ගුණරතන විද්‍යාලය, පාලටුව
පාලටුව ගුණරතන මධ්ය මහා විද්‍යාලය, මාතර | |
---|---|
Location | |
![]() | |
තොරතුරු | |
වර්ගය | පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, පළාත් පාසලකි. |
ආදර්ශ පාඨය | විඡ්ජා උදපාදී ("විද්‍යාවෙන් ඉදිරියට" යන්නෙහි පාලි අර්ථයයි) |
ආරම්භ කලේ | 1926 |
ශ්‍රේණි | 1–13 |
සිසුන් ගණන | 2500 ට වඩා වැඩි |
වර්ණ(ය) | දුඹුරු සහ කහ |
අනුබැඳිය | උනැල්ල ශ්‍රී නාගාරාම පුරාණ විහාරස්ථානය (1926) |
වෙබ් අඩවිය | ගුණරතන විද්‍යාලය |
පාලටුව ගුණරතන මධ්ය මහා විද්‍යාලය (සාමාන්‍යයෙන් හදුන්වන නම - ගුණරතන විද්‍යාලය) ශ්‍රී ලංකාවේ රජයේ පාසලකි. එය ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ප්‍රදේශයේ පිහිටා ඇත. උනැල්ල ශ්‍රී නාගාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩසිටි ගුණරතන මාහිමියන්ගේ ආදිකතෘත්වයෙන් 1926 වර්ෂයේදී පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස විද්‍යාලයක් අරඹන ලදී.
ගුණරතන විද්‍යාලය දක්ෂිණ ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති පාසල් බෞද්ධ පාසල් වලින් එකකි. මෙම විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත පළාත් පාසලක් වන්නේ ය. අකුරැස්ස මාතර මර්ගය අසල පාලටුව නම් ගම්මානය මැද කදු මුදුනක පිහිටා ඇති මෙම විද්‍යාලය සුන්දර පරිසරයකින් යුක්ත කීර්තිමත් පාසලකි. මෙම විදාලය රජයේ මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක වේ. ගුණරතන විද්‍යාලය 1920 බෞද්ධ පුනරුදයත් සමඟ ආරම්භ කරන ලදි. මුලින්ම උපකෘත සිංහල පාසලක් ලෙස ඇරබි මෙම විද්‍යාලයේ පුරෝගාමීත්වය දරන ලද්දේ උනැල්ල ශ්‍රී නාගාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු ගුණරතන මාහිමියන් විසින්ය.
දැනට මෙම විද්‍යාලයේ සිසුන් 2500 කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන අතර, ප්‍රාතමික අංශයේ සිට ද්විතික අංශය දක්වා මෙහිදි අධ්‍යාපනය හැදෑරීමට අවකාශ තිබේ. පුහුණු පළපුරුදු ගුරුවරුන් 130 කට අධික ප්‍රමාණයක් දැනට මෙම විද්‍යාලයේ ශිල්ප ශ්‍රාස්ත්‍ර ඉගැන්වීමේ නිරතව සිටී.
පාසල් ගීතය[සංස්කරණය]






ලක් දෙරණත ජය දද නංවා
පාලටුවේ ගුණරතන ප විදුහල්
මාතා සැරදේවා
සෙනෙහස දනවා - විදු අම කිරි දී
රැක ගුණ නුවණ සදා
සිසු දරු කැළ නිති නිසි මග මගවා
සියවිය සවිය යොදා
ලක් දෙරණත ජය දද නංවා ....
නව පණ ලැබ පිබිදෙමු අපි ඔබ නම
කියවෙන විටදි පවා
ඔබ පෑ මග ඉදිරියටම යමු
බස රැස දෙස සමය වවා
ලක් දෙරණත ජය දද නංවා .....
වියතුන් වී - සමතුන් වී
ඔබෙ නම සුරකිමු - ඔබ හට දිවි දෙමු
නමදිමු අපි මාතා
ලක් දෙරණත ජය දද නංවා .....
පාසලේ ඉතිහාසය[සංස්කරණය]
1920 දශකයේ ඇති වු බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රථිඵලයක් ලෙස පාලටුව ගුණරතන බෞද්ධ විද්‍යාලයේ මුල් බීජය රෝපනය කරනු ලැබුයේ උනැල්ල ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අති ගෞරවනීය ඇටැම්පල ගුණරතන මාහිමියන් විසින්ය. උන් වහන්සේ උනැල්ල ගම්මානයේ දායක කාරකාධින්ගේද උදවු ඇතිව 1924 දී පොල් අතු සහ ලී දඩු ගෙනවිත් පාලටුව බෞද්ධෝදය පිරිවෙන ආසන්නයේ පාසලක් ආරම්භ කළා. ඒක කටුමැටි ගසා පොල්අතු සෙවිලි කළ කුඩා මඩුවක් හා සමානයි. ඒකට ඇතුළත් කළ මුල්ම ශිෂ්යියන් කීපදෙනා අතුරින් අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමි (ගිහි නම දයානන්ද), වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය, සිටියා. මුල්ම ප්‍රධානාචාර්යවරයා වුණේ ඩබ්ලිව්. එච්. එස්. ජයවර්ධන මහත්මයා. ඒ පාසල අද පාලටුව ගුණරතන මධ්ය මහා විද්‍යාලය නමින් ප්‍රදේශයේ කීර්තිමත් අංගසම්පූර්ණ විද්‍යාලයක් බවට වී තිබේ.
මෙම විද්‍යාලයේ ආරම්භක යුගය ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, රාහුල විද්‍යාලය, වැනි බෞද්ධ ප්‍රබෝධයත් සමඟ ඇරබි බෞද්ධ විද්‍යාල ගනයට අයත් වන අතර එකල ආනන්ද විද්‍යාලය සමඟ සෘජු සම්බන්දතා පැවති බවටද සාධක තිබේ. මෙම විද්‍යාලයේ බුදු මැදුර තුල ඇති බුද්ධ ප්‍රතිමාව එදා ආනන්ද විද්‍යාලයේ සිට පෙරහැරකින් මෙම විද්‍යාලයට වඩම්මා ඇති බවට සාධක තිබේ. මෙම විද්‍යාලය සම්බන්දව එකල , ලංකාවේ සිටි ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපානන් වහන්සේ පවා කවි ලියා ඇති බවට විද්‍යාලයීය ඉතිහාසය සාක්ෂි දරයි.
ස්වේඡ්ඡාවෙන් ඇරබි මෙම විද්‍යාලය රජයේ ආධාර ලබන උපකෘත සිංහල පාසලක් ලෙස පවත්වාගෙන යන්නට විය. නොයෙක් දුෂ්කරතා මැද විවිධ විදුහල්පතිවරුන්ගේ නායකත්වය යටතේ පවත්වාගෙන ආ මෙම විද්‍යාලය 1960 දශකයේදී ශ්‍රී ලංකා රජයට පවරාගෙන අමාත්‍යාංශ පාලනයට නතු කරන ලදි. මෙම යුගයේ විදුහල්පති ධූරය හෙබවු අතුරලියේ ඉන්ද්‍රරතන ස්ථවිරයන් වහන්සේගේ කැපවීම සහ උනන්දුව මත ප්‍රදේශයේ ද්දුලන පාසලක් බවට පත්වී තිබේ. මෙම කාලයේ මාතර අකුරැස්ස වැනි ඈත ගම්පළාත් වලින් පවා ශිෂ්‍ය ශීෂ්‍යාවන් මෙම විද්‍යාලයට පැමිණි බවට ඉතිහාසය සාක්ෂී දරයි. මෙම කාලයේ විද්‍යාලයේ සිර මාතර නගරය දක්වා පාසල් බස් සේවයක්ද පැවති බවට සාධක තිබේ.
