ගොයිදූ (බා අතොළුව)
ගොයිදූ | |
---|---|
දූපත ගැන සාරාංශය | |
අයිතිව ඇත්තේ | බා අතොළුව |
පිහිටීම | 04°52′25″N 72°59′59″E / 4.87361°N 72.99972°Eඛණ්ඩාංක: 04°52′25″N 72°59′59″E / 4.87361°N 72.99972°E |
ජනගහණය | 657 |
දිග | 2,130 m (6,988 ft) |
පළල | 1,580 m (5,184 ft) |
මාලේ සිට දුර | 94.33 කිමී (58.61 සැත) |
ගොයිදූ (දිවෙලි: ގޮއިދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, දකුණු මාල්හොස්මදුලු අතොළුවේ ජනාවාසී දූපත් අතුරින් එකකි.
ඓතිහාසික තතු
[සංස්කරණය]19වන සියවසෙහිදී, රජු විසින් ඔහුගේ හජ්ජි වන්දනාවෙහිදී මිලදී ගන්නා ලද ගැහැණු අප්‍රිකානු වහලියක වහල් බවින් විධිමත්ව මුදවනු ලැබ ගොයිදූ දූපතෙහි පදිංචි කරවනු ලැබුවාය. ඇය වෙනුවෙන් ගෙයක් හා ලිඳක් තනවනු ලැබීය. මෙම අප්‍රිකානු කාන්තාව හැඳින්වුනේ සලාමා ලෙසිනි. සිය මරණින් පසු ජීවිතයේදී කුසල් උපයා ගැනීමේ අදිටනින් අසනීපයෙන් සිටි රජු විසින් නිදහස් කෙරුමට පෙර ඇය වසර ගණනාවක් මාලේ හී මාලිගාවෙහි සේවය කලාය.
අයිතිකරු මිය යෑමට පෙර වහලුන් නිදහස් කිරීම මාලදිවයිනෙහි උසස් කුල වංශිකයන් අතර පොදු වශයෙන් පැවති සාම්ප්‍රදායික චාරිත්රයකි. මෙම අප්‍රිකානු මුතුන්මිත්තණිය වෙත ඔවුන්ගේ පරම්පරාව අනුරේඛනය කිරීමට හැකි සමහර පවුල් වර්තමානයේ ගොයිදූ හි වෙසෙති.
හෝර්ස්බර්ග් අතොළුව (ගොයිෆුල්හාෆෙහෙන්දූ)
[සංස්කරණය]ෆුල්හාදූ සහ ෆෙහෙන්දූ සමගින් වන වෙනමම කුඩා අතොළුවක ගොයිදූ දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), නාවුක සිතියම්හී දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ සැතපුම් 6 පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග සැතපුම් 10 කි. ඇතුළු කලපුව බඹ 17 සිට 20 දක්වා පමණ ගැඹුරුය; එහි පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.
නාවුක සිතියම්හී, මෙම අතොළුව නම් කර ඇත්තේ, පෙරදිග ඉන්දියා සමාමේ ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ ජේම්ස් හෝර්ස්බර්ග් සිහිවීමටය. රොබර්ට් මෝර්ස්බිගේ මාලදිවයින් මිනුම්කටයුතු සිදුවී පළමු වතාවට අතොළු වල නිරවද්‍ය සිතියම් ප්රකාශනයට පත් වන තෙක් 19වන සියවසෙහි පළමු භාගයෙහිදී පෙරදිග නාවුක ගවේෂණ කටයුතු සඳහා සම්මත කෘතිය ලෙසින් භාවිතා වූයේ හෝර්ස්බර්ග්ගේ නාමාවලියයි.
මෙයද බලන්න
[සංස්කරණය]ආශ්රිත
[සංස්කරණය]- Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
- Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. Barcelona 1999.