චිත්‍රය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
16 වන ශතවර්ෂයේදී ඇනිබලේ කරක්සි, අඳින ලද පිරිමි නග්න චිත්‍රයක්

චිත්‍රය යනු ද්විමාන මාධ්‍යයෙන් එළි දැක්වෙන දෘශ්‍ය කලාවක් වන අතර එයට විවිධ මාධ්‍ය භාවිතකර - නිර්මාණය කළ හැක. බහුලව යොදාගන්නේ මිනිරන් පැන්සල්, පෑන් හා තීන්ත , තීන්ත පෙඟ වූ පින්සල්, පාට පැන්සල් , පාට හුණු කූරු, අඟුරු, හුණු කූරු,පැස්ටල්, පන්හිඳ හෝ රිදී කුඩු විධික්‍රමය වැනි විවිධ මාධ්‍යයි. චිත්‍රකරණයේ නියුතු ශිල්පියෙකු සැලසුම්කරුවෙකුට සමාන කළ හැකිය. චිත්‍ර ඇඳීමට යොදා ගන්නා මාධ්‍ය බොහෝ ප්‍රමාණයක් තිබුණද චිත්‍ර ඇඳීම‍ට යොදාගන්නා පෘෂ්ඨ ඇත්තේ ස්වල්පයකි. බොහෝ විට කඩදාසි බහුලව යොදා ගත්තද කාර්ඩ්බෝර්ඩ්, ප්ලාස්ටික්, ලෙදර්, කැන්වස් හෝ පුවරු යොදා ගනිමින්ද චිත්‍ර අඳී. මේ වන විට ක්‍රරුටු චිත්‍රවලටද විශාල ජනප්‍රිය තාවක් ලැබී ඇති අතර එයට හේතු වී ඇත්තේ පර්මනන්ට් මාකර් [ Permanent Markers] බහුල වීමයි.

අතීතය[සංස්කරණය කරන්න]

පූර්වාදීත යුගයේදී චීනය, ග‍්‍රීසිය, රෝමය, පර්සියාව, මායා ආදී වූ සංස්කෘතීන්හි විශාල සංඛ්‍යාවක සෙරමික් කලාව විශාල වශයෙන් පැතිර තිබුණියුරෝපීය මධ්‍යධරණී ගී‍්‍රක පළාතක් වන සැන්ටෝරිනි වෙතින් සොයාගනු ලැබු සෙරමික් නිර්මාණයන් කි‍්‍ර. පූ. 3 වන සහශ‍්‍රකය තරම් පැරණිය. කැණිම් කරනු ලැබූ සමහර නිවාසයන්ගෙන් අතිවිශාල සෙරමික් ජෝගු හමුවී ඇත. පුරාතන යුරේසියානු සහ ග‍්‍රීක සෙරමික් නිර්මාණ අලංකාර සිතුවම් වලින් සරසා තිබිණ.

කුඩා වීනස් ප‍්‍රතිමා චෙක් ජනරජයෙන් හමුවී ඇති සෙරමික් ප‍්‍රතිමාවන් දැනට සොයාගෙන ඇති මිනිස් රූපාකාරයෙන් නිමවූ ප‍්‍රථම කලාකෘති වෙයි. එවැනි එක් ප‍්‍රතිමාවකි Dolní Věstonice හි වීනස් පිලිමය. එය නිර්මාණයකොට ඇත්තේ මීට වසර 27,000 කටත් 31,000 කටත් අතර කාළයකය. මෙහි ‘වීනස්’ යන්න පිළිමයේ නිරුවත් කාන්තා රූපය හේතුවෙන් එසේ හැඳින්වීම හැරෙන්නට එය සාම්ප‍්‍රදායික ආදරයේ දෙවඟන ලෙස සැලකෙන වීනස් දෙව්දුව සමඟ සම්බන්ධයක් නොමැත. මෙය නිර්මාණයකොට ඇත්තේ මැටි සහ කුඩු කරන ලද ඇටකටු මිශ‍්‍රණයකින් අඹා පසුව පිලිස්සීමෙනි. දැනට සොයාගෙන ඇති මානව ආකෘතිය සහිතව නිර්මාණය කරනු ලැබ ඇති පැරණිම නිර්මාණය මෙයයි. එය නිර්මාණයකොට ඇත්තේ ලලිත කලා කෘතියක් ලෙසද, ආගමික සංකේතයක් ලෙසද, වෙනත් අරමුණකින්ද යන්න පිලිබඳ ශාස්ත‍්‍රඥයෝ අදහසක් ප‍්‍රකාශ කිරීමට අසමත් වෙති. එනම් එය අදාල සංස්කෘතියට කුමණ අර්ථයක් ගෙන දුන්නේද යන්න නොදන්නා කරුණකි. යුරේසියාව පුරා සොයාගෙන ඇති මීට සමාන ප‍්‍රතිමාවන් සියල්ලම වීනස් ප‍්‍රතිමා ලෙස හඳනුවනු ලබන අතර ස්තී‍්‍ර රූපාකාරය සෞන්දර්යාත්මක කුසලතාවයකින් යුතුව නිර්මාණය කොට ඇති ආකාරය මේවායින් විද්‍යාමන වෙයි. ඒ පිලිබඳ ලියවී ඇති අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

x කුඩා වීනස් ප‍්‍රතිමාවන් වූ කලි වසර 30,000 ත් 15,000 ත් අතර කාලයක, එනම් ඉහල පැලියෝලිතික යුගයේදී මුල්වරට නිර්මාණය වූ විශ්වීය කලාත්මක ආදර්ශයන්ට ලබාදී ඇති නමය.

x යුරෝපයේ ඉහල පැලියෝලිතික යුගයේදී පුරාවිද්‍යා විෂය පථය තුල මානව රූපය මතුවූ පසු ලෝකයේ පැරණීතම කලාත්මක නිර්මාණයන් වන්නේ මේවාය.


චීන සෙරමික් බඳුන්, සොංග් රාජවංශය. මෙම චීන මැටි බඳුන් ආසියාවේ සහ යුරෝපයේ විවිධ වරායන් වෙත අපනයනය කරනු ලැබිණ. මේවායේ වෙනස් නොවන සුන්දරත්වය මෙන්ම මේවායේ අඩංගු කරන ආහාර පානයන්ට විෂ එක්කළහොත් මෙම බඳුන්වල වර්ණ වෙන්ව යන් බවට වූ විශ්වාසය හේතුවෙන්ද මෙම සෙරමික් භාණ්ඩ ඔටෝමන් සුල්තාන්වරුන් වැනි විවිධ රජවරුන් හා රාජවංශයන්ගේ පි‍්‍රයතම භාන්ඩ විය.

ආසියානු ලෝකයේ සොයාගෙන ඇති පැරණිතම සෙරමික් නිර්මාණ චෙක් ජනරජයෙන් සොයාගනු ලැබූ වීනස් පිළිම වන අතර ඒවා මීට වසර 29,000 25,000 අතර කාළයකට පෙර යුගයට අයත් ලෙස සලකනු ලැබේ. ආසියාවේ පැරණිතම සෙරමික් භාණ්ඩ ජපාන්‍ය ආශි‍්‍රතව ජීවත්වූ ජනයා විසින් මීට ක‍්‍රි. පූ. 10500 දී පමණ නිර්මාණය කල මැටි බඳුන් බව සැලකේ. චීන පෝසිලේන් නිර්මාණය වන්නේ ආසියාවේ හන් යුගය (කි‍්‍ර. ව. 100 -200) රාජධානි ති‍්‍රත්වයේ යුගය (කි‍්‍ර. ව. 220-280) රාජවංශ හයේ යුගය (කි‍්‍ර. ව. 220-589) සහ ටැංග් රාජවංශික යුගය (කි‍්‍ර. ව. 618-906) යන කාළයන් තුලය.

ඇමරිකානු මායාවරු සෙරමික් කලාවට පසුකාලීනව ප‍්‍රවේශවූ පිරිසක් වූ නමුත් සම්භාව්‍ය මායා ශිෂ්ඨාචාර යුගයේදී එනම් කි‍්‍ර. ව. 2 වන සහ 10 වන සියවස් අතර කාළයේදී එය ඉතාම උසස් තලකට පත්ව පැවතින. බ‍්‍රසීලයේ දකුණුදිග ප‍්‍රදේශයේ පිහිටා ඇති එක් කැනීම් බිමකින් මහා පරිමාණයෙන් නිපදවනු ලැබූ මැටි බඳුන් හමුවී ඇත . හොන්ඩූරාස් සහ ග්වාතමාලා යන රටවල ඇති මායා ශිෂ්ඨාචාර කැනීම් බිමි වලින්ද මෙවැනිම නිර්මාණයන් හමුවී ඇත . වර්තමානයේ මායාවරුන්ගෙන් පැවත එන්නෝ මෙම නිර්මාණයන්ගේ පිටපත් නිපදවීම සිදු කරති.

මුද්‍රණකරනයේ වර්ණ[සංස්කරණය කරන්න]

මුද්‍රණකරුවෝ විවිධ ආකාරයෙන් සිය මුද්‍රණයන්ට වර්ණ එක්කරති. බොහෝවිට නිරේඛනය, ස්කී‍්‍රන් මුද්‍රණය, ලී අච්චු මුද්‍රණය යනාදියේදී වෙනස් වෙනස් ඵලක, අච්චු හෝ ස්කී‍්‍රන් යොදාගනිමින් වර්ණ යොදනු ලැබේ. බහු ඵලක වර්ණ ශිල්පක‍්‍රමයන්හිදී එක් එක් වර්ණය සඳහා වෙන වෙනම ඵලක, ස්කී‍්‍රන් හෝ අච්චු යොදාගනු ලැබේ. එක් එක් වර්ණය වෙන වෙනම කිහිප වරකදී යෙදීම මෙහිදී සිදුවේ. සාමාන්‍යයෙන් ඵලක 3 ක් හෝ 4 ක් යොදාගනු ලබන නමුත් සමර අවස්ථාවලදී මුද්‍රණකරුවා ඵලක 7 ක් පමණද යොදාගනු ලැබිය හැක. සෑම වර්ණ යෙදීමකදීම අලූතින් යොදන ලද වර්ණය ඊට පෙර යොදන ලද වර්ණයන් කෙරෙහි බලපායි. ඒ අනුව වර්ණ වෙන් වෙන්ව පවත්වාගැනීම කෙරෙහි අවධානයෙන් කටයුතු කළ යුතුය. ලා වර්ණ මුලින් යොදනු ලබන අතර අනුපිලිවෙලින් අඳුරු වර්ණ අවසානයට යොදනු ලබයි.

මෙම ශිල්පක‍්‍රමය ආරම්භවන්නේ හිස් හෝ සරළතම නිරේඛනයක් සහිත තහඩු හෝ ලී අච්චුවකිනි. එක් එක් වර්ණය මුද්‍රණය කිරීමේදී මුද්‍රණකරුවා තහඩුව හෝ ලී අච්චුවේ කොටසක් ඉවත් කර නව වර්ණය යොදනු ලබයි. අච්චුවේ ඉවත්කෙරෙන සෑම කොටසක් පාසා දැනටමත් මුද්‍රණය වී ඇති වර්ණ නරඹන්නාට දැකගැනීමට සලසයි. ඒකදර්ශී මුද්‍රණය වැනි සමහර මුද්‍රණ ක‍්‍රමයන්හිදී මුද්‍රණකරුවා සිත්තරකු මෙන් තමන්ට අවශ්‍ය වර්ණ පින්තාරු කර අනතුරුව මුද්‍රණය කිරීම සිදුකරයි.

ව්‍යාකලන වර්ණ ක‍්‍රමවේදය ඕෆ්සෙට් හා ඩිජිටල් මුද්‍රණයන්හිදී භාවිතා කරනු ලබයි.

ඓතිහාසික පසුබිම[සංස්කරණය කරන්න]

රතු, කහ සහ නිල් යන ‘මූලික’ නොඑසේනම් ‘ප‍්‍රාථමික’ වර්ණ පදනම් කරගෙන වර්ණ න්‍යාය මුලින්ම ගොනංවන ලදී. ඊට හේතුවූයේ මෙම වර්ණයන් මිශ‍්‍ර කිරීමෙන් වෙනත් ඕනෑම වර්ණයක් සාදාගත හැකි යැයි විශ්වාස කිරීමය. මෙම වර්ණ මිශ‍්‍රණය මුද්‍රණකරුවන්, සායම් පොවන්නන් සහ සිත්තරුන් විසින් දැනසිටි නමුත් මෙම වර්ණ මිශ‍්‍රණයන්ට වඩා වෙළෙන්දන් වඩා පි‍්‍රයතාවයක් දැක්වූයේ අමිශ‍්‍ර වර්ණකයන්ටය. එයට හේතුව මිශ‍්‍ර වර්ණ එතරම් දීප්තිමත් නොවීමයි.

සියලූ දෘෂ්‍ය වර්ණයන් දැකීමේ සංවේදී ගුණයන් සහ වර්ණක හෝ සායම් මිශ‍්‍ර කිරීමේ ප‍්‍රතිඵල කළ වර්ණ සමපාත වූ 18 වන සියවසේ වර්ණ න්‍යායන්හි පදනම වූයේ මෙම රතු , කහ, නිල් ප‍්‍රාථමික වර්ණයන්ය. 18 වන සියවසේ සිදුකළ මනෝවිද්‍යාත්මක වර්ණයන්ගේ බලපෑම පිලිබඳ පර්යේෂණයන් විසින් මෙම න්‍යායයන් තවදුරටත් ඉදිරියට ගෙනයනු ලැබිණි. මෙම වර්ණ නිරීක්‍ෂණ පිලිබඳ අදහස් සංක්‍ෂිප්ත කරමින් ලියැවුනු ලේඛනයන් දෙකක් වර්ණ න්‍යායේ පදනම ලෙස සැලකෙයි. එනම් ජර්මානු කවියකුවූ ජොහෑන් වුල්ෆ්ගැංග් වොන් ගොයතේ විසින් රචිත Theory of Colors (1810) සහ ප‍්‍රංශ කාර්මික රසායඥයකු වූ මයිකල් ඉයුජීන් චැවියල් වසින් රචිත The Law of Simultaneous Color Contrast (1839) ය.

මීට සමාන්තරව 19 වන සියවසේදී බිහිවූ ජර්මානු සහ ඉංගී‍්‍රසි විද්‍යාඥයන් කියාසිටියේ වෙනස් ප‍්‍රාථමික වර්ණයන් තුනක් මඟින් වර්ණ සංජානනය වඩාත් හොඳින් පැහැදිලි කළහැකි බවය. එනම් රතු, කොළ සහ නිල්දම් වර්ණයන්ය. පර්යේෂණයන් විසින් මෙම වර්ණයන් ආලෝකයට එකිනෙකට වෙනස් ආකාර තුනකින් ප‍්‍රතිචාර දක්වමින් දෘෂ්ඨි විතානය මත වර්ණ ග‍්‍රහණනයන් ඇති කරන බව පෙන්වා දෙනු ලැබිණ. මෙම කරුණ මත පදනම් වෙමින් 20 වන සියවසේදී වර්ණ මිශ‍්‍රණය හෝ වර්ණමිතිය පිලිබඳ ප‍්‍රමාණාත්මක විස්තරයක් ගොඩනංවනු ලැබිණි. වර්ධනයවෙමින් පවත්නා විචිත‍්‍රවත් වර්ණ අවකාශය සහ වර්ණ සංජානනය පිලිබඳ ආදර්ශයන් මාලාවකට මෙය ආරම්භය සැපයීය.

මෙම කාළ වකවානුවේදීම කාර්මික රසායන විද්‍යාවද රැඩිකල් වෙනසකට භාජනය වූ අතර කෘතිම වර්ණකයින්ගේ වර්ණ පරාසය සීඝ‍්‍රලෙස පුළුල් වූ අතර වර්ණ මිශ‍්‍රණයෙන් බිහිවූ ඩයි වර්ග, තීන්ත සහ සායම් වර්ග අතිමහත් සංඛ්‍යාවක් නිර්මාණය විය. වර්ණ ඡයායාරූප ශිල්පය සඳහා අවශ්‍ය වූ ඩයි වර්ග සහ රසායනික කි‍්‍රයාවලියද නිර්මාණය විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මහා පරිමාණයෙන් මුද්‍රණය කෙරෙන මාධ්‍යයන්හි ති‍්‍ර වර්ණ මුද්‍රණය සෞන්දර්යාත්මකව සහ ආර්ථිකමය වශයෙන් කළහැක්කක් බවට පත්විය. තීන්ත හා ඡායාරූපකරණයේදී යොදාගන්නා ඩයි වර්ගයන්ට වඩාත් ඵලදායී වූ වර්ණයන්ගෙන් වර්ණ න්‍යාය ආදේශ විය. එනම් සයන්, මැජෙන්ටා සහ කහ වර්ණයන්ය. මෙම සයන්, මැජෙන්ටා සහ කහ යන ප‍්‍රාථමික වර්ණයන් රතු, කොළ, නිල් යන ප‍්‍රාථමික වර්ණයන් සමග එක්වීමෙන් ව්‍යාකලන වර්ණ සංයෝජනයක් බිහිවිය. සයන්, මැජෙන්ටා සහ කහ යන ප‍්‍රාථමික වර්ණයන් රතු, කොළ, නිල් යන ප‍්‍රාථමික වර්ණයන්ගෙන් එක් වර්ණය බැගින් එනම් සයන් රතු වර්ණයද, මැජෙන්ටා කොළ වර්ණයද, කහ, නිල් දම් වර්ණයද පමණක් අවශෝෂණය කරගන්නා බවට අර්ථකථනය කෙරින. මෙමඟින් විවිධාකාර වර්ණයන් සහිත වර්ණ මුද්‍රණයන් අතිවිශාල ප‍්‍රමාණයක් නිර්මාණය කිරීමට සමත්වූ නමුත් සමහර වර්ණයන් (තැඹිලි පැහැය සහ දම් පැහැයන්) නිපදවීම එතරම් සාර්ථක නොවුනි.

"https://si.wikipedia.org/w/index.php?title=චිත්‍රය&oldid=378829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි