කුල ක්‍රමය - සිංහල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සිංහල කුල ක්‍රමය[සංස්කරණය]

19 ශත වර්ෂයේ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද මුදලි පන්තියේ (Mudaliyar) ප්‍රතිඵලයක් ලෙස සිංහල ජනගහණයේ වැඩි කුල ප්‍රතිශතයක් දැන් හිමි වී ඇත්තේ 'ගොයිගම' කුලයටයි. සිංහල ජනගහණයෙන් භාගයක් පමණ ගොයිගම කුලයේ අය බව දකින්නට පුලුවන. මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. ශ්‍රී ලංකාවේ හැම ගමකම වාගේ එකී කුලයේ අය තවමත් ගොවියෝ වෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුහූ සාමාන්‍යය ගැමියෝ වෙති. එහෙත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසු ඔවුන්ගේ තරාතිරම, තත්ත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියේය. 'ඉඩම් අයිතිකාර' සංකල්පයට මාරු කිරීම නම් ලන්දේසීන් ඇති කරනු ලැබූ හඳුන්වා දීමෙන් ඉඩමට තිබුණු බැඳීමෙන් ඔවුන් නිදහස් විය. සිංහල පිළිවෙල, උඩරට සහ පහත රට වශයෙන් කොටස් දෙකකට බෙදුණේය.

උඩරට කුල[සංස්කරණය]

මධ්‍ය කඳුකරයේ උඩරට රාජධානියේ සමහර සම්ප්‍රදායයන්, 1818 දී එය බිඳ වැටීමෙන් පසුවද, කුල ක්‍රමයන්හි සුවිශේෂ ආකෘතීන් තුළ පශ්චාත් නිදහස් යුගය දක්වා සුරැකිව පැවතුණේය. එම පැරණි ක්‍රමයේ වඩා වැදගත් අංගයක් වූවේ 'රාජකාරියයි'. නැතහොත් රජුගේ වැඩයි. එවැනි එක් එක් කුලයට විශේෂිත රැකියාවක් තිබුණු අතර ඒ අනුව රජ මාළිගයේ හෝ ආගමික ආයතනවල සේවය කළ යුතු විය.


කුලය සහ රැකියාව අතර තිබෙන සම්බන්ධය මධ්‍ය කඳුකරයේ අද ද ඉතා දැඩිව පවතී. නුවර පෙරහැර සහ හින්දු දෙවිවරු සඳහා වාර්ෂිකව පවත්වන උත්සවවල විවිධ කුලයන් ඔවුන්ට ආවේණික සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් කරති. උඩරට ගොයිගම කුලයේ අය පහත රට ඒ කුලයට වඩා වෙනස් වේ. මක්නිසාද යත් ඔව්හු තමන්ගේ කුලය තුළම රැකියාවෙන් වෙන් වශයෙන් බෙදා ගෙන සුරැකිව පවත්වා ගෙන යන හෙයිනි. ඒ කෙසේද යත් එ‍ෙඬ්ර (පට්ටි), දැව කපන්නන් (පොරොවකාර) ආදී වශයෙනි. පහත රට ගොයිගම කුලය තුළ මෙම උපකුල ක්‍රමය වියැකී ගොසිනි. යුරෝපීය නම්බුනාම තනතුරුවල නමින් වඩා ඉහළ තත්වයන් හඳුන්වා දුන් අතර ඒවා වැඩවසම් යුගයේ පැරණි තනතුරුවලට වඩා උසස් විය. පාරම්පරික නිවාස, නින්දගම් හෝ වාසගම්, වලව්ව හෝ ගෙදර සිහිපත් කෙරෙමින් ඇසෙන ගෞරවවාචී නාම, වාසගම් 1980 දී තරම් මෑත කාලයේදී පවා පැරණි වංශවත් පෙළපත් නාම මතක් කරවයි. එසේ වුවද සාමාන්‍ය ගොයිගම කුලයේ අය හා එවැනි වංශවත් පවුල් අතර විවාහයක් සිදු වන්නේ කලාතුරකිනි.


උඩරට පෙදෙසේ මහනුවර දිස්ත්‍රික්කයේ බත්ගම හෙවත් පදු නම් තවත් ගොවිතැන හා සම්බන්ධ කුලයක ජනතාව වෙසෙති. මේ අය බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ගොවිතැන් කටයුතු කළ කුලවල අය ඒකාබද්ධ කිරීමේදී ඉන් පලා ගිය අයයි. ආහාර සොයමින් හා දඩයමින් යැපෙන, ගෝත්‍රික ගති ලක්ෂණ නිරූපණය කරන රොඩියා සහ කින්නරයා වැනි කුලහීනයින් අනිකුත් ජන කොටස්වලින් අනාදිමත් කාලයක් තිස්සේ දුරස්ථව වෙසෙන්නේ ඔවුන්ගේ කුලෑටි, යටහත් පහත් ගති ලක්ෂණ හේතුවෙනි. සෑම ප්‍රදේශයකම පාහේ සේවා සපයන කණ්ඩායම් සිටිති. හේන නැතහොත් රදා කුලයේ අය සාම්ප්‍රදායික රෙදි අපුල්ලන්නෝය. ඔව්හු අදද එම සේවයේ වැඩි අධිකාරයක් හිමි කරගෙන සිටිති. බෙරව යනු ආගමික ස්ථානවල බෙර දවුල් වයන්නන්ය. ඔව්හු බොහෝ ගම්වල කෘෂිකාර්මික කටයුතුවල යෙදෙති. නවන්දන්න හෙවත් ආචාරි වර්ගයා සාම්ප්‍රදායිකව නිර්මාණ ශිල්පීන්ය. කඳුකර ප්‍රදේශවල අභ්‍යන්තරයෙහි වහුම්පුර ජනයා වෙසෙති. ඔව්හු පාරම්පරික හකුරු, පැණි කර්මාන්තයෙහි යෙදෙන්නෝය. ඔවුන් රට පුරාම විසිරී සිටින අතර විවිධ ආකාරයේ රැකියා කරති. විශේෂයෙන් ගොවිතැන් කටයුතුය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුල_ක්‍රමය_-_සිංහල&oldid=307045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි