවත් මල් හට ගැනීම ආරම්භ වේ. පොකුරු ‍ලෙස හට ගන්නා මල් යන්තමින් අතු බෙදුණු නටුවකට සම්බන්ධ වී පවතියි.පිරිමි සහ ගැහැණු මල් පුෂ්ප මංජරියක් ලෙස වර්ධනය වේ.ගැහැණු මල් හැලී යාමට පළමුව ප්‍රපුංපරිණතිය ( පිරිමි මල් පළමුව පරිණත වීම) සිදු වී පරාග නිදහස් වේ.පසුව පුෂ්ප පොල් ගෙඩි බවට පත් වේ.

  • ඵලය

මූලික වශයෙන් භ්‍රෑණපෝෂය න්‍යෂ්ටික කලාපයේ පොල් වතුර තුළ පවතින බවට විශ්වාස කෙරේ. භ්‍රෑණපෝෂයේ තැම්පත් සෛල ස්ථර වර්ධනය නොකඩවා සිදු වන විට එය ආහාරයට ගත හැකි "මාංසලයක්" බවට පත් වේ. උද්භිත විද්‍යාත්මකව පොල් ඵලය යනු අෂ්ටිඵලයක් විනා සත්‍ය ඵලයක් නොවේ. අනෙකුත් ඵලයන්ගේ මෙන්ම එහි ද බාහිරාවරණය, වධ්‍යාවරණය,අභ්‍යන්නරාවරණය ලෙස ස්ථර තුනක් පවතියි.බාහිරාවරණය සහ වධ්‍යාවරණය පොල් ලෙල්ල නිර්මාණය කරයි. නිවර්තන නොවන රටවල පොල්වල බාහිරාවරණය ඉවත් කළ පොල් විකිණීම සඳහා තබා ඇත.කෙඳිවලින් සෑදුන වධ්‍යාවරණය "කොහු" ලෙස හැඳින්වෙන අතර එයින් සම්ප්‍රදායික සහ වාණිජවය වටිතාකම් රාශියක් ලබාගැනේ. පොල් කටුවේ ප්‍රරෝහණ සිදුරු "ඇස්" තුනක් ඇති අතර එය දැකිය හැකි වන්නේ පිටතින් ඇති මතුපිට ආවරණය ඉවත් කළ විට දී ය.හොඳින් වැඩුණු පොල් ගෙඩියක් 1.4kg ක පමණ බරකින් යුක්ත වේ. කොප්පරා ටොන්1ක් නිෂ්පාදකය සඳහා හොඳික් වැඩුණු පොල් ගෙඩි 6000ක් පමණ අවශ්‍ය වේ.

  • මුල්

ඇතැම් ශාක මෙන් පොල් ගසේ මුදුන් මුලක් හෝ මූල පද්ධතියක් නොමැත. එහි ඇත්තේ තන්තු මූල පද්ධතියකි. පොල් ගසේ මූල පද්ධතිය ශාකයෙන් පිටතට වර්ධනය ආරම්භ වි මතුපිට පෘෂ්ඨයට ආසන්නයෙන් ගමන් කරන සිහින් තන්තු බහුල වූවකි. ස්ථාවරත්වය සඳහා මුල් කිහිපයක් පමණක් ගැඹුරට ගමන් කරයි.මේ වර්ගයේ මූල පද්ධති තෘණ වර්ගයේ ශාකවල ද දක්නට ලැබෙන අතර තන්තුමය හෝ ආගන්තුක මූල පද්ධති යනුවෙන් ඒවා හැඳින්වේ .අනෙකුත් විශාල ශාක නිපදවන්නේ පොළව දෙසට වර්ධනය වන තනි මුලක් වන අතර පෝෂී මුල් ගණනාවක් ඉන් පැන නඟියි. පොල් ශාකය එහි ජීවිත කාලය පුරා ම කඳේ පාදමෙන් මුල් නිපදවීම නොකඩවා සිදු කරයි. නිපදවන මුල් සංඛ්‍යාව ශාකයේ ආයු කාලය සහ පරිසරය මත රඳා පවතියි. වසර 60 ත් 70ත් අතර ශාකයක මුල් 3600කට වඩා පැවතිය හැකිය. මුල්, සාමාන්‍යයෙන් ශාක කඳේ සිට මූලාන්තය දක්වා 75mm (අඟල් 3) කට වඩා අඩු ඒකාකාර විෂ්කම්භයකින් යුක්ත වේ

  • පුෂ්පමංජරිය

පොල් ශාකය පිරිමි සහ ගැහැණු මල් දෙවර්ගය ම එකම පුෂ්පමංජරියක නිපදවන නිසා ඒකගෘහී ශාකයක් වේ.එනම් බහුයෝගී වේ. ගැහැණු පුෂ්පය පිරිමි පුෂ්පයට සාපේක්ෂව විශාලය. මල් හටගැනීම නොකඩවා සිදු වේ. ඇතැම් කුරු පොල් විශේෂ ස්ව-පරාගනය සිදු කළ ද පොල් ශාකය සැලකෙන්නේ විශාල වශයෙන් පරපරාගනය සිදු කරන ශාකයක් ලෙස ය.

"https://si.wikipedia.org/w/index.php?title=පොල්&oldid=624362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි