ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව

විකිපීඩියා වෙතින්
ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
Location
Map

ඛණ්ඩාංක6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917ඛණ්ඩාංක: 6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917
තොරතුරු
වර්ගයරජයට පවරාදුන් පාසලකි
ආදර්ශ පාඨය
Domino Pro Patria
(ලතින් භාෂා පාඨයකි)
අදහස:"සියළු බලැති දෙවිමහෝත්තමයාණන්ට හා මාතෘභූමියට එකසේ සේවය කරන්න"
ආරම්භ කලේ1935
විදුහල්පතිගරු ප්‍රියන්ජීව ගුණරත්න පියතුමා
කාර්ය මණ්ඩලය143
බාලක/බාලිකාපිරිමි
Age6 to 19
Enrollment3299
වර්ණ(ය)නිල් සහ රන්         
Publication[1]
අනුබැඳියරෝමානු කතෝලික
වෙබ් අඩවියwww.josephvazcollege.com

ජෝශප් වාස් විද්‍යාලය (ජාතික පාසල) ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති පාසලකි. ක්‍රි.ව. 1935 ජනවාරි මස ආරම්භ කරන ලද මෙම පාසල වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල ඇති ප්‍රධාන පාසලකි. ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අතර ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය සපයයි. මෙහි වර්තමාන ශිෂ්‍යයන් සංඛ්‍යාව 4000 ඉක්මවා ඇති අතර ගුරුවරු 143 කින් සැදුම් ලත් කාර්ය මණ්ඩලයකි. ජෝශප් වාස් විදුහලෙන් උගත් සිසුන් ‍‍විශාල පිරිසක් පසුව උපාධි ලබාගෙන ඇත. විශිෂ්ටතා පලකල බොහෝ වියතුන් මෙයින් සිප් සතර හදාරා ඇත. සමාජයේ නිලතල හොබවන බොහෝ ආදී සිසුන් ජෝශප් වාස් විදුහල සතුය.

ජුසේ වාස් පියතුමා
ජෝශප් වාස් විද්‍යාලීය ශ්‍රීලංකාවේ අප ස්වාමි දුව වූ ෆාතිමා දෙව්මව්න්ගේ දේවස්ථානය

ඉතිහාසය[සංස්කරණය]

1933 වර්ෂයේ අග භාගය වන විට එවකට කොළඹ පදවියේ අගරදගුරු අති උතුම් පීටර් මාර්ක් හිමිපාණන් විසින් මාරිස් නිකායික සහෝදරතුමන්ලා වෙත වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක් ආරම්භ කිරීම සඳහා අදහසක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී මෙම අදහස අධ්‍යක්ෂකවරුන් සම්මත කල අතර මෙයට සරිලන ඉඩමක් මිලදී ගෙන පාසැල පැවැත්වීමට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකරවීමට අවශ්‍ය විය. මෙයට අවශ්‍ය වූ ප්‍රතිපාදන, ප්‍රංශයේ මාරිස් නිකායික සහෝදරතුමන්ලාගේ ආශ්‍රමය වෙතින් ප්‍රදානය කරන ලදී.

කෙසේ හෝ එවකට වෙන්නප්පුව මීසම භාර පූජකතුමන් වූ ගරු ජේ මෙහීසර් පූජාප්‍රසාදීන්වහන්සේගේ සහ නිර්ලෝභී වංශාධිපතියන් වූ ජෝන් ප්‍රනාන්දු මහතාණන් සහ එම මහත්මිය, ඩබ්ලිව්. කේ. මයිකල් ප්‍රනාන්දු, ඩබ්ලිව්. කේ. චාල්ස් ප්‍රනාන්දු, හා ඩබ්ලිව්. කේ. පීටර් ප්‍රනාන්දු යන දානපතීන්ගේද සහාය ඇතිව අක්කර 4 (16,000 මී2) ක භුමියක් මිලදී ගෙන මෙම පාසලට පළමු ගොඩනැගිල්ල තැනීමට අඩිතාලම 1934 වසරේ පෙබරවාරි මාසයේදී දමන ලදී.

