සිනමෝමම් වේරම්
ශ්රී ලාංකික කුරුඳු
[සංස්කරණය]සත්‍ය කුරුඳු | |
---|---|
කුරුඳු කොළ, අතු සහ මල් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
Division: | Magnoliophyta |
වර්ගය: | Magnoliopsida |
ගෝත්‍රය: | Laurales |
කුලය: | Lauraceae(ලෝරේසියේ) |
ගණය: | 'Cinnamomum (සිනමෝමම්)' |
විශේෂය: | ''C. verum'' |
ද්වීපද නාමය | |
සිනමෝමම් වේරම්, Cinnamomum verum | |
Synonyms | |
|
සිනමෝමම් වේරම් හෝ සිනමෝමම් සෙලනිකම් ලෙස විද්‍යාත්මකව හදුන්වන සත්ය කුරුඳු හෙවත් ශ්‍රී ලාංකික කුරුඳු, ලෝරේසියේ පවුලට අයත් ශ්‍රී ලංකාවට ආවේනික බහුවාර්ෂික ශාකයකි. අනෙකුත් කුලයන් අතරින් මෙහි විශේෂත්වය වන්නේ ඇතුල් පොතු වාණිජ කුරුඳු නිෂ්පාදනයට යොදා ගැනීමයි.
උද්භිද ව්දයාත්මකව සිනමෝමම් සිලනිකම් නාමය පැවතෙන්නේ 'සිලෝන් ' ලෙස ලංකාව හැදින්වීමට යොදා ගත් පැරණි නාමයෙනි. කෙසේ වුවද ලංකාව මේ වන විටත් ලෝක සත්‍ය කුරුඳු නිෂ්පාදනයෙන් 80%-90% ක් අතර ප්‍රමාණ්යක් සිදු කරයි. තවද සී-ෂෙල්ස් සහ මැඩගස්කර් දුපත් වලද වාණිජ මට්ටමෙන් කුරුඳු වගා කරනු ලබයි.
ස්වභාවික තත්ත්ව යටතේ සත්ය කුරුඳු ගස මීටර් 10-15 ක් දක්වා උසකට සහ කඳෙහි වට ප්‍රමාණය සෙ.මී. 60-75 ක් දක්වා වර්ධනය වේ. වරින්වර අස්වනු සඳහා කපා ගැනීමෙන් මීටර් 2.5-3.0 දක්වා උස ප්‍රමාණ්යක් පවත්වාගෙන යන අතර කඳ පාමුලින් හටගන්නා රිකිලි කිහිපයකින් යුතු පඳුරක් ආකාරයෙන් පාලනය කරගනු ලබයි. කුරුඳු පත්‍ර සෙ. මී. 7-8 ක් දිගකින් සහ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස සර්පිලාකාරව පිහිටන අතර පත්‍ර පාදයේ සිට අග්‍රය දක්වා පැහැදිලි නාරටි තුනක් ඇත. කුරුඳු මල්, කොළ පැහැයට හුරුවන අතර වරෙක ස්ත්‍රී පුෂ්පයක් ලෙසත් වරෙක පුරුෂ පුෂ්පයක් ලෙසත් ක්‍රියාකාරී වේ. හොඳින් ඉදුණු කුරුඳු බීජ දම් පැහැ වන අතර එක් බීජයක් සෙ. මී.1 ක් පමණ වේ.
කුරුදු විශේෂ
[සංස්කරණය]කුරුඳු පොත්තේ රස සහ සැර ගතිය අනුව කුරුඳු විශේෂ කිහිපයක් හඳුනාගෙන ඇත.
- පැණි කුරුඳු, පත් කුරුඳු හෙවත් මාපත් කුරුඳු
- නාග කුරුඳු
- පැණි මිරිස් කුරුඳු
- වැලි කුරුඳු
- සෙවල කුරුඳු
- කහට කුරුඳු
- පීරිස් කුරුඳු
වාණිජ වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පැණි කුරුඳු හා පැණි මිරිස් කුරුඳු වේ. මෙයට අමතරව කුරුඳු පත්‍රයේ හැඩය අනුව සත්‍ය කුරුඳු වර්ග හතක් හඳුනා ගෙන ඇත. ඒවා නම්
- සාමාන්ය කුරුඳු පත්‍ර හැඩය (පත්‍රයේ දිග සෙ. මී. 12-15 හා පළල සෙ.මී. 6-7 වේ).
- විශාල පත්‍ර හැඩය (පත්‍රයේ දිග සෙ. මී. 16-18 හා පළල සෙ.මී. 7-9 වේ).
- කුඩා රවුම් පත්‍ර හැඩය (පත්‍රයේ දිග සෙ. මී. 6-7 හා පළල සෙ.මී. 3-4 වේ).
- විශාල රවුම් පත්‍ර හැඩය (පත්‍රයේ දිග සෙ. මී. 9-12 හා පළල සෙ.මී. 6-7 වේ).
- සාමාන්ය පත්‍ර ඇතුළට වක්‍ර (පත්‍රයේ දිග සෙ. මී. 11-16 හා පළල සෙ.මී.4-6 වේ).
- කෙටි සිහින් පත්‍ර හැඩය (පත්‍රයේ දිග සෙ. මී. 7-9 හා පළල සෙ.මී. 2-4 වේ).
- දිග සිහින් පත්‍ර (පත්‍රයේ දිග සෙ. මී. 11-16 හා පළල සෙ.මී. 4-5 වේ).
ඉතිහාස පසුබිම
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳ පැරණිතම ලිඛිත සාක්ෂිය හමු වන්නේ 10වන සියවසේදී Buzurg B. Shariyar විසින් රචිත ‘Aja Ib al Hind’ හෙවත් ‘Wonders of India’ නම් කෘතියෙහිය. එසේම පොළොන්නරු යුගයේදී පවා ශ්‍රී ලංකාවෙන් විදේශයන් කරා කුරුඳු අපනයනය කර ඇති බවට සාක්ෂි ඇත. කයිරෝ ජෙනිසා (Cairo Geniza) හි හමු වී ඇති 12 වන සියවසේදී යුදෙව් වෙළදුන් විසින් රචනා කර ඇති ලිපිවලද කුරුඳුවල ප්‍රභවය ශ්‍රී ලංකාව බව දක්වා ඇත. 13 වන සියවසේදී යපහුවේ රජකම් කළ පළමුවන බුවනෙකබාහු රජ සමයේදී පවා ශ්‍රී ලංකාවෙන් කුරුඳු අපනයනය සිදු වූ බවට ලිඛිත සාධක ඇත.
මුල දී අරාබි ජාතිකයන්ගේ ආධිපත්යක්ව පැවති කුරුඳු ඇතුළු කුළුබඩු වෙළදාම, 1505 පෘතුගීසි ආක්‍රමණයත් සමග පෘතුගීසීන් අතට පත් වූ අතර, ඉන් පසුව 1658 ලන්දේසීන්ගේ ආක්‍රමණයත් සමග ලන්දේසීන් අතට පත්විය. ඉන්ග්‍රීසීන් විසින් 1796 දී ලන්දේසි පාලනය පරදා මුහුදුබඩ ප්‍රදේශ තම අණසකට ගැනීමත් සමග කුරුඳු වෙළදාමත් ඔවුන්ගේ අණසකට පත්විය.
1850 වසරේ ලංකාවේ මුළු කුරුඳු වගා බිම් ප්‍රමාණය අක්කර 50,000 ක් පමණ විය. 1928 වන විට මෙම කුරුඳු ඉඩම් වැඩි ප්‍රමාණයක් පොල් වගාව සඳහා යෙදවීම හේතුවෙන් මුළු කුරුඳු ඉඩම් ප්‍රමාණය අක්කර 25,000 ක් පමණ දක්වා අඩුවී ඇත. එයින් අක්කර 15,000 ක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අක්කර 8,000ක් පමණ මීගමුව ප්‍රදේශයෙත් පැවතී ඇත.
පස සහ දේශගුණය
[සංස්කරණය]කුරුඳු නිවර්තන කලාපීය ශාකයකි. එය පුළුල් පරාසයක් සහිත දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන අතර විවිධ පාංශු තත්වයන් යටතේ මනාව වගා කළ හැකිය. ශ්රී ලංකාවේ තෙත් සහ අතරමැදි දේශගුණික කලාපවල ප්‍රධාන වශයෙන් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, හම්බන්තොට, නුවර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල වියාප්තව ඇත. මුහුදු මට්ටමේ සිට මීටර 700ක් දක්වා වූ ඉඩම්වල මෙම බෝගය මනාව වගා කළ හැක.
පහතරට කෘෂි දේශගුණික කලාප WL3 හා WL4 වල දක්නට ලැබෙන රතු කහ පොඩ්සොලික පස කුරුඳු බෝගයට වඩාත් උචිතය. මෙයින් බොරළු, දොඩන්ගොඩ, මලබොඩ සහ වැද්දාගල යන පස් වර්ගවල කුරුඳු සාර්ථකව වගා කෙරේ. මෙයට අමතරව පහත රට, මැදරට තෙත් සහ අතරමැදි තෙත් කලාපවල ඇති රතු දුඹුරු ලැටසොලික් සහ අපරිණත දුඹුරු ලෝම පස කුරුඳු වගාවට උචිතය. වැලි සහිත දෙණිය පස් කාණ්ඩවල කුරුඳු ගසේ වර්ධනය අඩු වුවත් පොතු ගුණාත්මක භාවයෙන් ඉහළය.
කුරුඳු බහුලව වගා කරන පස්වල හෞතික ලක්ෂණ එම වගාවට එතරම් සීමාකාරී සාධකයන් නොවූවත් සෝදා පාළුවට ලක්වූ මීටර් එකකට වඩා අඩු පාංශු ගැඹුරක් ඇති, අධික බෑවුම් සහිත ඉඩම් කුරුඳු වගාවට යෝග්ය නොවේ. ජල වහනය අඩු සහ නිරන්තරයෙන් භූගත ජල මට්ටම් වෙනස්වන ඉඩම් ද කුරුඳු වගාවට හිතකර නොවේ. පාංශු pH අගය 5.5 -6.5 දක්වා පරාසය කුරුඳු වගාවට ඉතාමත් යෝග්ය වේ. නමුත් pH අගය 5.5 ට අඩු පාංශු තත්ව වල්දී ඩොලමයිට් යෙදීම මගින් ආම්ලික තත්වය නිවැරැදි කොට වගා කළ හැක. කුරුඳු වගාව සඳහා උචිත උෂ්ණත්ව පරාසය 250 C- 300 C වුවද උපරිම 350 C සහ අවම 200 C උෂ්ණත්ව තත්ව වලදී ද වගා කළ හැකිය. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1875 සිට 3750 දක්වා පරාසයක් කුරුඳු වගාව සඳහා සුදුසු වේ. වියළි දේශගුණික කලාප කුරුඳු වගාවට සුදුසු නොවේ.
පින්තූර එකතුව
[සංස්කරණය]-
සත්‍ය කුරුඳු (සිනමෝමම් වේරම්), ශාකයේ පත්‍ර.
-
සත්ය කුරුඳු (සිනමෝමම් වේරම්), ශාකයේ පත්‍ර.
-
සත්ය කුරුඳු (සිනමෝමම් වේරම්), ශාකයේ පොතු, කුඩු සහ වියළි මල්.