එතැන් පටන් භෞතික සම්පත් වලින් මෙන්ම මානව සම්පත් වලින්ද සීග්‍රයෙන් පෝෂනය ලැබු මෙම විද්‍යාලය 1980 දශකයේදී මහ විද්‍යාලයක තත්වයට උසස් කරන ලදි. පසුබ පර්ෂද මහ විදුහලක් වශයෙන් ද නැවත 1998 වර්ෂයේදී මධ්‍ය මහා විද්‍යාලයක් වශයෙන්ද උසස් කරන ලදි. 2000 වර්ෂයේදී විද්‍යාලයේ ම ආදි සිසුවකු වු යෝගා රත්නවිභූෂණ මහතා විදුහල්පති ධූරය හෙබවු අතර මෙම කාලයේදී විද්‍යාලයේ මහල් ගොඩනැගිලි ඉදිවෙමින් විද්‍යාලයේ පරිසරය අලංකාර වෙමින් සංවර්ධනය වන්නට විය. එතැන් පටන් භෞතික සහ මානව සම්පත් සීග්‍රයෙන් සංවර්ධනය කරමින් ප්‍රදේශයේ දූ දරුවන්ට සිය අධ්‍යාපන පිපාසාව සංසිදුවන්නටත් ජාතියට උතුම් සත්පුරුෂ මානව සම්පතක් ගොඩනගන්නටත් විදු මෑණියන් නොසැලී පවතින්නේය.
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන් ගම පාලටුව වන අතර එතුමාගේ මෑණියන් අධ්‍යාපනය ලැබුවේද මෙම ගුණරතන විද්‍යාලයෙනි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2011 - 03 - 24දින සීය මෑණියන්ගේ සිහිවීම පිණිස දන්දිනා සමරසිංහ දිසානායක ප්‍රසාද ශාලාව නමින් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර විවෘත කර සිසු අයිතියට පවරා දෙන ලදි.
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ගුණරතනයට ලියූ කවි[සංස්කරණය]
ළමයිනි නුඹලා කාටත් එකක් මම කියන්නම්
හොඳට අහගනිල්ලා ඒක පාඩම් කරපල්ලා
වටවුණු මුහුදින් මේ වාසනාවන්ත දීපේ
ඉපදුනු නුඹලා නම් වාසනාවන්තයෝ මැයි
මහ මුහුද හැදෙන්නේ පුංචි ගංගා ගලාලයි
ගඟේ උපතවන්නේ උල්පතයි කන්ද පල්ලේ
මෙලෙස ලොව තිබෙන්නා වු බොහො දේ බැලුවොත්
බොහොම ලොකුය ඒවායේ පටන් ගැන්ම පුංචිස්
කුළුගෙඩිය බලාපල්ලා ඉතාමත් ම පුංචිස්
මහ ලොකු කළුගල් සීසිකඬේ ඉන් කැඩෙන්නේ
ළමයිනි උඹලාටත් බෝම දේවල් කළෑකි
සමගිය විතරක් මැයි ඊට ඕනෑ කරන්නේ
-ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අකුරැසුස පොරතොටදී ලියන ලදි -
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි යන් විසින් රචිත මෙම කවි පංතිය 1932 දී පාලටුව ගුණරතන විද්‍යාලයේ පද්මය සඟරාව පලකරන ලදි. මෙම කවි පංතිය එකල විවහාර භාෂාවෙන් ලියා ඇති අතර සංස්කරණයකින් තොරව ඉහත දක්වා ඇත. මෙම කවි පංතිය ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විද්‍යාලයේ නිර්මාතෘ වු උනැල්ල ශ්‍රී නාගාරාමාධිපතිව වැඩ සිටි ගුණරතන මාහිමියන් අතර ඉතා කිට්ටු සම්බන්දතාවයක් පැවැති බවට සාක්ෂියකි.
දැය පුබුදුවාලූ එස්. මහින්ද හිමි .
විදුහල්පතිවරු[සංස්කරණය]
වකවානුව | නම | |
---|---|---|
1st | 1924 – 1931 | ඩබ්ලිව්. එච්. එස්. ජයවර්ධන මහතා |
2nd | 1931 – 1931 (මාසයයි) | ඩී. ටී. ඩබ්ලිව්. ජයවර්ධන මහතා |
3rd | 1931 – 1964 | චන්ද්‍රසේන ගුණවර්ධන මහතා |
4th | 1964 – 1964 (මාසයයි) | සේනානායක මහතා |
5th | 1964 – 1964 (මාසයයි) | ඊ. පී. සිල්වා මහතා |
6th | 1964 – 1964 (මාසයයි) | ඒ. ඩබ්ලිව්. පලිහක්කාර මහතා |
7th | 1964 – 1964 (මාසයයි) | ඩී.ඩී. විජේසේකර මහතා (වැඩ බලන විදුහල්පති) |
8th | 1964 – 1972 | තෝමස් යාපා මහතා |
9th | 1972 – 1977 | අතුරලියේ ඉන්ද්‍රරතන ස්ථවිර |
10th | 1977 – 1977 (මාසයයි) | උපසේන ගොඩගමුව මහතා |
11th | 1977 – 1977 (මාසයයි) | පොලොන්මාරුවේ හේමසිරි ස්ථවිර |
12th | 1977 – 1977 (මාසයයි) | ප්‍රියන්ත රත්නායක මහතා |
13th | 1977 – 1986 | එච්. එන්. ගුණපාල මහතා |
14th | 1986 – 1990 | ඩී. ආර්. ඒ. හේමචන්ද්‍ර මහතා |
15th | 1990 – 1990 (5 මාස) | ඊ. බී. ලියනගේ මහතා |
16th | 1990 – 2000 | ඩී. වික්‍රමසිංහ මහතා |
17th | 2000 – 2008 | යෝගා රත්නවිගූෂණ මහතා |
18th | 2008 – 2013 | එස්. එදිරිසිංහ මහත්මිය (වත්මන් විදුහල්පති) |
19 | 2013 - මේ දක්වා | බණ්ඩාර මහතා |
ක්‍රීඩා නිවාස[සංස්කරණය]
ක්‍රීඩා නිවාස සහ වර්ණ
නිවාස | පාට | |
---|---|---|
01 | ගැමුණු | රතු |
02 | පැරකුම් | කහ |
03 | ගජබා | නිල් |
04 | විජය | කොළ |
සමිති සහ සංගම්[සංස්කරණය]
- බෞද්ධ සංගමය
- ශිෂ්‍ය නායක සංගමය
- බාලදක්ෂ සමාජය
- තොරතුරු තාක්ෂණ සමාජය
- වාණිජ සංගමය
- කථික සමාජය
- ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
- පරිසර සංගමය
- පුරාවිද්‍යා සංගමය
- සිංහ සමාජය
- ගණිත සංගමය
- සංගීත කවය
- ඡායාරූප කලා සංසදය
- දැණුම මිනුම සමාජය
- නව නිපයුම් ඒකකය
- ශිෂ්‍ය භට බලකාය
ක්‍රීඩා[සංස්කරණය]
ක්‍රිකට් | මලල ක්‍රීඩා | පිහිනුම් |
කැරම් | පාපන්දු | බොක්සිං |
පැසි පන්දු | කබඩි | බැඩ්මින්ටන් |
ටෙනිස් | හොකී | බාලදක්ෂ |
ස්කොෂ් | බේස්බෝල් | වොලිබෝල් |
වූෂු | කරාතේ | ජිම්නාස්ටික් |
මේස පන්දු | රගර් | කබඩි |
චෙස් | ||
තුර්යවාදක ඛණ්ඩය
(බටහිර/පෙරදිග) |
ශිෂ්‍ය භට කණ්ඩායම | රතුකුරුස සංවිධානය |
ආදි ශිෂ්‍ය සංගමය (Old Student Association) 2010 - 2011 [සංස්කරණය]
- සභාපති : බණ්ඩාර මහතා (වත්මන් විදුහල්පති)
- ලේකම් : ජී. ඩබ්ලිව්. නාමල් සංධ්‍ය කුමාර මහතා
- භාණ්ඩාගාරික : ඩබ්ලිව්. ඒ. චමින්ද කුමාර මහතා
- ප්‍රධාන සංවිායක :
- උප සභාපතිවරු :
- ලේන්දුව ලොකුගේ ජනක සඳරුවන් මහතා
- ජී. ඩබ්ලිව්. ප්‍රසන්න මහතා
- කාරක සභාව :
- එච්. කේ. සුදත් මහතා
- එච්. එල්. ලක්සිරිබනුදු මහතා
- කේ. එම්. එල්. ශාන්තප්‍රිය මහතා
- පී. එම්. සුමිත් ප්‍රසන්න මහතා
පාසල් සංවර්ධන කමිටුව (SDC) 2011 - 2013 [සංස්කරණය]
- සභාපති : බණ්ඩාර මහතා (වත්මන් විදුහල්පති)
- ලේකම් : ජී. ඩබ්ලිව්. නාමල් සංධ්‍ය කුමාර මහතා (ආදි ශිෂ්‍ය)
- භාණ්ඩාගාරික : එම්. ජී. සංධ්‍යා රංජනී මහත්මිය
- කාරක සභාව :
- අයි. එම්. එල්. පත්මිණී ගුරු මහත්මිය
- එස්. වික්‍රමතුංග ගුරු මහත්මිය
- එන්. ආර්. කේ. රංජනී ගුරු මහත්මිය
- වී. ධම්මිකාහේවා ගුරු මහත්මිය
- කේ. එම්. එල්. ශාන්තප්‍රිය මහතා (ආදි ශිෂ්‍ය)
- එච්. එන්. මනෝරි මාවීදෙනිය මහත්මිය
- රත්නසිරි වනිගරත්න මහතා
- එස්. කේ. වෙත්තසිංහ මහතා
- එච්. ඒ. රුවන් චමින්ද මහතා
ඡායා රූ[සංස්කරණය]
-
යෝගා රත්න විගූෂණ ප්‍රසාද ප්රණාම ශාලාව
-
පරිගණක මධ්‍යස්ථානය
-
නර්ථනය
-
ආදි ශිෂ්‍ය ගොඩගේ මැතිදුන් අතින් අදි ගුරු, පී. විජේසේකර මහතා උපහාර ලබමින්
-
ගොඩගේ මැතිදුන් ශ්‍රී පඥාගූෂිත ග්රන්ථ සුධාරක ගෞරව නාමයෙන් පිදුම් ලබමින්
-
ආදි ගුරුවරුන් උපහාර ලබමින්
-
සතුටු හමුවක්
බාහිර සබැදි[සංස්කරණය]
- කීර්තිමත් ආදි ශිෂ්‍ය සිරිසේන විජේසිරිවර්ධන
- පාසල්වලට දක්ෂ ගුරුවරුන් නොදී දරුවන්ට "විෂය බෑ" කීම වැරදියි
- ජනපති පාලටුව ගුණරතන විද්‍යාලයේදී කියයි
- ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් දන්දිනා සමරසිංහ දිසානායක ශාලාව විවෘත කිරීම
- පාසල් පිහිටීම
- ජනාධිපති පාලටුව ගුණරතන විද්‍යාලයේ
- ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් සිහිවීම පිනිස දන්දිනා සමරසිංහ දිසානායක ශාලාව විවෘත කිරීම
- අධ්‍යාපන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින්
- ජනපති පාලටුව ගුණරතන විදුහලේ
- අනාගත පරපුර වෙනුවෙන් පාසල් සංවර්ධනය
- දන්දිනා සමරසිංහ දිසානායක ශිල්ප මැදුර විවෘත කිරීම
- අනාගත පරපුර වෙනුවෙන් පාසල් සංවර්ධනය
- ළමයින්ගේ යුගය