එම වසරේම නිකිණි මාසයේදී මෙම ගොඩනැගිල්ලේ වැඩකටයුතු නිමකර රදගුරු හිමිපාණන්වහන්සේගේ සුරතින්[තහවුරු කර නොමැත] ආසිරි ගන්වා ආරම්භ කරන ලදී. ප්‍රථම ගුරුමඩුල්ල ලෙස මාරිස් නිකායික සහෝදරවරුන් වන ගරු.ලුවිස් සහෝදරතුමන් (අධ්‍යක්ෂක)ගරු ඔන්රියස් සහෝදරතුමන් සහ ෆීලික්ස් සහෝදරතුමන් ඇතුළු පිරිස අයත් විය. 1935 නවම් මාසයේදී මෙම පාසල රජයේ ලියාපදිංචි කරන ලදී.එලෙසින්ම රාජ්‍ය ප්‍රතිපාදන ලැබීමට සුදුසු අධ්‍යාපන ආයතනයක් ලෙස මෙය ලේඛන ගතවිය.ඇසල මාසයේදී ගරු කෙනී සහෝදරතුමන් මෙම පාසල් සමාජය සමඟ එක් විය. 1936 වසරේදී මෙහි අතිරේක පන්තිකාමර ත්‍රිත්වයක් තාවකාලිකව පිහිටුවන ලදී.මක්නිසාදයත් එම කාලය වන විට මෙහි 132 කට අධික පිරිමි සිසුන් සංඛ්‍යාවක් සිප්සතර හැදෑරීය.එම ප්‍රමාණය 1939 වන විට 175 ඉක්මවා යාමට සමත් විය.සිසුන් සංඛ්‍යාව ඉහළයත්ම මෙහි ලන්ඩන් සරසවි ප්‍රවේශ විභාගයට සහ ජෙය්ෂ්ඨ පාසල් සහතිකපත්‍ර විභාගයට සිසුන් සුදානම් කරන ලදී. 1941 වසරේ ලන්ඩන් සරසවි ප්‍රවේශ විභාගයට සිසුන් 8 දෙනෙකු ප්‍රථම වතාවට මුහුණදුනි.එහිදී සිසුන් දෙදෙනෙකු සරසවි ප්‍රවේශ වරම් හිමිකරගත්තේය.එලෙසින්ම එම වසරේදීම ජෙය්ෂ්ඨ පාසල් සහතිකපත්‍ර විභාගයට පෙනී සිටි සිසුන් 6දෙනෙකුගෙන් 4දෙනෙකු විශිෂ්ඨ ප්‍රථිපල අත්කරගත්තේය. 1941 වසරේ සිට හලාවත දියෝකිසය කේන්ද්‍ර කරගනිමින් ප්‍රාථමික දෙව්සත්හල් පුහුණු පන්ති පවත්මීට කටයුතු යෙදිනි. මෙය ජෝශප් වාස් විදුහල තුලද ආරම්භ විය.එම වසරේදීම ගරු කොන්රන් සහෝදරතුමා විද්‍යාලීය අධ්‍යක්ෂක තනතුරට පත්විය.මෙකල වන විට පාසල් සමාජයේ අචාර්ය මණ්ඩලය ගරු.කොන්රන් සහෝදරතුමන්,ගරු.බර්නාර්ඩ් සහෝදරතුමන් සහ ගරු.එතල්බර්ඩ් සහෝදරතුමන් ඇතුළු පිරිසෙන් සංයුක්ත විය. මේවන විට පාසල තුල ශිෂ්‍ය සංඛ්‍යාව 206 ඉක්මවා ගොස්ය.1942 මාර්තු මාසයේදී මෙහි විද්‍යා අංශය සඳහා ගොඩනැගිල්ලක් සැදීමට මුල් ගල් තැබීය.මෙම ගොඩනැගිල්ල ඉදිකරලීම සඳහා පරිත්‍යාගශීලින් රැසක් ලබාදුන් අධාරයන්හි මුළු වටිනාකම රුපියල් 4000ක් පමණ විය.ඩබ්ලිව්.කේ.චාර්ල්ස් ප්‍රනාන්දුගේ මැදිහත්වීම සහ පරිත්‍යාගයන් මෙම සමයේදී පාලක සහෝදරතුමන්ලා වෙත මහඟු උපකාරයක් විය.අභිනවයෙන් ඉදිකරන ලද අංශය එවකට හලාවත පදවියේ එඬේරානන් වන අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්ගේ සුරතින්[තහවුරු කර නොමැත] ආසිරි ගන්වා ආරම්භකරන ලදී. 1945 වසරේදී ජෝශප් වාස් විදුහල නිදහස් අධ්‍යාපනයේ කොටස්කරුවෙකු වන්නට සමත් වෙන අතර මෙම වසර මෙම විදුහල තුල සිදුකල ප්‍රථම ත්‍යාග ප්‍රදාන උත්සවය පැවැත්වූ වසර ලෙසද ඉතිහාසය තුල සනිටුහන් වී ඇත.මෙය පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ හලාවත පදවියේ එඬේරානන් වන අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්වහන්සේය. 1947 වසරේදී සහෝදරතුමන්ලා ලැගුම්ගෙන සිටි ලගුම්නිවසට නව අංගනයක් එක් කිරීමද සිදුවිය.මෙම අංගනය භෝජන ශාලාවක්,මුළුතැන්ගෙයක්,සේවක නවාතැන් අංගනයක් සහ ගුරු මණ්ඩල කුටියකින් සමන්විත විය. 1949 වසරේදී ගරු කොන්රන් සහෝදරතුමන්ව මාරිස් ස්ටෙලා විදුහලට මාරුකර යැවීය. එම පුරප්පාඩුව පියවීම සඳහා ගරු ඇන්තනි සහෝදරතුමන්ව මෙම පාසල වෙත යොමු කරන ලදී.මෙම වසරේම නිකිණි මාසයේදී ගරු.ෆීලික්ස් සහෝදරතුමන්ව අධ්‍යක්ෂක තනතුරට පත් කෙරුන අතර ගරු ඇන්තනි සහෝදරතුමන්ව ක්‍රයිස්ට් කින්ග් විද්‍යාලය,තුඩැල්ල වෙත යොමුකරන ලදී.එලෙසම මේ වන විට ජෝශප් වාස් විදුහල තුල සිසුන් 342 කට අධික ප්‍රමාණයක් අධ්‍යයනයේ යෙදී සිටියේය.එලෙසින්ම 1950 වසරේ ජේ.පා.ස.විභාගයට 20 දෙනකුගෙන් සමන්විත පිරිසක් පෙනී සිටි අතර එයින් 5දෙනෙකු විශිෂ්ට සමාර්ථ ලබා සමත් විය. 1950 වසරේ වප් මස 13 වන දින මුල් ගොඩනැගිල්ල නවීකරණය කිරීමට මුල් ගල තැබීම ඩබ්ලිව්.කේ.චාර්ල්ස් මහතාගේ දෑතින් සිදුවිය. සමස්ත ගොඩනැගිල්ල සදා නිම කිරීමට වැය වූ රුපියල් 50,000ක මුදල සහෝදරතුමන්ලා විසින් පරිත්‍යාගශීලින් වෙතින් සහ හිතවත් පිරිසෙන් රැස් කරගත්තේය.මෙම නවීකරණය කරන ලද මුල් ගොඩනැගිල්ල 1951 වසරේ වප් මස 13 වන දින අතිගරු මයිකල් පෙරේරා පියනමගේ සුරතින් ආසිරි ගැන්විය, 1951 වසරේදී ක්‍රීඩාපිටිය තවත් පුළුල් කරන්නේ තවත් ඉඩ ප්‍රස්ථාව සහිත බිම් කොටසක් ජෝශප් වාස් විද්‍යාලට නතු වෙමින්.මෙම නවමු ඉඩම යන්තම් අක්කර 1 1/2 ක බිම් ප්‍රදේශයක් ආවරණය කල එකකි.එය එකල මුදලින් රුපියල් 16.000ක් පමණ විය.මෙයටද පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ලැබිණ. 1952 වප් මාසයේදී ශ්‍රීලංකාවේ අප ස්වාමි දුව වූ ෆාතිමා දෙව්මව්න්ගේ දේවස්ථානය තැනීම සඳහා මුල්ගල තැබුණේ සෙංකඩගල පදවියේ එවකට එඬේරානන් වන අතිඋතුම් රදගුරුහිමිපානන්ගේ සුරතින් ආසිරි ගැන්වීමෙන් අනතුරුවය.මෙම අවස්ථාවට ආචාර්ය බර්නාර්ඩ් ආර්. සහ එම මහත්මිය,ඩබ්ලිව්.බී.තිසේරා සහ ජේ.ජේ.පින්තෝ යන මහත්වරුන්ද එක්ව සිටියහ.මේ වන විට ජෝසප් වාස් විදුහල ක්‍රීඩාවන්ගෙන්ද ජයග්‍රහණ ලබාගැනීමට සමත් වී සිටියේය.අඛණ්ඩව දෙවැනි වසරටත් "වෙස්ටර්න් ගෘප් නෝර්ත් මීට්" තරඟාවලියේ ශූරයන් බවට පත්වීමට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සමත් විය.මේ වකවානුව වන විට ගරු.ජෝනස් සහෝදරතුමන් ක්‍රීඩා භාර ප්‍රධානාචාර්ය ධුරය හෙබවිය. 1952 වසරේදී ඉදිකෙරෙමින් පවතින දේවස්ථානයට ආධාර පිණිස පැවැත්වූ සැණකෙළිය සහ දිනුම් ඇදීමේ ලොතරැයිය සාර්ථක විය.එයින් විදුහලට ලැබුණු ශුද්ධ සමස්ත අදායම රුපියල් 123,875 ඉක්මවීය. 1953 වසරේදී තවත් අක්කර 1/4 ක පමණ ප්‍රමාණයක් විදුහලට නතු විය.තවත් නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් ආරම්භ වුයේ පන්ති කාමර 6 ක් භෞතික විද්‍යා පර්යේෂණාගාරයක්,පුස්තකාලයක්,ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් කාමරයක් සහ ගබඩා කාමරයක්ද ජෝශප් වාස් විදුහල් මාතාවට ලබා දෙමිනි.මුල් ගල තැබීම ගරු ෆිලීෂියන් ප්‍රනාන්දු පියනම සුරතින් සිදුවිය-විදුහලෙන් බිහිවූ ප්‍රථම පැවිදි පියනම ලෙසද ඔහු ඉතිහාසයට එක්විය. 1955 වසරේදී ගරු ෆීලික්ස් සහෝදරතුමන්ව ක්‍රයිස්ට් කින්ග් විද්‍යාලය,තුඩැල්ල වෙත යොමුකරන ලදී.එතුමන්ගේ පුරප්පාඩුව පියවීම සඳහා ගරු බර්ච්මන්ස් සහෝදරතුමන්ව විදුහලේ අධ්‍යක්ෂක ධුරය වෙත එවන ලදී. 1956 වසරේදී අභිනවයෙන් ඉදිකර වැඩ අවසන් කරනලද ශ්‍රීලංකාවේ අප ස්වාමි දුව වූ ෆාතිමා දෙව්මව්න්ගේ දේවස්ථානය ආසිරි ගැන්වූයේ එවකට හලාවත පදවියේ එඬේරානන් වන අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්ගේ සුරතිනි. 1959 වසරේදී ජෝශප් වාස් විදු පියසේ 25 වන සංවත්සරය සැමරූ අතර එහිදී විශිෂ්ට ගණයේ සුවිසල් ක්‍රීඩා උත්සවයක් පවත්වන ලදී.මෙම වසරේදීම පාසලේ බාලදක්ෂ කණ්ඩායමක් ස්ථාපිත කළේය.එම වසරේ බිනර මස ගරු.පීටර් සහෝදර තුමන්ව මාරිස් ස්ටෙලා විදුහලට යොමුකළ අතර පුරප්පාඩුවූ තනතුර හෙබවීම සඳහා ගරු.ස්ටැනිස් ලාව්ස් සහෝදරතුමන්ව මෙම පාසල වෙත එවන ලදී. 1960 වසරේ උදුවප් මාසයේදී මෙම පාසල සම්පුර්ණයෙන්ම රජය වෙත පවරා ගන්නා ලදී.ජෝශප් වාස් විද්‍යාලය ගාස්තු අයකිරීමකින් තොරව පවත්වන පෞද්ගලික පාසලක් ලෙස නම් විය.මෙහිදී පාසලේ සුභසාධක සංගමය මගින් පාසලේ ඉදිරි දියුණුව වෙනුවෙන් මුල්‍යමය ප්‍රතිපාදන සැපයීමට ඉදිරිපත් විය. 1962 බිනර මස 01 වනදා මෙම පාසල අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනයට ගත් අතර පාසල් සමාජයේ අධ්‍යක්ෂක කේන්ද්‍ර කොටගත් පාලන තන්ත්‍රයක් අති කළේය. 1963 මැදින් මස 14 වන දින මෙය රජය යටතේ පාලනය වන රජයේ පාසලක් බවට පත් කෙරින.

විශේෂ අවස්ථා[සංස්කරණය]

2009 වසරේ ඔක්තෝබර් මස 13 වන දින විදුහලේ දියමන්ති ජුබිලිය නොහොත් 75 වන සංවත්සරය උත්සවාකාර සැමරීය. දින 4ක් මුළුල්ලේ අධ්‍යාපනික,විද්‍යා සහ තාක්ෂණික ප්‍රදර්ශනයකුත්, එයට සමගාමීව සැණකෙලියකුත් පැවැතිවිනි. එය වයඹ පළාත තුල විදුහලක් සිදුකල දැවැන්තම[තහවුරු කර නොමැත] ප්‍රදර්ශනය සහ සැණකෙලියයි. මෙයට ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපති මහින්ද රාජපක්ෂද සහභාගි විය. එය පුත්තලම් දිස්ත්‍රික්කය තුල ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයාණන් පාසකලට සම්ප්‍රාප්ත වූ ප්‍රථම අවස්ථාව[තහවුරු කර නොමැත] වේ.

මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විදුහල් භූමියට පැමිනීම

මෙම උත්සවයට එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ එවකට වරාය,ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, කැබිනෙට් අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු ,නියෝමාල් පෙරේරා ,ප්‍රියංකර ජයරත්න සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහද එක් විය. එලෙසින්ම හලාවත පදවියේ එඬේරානන් වන වැලන්ස් මෙන්ඩිස් රදගුරු හිමිපාණන් ඇතුළු පූජක වරු රැසක්ද මහා සංඝරත්නයද මෙම උත්සවයට සහභාගී වුහ.

ජෝශප් වාස් විද්‍යාලයේ අද දවස[සංස්කරණය]

දියමන්ති ජුබිලි සැමරුම් ගොඩනැගිල්ල.(සම්මන්ත්‍රණ ශාලාව, විද්‍යා ගණිත අංශය)

වර්තමානය වන විට ජෝශප් වාස් විද්‍යාලය ශ්‍රීලංකාවේ ජාතික පාසල් ප්‍රවාහය තුල වැදගත් ස්ථානයක් රඳවාගෙන සිටින විද්‍යාලයකි.අධ්‍යාපනික හා ක්‍රීඩා යන අංශයන් සියල්ලන්ගෙන්ම ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබූ මෙම විද්‍යාලය වත්මන් ශ්‍රිලංකාවේ ජනප්‍රිය පාසලකි. අ.පො.ස.සා/පෙළ මෙන්ම අ.පො.ස උ/පෙළ යන විභාග වලින් දිස්ත්‍රික් මට්ටමේ කුසලතා මෙන්ම සමස්ත දිවයිනෙන්ම ලබන කුසලතා රැසක්ද ජෝශප් වාස් විද්‍යාලය සතුය.2011 අ.පො.ස උ/පෙළ ගණිත අංශයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයද ජෝශප් වාස් විද්‍යාලය සතුය. සිසුන් 4000 කට අසන්න සංඛ්‍යාවක් සිය අධ්‍යාපනය මෙම විදුහල මගින් ලබාගන්නා අතර අධ්‍යාපනය ලබා දීම සඳහා ගුරුවරුන්/ගුරුවරියන් 138 ක් පමණ අනුයුක්තව සේවය කරන මෙහි ක්‍රමවත් අධ්‍යාපනයක් සිසු කැල වෙත දීමට මෙම ආචාර්ය මණ්ඩලය බැදී සිටිති. ස්වාධින ලෙස පාලන තන්ත්‍රය හෙබවන සහ ඕනෑම අභියෝගයකට නොසැලී කටයුතු කල හැකි අකාරයේ පරාර්ථකාමී විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, හිතවත් පිරිස් පාලනයේ පහස හේතුකොටගෙන ජෝශප් වාස් විද්‍යාලය සිය අරමුණු මුදුන්පත් කරගන්න විද්‍යාලයක් වශයෙන් සඳහන් කල හැක. මුල්‍යමය සහ භෞතිකමය ප්‍රතිපාදන රජයේ අනුග්‍රහයෙන් සහ නොමද දායකත්වය සියලු කාර්යයන් වල ලබා දීමට ආදී ශිෂ්‍ය සංගමය සහ ගුරු දෙගුරු සංගමය බැදි සිටිති. මේ වන විට මෙම විද්‍යාලය සියලු විද්‍යා පර්යේෂණයන් සහ අනෙකුත් ප්‍රයෝගික ක්‍රියාකාරකම් කිරීමට හැකියාව ඇතී රසායනාගාරයක්,විද්‍යා පර්යේෂණාගාර භෞතික, රසායන, ජීව විද්‍යා යන ත්‍රිත්වයටම අයත් ආකාරයට වෙන් වෙන්ව ගොඩනගා ඇත. ඒ අනුව විද්‍යාලය තුල විද්‍යා විෂය ධාරාව හදාරන සිසුන්ට මහත් පිටිවහලක් ලබාදී ඇත. පුස්තකාල දෙකකක්, දන්ත ශල්‍යාගාරයක්, තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා පරිගණක අංශයක් සහ මහල් ද්විත්වයකින් සමන්විත ක්‍රීඩා මණ්ඩපයක් සහිත හොඳින් නඩත්තු කරලන විශාල භුමි ප්‍රදේශයක් සිසාරා පැතිරුන ක්‍රීඩා පිටියක්ද මෙම විදු පියස සතුය. අභිනවයෙන් ඉදි කරන ලද විද්‍යා ගණිත අංශය මහල් ත්‍රිත්වයකින් සමන්විත ගොඩනැගිල්ලකි. 6 ශ්‍රේණියේ සිට අ.පො.ස උ/පෙළ දක්වා සියලුම[තහවුරු කර නොමැත] විෂය ධාරාවන් සිංහල සහ ඉංග්‍රීසි යන භාශා මාධ්‍යන් ද්විත්වයෙන්ම හැදෑරීමට මෙම විද්‍යාලයේ පහසුකම් ඇත.ප්‍රාථමික අංශය සහ ද්විතීය ජේයෂ්ඨ අංශය වෙන් වෙන් වශයෙන් පාලනය වන මෙහි ප්‍රාථමික අංශය සඳහා ළමුන් ඇතුලත් කරගැනීමට තරඟයක් පවතී. 5 ශ්‍රේණි‍යේ ශිෂ්‍යත්ව විභාග‍යෙන් ජයග්‍රහණ රැසකින් ලබා ඇති මෙම විදුහල එම විභාග‍ය සමත් වන දරුවන් රැසක් ඇතුලත් වීමට වෙර දරන පාසලකි.

