රැකියා ආතතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රැකියාවක් කරනු ලබන අතරතුරේදි බොහෝ සේවාදායකයන්ට අනතුරැ හා වෙනත් අපහසුතාවන් වලට මුහුණ පෑමට සිදුවන අවස්තාවන් අපට දැකිය හැකිය. සමහර අවස්ථාවන් වලදී සිය රැකියාවන් ඉටු කරනු ලබන විට, සිය ඡිවිතය පවා අහිමි වූ හෝ අහිමි කරගත් අවස්ථාවන් ඉතිහාසය තුලින් අපට ඉනෙගත හැකිය. මේ අනුව ‍මෙවැනි අවස්ථාවන් දෙස විපරම් කර බැලූ විට අපට පෙනී යන කරුණක් වන්නේ මෙම සියලුම අවස්ථාවන් සදහා සේවාදායකයන් විසින් සිය රැකියා කටයුතු වලදී අත්දකිනු ලබන අසහනය (tention) බලපානු ලබන බවයි. මෙම අසහනය ඇතිවිම සදහා රැකියා පරිසරය හා සම්බන්ධ විවිධ සාධකයන් බලපානු ලබයි. සේවාදායකයින් විසින් ඉටු කල යුතු කාර්්‍යයන් සහ වගකීම් පැහැදිලි නොවීම,අවශ්‍යය ප්‍රමාණයට වඩා වැඩියෙන් සේවාදායකයන්ට කාර්්‍යයන්සහ වගකීම් පැවරීම, සේවාදායක ශුභසාධනය පහල මට්ටමක තිබීම,අවශ්‍යය පුහුණුව සහ සංවර්ධනය ලබා නොදීම, වෘත්තීය උපදේශක සේවාවන් ලබා නොදීම, නොමනා කළමනාකරණ චර්යාව, දුර්වල රැකියා තත්වයන්,අහිතකර සංවිධාන සංස්කෘතිය ආදී විවිධාකාරයේසාධක ඉහත සදහන් කරන ලද සේවක අසහනය ඇතිවීම සදහා හේතු වන බැව් පෙනේ.

මේ අනුව රැකියා ආතතිය යන්න "විවිධ මිනිසුන්ට විවිධ දේවල්" ලෙස ඉතා සරලව හැදින්විය හැක. ආතතිය යනු "යම්කිසි භාහිර ක්‍රියාවක්, අවස්ථාවක් ‍හෝ සිදුවීමක් යම්කිසි පුද්ගලයකුගේ විශේෂිත භෞතික සහ/හෝ මානසික ඉල්ලීමක් ඇතිවීමේ ප්‍රතිඵලයකින් සිදු වී, එම පුද්ගලයාගේ හැසිරීම් වල සහ/හෝ මානසික ක්‍රියාවලියේ ඇති වන්නා වු යම් ප්‍රතිචාරයක් වේ."

ඒ අනුව රැකියා ආතතිය යන්න පොදුවේ නිර්වචනය කරන්නේ නම් "කෙනෙකු තුලින් මතුවන ඡීව විද්‍යාත්මක හා කායික අවශ්‍යතාවයන් මෙන්ම භාහිර වශයෙන් ඇතිවන විවිධ ඉල්ලීම් හා බලපෑම්, අදාල පුද්ගලයා තුල ඒවාට නිසි අයුරින් හැඩගැසීමට ඇති හැකියාවට වඩා වැඩි වන අවස්ථාවන් රැකියා ආතතිය ලෙස හැදින්විය හැක."

මේ අනුව රැකියා ආතතිය හා අන්තර් සම්බන්දිතව පවතින ප්‍රධාන නිර්ණායකයන් 03ක් හදුනාගත හැකිය.

1. අප ඡීවත් වන පරිසරය තුලින් ආතතිය සදහා බලපානු ලබන උත්තේඡකයන් ඇති වේ.

2. පරිසරය තුලින් ඇතිවන උත්තේඡකයන් සදහා පුද්ගලයන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැසෙනු ලැබේ.

3. ආතතිය ඇතිවීම සදහා පුද්ගලයන් තුල පවතින පුද්ගලික වෙනස්කම් ද බලපානු ලැබේ.

ආතතිය ඇතිවීම සදහා පලමුවෙන්ම අප අවට පරිසරයෙන් යම් බලපෑමක් ‍හෙවත් උත්තේඡකයක් ඇතිවිය යුතුය. උදාහරණයක් වශයෙන්, යම් සංවිධානයක සේවාදායකයින්ගේ කායික හා මානසික ප්‍රතිචාර වලට හේතුවක් ලෙස අදාල සංවිධානයේ කළමණාකාරිත්වයේ ක්‍රියාකලාපය බලපානු ලබන ආකාරය දැක්විය හැකිය.

ආතතිය ඇතිවීම සදහා මීලගට බලපානු ලබන කොන්දේසිය වන්නේ පරිසරයෙහි ඇතිවන්නා වු බලපෑම් සහ උත්තේඡකයන් වලට ප්‍රතිචාර දැක්වීමට සදහා පුද්ගලයන් විසින් උනන්දු වීමයි. උදාහරණයක් වශයෙන් ඉහත සදහන් කරන ලද ආකාරයට සංවිධාන කළමණාකාරිත්ව විසින් සේවාදායකයින් කෙරෙහි අයහපත් ආකාරයට බලපෑම් කරන විට, සේවකයින් කායික ‍හෝ මානසික වශයෙන් ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දැරිය හැකිය. මේ අනුව, සේවකයින් විසින් සිය කාර්්‍යඵලයන් අවම කිරීම, රැකියාවට නොපැමිණීම, රැකියා අතෘප්තියට පත්වීම, සංවිධානය අතහැර යාම ආදිය දැක්විය හැක.

ආතතිය ඇතිවීම සදහා පුද්ගලයන්ගේ චර්යාත්මක වෙනස්කම් ද දැඩි වශයෙන් බලපානු ලබන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙම පුද්ගල වෙනස්කම් යටතට, පුද්ගලයන්ගේ අදහස්, ආකල්ප, දැනුම, කුසලතාවන්, හැකියාවන්, මතයන්, පෞරැෂත්ව ලක්ෂණයන් ආදී විවිධාකාර සාධක අයත් වේ. මෙවැනි සාධකයන් බලපානු ලබන ආකාරය එක් එක් පුද්ගලයාගෙන් තවත් පුද්ගලයකුට වෙනස් වේ.

"හැන්ස් සෙලින්" සදහන් කරන් ලබන ආකාරයට;

1. ආතතිය සැම විටම පුද්ගලයන් තුල අසහනකාරී තත්වයන් ඇති නොකරන බවත්

2. ආතතිය තුලින් ධනාත්මක ප්‍රතිඵලද ඇති වන බවත්

3. ආතතිය සැම විටම මග හැරිය හෝ වැලැක්විය යුතු දෙයක් නොවන බවත්

4. පුද්ගලයකු විසින් සම්පූර්ණයෙන්ම මෙම ආතතියෙන් අත්මිදෙන්නේ ඔහු හෝ ඇය මරණයට පත් වූ විට පමණක් වන බවත් ප්‍රකාශ වේ.

රැකියා ආතතිය පිළිබද ආකෘතිය පහත ආකාරයට දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=රැකියා_ආතතිය&oldid=14893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි