ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකා‍වේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය ඉංග්‍රීසියෙන් Audio Visual Centre ලෙස ද කෙටියෙන් ඒවීසී (AVC) ලෙසද හඳුන්වනු ලබයි.

ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය පිහිටවන ලද්දේ 1980 වසරේදීය. මෙම මධ්‍යස්ථානය මාධ්‍ය සංවිධානයක් වන අතර කෘෂිකර්ම දෙපාර්ත‍මේන්තු‍වේ ව්‍යප්ති හා පුහුණු අංශය ය‍ටතේ ක්‍රියාත්මක වෙයි. මෙහි ප්‍රධාන අරමුණ අඩුම මිළ ගනන් වල සිට ඉහළම තාක්ෂණය දක්වා වන පුළුල් පරාසයක ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය (උපදේශාත්මක මාධ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය) නිෂ්පාදනය කිරීමයි.

ඊට අමතරව, තාක්ෂණය පතුරවාලී‍මේ කාර්යයෙහි නිරත අතර ඉදිරිපත් කිරී‍මේ කුසලතාවය වර්ධනය කර ගැනීම පිණිස ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රචාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කර ගැනීම හා භාවිතා කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන්ද මෙම මධ්‍යස්ථානය මඟින් ලබා දෙයි.

ස්ථානය: ශ්‍රි ලංකා‍වේ කන්ද උඩරට අගනගරය වන මහනුවර නගරයට ආසන්නව පිහිටි පේරාදෙණිය ‍ප්‍රදේශයේ මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය පිහිට‍වනු ලැබ ඇත.