කණ්ඩායම් සහ සංගම්[සංස්කරණය]

  • බාලදක්ෂ ව්‍යාපාරය
  • රතු කුරුස සංගමය
  • පරිසර නියමු භට කණ්ඩායම
  • ඡායාරූප සංගමය
  • මාධ්‍ය ඒකකය
  • ශිෂ්‍ය භට කණ්ඩායම
  • දැනුම මිනුම කවය
  • ගවේෂණ සංගමය
  • විද්‍යා සංගමය
  • වාණිජ සංගමය

  • ශිෂ්‍ය නායක සංගමය
  • තාරකා විද්‍යා සංගමය
  • කථික සමාජය
  • සාහිත්‍ය සංගමය
  • නාට්‍ය සංගමය
  • බටහිර තුර්ය වාදක කණ්ඩායම
  • තොරතුරු තාක්ෂණ සංගමය
  • මලල ක්‍රීඩා සංගමය
  • පෙරදිග නර්තන කණ්ඩායම
  • ගුවන් විදුලි සංගමය

  • කලා සංගමය
  • චිත්‍ර සංගමය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • චෙස් සංගමය
  • ස්ක්‍රැබල් සංගමය
  • ආගමික කටයුතු සංසදය
  • ගායනා කණ්ඩායම
  • විවාද කණ්ඩායම

නිවාස[සංස්කරණය]

  • ඇන්ටන්

    

  • ජෝනස්

    

  • ලුවිස්

    

  • පීටර්

    

ක්‍රීඩා[සංස්කරණය]

  • ක්‍රිකට්
  • පාපන්දු
  • අත්පන්දු
  • හොකී
  • පැසි පන්දු
  • රගර්

  • බැඩ්මින්ටන්
  • මලල ක්‍රීඩා
  • කරාතේ
  • බොක්සිං
  • පෙරදිග තුර්ය වාදක කණ්ඩායම
  • බටහිර තුර්ය වාදක කණ්ඩායම

  • චෙස්
  • බාලදක්ෂ
  • ශිෂ්‍ය භට
  • ජිම්නාස්ටික්
  • කැරම්


ක්‍රීඩා සංගම්[සංස්කරණය]

ක්‍රීඩා ජයග්‍රහණ[සංස්කරණය]

විද්‍යාලීය ගීතය[සංස්කරණය]

විද්‍යාලීය ධජය


ජෝශප් වාස් විද්‍යාලීය ගීතය
ශ්‍රාස්ත්‍ර කලා විද්‍යා රස දීලා
දින විදුහල් මතා..........
සුගුණ අමාවෙන් පෝෂ්‍ය වඩාලා
දින විදුහල් මාතා.........
මව් බිමටා...දෙවි තුමටා.....
සැරසෙමු දින දින සේවයටා...........
ආදී හෙලේ...... කිතු සේවේ......
දිනේ ජුසේ වාස් පියතුමනේ...........
සමරමු අනුව යමු..... ///


සම්මාන,වර්ණ සහ කුසලාන[සංස්කරණය]

ආදී ශිෂ්‍ය සංගම්[සංස්කරණය]

ජෝශප් වාස් විද්‍යාලයේ විදුහල්පතිවරුන්[සංස්කරණය]

වත්මන් විදුහල්පති ප්‍රියන්ජීව ගුණරත්න පියතුමා

විශිෂ්ට ගුරුසේවා සිදුකල ගුරුවරුන්[සංස්කරණය]

වැදගත් සිදුවීම්[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

සබැඳුම් පිටු[සංස්කරණය]