ගොතටුව නව නගරය

විකිපීඩියා වෙතින්
ගොතටුව නව නගරය
අයි.ඩී.එච් / ගොතටුව
Skyline of ගොතටුව නව නගරය
country ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30

ගොතටුව නව නගරය (ව්‍යවහාරික - අයි.ඩී.එච්) යනු කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නගරයකි. මෙම නගරය මුල්ලේරියාව, කොළොන්නාව, රාජගිරිය, කොටිකාවත්ත යන නගර වටකොට පිහිටා ඇත. කලින් අයි. ඩී. එච්. නමින් හැඳින්වුනු මෙය එසේ හැඳින්වුයේ එහි බෝවන රෝගීන් සඳහා වූ රජයේ රෝහල (වසංගත රෝග විද්‍යායතනය) පිහිටි නිසා ය.

ගමනාගමනයෙන් මාර්ග අංක 152 බස්රථ මෙම නගරයේ සිට ආරම්භ වේ. පිටකොටුව දක්වා එම බස්රථ ගමන් කෙරේ. කොහිලවත්ත සිට කොල්ලුපිටිය තෙක් ගමන්ගන්නා 175 බස්රථ මෙම නගරය හරහා ගමන්ගනී.

පිහිටීම[සංස්කරණය]

රාජගිරියේ සිට බුත්ගමුව පාර B469 මාර්ගයෙන්ද, කොළොන්නාව සිට අයි.ඩී.එච්. පාර B469 මාර්ගයෙන්ද, අංගොඩ හා වල්පොළ සිට B231 මාර්ගයෙන්ද මෙම නගරයට ළගා විය හැකියි. නගරයේ මුළු ජනගහනය 4524ක් පමණ වේ (නගරයේ හා ගොතටුව අනු ප්‍රදේශයේ). කොළඹ නගරයේ වාර්ෂික වර්ෂාපතනය සේම මිලිලීටර 2200ක් පවති. කොළොන්නාව මැතිවරණ ආසනයට හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට මෙම ප්‍රදේශය අයත් වේ.

ආගමික ස්ථාන[සංස්කරණය]

බෞද්ධ[සංස්කරණය]

ඉස්ලාම්[සංස්කරණය]

කතෝලික[සංස්කරණය]

විද්‍යාල[සංස්කරණය]

විශේෂ ස්ථාන[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගොතටුව_නව_නගරය&oldid=461428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි