කුර්ආන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉස්ලාම්

අන්තර්ගතය

Istanbul, Hagia Sophia, Allah.jpg
මුලික විශ්වාසය
අල්ලාහ්

 • තව්හීද්
 • මුහම්මද් නබි
 • දෙවියන්ගේ දුතයා
 • නබිතුමාගේ අවසාන දේශනය


මූල ග්‍රන්තය සහ නිතිය

කුර්ආන්


පාරායනය කිරීම, පරිවර්තනය යන අර්ථයන් ලබා දෙන “අල් කුර්ආන්” යන අරාබි වචනය ඉස්ලාමයේ මූලිකම ආගමික ග්‍රන්ථයයි. එය මිනිස් සංහතියටම මඟ පෙන්වන මඟ පෙන්වීමක්, ආදර්ශයක් වන අතර මිනිසා මවපු අල්ලාහ්ගෙන්ම අවසාන වරට අරාබි භාෂාවෙන් පහල වූ අංග සම්පූර්ණ වූ ජීවන සැලැස්මකි. මෙය පුරා අවුරුදු 23ක කාලයක් අල්ලාහ‍්ගෙන් සුරදූත ජිබ්රීල්ගේ මාර්ගයෙන් ශුද්ධ වූ මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛනිවසල්ලම් තුමාට පහළ වූ බව ඉස්ලාමයේ පිළිගැනීමයි.

මෙලොවට පහල වූ මුල්ම මිනිසා වන ආදම් අලෛහිස්සලාම් තම දෙවියා වන අල්ලාහ්තආලාගේ වක්තෘවරය‍ා ලෙස තමාට පහල වු දේව සුභාරංචි තම පරපුරට දේශනා කර අල්ලාහ්ගේ ඒකීයත්වය පැහැදිලි කර දුන්නේය. ඉන්පසු ඉබ්‍රාහීම් නබිතුමා තමාට දෙවියන්ගෙන් ලැබුණු අණපනත් මඟින් තම පරපු‍රට ඒක දේව ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බව පැහැදිලි කළේය. මෙලෙස ආදම් අලෛහිස්සලාම් පටන් අවසාන නබි මුහම්මද් තුමා දක්වා ලොව පහල වූ සෑම නබි වරයෙක්ම ජනතාවට දේශනා කළේ ඉස්ලාම් ආගමයි. එසේම අල්ලාහ්ගෙන් පහළ වූ ආගම් වන පරණ ගිවිසුම (තව්රාත්), ගීතාවලිය (සබුර්), ක්‍රිස්තු දහම (ඉන්ජීල්) යන ආගම් සත්‍ය බව පිළි ගන්නා අතර පෙර නබිවරුන්ට අනාවරණය වූ සියලු කරුණු ඒ ඒ ආකාරයෙන්ම ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වන්නේ නැත. නමුත් පසු කාලීනව වෙනස්කම්වලට භාජනය වූ එම අනාවරණයන් නිවැරදි කර පැහැදිලි කර ශුද්ධ වූ අල් කුර්ආනයේ නැවත නැවතත් නිවැරදි සඳහන් කර ඇත.

ශුද්ධ වූ අල් කුර් ආනයේ එහි අන්තර්ගත තොරතුරුවලින් අනාවරණය කරන්නේ එය නිවැරදි මඟ පෙන්වීමක් බවය. එම නිසා අතීතයේ සිදුවීම් සම්බන්ධ නිවැරදි තොරතුරු හා එකල ජනයාගේ ජීවන රටාවන් හා සම්බන්ධ කරුණු පෙන්වා දී අදාල සිදුවීම් ගැන විස්තර කිරීමකට අමතරව එම සිදුවීම් සම්බන්ධ සියලු තොරතුරු ඉදිරිපත් කර නැත. ස්වාභාවික සිදුවීම් සම්බන්ධ විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමට වඩා ස්වාභාවික හා එයට ඔබ්බෙන් ඇති සුවිශේෂී සිදුවීම් සම්බන්ධ තොරතුරු දෙවියන්ගේ බලය විදහා දැක්වීමක් වශයෙන් ඉදිරිපත් කර ඇත.

ශුද්ධ වූ අල්කුර්ආන් අනාවරණයන් මුහම්මද් නබි තුමා ජීවත්ව ඉන්නා කාලයේ දී එතුමාගේ අනුගාමිකයන් විසින් ලියාගත් අතර එය මුලින්ම ප්‍රචාරය කරන ලද්දේ වාචිකවය. මුල්වරට අල් කුර්ආන් පිටපත සකස් කරන ලද්දේ ඉස්ලාමයේ මුල්ම පාලකයා වන අබුබක්කර් රලියල්ලාහු අන්හු තුමාගේ පාලන සමයේය. පසුව තුන්වන පාලකයා වන උස්මාන් රලියල්ලාහු අන්හු තුමාගේ පාලන සමයේ එය විධිමත් අයුරින් පිටපත් කරන ලදී. ශුද්ධ වූ අල් කුර් ආනය එය පහල වූ ආකාරයෙන්ම වන පොත් කර ආරක්ෂා කරන අතර එය මුහම්මද් නබි තුමා පෙන්වා දුන් ආකාරයටම කිසිම වෙනසකට භාජනය නොවී පෙරදිග හා අපරදිග සියලුම ජනයා පාරායනය කරයි. එහි කිසිම කරුණක් සම්බන්ධයෙන් හෝ ගැටළු මතු නොවී ආරක්ෂා වීම නිසා මුස්ලිම්වරු, සුන්නි හා ෂියා යනුවෙන් වෙන් නොවී සියලු දෙනාම අනුගමනය කර පිළිපදින්නේ එකම අල් කුර්ආනයයි.

ශුද්ධ වූ අල් - කුර්ආනය - ආශ්චර්යයකි[සංස්කරණය]

ඉස්ලාමීය විද්වතුන්ගේ විශ්වාසය වන්නේ ශුද්ධ වූ අල් කුර්-ආනයක් ආශ්චර්යක් වන අතර එය පහළ වූ කෘතියක් බවත් මිනිසා කෙතරම් උත්සාහ කළද ඒ හා සමාන කෘතියක් නිර්මාණය කළ නොහැකි බවත්ය. එහි භාෂා ශෛලිය මෙන්ම එහි අඩංගු විද්‍යාත්මක කරුණු සත්‍ය බවට පසු කාලීනව සොයාගත් සාධක එහි ආශ්චර්යජනක භාවය විදහා දක්වයි.

ශුද්ධ වූ අල් කුර්ආනය මිනිසාට අභියෝග කරන්නේ හැකි නම් ශුද්ධ වූ අල් - කුර්ආනය වැන්නක් එහි සුරාවන් කිහිපයක් වැනි හෝ එසේත් නැතිනම් වාක්‍ය කිහිපයක් හෝ නිර්මාණය කරන ලෙසටය. ඒ හා සමාන කෘතියක් කෙතරම් උත්සාහ කළ ද මිනිසාට නිර්මාණය කළ නොහැකි වීමෙනුත් එහි භාෂා ශෛලියන් ආශ්චර්ය ජනක බව විදහා දැක්වෙයි.


ශුද්ධ වූ කුර්ආනයේ මූලික අක්ෂරයන්[සංස්කරණය]

කුර්ආනයේ සුරාවන් 29 ක ප්‍රාරම්භක අක්ෂර ලෙස ඇති විවිධ වූ අක්ෂරයන් 14ක් යුගල 14ක් ලෙස ශුද්ධ වූ කුර්ආනයටම ආවේණික වූ භාෂා විලාසයකින් සටහන් වී ඇත. උදා- අලිෆ්, ලාට්, රා, (සුරා 2:1) මෙම අක්ෂරයන්වල තේරුම් සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවබෝධ කරගත නොහැක. එම අක්ෂරයන්වලට විවිධ වූ අදහස් හා තේරුම් රාශියක් අන්තර්ගත වී ඇත. ඊජිප්තුවේ ජීව විද්‍යාඥයකු හා පාලකයකු වන රෂාද් සඳහන් කරන්නේ අංක 19 කින් සමන්විත ගණිත සංඛ්‍යාව ගැන දැන ගැනීමට සුරා 74 හි 30 වන වාක්‍ය ඉවහල් වූ බවය.

පරිවර්තන[සංස්කරණය]

ශුද්ධ වු අල් කුර් ආන් පරිවර්තනය කිරීම සෑම අවස්ථාවක දීම ගැටළු සහගත සහ අපහසු කාර්යයක් විය. මුස්ලිම්වරුන්ගේ පිළිගැනීම හා විශ්වාසය වන්නේ එය මිනිසුන් ඇති කරන නීති රීතිවලට වඩා පරිවර්තනය කිරීම හෝ එහි අදහස අර්ථ කථනය කිරීම හෝ කළ නොහැකි කාර්යයන් බවයි. තවද අරාබි භාෂාවේ එක් අක්ෂරයකට එය යොදා ගන්නා අවස්ථාවට අනුකූලව වෙනස් වෙනස් අර්ථ රාශියක් ගැබ් වන නිසා නිවැරදි පරිවර්තනයක් නිකුත් කිරීම තවත් අපහසු කාර්යයක් වී ඇත. කෙසේ නමුත් ශුද්ධ වූ අල්කුර් ආනයේ පරිවර්තන රාශියක් අප්‍රිකානු, ආසියානු හා යුරෝපීය භාෂාවලට පරිවර්තනය කර ඇත. කුර් ආනය මුල් වරට පරිවර්තනය කරන ලද පරිවර්තකයා පර්සියානු ජාතික සල්මාන් නැමැත්තෙකි. ඔහු 7 වන සියවසේ දී අල් කුර් ආනය ෆටිහා භාෂාවෙන් පර්සියානු භාෂාවට පරිවර්තනය කළේය. ඉස්ලාමිය ඉතිහාසයේ පරිවර්තන නිකුත් කරන ලද අවස්ථා කිහිපයක් ඇත. ඇබීසිනියානු පාලක නේගුස් හා බයිසැන්ටීන් පාලක හිරුක්ලීඩ් යන රජවරුන්ට අල් කුර් ආන් වාක්‍ය අඩංගු ලිපි ශුද්ධ වූ මුහම්මද් නබි තුමා යවා ඇත. මුල් සියවස් ආරම්භක කාලයේ දී පරිවර්තන උපයෝගී කර ගෙන සලාතය ඉටු කිරිමට අනුමැතිය නොදුන්න ද පසුව අනුමැතිය ලබා දී ඇත. 1936 වන විට අල් - කුර් ආන් පරිවර්තන 102 ක් නිකුත් කර ඇත. අල් කුර් ආන් පිටපත බටහිර භාෂාවක් වන ලතින් භාෂාවෙන් 1143 දී මුල්වරට පරිවර්තනය කරන ලද්දේ රොබර්ට් කෙට්න් නම් පුද්ගලයෙකි. වර්ෂ 1649 දී ඇලෙක්සැන්ඩර් රොස් විසින් මුල්ම ඉංග්‍රීසි පරිවර්තනය එලි දක්වා ඇත. 1734 දී ජෝර්ජ් සේල් නැමැත්තා මුල්ම විස්තරාත්මක කුර් ආනය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර රිචර්ඩ් බෙල් තවත් පරිවර්තනයක් 1937 දී නිකුත් කර ඇත. තවත් අල් කුර් ආන් පිටපතක් 1955 දී ආතර් ජෝන් නැමැත්තා පරිවර්තනය කර ඇත. මෙම කුර් ආන් ග්‍රන්ථ පරිවර්තනය කරන ලද සෑම පුද්ගලයෙක්ම මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන්ය. මුස්ලිම්වරුන් විසින් ද ශුද්ධ වූ අල් කුර් ආනයේ පරිවර්තන රාශියක් එලි දක්වා ඇත. විශාරද මුහම්මද් මුසීන් කාන් සහ විශාරද මුහම්මද් තාකි - උද් - දීන් අල් හිලාලි, මෞලතා මුහම්මද් අලි, අබ්දුල්ලා යුසුන් අලි, එම්. එච්. ෂාකිර්, මුහම්මද් අසාද් සහ මර්මදුක් පිතාලි යන අයගේ පරිවර්තන කෘතීන් ඉතාමත් ප්‍රසිද්ධය. ඉංග්‍රීසි පරිවර්තකයන් සමහර අවස්ථාවලදී පැරණි ඉංග්‍රීසි වචන යොදා ගෙන නිකුත් කරන ලද කෘති ද නව පරිවර්තන ද උසස් තත්වයේ පවතී. උදාහරණයක් ලෙස බොහෝ ප්‍රසිද්ධ පරිවර්තන දෙකක් වන යුසුෆ් අලි සහ මර්වදුකේ පික්තාලි යන අයගේ කෘතිවල බහු වචන හා ඒක වචන "ye" හා "thou" වෙනුවට සුලබ වචනය "you” යන්න ද අරාබි භාෂාවේ “අල්ලාහ්” යන වචනය සාහිත්‍යමය අගයක් සහිතව “The God" යන්න ඉංග්‍රීසි භාෂාවේ සුලභ වචනයක් ලෙස "God." යනුවෙන් ද භාවිතා වේ. වර්තමාන පරිවර්තන කෘතිවල මෙම උපුටා ගැනීම් බොහෝ විට වෙනස් විය හැකිය.

අංග සම්පූර්ණ බව[සංස්කරණය]

ශුද්ධ වූ අල් කුර්ආන‍ය අංග සම්පූර්ණ නැති බවට යෝජනා වී ඇති වාද විවාද තුන් ආකාරයකට ඇත. මුස්ලිම්වරුන්ගෙන් බො‍හෝ දෙනෙක් වන සුන්නි මුස්ලිම්වරු මෙන්ම ෂියා මුස්ලිම්වරු එකමතිකව පිළිගන්නේ ශුද්ධ වූ අල් කුර්ආනය වෙනත් දෙයකින් උපුටා ගන්නා ලද එකක් නොවන බවයි. නමුත් ඒ වෙනුවට මුහුම්මද් නබි තුමා දේශනා කළ කුර් ආන් පාඨ සලකා බැලීමේදී තව්රාන් හා ඉන්ජීල්වල සඳහන් තොරතුරුවල නිවැරදි කරුණු ඇතුළත්ය. මෙය පහත කුර් ආන් පාඨයෙන් පැහැදිලි වෙයි. කුර්ආන් (5:15)

“පුස්තලය හිමි අයවලුනි! ඇත්තෙන්ම තොප වෙත අපගේ රසුල්වරයා පැමිණියේය. පුස්තකයෙහි තොප සැඟවු දැයින් බොහෝ කරුණු දැය තොපට පැහැදිලි කරන්නේය. තවද ඔහු බොහෝ දැය ක්ෂමා කරන්නේය. ඇත්තෙන්ම අල්ලාහුගේ සන්නිදානයෙන් ආලෝකය ද පැහැදිලි පුස්තකය ද (අල්කුර්ආන්) පහල වී ඇත.” (5:15)

මෙම වාක්‍ය පැහැදිලිව යොමු වන්නේ “අහ්ලුල් කිතාබ්” හෙවත් පුස්තකය හිමි අය වන “ක්‍රිස්තියානි හා යුදෙව් භක්තිකයන්ටය. මෙයින් වාක්‍යයෙන් එලි දක්වන්නේ යුදෙව්වරු හා ක්‍රිස්තු භක්තිකයන් සඟවන ලද හෝ හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි වන පරිදි නැති වී ඇති සත්‍ය තොරතුරු පිළිබඳ සැබෑ පුවත හෙලි කර නිරාකරණය කිරීමට කුර් ආන් වාක්‍යය පහක කර ඇති බවයි. මුස්ලිම් බහුතරයකගේ පිළිගැනීම වන්නේ කුර්ආන් පාඨ කාලීනව වෙනස් වී නැති බවත් සමහර කුර්ආන් පාඨ ඉවත් කර යහපත උදෙසා සංශෝදනය කර පසුව එම පාඨ සකස් කර දීර්ඝ වශයෙන් පහළ වී ඇති බවයි. උදාහරණයක් ලෙස නබි තුමාට නබිත්වයේ මුල්කාලවල එනම් මදීනා සංක්‍රමණයට පෙර මක්කාවේදී පහල වූ කුර්ආන් පාඨව මිනිසාගේ මැවීම සම්බන්ධ තොරතුරු ඇතුළත් වී ඇති අතර මදීනා සංක්‍රමණයට පසු පහල වූ වාක්‍යවල පෙර තොරතුරු සනාථ කරමින් තවත් බොහෝ ජීවන සැලැස්මට අදාල කරුණු උපයෝගී කරගෙන සමස්ථයක් වශයෙන් සියල්ල ගැන පැහැදිලි කර ඇත.

මිර්සියා එලීඩේගේ අදහසට අනුව පහළ වූ සමහර කුර්ආන් පාඨ අස්ථානගත වී ඇති බවට අදාල රුවන් වැකි කිහිපයක් ඇති බවයි. එනමුත් සුන්නි මුස්ලිම්වරුන්ගේ ඒකමතික පිළිගැනීම වන්නේ ඒවා සනාථ කිරීමට අදාල සාධක නොමැතිව උපුටා ගන්නා ලද වැරදි තොරතුරු බවයි. කුර් ආන් පාඨ අංග සම්පූර්ණ නැති බවට ඉදිරිපත් කර ඇති එම තර්කවලට අදාල වාක්‍යයන් පහත පරිදි වේ.

ශුද්ධ වූ මුහම්මද් නබි තුමා ද සාමාන්‍යය මිනිසකු වන නිසා මුලින්ම පහල වූ අල් කුර්ආන් වාක්‍යන් අමතක වී හෝ නියම තොරතුරු අනාවරණය කර ගැනීමට අපහසු වී හෝ තිබෙන්නට පුළුවන් බවයි. මුස්ලිම්වරුන්ගේ පිළිගැනීම වන්නේ එය කිසිම පදනමක් යටතේ හෝ පිළිගැනීම වන්නේ එය කිසිම පදනමක් යටතේ හෝ පිළිගැනීමට නොහැකි මිනිසුන් විසින් අනුමාන වශයෙන් සිතා ගොතන ලද අසත්‍ය තොරතුරක් බවත්, මුහම්මද් නබි තුමාට පෙර යම් පුද්ගලයෙකුට අනාවරණය වූ “තොරතුරක් විය හැකි බවයි. සුරා 96 හෝ 74 මුහම්මද් නබි තුමාට මුලින්ම පහල වු ආයත් හැටියට පිළිගෙන ඇත.

මේ අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට අදාල කුර්ආන් පාඨ උපුටා දක්වා ඇත. පහල වූ අනාවරණයන් අමතකවීම ගැන 87:6-7 , නැවත සකස් කිරීම ගැන 2:106, 16:101, හාස්කම් ගැන 22:52 යන පාඨ සඳහන් කළ හැක. අක්බර් අලි මෙහෙරලි නම් වූ වෙනස් ආගම් ගැන සමීක්ෂණ කළ මුස්ලිම්වරයෙක් ප්‍රතිචාරයක් වශයෙන් තම අදහස ඉදිරිපත් කරන්නේ 2:106 කුර් ආන් පාඨය වැරදි විදියට අර්ථ කථනය කර මෙසේ ඉදිරිපත් කර ඇති බවයි.

“අප අස් කරන හෝ අමතක කරවන හෝ ආසාවෝ මෙන් ද ඒ වෙනුවට ඊට වඩා ශේෂ්ඨ වු හෝ එබඳු වූ හෝ අසාවන් ඵලවන්නෙමු. ඇත්තෙන්ම අල්ලාහු සියලු දැය කෙරෙහි බලසම්පන්න යැයි තොපි නොදන්නෙහු ද? ඔහු පවසන්නේ මෙම වාක්‍යය ආරම්භ කර ඇත්තේ යම් අර්ථයකින් එලි දක්වන අයුරින් බවයි. එහි ආරම්භය අනෙකුත් වාක්‍ය ඛණ්ඩවලට උක්තයක් ලෙස සඳහන් වී ඇත.

එකක් වෙනුවට තවත් දෙයක් ආදේශ කිරීම මෙහිදී දැකගත හැකි විය. එම නිසා එයින් ඉදිරිපත් කරන තොරතුරු වැරදි විය හැකි අතර එය අමතක වීමට අවස්ථාව ඇති බවයි.

අල් කුර්ආනයේ සඳහන් තොරතුරුවලට අනුව ෂෙයිතාන්ගේ පෙළඹවීම ගැන සඳහන් අල් කුර්ආන් පාඨය (22:52) නැවත වතාවක් අනෙක් වාක්‍යය කොටස ගැන තොරතුරු ඉදිරිපත් කර ඇති නිසා එය වැරදි ලෙස අර්ථ කථනය කර ඇති බවයි.

අපි රසුල්වරයෙකු හෝ නබිවරයෙකු හෝ එවූ සෑම විටකම ඔහු ප්‍රකාශ කරන කල්හි ඔහු‍ගේ ප්‍රකාශයෙහි ෂෙයිතාන් බහා මිස නැත. එහෙත් ෂෙයිතාන බැහු දැය අල්ලාහ් පහ කරන්නේය. පැසුළු අල්ලාහ් ඔහු‍ගේ ආසාවන් ස්ථිර කරන්නේය. අල්ලාහු සියල්ල දන්නේය. නුවණැතිය.” (22:52)

මුස්ලිම්වරුන්ගේ පිළිගැනීම හා විශ්වාසය වන්නේ ෂෙයිතාන්ගේ පෙළඹවීම සැම රසුල්වරයෙක් කෙරෙහිම පොදු වූවක් ‍වන අතර එය මුහම්මද් නබි (සල්) තුමාට පමණක් සීමා වූ දෙයක් නොවන බවයි. එහෙත් මෙම බලපැම් කිසිවකින් ශුද්ධ වූ අල් කුර්ආනයට බලපෑම් එල්ල කළ නොහැකි වූ බව ඒ. සුසුන් අලිගේ පරිවර්තනයේ සඳහන් තොරතුරුවලින් හෙලි වේ.


විශේෂිත අරාබි වචනයන් සමහරකගේ අර්ථ විවරණය[සංස්කරණය]

අබුල්කාසිම් - “කාසිම්ගේ පියා” යන්න මෙහි අර්ථයයි. මෙය දෙවියන්ගේ අන්තිමයා වන මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම් ) තුමාණන්ගේ විශිෂ්ඨ නාමයක් වන්නේය. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ පුතා වන කාසිම් (රළි අල්ලාහු අන්හු) තරුණ වියේදීම මරණයට පත් වූවේය.

අබූ - (පියා) “අසවලාගේ පියා” යයි කෙනෙකුව විශිෂ්ඨ ලෙස ඇඟවීමට හෝ නැතහොත් ඔහුට ගෞරව කිරීමට ඔහුගේ පුතාගේ නැතහොත් දුවගේ නමට පෙර ‘අබූ’ නමැති වචනය එකතු කර සඳහන් කිරීම අරාබිවරුන්ගේ පුරුද්දකි. (උදා: අබූ අබ්දිල්ලාහ් - අබ්දුල්ලාහ්ගේ පියා). මේ ආකාරයටම උම්මු (මව), ඉබ්නු (පුත්), ඉබ්නත් නැතහොත් බින්ත් (දියණිය)ආදී වචනයන්ගෙන් එකක් එකතු කර ගනිමින් සඳහන් කිරීමක්ද ඇත. (උදා: උම්මු හබීබා -හබීබාගේ මව, ඉබ්නු උමර් -උමර්ගේ පුත්, ඉබ්නත් රසූලිල්ලාහ් - අල්ලාහ්ගේ රසූල්වරයාණන්ගේ දියණිය, බින්ත් අබීබක්කර් -අබූ බක්කර්ගේ දියණිය).

අයියාමුල් තෂ්රීක් - “මස් විය‍ළෙන්නට තබන දිනයන්” යන්න මෙහි අර්ථය වේ. හිජ්රි වසරේ 12 වැනි මාසය වන දුල්හජ් මාසයේ 11,12,13 ආදී දින තුන ‘අයියාමුල් තෂ්රීක්’ යයි හඳුන්වනු ලැබේ.

අර්ෂ් - පාලන පූජාසනය, සිංහාසණය, ඇඳ, නිවස, මුදුන් වහලය වැනි අර්ථ කිහිපයක් මෙයට ඇත. “දෙවියන්ගේ (අල්ලාහ්ගේ) පාලන පූජාසනය නැතහොත් රාජාසනය” යන අර්ථයෙන් මෙම වචනය මුල් වන්නේය.

අරෆා - ශුද්ධ වූ මක්කාවට නැගෙනහිරින් කිලෝ මීටර් 15 ඈතින් පිහිටා ඇති විවෘත පිටියයි. හජ් වන්දනයට යන වන්දනාකරුවන් දුල්හජ් මාසයේ නව වැනි දින (යව්මුල් වක්ෆා නැතහොත් යව්මුල් අරෆා) මෙහි රැඳී සිටීම අනිවාර්යය කටයුත්තකි. මෙහි කරනු ලබන ප‍්‍රාර්ථනාව ධර්මයෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨ ආකාරයෙන් අදහස් කරන්නේය.

අල්ලාහ් - හිමි, දෙවියන්. අරාබි භාෂාවෙන් එකම දෙවියන්ව සඳහන් කරන වචනයයි. අල්ලාහ් මිස වෙන කිසිම දෙවියෙක් නැත යන්න ඉස්ලාමයේ පළමු මූලධර්මය වේ. “(සකල ලෝකයම උත්පාදනය කර පරිපාලනය කරන සර්ව බලධාරී පරිශුද්ධ වූ) දෙවියන් කෙනෙකුම නැමදුමටද, අනුගමනයටද හිමි” යන්නම මෙයට අර්ථය වේ. ඒ වෙනුවට අල්ලාහ් යනු මුස්ලිම්වරුන්ගේ දෙවියන් යයි අදහස් කිරීම වැරදිය.

මූඃමීන් - අල්ලාහ් මත විශ්වාසය තබන්නා( ධර්මය විශ්වාස කරන්නා). එකම දෙවියන්, මලායිකාවරුන්, අවසාන දූතයා (රසූල්)වන මුහම්මද් (සල්) තුමාණන්, දෙවියන් විසින් පහළ කරනු ලැබූ පෙර ධර්මයන්, අවසාන ධර්මය වන කුර්ආනය, විනිශ්චය දිනය, මරණය ආදිය ගැන විශ්වාසය තැබූ අය.

කාෆිර් - අල්ලාහ්ව ප‍්‍රතික්ෂේප කරන්නා. අවිශ්වාසවන්තයා. අල්ලාහ් විශ්වාස කරන්නා යන්නෙහි විරුද්ධ පදයයි. මෙයට සඟවන්නා, ප‍්‍රතික්ෂේපකයා, කෙළෙහිගුණ නොදත් අය, යනුවෙන් අර්ථයන් ඇත. එකම දෙවියන් නැතහොත් ඔහුගේ අණ බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නා ගැන මෙයින් සඳහන් කරන්නේය.

අලෛ - “අලෛහිස් සලාම්” (එතුමාණන් කෙරෙහි ශාන්තිය අත්වේවා!) යන්නෙහි කෙටි යෙදුම වේ. දෙවියන්ගේ දූතයන්ට ප‍්‍රාර්ථනා කරන ආකාරයෙන් ඔවුන්ගේ නාමයන්ට පසු (අලෛ) යයි කෙටියෙන් සඳහන් කරන්කාහ.

අන්සාරි - අන්සාරිවරුන්, උදව්කරුවන් යන්න අර්ථය වේ. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ සමයේදී ජීවත් වූ මදිනා නගරවාසී මුස්ලීම්වරුන්ව මෙයින් සඳහන් වන්නේය. තමන්ගේ මව්පිය ජනතාව අත්හැර දමා මදීනාවේ පදිංචි වූ නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ටද, එතුමාණන්ගේ සහාබාවරුන්ටද, පිට පළාත් වලින් මදීනාවට පැමිණි මුස්ලිම්වරුන්ටද, සියලූම වර්ගයේ උදව් උපකාරයන් ලබා දුන් බැවින් විශේෂයෙන් මදීනා මුස්ලිම්වරුන්ට මෙම නාමය ලැබෙන්නට විය. යෙමන් දේශයේ තිබුණු ‘මඃර්බ්’ ජලාශයේ කි.ව. 542-570දී කොටසක බිඳීමක් ඇති වූ විට එහි සිට පැමිණ මදීනාවේ පදිංචි වූ “අව්ස්” හා “කස්රජ්” ආදී අති විශාල ගෝත‍්‍රිකයින්ම පසු කලෙකදී අන්සාරිවරුන් බවට පත් වූහ.

අස්ර් - අපර භාගයේ මැද කොටසේ සිට සූර්යය අස්ථමයට යන තෙක් ඇති කාලයටම අස්ර් යයි හැඳින්වේ. මෙම කාලය තුළදී ඉටු කරනු ලබන නැමදුමටම “අස්ර් සලාතය” යයි කියනු ලැබේ.

අහ්මද් - මෙය අවසාන දූතයා (රසූල්) වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ නාමයන්ගෙන් එකක් වේ. ඉතාමත් ප‍්‍රශංසාවට අයත්, ප‍්‍රශංසාවට ලක් විය යුතු යන්න මෙහි අර්ථය වේ.

ආද් - 1. (ආද් බින් ආදියා බින් ෂාම් බින් නූහ්). යෙමන් දේශයේ මුහුදු තීරයේ ක‍්‍රි.පූ. දෙදහස් වැනි වසරේදී (ක‍්‍රි.පූ. 2538) ජීවත් වූ අරාබි ආදිවාසීන්ය. මොවුන්ට හූද් (අලෛහිස් සලාම්) තුමා දෙවියන්ගේ (අල්ලාහ්ගේ) දූතයා වශයෙන් පත් කරනු ලැබීය. මෙලොව ඉතිහාසයේ මොවුන් ‘පළමුවැනි ආද්’ (ආදුල් ඌලා) යනුවෙන් දැන ගන්නට ඇත. ‘ඉරම්’ සමූහයද මොවුන්ගේ ජනතාවට අඩංඟු වේ.

ආද් - 2. (බනූ තමීම් ගෝත‍්‍රිකයින්) තමීම් බින් මුර්රු බින් උද්දු බින් තාබිකා බින් ඉල්යාස් බින් මුලර් බින් නිසාර් නමැත්තාගෙන් පැවතෙන්නන් වන මොවුන් “දෙවැනි ආද්” (ආදුල් ආකිරා) නමින් හැඳින් වේ.

ආදම් (අලෛහිස් සලාම්) - (ඇඩම්), ආදි මනුෂ්‍යයාද, දෙවියන්ගේ ආදි දුතයාද වන්නේය. ආදම් - හව්වා (ආදාම් - ඒවා) යුවළගෙන්ම මිනිස් වර්ගයා උත්පාදනය විය.

ආමීන් - (ආමෙන්) ‘ඒ ආකාරයටම සිදු විය යුතුය’ යන අර්ථය වේ. ‘සිරියාක්’ නැතහොත් ‘හීබ්රූ’ භාෂා වචනයක් වන මෙය “දෙවියෙනි! බාර ගනු මැනව!” යන අර්ථයෙන් නිර්මාණය වී ඇත. ආයත් (ආයාව) - වගන්තිය. බහුවචනය: ආයාත් (ආයාවන්). පරිශුද්ධ වූ කුර්ආනයෙහි ඇති වගන්තීන් 6666 මෙයින් සඳහන් කරන්නේය. සාධකයන්, පුදුමයන් ආදී අර්ථයන්ද ඇත.

ආයතුල් කුරුසී - (රාජකීය වගන්තිය). ”අල්ලාහු ලා ඉලාහා ඉල්ලා හුවල් හයියුල් කයියුම්” යයි ආරම්භ කෙරෙන ‘අල් බකරා’ පරිච්ඡේදයේ 255 වැනි වගන්තිය ‘ආයතුල් කුරුසී’ යයි හැඳින්වේ.

ආෂූරා - ඉස්ලාමීය වසරේ පළමු මාසය වන මුහර්රම් මාසයේ දහවැනි දිනයයි. එදින යෙදෙන උපවාසයට ‘ආෂුරා උපවාසය’ යයි කියනු ලැබේ.

ඉඃතිකාෆ් - “රැඳී සිටීම” , “වළක්වා තැබීම” යන්න මෙහි අර්ථයන් වේ. දෙවියන් වෙනුවෙන් අල්ලාහ්ගේ රසූල්වරයාගේ මාර්ගයෙන් නියමිත කාලයක් නැමදුම්පළ තුළ රැඳී සිටිමේ එක්තරා පිළිවෙතකි.

ඉකාමත් - “පිලිපැදීම” යන්න මෙහි අර්ථය වේ. සමූහ සලාතය පැවැත්වීමට යාම පිළිබඳව කරනු ලබන දැනුම් දීම මෙය සඳහන් කරන්නේය. මෙය නැමදුම්පළ තුළ සිටින්නන් නැගිට සමූහ නමැදුමට සහභාගී වන ලෙස කෙරෙන ආරාධනය වේ.

ඉද්දා - “ගණිතය , “ගණන් කිරීම , බලා සිටීම” යන්න මෙහි අර්ථයන් වේ. ස්වාමිපුරුෂයා විසින් දික්කසාද කරන ලද කාන්තාව මාස් සුද්ධීන් තුනක කාලයක්ද, ස්වාමිපුරුෂයා මිය ගිය කාන්තාව මාස හතරකුත් දින දහයක්ද පිටතට නොගොස් නිවසේ රැඳී සිටීම “ඉද්දා” යනුවෙන් හැඳින්වේ. මාස් සුද්ධිය නැවතී ගිය කාන්තාව දික්කසාද කරනු ලැබුවහොත් මාස තුනක් ඉද්දා සිටිය යුතුය. ගැබ් ගත් කාන්තාවගේ ඉද්දා කාලය දරු ප‍්‍රසූතිය දක්වා වේ.ස්වාමිපුරුෂයා මිය ගිය ගර්භණී කාන්තාවගේ ඉද්දා කාලයද දරු ප‍්‍රසූතිය දක්වා වේ.

ඉබ්රාහීම් (අලෛහිස් සලාම්) - (ඒබ්රාහෙම්). බටහිර ඉරාකයේ ඇති “ඌර්” නමැති ගමේ උපන් අල්ලාහ්ගේ දූතයාය. දෙවියන්ගේ ඉතාමත් සමීප මිතුරා (කලීලූල්ලාහ්) නමැති විශිෂ්ඨ නාමය ලැබූ එතුමා එකම දෙවියා යන ප‍්‍රතිපත්තිය වෙනුවෙන් සියලූම ආකාරයේම කැප කිරීම් සිදු කළේය. දෙවියන්ගේ දූතයන් වන ඉස්මායීල් (අලෛහිස් සලාම්), ඉස්හාක් (අලෛහිස් සලාම්) ආදීන්ගේ පියාද වන්නේය.

ඉබ්නු - පුතා. බලන්න: අබූ.

ඉබ්ලීස් - ෂෙයිතාන්වරුන්ගේ පියාගේ නාමයයි. මොහු ගින්දරින් උත්පාදනය කරනු ලැබ ඇත. ජින් වර්ගයට අයත් මොහුට ඥතීන්ද, සේනාවන්ද ඇත. සැඟවී සිටිමින්ම මිනිසුන්ව වැරදි මාර්ගයෙහි යාමට සැලැස්වීමම මොවුන්ගේ ප‍්‍රධානතම කාර්යය වේ.

ඉමාම් - “ප‍්‍රධානියා” යන්න මෙහි අර්ථය වේ. ප‍්‍රධානියාගේ වගකීම දරන්නා; සමූහ සලාතය ඉදිරියෙන් සිටිමින් මෙහෙයවන්නා; මාර්ගෝපදේශකයා; පුරෝගාමියා; මාර්ගය ආදී අර්ථයන්ද මෙයට ඇත. ඔප්පු කරන්නන් සම්බන්ධයෙන් සඳහන් කරන විට ඔවුන්ගේ නාමයන් ඉදිරියෙන් මෙම වචනය සඳහන් කරනු ලැබේ. (උදා: ඉමාම් බුහාරි (රහ්) තුමා, ඉමාම් ඉබ්නු කසීර් (රහ්) තුමා).

ඉන්ෂා අල්ලාහ් - මෙයට “අල්ලාහ් අදහස් කළහොත්” යයි අර්ථය වේ. අනාගතයේදී යම්කිසි දැයක් කරන බවට පොරොන්දු වන විට අල්ලාහ් මත විශ්වාසය තැබූවන් මෙයද එකතු කර ගනිමින් සඳහන් කරන්නාහ. (උදා: ඉන්ෂා අල්ලාහ්, හෙට එන්නෙමි.)

ඉන්ජීල් - ග‍්‍රීක භාෂා වචනයක් වන මෙයට ‘සුභාරංචිය’ (ගොස්පෙල්) යයි අර්ථය වේ. අල්ලාහ්ගේ දූතයා වන ඊසා (අලෛහිස් සලාම්) තුමාට දෙවියන් පහළ කළ ධර්මයම ඉන්ජීල් වන්නේය. අද එය “බයිබල් -අළුත් තෙස්තමේන්තුව” නමින් හැඳින් වුනද, පහළ වූ ඒ ආකාරයටම දැන් එය නැත.

ඉෂා - සූර්යයා සැඟවී රත් පැහැ අහසද නැති වීමෙන් පසුව ඇති කාලයයි. මෙම කාලයේදී ඉටු කරනු ලබන අනිවාර්ය වූ නැමදුම “ඉෂා සලාතය” වන්නේය.

ඉස්මායිල් (අලෛ) - (ඉස්මායෙල්). ක‍්‍රි.පූ. 19 වැනි ශත වර්ෂයට අයත් අල්ලාහ්ගේ දූතයා වන මොහු, නබි ඉබ්රාහීම් - හාජරා යුවළගේ වැඩිමහල් පුතා වන්නේය. මොහුගෙන්ම අරාබි ජනතාව පැවතෙන බැවින් ඉස්මායිල්ව ’අරාබිවරුන්ගේ පියා’යයි හැඳින්වේ. අවසාන අල්ලාහ්ගේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් ඉස්මායීල්ගෙන් පැවතෙන්නෙකු වන්නාහ.

ඉස්මුල් අඃලම් - ගෞරවණීය නාමයයි. මෙය අල්ලාහ්ගේ නාමයන්ගෙන් එකක් සඳහන් කරන්නේය. නමුත් එය කුමන නාමයදැයි යන්න ගැන විද්වතුන් අතරේ විවිධ මත දක්නට ඇත. දෙවියන්ගේ නාමයන් සියල්ලම “ඉස්මුල් අඃලම්” (ගෞරවයෙන් පිරි නාමයන්) යයිද “අල්ලාහ්” නමැති නාමයම “ඉස්මුල් අඃලම්” යයිද පවසනු ලැබේ. තවද “ඉස්මුල් අඃලම්” කුර්ආනයෙහි 2/255, 3/1, 20/111 ආදී වගන්තීන්හි සඳහන්ව ඇත යයිද සමහර දැනුම් දීම්හි දක්නට ඇත. තවද වැඩි විස්තර සඳහා 2/255 වැනි වගන්තියෙහි විවරණය බලන්න.

ඉස්රාෆීල් - ප‍්‍රධාන මලායිකාවරුන්ගෙන්කෙනෙකි.ලෝක විනාශයේදීද, මිනිසුන් සියල්ලන්වම පණ දී නැගිටුවනු විටද, සෑම කලකදීම (සූර් නමැති හොරනෑව) පිඹින වගකීම ඔහු වෙතම බාර කරනු ලැබ ඇත.

ඉස්රායීල් - (බනූ ඉස්රායීල් - ඉස්රායීල්වරුන්ගෙන් පැවතෙන්නන්). අල්ලාහ්ගේ දූතයා වන යඅකූබ් (අලෛහිස් සලාම්) තුමාට (ජේකබ්) “ඉස්රායීල” (දෙවියන්ගේ වහලා) යන නාමය ඇත. එතුමාගෙන් පැවතෙන්නන් “බනූ ඉස්රායීල්” (ඉස්රායිල්වරුන්ගේ ජනතාව- ඉස්රායීල්වරුන්) යයි හඳුන්වනු ලැබේ. ක‍්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර එකම ජාතිකයින් වශයෙන් සිටි එතුමාගෙන් පැවතෙන්නන් පසුව යුදෙව්වන් යයිද, ක‍්‍රිස්තියානුවන් යයිද බෙදී ගියහ.

ඉස්ලාම් - ශාන්තිය ලබා දීම, යටහත් වීම, පහත් වීම, බාර දීම, දෙවියන් පමණක් අනුගමනය කිරීම, යන්න මෙහි අර්ථයන් වේ.සාමාන්‍යයෙන් අල්ලාහ්ගේ දූතයාණන් විසින් දේශනා කරන ලද ධර්මය බාර ගෙන එය ජීවිත කාලයේ (තමන්ගේ ජීවන රටාව බවට පත් කරගෙන) කටයුතු කිරීමම ඉස්ලාමය වන්නේය.

ඉස්හාක් (අලෛ) - (අයිසෑක්) නබි ඉබ්රාහීම් - සාරා යුවළගේ බාල පුතණුවන් වන මොහුද එක් අල්ලාහ්ගේ දූතයෙකු වන්නේය. යඅකූබ් (අලෛහිස් සලාම්), එතුමාගේපුතාය. එබැවින් ඉස්හාක් (අලෛහිස් සලාම්)තුමාව “ඉස්රායීල්වරුන්ගේ පියා” යයි හඳුන්වනු ලැබේ.

ඉහ්රාම් - “ඈත් කර ගැනීම” යනු මෙහි අර්ථය වේ. “හජ්” නැතහොත් “උම්රා” නමැති වත් පිළිවෙත් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් පොරොන්දු ලබා ගැනීම. ඒවායේ වත් පිළිවෙත්ද කොන්දේසිද අනුගමනය කිරීමයි. ඒ අවස්ථාවේදී අඳින නොවටිනා ඇඳුමට “ඉහ්රාම් ඇඳුම” යයි කියනු ලැබේ.

ඊසා (අලෛ) - ජීසස්. අල්ලාහ්ගේ දූතයෙකු වන මොහු ක‍්‍රි.පූ. 4වැනි වසරේදී පලස්තීනයෙහි ඇති නාසිරා (නසරත්) නමැති ගමේ මරියම් (අලෛහිස් සලාම්) තුමියට පිරිමි සහායයෙකු නොමැතිව ඉතාමත් පුදුමාකාර ක‍්‍රමයකට ඉපදුණේය. මොහුට පහළ කරනු ලැබූ දෙවියන්ගේ ධර්මය “ඉන්ජීල්” වන්නේය.

ඊමාන් - අල්ලාහ් මත විශ්වාසය තැබීම. ධර්ම විශ්වාසය. එකම දෙවියෙකු, මලායිකාවරුන්, අල්ලාහ්ගේ දූතයන් (නබිවරුන්), අවසාන දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්, දෙවියන් විසින් පහළ කරන ලද පෙර ධර්මයන්, අවසාන ධර්මය වන කුර්ආනය, විනිශ්චය දිනය, මරණය ආදිය ගැන විශ්වාසය තැබීමයි.

උම්මි - මවට අයත් කෙනෙකි යයි අර්ථය වේ. සාමාන්‍යයෙන් ලියන්නට කියවන්නට නොහැකි, මවගේ ගතිගුණ පමණක්ම ලබා ඇති මිනිසාට “උම්මි” යනුවෙන් අරාබිවරුන් හඳුන්වනු ලැබේ. නබි තුමාණන්ගේ සමයෙහිදී ලියන්නට කියවන්නට දන්නා ජනතාව ඉතාමත් අල්පයක්ම දක්නට තිබුණි. එබැවින් එකල මිනිසුන් “උම්මියූන්” යයි හඳුන්වනු ලැබූහ. ඔවුන් අතරේ නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් ඥාන ආලෝකය දල්වා තැබූහ. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ද ලියන්නට කියවන්නට නොදත් “උම්මි” කෙනෙකු වශයෙන්ම සිටියහ.

උම්රා - අපේක්ෂා කිරීම, හමු වීම, අනුගමනය කිරීම, යන්න මෙහි අර්ථයන් වේ. පරිශුද්ධ වූ කඃබාව දර්ශණය කර, අල්ලාහ්ව අනුගමනය කරන්නාවූ එක්තරා වර්ගයක වත් පිළිවෙතකට “උම්රාව” යයි කියනු ලැබේ. “හජ්” නමැති වත් පිළිවෙතට නියමිත කාල වකවාණුවක් ඇත. උම්රාවට කාල නියමක් නැත.

උළු (වුළු) - අවයවයන් පරිශුද්ධ කිරීම. සලාතය වැනි වත් පිළිවෙත් ඉටු කිරීමට පෙර මුහුණ, අත්, හිස, කකුල් ආදිය අල්ලාහ්ගේ නියෝගයට අනුව හා නබි තුමාණන්ගේ ජීවන රටාවේ පෙන්වා දෙන පරිදි පිරිසිදු කිරීමේ ක‍්‍රමයයි.

උහූද් - මදීනාවට උතුරින් කි.මී. 5ක් පමණ ඈතින් පිහිටා ඇති කන්දකි. හිජ්රි 3වැනි වසරේදී (ක‍්‍රි.ව. 625) ෂව්වාල් මාසයේ මැද භාගයේදී අල්ලාහ් මත විශ්වාසය තැබූවන්ටද, අල්ලාහ්ව ප‍්‍රතික්ෂේපකයන් අතරේද මෙහි සිදුවූ යුද්ධයට “උහුද් යුද්ධය” යැයි හඳුන්වනු ලැබේ.

කඃබා (කඃබතුල්ලාහ්) - ශුද්ධ වූ මක්කාවේ පිහිටි හතරැස් වූ හැඩයකට ඇති අල්ලාහ්ගේ නිවසයි. ලොවෙහි පළමුවෙන්ම එකම දෙවියා යන (සංකල්පයට අනුව) වත් පිළිවෙත් කිරීම සඳහා නිර්මාණය කරනු ලැබූ අල්ලාහ්ගේ නැමදුම්පළයි. මෙම නැමදුම්පළ පිහිටා ඇති දිසාවට මුහුණ ලා, ලොව සිටින මුස්ලීම්වරුන් අල්ලාහ් නමදින්නාහ. මෙය දර්ශණය කර, දෙවියන්ව අනුගමනය කර වත් පිළිවෙත් කිරීමටද, ශුද්ධ වූ හජ් හා උම්රා කිරීම සඳහාද වන්ඳනා කරන්නාහ.

කද්රීයියා - මෙය “කද්ර්- මරණය (දෛවය)” නමැති වචනයෙන් නිර්මාණය වී ඇත. මරණය (දෛවය) ප‍්‍රතික්ෂේප කරන එක් සමූහයකට “කාද්රියියා” යයි හඳුන්වනු ලැබේ. මිනිසා තමන්ගේ ක‍්‍රියාවන් තමන් විසින්ම උත්පාදනය කර ගන්නේය. පාපයන් අල්ලාහ්ගේ දෛවයට අනුව සිදු වන්නේ නැත යන්න වැනි මොවුන්ගේ ප‍්‍රතිපත්තීන්ගෙන් ඇති දැය වන්නේය.

කබ්රු - මරණයට පත් වූවන්ව වළලනු ලබන සොහොන් වල වන්නේය. සොහොන් බිම, මුස්ලීම්වරුන්ගේ පුරුද්දට අනුව “සොහොන් වල” යයිද හඳුන්වනු ලැබේ. බහුවචනය “කුබූර්”. සොහොන් බිමට “මක්බරා” යයි කියනු ලැබේ.

කලීෆා - මෙයට “පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන වර්ගයා” යයි අර්ථය වේ. “නියෝජිතයා” යන අර්ථයද ඇත. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගෙන් පසු පාලනයට පැමිණි මුස්ලිම් රාජ්‍ය පාලකයන්ට “කලීෆාවරුන්” යයි හඳුන්වනු ලැබූහ. තවද වැඩි විස්තර සඳහා 2/30 වැනි ආයාවේ විවරණය බලන්න.

කස්ර් - කෙටි කිරීම, අනිවාර්ය වූ රකාඅත් හතරක සලාතයන් ගමනේදී රකාඅතයන් දෙකක් වශයෙන් කෙටි කර සලාත් කිරීමටම “කස්ර්” යයි කියනු ලබේ.

කිරාන් - (හජ් වර්ගයකි). මෙයට “එක්කාසු කිරීම” යන අර්ථය වේ. හජ් හා උම්රාවද එකම ඉහ්රාමයකින් ඉටු කිරීමට ‘හජ් කිරාන්’ යයි හඳුන්වනු ලැබේ.

කිස්රා - (කොස්රෝස්). පර්ෂියානු මහාචාර්යවරුන්ට කියනු ලබන විශිෂ්ඨ නාමයකි. නබි තුමාණන්ගේ සමයෙහි සිටි කොස්රෝස්ගේ නාමය අබ්රෝයස් බින් හුර්මුස් (ක‍්‍රි.ව. 590-628). මොහු සමග ඉරාකයේදී පර්ෂියානු අධිරාජ්‍යය අවසානයට පත් විය.

කුල්උ (කුලා) – “ගලවා ගැනීම” යන්න අර්ථය වේ. සාධාරණ හේතූන් මත බිරිඳ ස්වාමිපුරුෂයාගෙන් වෙන් වීමට කැමති වී, ස්වාමිපුරුෂයා ඇයට දැනටමත් දී ඇති වස්තුවෙන් කුමක් හෝ දී ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද වීම කුල්උ (කුලා) යයි කියනු ලැබේ.

කුබා - මදීනාවට නිරිත දිගින් කි.මී. 3ක් පමණ ඈතින් පිහිටි පැරණි ග‍්‍රාමයකි. නබි (සල්) තුමාණන් මක්කාවේ සිට මදීනාවට රට ගම අත්හැර (හිජ්රත්) ගිය විට මෙහි රැඳී සිට, කුඩා ප‍්‍රමාණයේ සලාත් කරන ස්ථානයක් පිළියෙල කළහ. පසුව එහි සිටිය අය විසින් නැමදුම්පළක් ඉදි කරනු ලැබූහ. එය “මස්ජිදුල් කුබා” (කුබා නැමදුම්පළ) යයි කියනු ලැබේ.

කුර්ආන් - (අල්ලාහ්ගේ අවසාන පුස්තකය). මෙලොව මිනිසුන් සියල්ලන්ටම ඍජු මාර්ගය පෙන්වීම සඳහා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් හට ජිබ්රීල් (අලෛහිස් සලාම්) නමැති මලායිකාවරයා මාර්ගයෙන් දෙවියන් විසින් පහළ කරන ලද අවසාන අල්ලාහ්ගේ ධර්මයයි. පරිච්ඡේදයන් 114 හා ආයාවන් 6666 කින් සමන්විත මෙම කුර්ආනය, කොටස් 30 කට බෙදා ඇත. “කුර්ආන්” නමැති අරාබි වචනයට “සමුදීරණය කළ යුතු , එකමුතු කරන ලද” යයි අර්ථයන් ඇත.

කුරෙයිෂි - (කුරෙයිෂිවරුන්). අල්ලාහ්ගේ දූතයා වන ඉස්මායීල් (අලෛහිස් සලාම්) තුමාගේ පැවතෙන්නන්ගෙන් නල්ර් බින් කිනානා නමැත්තාගේ දරු මුණුබුරන් වන අරාබි ජාතික ගෝත‍්‍රයක් වන්නේය. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ද මෙම ගෝත‍්‍රයට අයත් වන්නාහ.

කුනූත් - “බිය බැතිමත්භාවය” යන්න මෙහි අර්ථයයි. ඉමහත් විපත් කාල ප‍්‍රාර්ථනාවයි. සලාතයේදී සමුදීරණය කරනු ලබන එක්තරා විශිෂ්ඨ ප‍්‍රාර්ථනාවකි. විපත් කාලයන්හි පස් වේල් සලාතයන්හිම කුනූත් සමුදීරණය කිරීම නබි තුමාණන්ගේ ජීවන රටාව වේ.

කයිබර් - මදීනාවේ සිට ෂාම් (සිරියා) දේශයට යන පිහිටා ඇති විශාල නගරයකි. හිජ්රි හත් වන වසරේදී අල්ලාහ් මත විශ්වාසය තැබූවන්ටද, යුදෙව් තබන්නන්ටද අතරේ සිදු වූ යුද්ධයට “කයිබර් යුද්ධය” ලැබේ. මාර්ගයෙහි (ක‍්‍රි.ව. 628) සමානයන්යයි කියනු

කයිසර් - (සීසර්). රෝම දේශ අධිරාජයාගේ විශිෂ්ඨ නාමයයි. නබි තුමාණන්ගේ සමයෙහි සිටි සීසර්ගේ නම හිර්ක්ලියස් (ක‍්‍රි.ව. 610- 641). මොහු සමග රෝම අධිරාජ්‍යයද අවසන් විය.

ෂිර්ක් - සමානයන් තැබීම ( - බහු දේව පිළිවෙත්). එකම දෙවියන්ට සමානයන් වශයෙන් පිටස්තර වස්තූන් හෝ මිනිසුන් හෝ ජීවීන් හෝ විශ්වාස කිරීම සඳහාම සමානයන් තැබීම නැතහොත් සමාන කිරීම යයි හැඳින් වේ. එකම දෙවියන්ටම අයිති ගුණාංගයන්, ඒකීයභාවය, පිළිවෙත් හා තවද අධිකාරී බලය ආදියෙහි ඔහුට සමානයන් වශයෙන් අන් අයව අදහස් කිරීමද සමානයන් තැබීමෙහි අඩංගු වේ. මේ අදහස් කරන්නන්ට “මුෂ්රික්” (සමානයන් තබන්නා) යනුවෙන් හැඳින්වේ. “මුෂ්රිකූන්” නැතහොත් “මුෂ්රිකීන්” යන්න මෙහි බහු වචනය වේ. සමානයන් තැබීම සමාව නොදිය හැකි වරදක් යයි කුර්ආනය පවසන්නේය.

සයී - “ඉක්මනින් යාම” මෙහි අර්ථය වේ. හජ් කාලයේදී සෆා-මර්වා කඳු ගැට අතරේ දිවීම සම්බන්ධයෙන් මෙය සඳහන් කරන්නේය. මෙය හජ් වත් පිළිවෙත් වලින් අනිවාය ර්‍්‍යය එකක් වන්නේය.

සලාම් - “සන්සුන්භාවය, නිශ්චලභාවය, ශාන්තිය” ආදිය මෙම වචනයෙහි අර්ථයන් වේ. මෙය ඉස්ලාමීය ආචාර කිරීමකි. එක් මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයෙකුට කළ යුතු යුතුකම් වලින් එකකි. මුස්ලිම්වරුන් දෙදෙනෙකු එකිනෙකා මුණ ගැසෙන විට කෙනෙකු “අස්සලාමු අලෛක්කුම්” (ඔබ කෙරෙහි ශාන්තිය අත් වේවා!) යයි පැවසිය යුතුය. පිළිතුරු වශයෙන් අනිත් කෙනා “වඅලෛකුමුස් සලාම්” (ඒ ආකාරයටම ඔබ කෙරෙහිද ශාන්තිය අත් වේවා!) යයි පැවසීම අනිවාර්ය යුතුකමකි.

සජ්දා (සුජූද්) - හිස බිම තබා නැමදීම. සලාතයේදී නළල, නාසය, දෑතේ අල්ල, දණහිස් දෙක, දෙපාහි ඇඟිලි තුඩු, ආදී අවයවයන් පොලොව මත ස්පර්ශ කරනු ලබන හිස බිම තබා නැමදීමයි. මෙය අල්ලාහ් කෙරෙහි පමණක්ම කළ යුතු එකක් වන්නේය.

සහ්ර් - අළුයමේ පළමු භාගය. රාත‍්‍රියේ පසු භාගය අළුයමට තරමක් ඉදිරියෙන් ඇති, උපවාසය සඳහා ආහාර අනුභව කරන වේලාවයි. එසේ ආහාර ගැනීම, එසේ ආහාරයට ගන්නා කෑම සහ්ර් යයි කියනු ලැබේ.

සාමිරී - මොහු නබි මූසා (අලෛහිස් සලාම්) තුමාගේ ජනතාවට අයත් කෙනෙකු වන්නේය. මූසා (අලෛහිස් සලාම්) තුමා අල්ලාහ්ගෙන් ධර්මය ලබා ගැනීම සඳහා ‘තූර් සිනායි’ කන්දට ගොස් සිටිය විටදී තම සමූහයාගේ ජනතාවගෙන් ආභරණ ආදිය ලබාගෙන ගව පැටියෙකුගේ පිළිමයක් ඇඹුවේය. පසුව ජිබ්රීල් (අලෛ) නමැති මලායිකාවරයාගේ පාදය යටින් තිබූ වැලි ගෙන එම වසු පැටියාගේ කටේ දැමූ වහාම ඌ ශබ්දයක් පිට කළේය. එවෙලේම ඔහු මෙයයි දෙවියෝ. මූසා මාර්ගය වැරද ගියේය යයි ජනතාව විශ්වාස කිරීමට සැලැස්සුවේය.

සාරා - මැය අල්ලාහ්ගේ දූතයා වන ඉබ්රාහිම් (අලෛහිස් සලාම්) තුමාගේ වැඩිමහල් භාර්යාව වන්නීය. අල්ලාහ්ගේ දූත ඉස්හාක් (අලෛහිස් සලාම්) තුමාගේ මවයි.

සිහ්ර් - සූණියම, ඇස් බැන්දුම, ආකර්ෂණය, වැනි අර්ථයන් කිහිපයක් මෙයට ඇත. වැඩි විස්තර සඳහා 2/102 ආයාවේ විවරණය බලනු. සුලෙයිමාන් (අලෛ) - (සොලමන්). නබි දාවූද් (අලෛහිස් සලාම්) තුමාගේ පුතා වන මොහු අල්ලාහ්ගේ දූතයෙකු වශයෙන්ද අධිරාජයෙකු වශයෙන්ද සිටියේය. ජෙරුසලමේ පිහිටි දෙවියන්ගේ නිවස වන බයිතුල් මක්දිසය අල්ලාහ්ගේ නියෝගයට අනුව එතුමා අළුත්වැඩියා කළේය. ජින් වර්ගයාද, අනෙකුත් ජීවීන්වද, එතුමාට වසඟ කර දී තිබුණි. සතුන්ගේ භාෂාවන් එතුමා දැන සිටියේය.

සුන්නා - නබි මාර්ගය. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් තම වචන හා මගින් පෙන්වා දෙන ලද, තහනම් කරන ලද, පොළඹවන කටයුතුම “සුන්නා” යයි කියනු ලැබේ. නියම මාර්ගය ගුණත්වය (ස්වභාවය), චාරිත‍්‍රය (සම්ප‍්‍රදාය), යන්න මෙහි වේ. බහුවචනය- සුනන්.

සූරා - පරිච්ඡේදය. පරිශුද්ධ වූ කුර්ආනයෙහි සූරාවන් 114 කි. ක‍්‍රියාවන් ලද වැඩ (ක‍්‍රමය), අර්ථයන්

තක්බීර් - අල්ලාහ්ව ආඩම්බර කිරීම. “අල්ලාහු අක්බර්” (අල්ලාහ් ඉමහත් විශාලවන්තය), යන වචනය සලාතය ආරම්භ කරනු වස් අත් ඔසවන විට මෙසේ පැවසීමට “තක්බීර් තහ්රීම්” (සලාතය මිස අන් කටයුතු වළක්වනු ලබන තක්බීර්) “ආරම්භක තක්බීර්” යයි කියනු ලැබේ. මෙය ‘තක්බීරතුල් ඉහ්රාම්’ යයිද කියනු ලැබේ.

තෆ්සීර් - විස්තරාත්මක සටහන, විවරණය. පරිශුද්ධ වූ කුර්ආනයෙහි ආයාවන්ට දෙන විවරණයට “තෆ්සීර්” යයි කියනු ලැබේ. ඉමාම් ඉබ්නු කසීර් (රහ්) තුමා කුර්ආනයට ලබා දී ඇති විවරණයට “තෆ්සීර් ඉබ්නු කසීර්” යයි කියනු ලැබේ. වචනයෙන් අපේක්ෂාව විවරණය කිරීමටද “තෆ්සීර්” යයිද, අර්ථය විස්තර කරන විවරණයට “තෆවීල්” යයිද සමහරෙක් පවසන්නාහ. සවන් දුන් ප‍්‍රවෘත්තියට “තෆ්සීර්” යයිද, පර්යේෂණ අදහස් වලට “තෆවීල්” යයිද තවත් සමහරෙක් පවසන්නාහ.

තබූක් - මදීනාවට උතුරින් පිහිටා ඇති නගරයකි. හිජ්රි 9 වැනි වසරේ රජබ් මාසයේදී අල්ලාහ් මත විශ්වාසය තැබූවන්ටද, රෝම නගර ධර්මය හිමි අයටද අතරේ මෙහි සිදු වූ යුද්ධයට “තබූක් යුද්ධය” යයි හඳුන්වනු ලැබේ.

තමත්තුඋ - බුක්ති විඳීම, ඵල ප‍්‍රයෝජන අත් කර ගැනීම, යන්න මෙහි අර්ථයන් වේ. හජ් මාසයන්හි උම්රා ඉටු කිරීම සඳහා ඉහ්රාම් හැඳ, උම්රාවෙහි වත් පිළිවෙත් නිමා කළ පසු, ඉහ්රාමයෙන් මිදී, නැවතත් දේශ සීමාවට නොගොස්ම හජ් සඳහා අළුතින් ඉහ්රාම් හැඳ, නොකඩවා හජ් කිරීම ‘හජ් තමත්තුඋ’ යයි කියනු ලැබේ.

තයම්මුම් - “වුළු” වලට විකල්ප ක‍්‍රමයකි. “වුළු” නමැති අවයවයන් පරිශුද්ධ කර ගැනීමට ජලය නොලැබුනු අවස්ථාවන්හිදීද, රෝගාතුරවී සිටින්නාක් වැනි අවස්ථාවන්හිදීද, පිරිසිදු වැලි වල අත් පතිත කර පිඹ (පිටි අතට ගසා) අල්ලාහ්ගේ නියෝගයට අනුව, නබි තුමාණන්ගේ ජීවන මාර්ගයට අනුකූලව මුහුණ අත් ආදිය පිසදා ගැනීමේ ක‍්‍රමයට “තයම්මුම්" යයි කියනු ලැබේ. මෙයට “අපේක්ෂා කිරීම” යයි අර්ථය වේ.

තල්බියා - “ලබ්බයික්, අල්ලාහුම්ම ලබ්බයික්, ලා ෂරීක ලක ලබ්බයික්, ඉන්නල් හම්ද වන්නිඅමත ලක වල්මුල්ක්, ලා ෂරීක ලක්” යයි පැවසීමයි. (අර්ථය: මෙන්න ඔබගේ ආරාධනාව බාරගෙන පැමිණියෙමි. දෙවියෙනි! ඔබට මා යටහත් වන්නෙමි. සමානයක්නොමැත්තෙනි!ඔබටමසියලූප‍්‍රශංසා. වරප‍්‍රසාදයන්ද, රාජ්‍යයද ඔබටම අයත්ය. ඔබට සමාන වුවෙක් කිසිවෙක් නැත). මෙය හජ් නැතහොත් උම්රාවට ‘ඉහ්රාම්’ හැඳසිටින්නන් පවසන්නාහ.

තලාක් - විවාහ බන්ධනයෙන් ඈත් වීම, දික්කසාද වීම.

තව්බා (පව් ක්ෂමා කිරීම).- කළ වරදට සිත් තැවුල් වී එය නැවතත් නොකරන බවට ස්ථීරභාවයකින් යුතුව නිවැරදි කරගෙන ජීවත් වීමයි. තමන්ගෙන් බලපෑමක් සිදු වූ අයට නියමිත වන්දි ලබා දීම, අල්ලාහ්ගෙන් පව් සමාව ඉල්ලා සිටීම.

තව්රාත් - ටෝරා. අල්ලාහ්ගේ දූතයා වන මුසා (අලෛහිස් සලාම්) තුමා හට දෙවියන් විසින් පහළ කරන ලද ධර්මයයි. මෙය බයිබලයේ පරණ තෙස්තමේන්තුව යයි අදහස් කරනු ලැබේ.

තව්හීද් - එකම දෙවියා යන ප‍්‍රතිපත්තිය (මොනෝතෙයිස්ම්). සියල්ලම උත්පාදනය කර, පාලනය කරන්නාවූ දෙවියෝ එක් කෙනෙකි. ඔහු තමන්ගේ සත්‍යයෙහිද, ගුණාංගයන්ගෙන්ද තනි කෙනෙකි. ඔහුට සමාන වන හෝ වෙනුවෙන් වූ හෝ කිසිවක් නැත. සමාන හෝ සහායයෙකු හෝ නොමැති එම දෙවියන්ට ශරීරයක්, නින්දක්, දෙමව්පියන්, භාර්යාවන්, දූ පුතුන් යන කිසිම අවශ්‍යතාවයක් නැත. ඔහුට පිරිමි, ගැහැනු යන භේදයක් නැත. ආරම්භයක්ද අවසානයක්ද, මරණයද උත්පත්තියද නොමැත්තෙකි. ඇති කිරීමද, නැති කිරීමද, පණ දීම, පණ ගැනීම, උසස්භාවය නැති කිරීම, පහත්භාවය දීම, ඇතුළු සියලූ බලයන්ට එකම එක් කෙනෙකු බවට සිටීම. සියල්ල දත් ඉමහත් බලසම්පන්නය. අපගේ සිතුවිලිද, චිත්ත තීරණද ඔහුම නිර්ණය කරන්නේය. අපගේ මරණයද, උත්පත්තියද, උසස් වීමද, පහත් වීමද, කඳුළුද, සිනහවද, රෝගද, නිරෝගීභවද, ආහාරද, බඩගින්නද, ඔහු අතම ඇත්තේය. මෙවැනි සර්වබලධාරී දෙවියන් කෙනෙකු සිටින බවට විශ්වාස කිරීමටම “තව්හීද්” යයි කියනු ලැබේ.

තවාෆ් - වටේ ගොස් පැමිණීම. පරිශුද්ධ වූ කඃබාව නබි මාර්ගයට අනුව වටේ ගමන් කර පැමිණීමයි. හජ්හිදීද, උම්රාහිදීද, මෙය අනිවාර්ය වත් පිළිවෙතකි. දුල්හජ් මාසයේ දහවැනි දින හජ් වන්දනාකරුවන් මිනාවේ සිට ආපසු හැරී පැමිණ, කඃබාව හත් වතාවක් ඒ වටා ගමන් කිරිමට ‘තවාෆුස් සියාරත්’ (දර්ශණය කර වටා යාම) යයි කියනු ලැබේ. අවසාන වශයෙන් වටා ගමන් කිරීමට “තවාෆුස් වදා” (සමුගැනීමේ වටය) යයි කියනු ලැබේ.

තස්බීහ් - “සුබ්හානල්ලාහ්” (අල්ලාහ් සියලූම අඩුපාඩුකම් වලින් පරිශුද්ධ වූවෙකි) යයි අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම.

තාබිඋ - පසුපස අනුගමනය කරන්නා යන්න මෙහි අර්ථය වේ. නබි සහායයන්ට (සහාබාවරුන්ගෙන් පසු) ඊළඟ පරම්පරාවේ ජීවත් වූ මුස්ලීම්වරුන්ය; නබි සහාබාවරුන්ව හමු වූ අයයි. බහු වචනය: තාබිඌන් (තාබිඋවරුන්). කෙනෙකු නබි (සල්) තුමාණන්ව මුණ ගැසී නැත්නම් ඔහු නබි තුමාණන්ගේ සමයෙහි ජීවත් වුනද, ඔහු තාබිඌන්වරුන්ගෙන් කෙනෙකු වශයෙන්ම අදහස් කරනු ලැබේ.

තායිෆ් - මක්කාවේ සිට ගිනිකොන දිසාවේ කි.මී. 113 ඈතින් පිහිටි නගරයකි.

තාලූත් - මොහුගේ නාමය පරණ තෙස්තමේන්තුවේ “සවුල්” යයි සඳහන්ව ඇත. මොහු කි.පූ. 1028-1012 රජ කළේය. වැඩි විස්තර සඳහා 2/247 ආයාවේ විවරණය බලන්න.

තීහ් - කාන්තාරයකි. ඊජිප්තු-පලස්තීන දේශ සීමාවේ පිහිටා ඇති මෙම කාන්තාරය “ඉස්රායීල කාන්තාරය” යයි හඳුන්වනු ලැබේ. පුළුස්සා දවාලන මෙම කාන්තාරයේ ඉස්රායීල්වරුන් ඒ මේ අත ඇවිදිමින් සිටින විට අල්ලාහ් ඝන වලාකුළු වලින් සෙවන ලබා දීමට සැලැස්සුවේය.

තූර් සීනාඋ - සිනායි කන්ද. අල්ලාහ්ගේ දූතයා වන මූසා (අලෛහිස් සලාම්) තුමා සිටිමින් අල්ලාහ් සමග කතා කළ කන්දේ නාමයයි.

දජ්ජාල් - (ඇන්ටි-ක‍්‍රයිස්ට්). ලෝක විනාශයට පෙර මධ්‍ය නැගෙනහිර ආසියාවේ මතුවීමට නියමිත විජ්ජාවන්ගෙන් අග තැන් පත් ඉමහත් බොරුකාරයෙකි. එක් ඇසකින් යුත් මොහු අල්ලාහ්ගේ දූතයා වන ඊසා (අලෛහිස් සලාම්) තුමා විසින් වනසා දමනු ලබන්නේය. අවුල් වියවුල් කරන්නෙකු වන මොහුට “මසීහුද් දජ්ජාල්” යයි කියනු ලැබේ.

දාවූද් (අලෛ) - (ඬේවිඞ්). නබි යඅකූබ් (අලෛහිස් සලාම්) තුමාගේ පරම්පරාවෙන් පැවත එන අල්ලාහ්ගේ දූතයෙකි. එතුමාට “සබූර්” නමැති ධර්මය පහළ කළේය. මෙය “ඬේවිඞ් සංගීතය” හෙවත් “බුක් ඔෆ් ප්සල්ම්ස්” යයි අදහස් කරනු ලැබේ.

දික්ර් - අල්ලාහ්ව මෙනෙහි කිරීම, නැමදීම, උත්පාදනයන් ගවේෂණය කිරීම, වැනි අර්ථයන් මෙයට ඇත.

දිර්හම් - මෙය ග‍්‍රෑම් 3.62 බරැති එකල තිබූ රිදී කාසියකි.

දීනාර් - ග‍්‍රෑම් 4.374 බරැති එකල තිබූ රණ් කාසියකි.

දුආ - “ආරාධනය” යනු මෙහි අර්ථය වේ. ප‍්‍රාර්ථනාව හා තවද ඉල්ලා සිටීම මෙය සඳහන් කරන්නේය.

අදාන් - සලාතයේ දැනුම් දීම (බාංගු) - සලාතයට දෙනු ලබන දැනුම් දීම මෙයින් සඳහන් වන්නේය. අරාබි භාෂාවෙන් “අදාන්” යයි කියනු ලැබේ. සලාතයේ දැනුම් දෙන්නාට “මුඅද්දින්” යයි කියනු ලැබේ. පර්ෂියානු භාෂාවෙන් “බාංග්” යනු “ශබ්දය” යයි අර්ථය වේ. මේ අනුව සලාතයේ දැනුම් දීමට දෙමළ භාෂාව කතා කරන මුස්ලීම්වරුන් “බාංගු” යයි කියනු ලැබේ. එහි ශබ්දයට “බාංගු ශබ්දය” යයි කියනු ලැබේ.

නෆිල් - අමතර, අතිරේක යන්න මෙහි අර්ථයන් වේ. ෆර්ලූ (අනිවාර්ය වූ සලාතය) හා තවද සුන්නත් (නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් උගන්වන ලද වෙනත් සලාතයන් හැර කෙනෙකු තමන් විසින්ම කැමැත්තෙන් කරනු ලබන අමතර සලාතයන්ට “නෆිල් සලාතය” යයි කියනු ලැබේ.

නබි - අල්ලාහ්ගේ දූතයා (ප්‍රොෆට්). මෙයට “ප‍්‍රවෘත්ති දැනුම් දෙන්නා” යන්න මෙහි අර්ථය වේ. ඉස්ලාමීය පුරුද්දට අනුව ජනතාවට දෙවියන්ගේ ප‍්‍රවෘත්ති (සුභාරංචි) ගෙනහැර දක්වා, ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීම සදහා මිනිසුන්ගෙන්ම දෙවියන් විසින් නියම කරනු ලබන අල්ලාහ්ගේ දූතයාට “නබි” නැතහොත් “රසූල්” යයි කියනු ලැබේ. අවසාන අල්ලාහ්ගේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ට කෙටියෙන් “නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්)”යයි කියනු ලැබේ.

නම්රූද් - (නිම්රොඞ්). එකල බැබිලෝනියානු (ඉරාක) රජුගේ නාමය නම්රූද් බින් කන්ආන් වේ. මුළු ලොවම එකම වේලාවකදී පාලනය කළ හතර දෙනාගෙන් ඔහුද කෙනෙකු බවට සඳහන් වේ. ඉබ්රාහිම් (අලෛහිස් සලාම්) තුමාට දරුණු වද හින්සා කළ මෙම ඒකාධිපතියාගෙන් එතුමාව අල්ලාහ් බේරා ගත්තේය.

නයවංචකයින් - (වංචනිකයින්) මුනාෆික් යන්න බලන්න.

නජ්රාන් - ශුද්ධ වූ මක්කාවේ සිට යෙමන් දේශයට යන දිසාවෙහි එකල දින හතක ගමන් දුරක පිහිටි කුඩා ගම් හැත්තෑ තුනකින් සමන්විත විශාල ගමකි.

නූහ් (අලෛ) - (නෝවා). අල්ලාහ්ගේ වැදගත් දූතයෙකි. නබි ආදම් (අලෛහිස් සලාම්) තුමාගෙන් පසු පැමිණි එතුමා අවුරුදු 950 ජීවත් වූවේය. එතුමාගේ කාලයේ ඇතිවූ ඉමහත් ජල ගැල්ම ගැන අදත් මිනිසුන් කතා කරති.

බද්ර් - මක්කා හා මදිනා අතරේ ඇති ස්ථානයකි. මදීනාවට නිරිත දිගින් කි.මී. 147 ඈතින් පිහිටි මෙම ස්ථානයෙහි මක්කාවාසී අල්ලාහ්ව ප්‍රතික්ෂේපකයන්ටද මදීනා මුස්ලිම්වරුන්ටද අතරේ හිජ්රි 2 (ක‍්‍රි.ව.624) වසරේ රමලාන් මාසයේ 17 වැනි සිකුරාදා දින සිදු වූ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ යුද්ධය “බද්රු යුද්ධය” යයි කියනු ලැබේ.

බනූ ඉස්රායීල් - ඉස්රායීල් යන්න බලන්න.

ෆජ්ර් - අළුයම් සලාතය. බලන්න සුබහ්.

බස්රා - ඉරාකයේ ඇති විශාල නගරයකි. උමර් බින් අල්හත්තාබ් (රළි අල්ලාහු අන්හු) තුමාගේ පාලන සමයේදී (ක‍්‍රි.ව. 636) මෙම නගරය නිර්මාණය කරන ලදී.

බාබිලෝන් (බාබිල්) - ඉරාකයේ ඇති පැරණි නගරයකි. එක් කලකදී ඉරාකයේ අගනුවර වශයෙන් පැවති බාබිලෝන් නමැති නගරය බැග්ඩෑඞ් නගරයට ගිනිකොන දිසාවේ යුප්රටිස් ගංඟා ඉවුරේ පිහිටා ඇත. මෙහි පැරණි නාමය “කල්දානිය්යා” (කල්ඩියා) නමින් හැඳින්වේ.

බිද්අත් - ධර්මයට ඇතුලත් කරනු ලැබූ අළුත් දැය. අල්ලාහ්ද ඔහුගේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ද පෙන්වා නොදුන් ක‍්‍රමයයි.

ෆිර්අවුන් - (ෆේරෝහ්). අමාලික්කා රාජ පරම්පරාවෙන් පැවත එන ඊජිප්තු රටේ රජ්ජුරුවන්ගේ විශිෂ්ඨ නාමයකි. අල්ලාහ්ගේ දූතයා වන මුසා (අලෛහිස් සලාම්) තුමාගේ කාලයේදී ඒකාධිපතිවරයා වශයෙන් සිටි ෆිර්අවුන්ගේ (රම්සෙස් 11) නාමය වලිද් බින් මුස්අබ් බින් අර්රයියාන් වන්නේය. මොහු ක‍්‍රි.පූ. 15 වැනි සියවසේදී ජීවත් වූවේය. අල්ලාහ්ටද අල්ලාහ්ගේ දූත මුසා (අලෛහිස් සලාම්) තුමාටද විරුද්ධව කටයුතු කළ මොහු රතු මුහුදේ ගිල්වා දමා මරණයට පත් වූවේය. මොහුගේ මෘත දේහය ආරක්ෂා කරනු ලැබ අදත් ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

බිස්මිල්ලාහ් - “අල්ලාහ්ගේ පරිශුද්ධවූ නාමයෙන්...(ආරම්භ කරමි)” යන්න මෙහි අර්ථයයි. සෑම හොඳ වැඩ කටයුත්තක්ම ආරම්භ කරන විට “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” (අසිමිත දයාව හාඅසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ ශුද්ධවූ නාමයෙන් ආරම්භ කරමි) යයි පවසා අරාම්භ කිරීම නබි තුමාණන්ගේ මාර්ගය වේ.

බුක්ත්ත නස්සර් - (නෙබුචන්ඞ්නෙස්සර්). බාබිලෝනය (ඉරාකය) රජ කළ වැදගත් රජෙකු වන්නේය. ජෙරුසලම කෙරෙහි යුද්ධ සේනාවක් කැටුව ගොස් ශුද්ධවූ නැමදුම්පළ වන බයිතුල් මක්දිසය විනාශ කළේය. යුදෙව්වන්ව පිටුවහල් කළේය. ඊජිප්තුව යටපත් කර ගැනීම සඳහා අවුරුද්දක් පුරා මුද්‍රා තබා තිබුණේය. මුළු ලොවම එකම කාලයකදී පාලනය කළ හතර දෙනාගෙන් මොහුද කෙනෙකි යයි සඳහන්ව ඇත. ක‍්‍රි.පූ. 605 පමණ ඉපදී ක‍්‍රි.පූ. 562 පමණ මිය ගියේය.

බයිතුල් මක්දිස් - (බයිතුල් මුකද්දස්). ජෙරුසලමේ පිහිටි ශුද්ධ වූ නැමදුම්පළකි. මෙයට “ශුද්ධ වූ නිවස” යයි අර්ථය වේ. “අල්- මස්ජිදුල් අක්සා” (විශාල සංඛ්‍යාවක අනුගාමිකයින් ඇති නැමදුම්පළ) යයිද මෙය හඳුන්වනු ලැබේ. ධර්මය හිමි අය මෙයට “හයික්කල්” යයි කියනු ලැබේ. මෙය තුන්වැනි ශුද්ධ වූ නැමදුම්පළවන්නේය. ජෙරුසලමටම “බයිතුල් මක්දිස්” නැතහොත් “අල්කුද්ස්” යයි පවසන්නන්ද ඇත.

මග්රිබ්- සූර්යයා අස්ථමයට යාම (සැඟවීම) හා බටහිර යනු මෙහි අර්ථය වේ. සූර්යයා සැඟවූ පසු කරනු ලබන අනිවාර්යය සලාතයට “මග්රිබ් සලාතය” යයි හඳුන්වනු ලැබේ.

මක්කාව - (මක්කතුල් මුකර්රමා) සවුදි අරාබියාවේ ඇති ශුද්ධ වූ නගරයකි. එකම දෙවියා (අල්ලාහ්ව) නැමදීම සඳහා ලොවෙහි නිර්මාණය කරන ලද පළමු දෙවියන්ගේ නිවස වන කඃබාව මෙහි පිහිටා ඇත. ලොවෙහි (බිහිවූ) අල්ලාහ්ගේ අවසාන දුතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් මෙම නගරයෙහි උපත ලැබූහ. ලොව පුරා සිටින මුස්ලීම්වරුන් මෙහි ගොස් ශුද්ධ වූ කඃබාව දර්ශණය කර, ශූද්ධ වූ හජ් වත් පිළිවෙත් ඉටු කරන්නාහ. මෙයට බක්කා, අල්-බලදුල් අමීන්, අල්-බල්දා, උම්මුල් කුරා ඇතුළු නාමයන්ද ඇත.

මක්කී - මක්කාවට අයත්ය, මක්කාවට අයත් කෙනෙකි යන්න මෙහි අර්ථයන් වේ. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් මක්කා නගරය අත්හැර දමා මදීනාවට හිජ්රත් කිරීමට පෙර පහළ වූ කුර්ආන් පරිච්ඡේදයන්ට “මක්කී පරිච්ඡේද” යයි කියනු ලැබේ. මක්කී පරිච්ෙඡ්දයන් 86 වන්නේය.

මකාමු ඉබ්රාහීම් - “ඉබ්රාහීම් සිටි ස්ථානය” යයි අර්ථය වේ. නබි ඉබ්රාහීම් (අලෛහිස් සලාම්) තුමාද, එතුමාගේ පුත් ඉස්මායිල් (අලෛහිස් සලාම්) තුමාද, කඃබාවේ අත්තිවාරම ඔසවා බැඳ අළුත්වැඩියා කළ අවස්ථාවේදී ඉබ්රාහීම් (අලෛහිස් සලාම්) තුමා කුමන ස්ථානයක සිටගෙන කඃබාව බැන්දේද, එම ස්ථානයේ නාමයයි.

මදනී - මදීනාවට අයත්ය, මදීනාවට අයත් කෙනෙකි යන්න මෙහි අර්ථයන් වේ. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් මක්කාව අත්හැර මදීනාවට හිජ්රත් ගිය පසු පහළ කරනු ලැබූ කුර්ආන් පරිච්ඡේදයන්ට “මදනී පරිච්ඡේදයන්”යයි කියනු ලැබේ. මදනී පරිච්ඡේදයන් 28 වන්නේය.

මරියම් - (මදර් මේරී). ඉම්රාන්-හන්නා යුවළගේ දියණිය වන මැය, පිරිමි සහායයෙකු නොමැතිව පුදුමාකාර ක‍්‍රමයකින් ඊසා (ජේසු)ව ප‍්‍රසූත කළ කන්‍යා මෑණියන් වන්නීය. අවසානය දක්වා විවාහ නොවූ මරියම් මාතාව අල්ලාහ්ගේ දූතයා වන සකරීයියා (අලෛහිස් සලාම්) තුමා ඇයව හදාවඩා ගත්තේය.

මර්වා - මක්කාවෙහි කඃබාව අසල පිහිටා ඇති කුඩා කඳු ගැටයකි.

මන්නු-සල්වා - නබි මූසා (අලෛහිස් සලාම්) තුමාගේ සමයේදී “තීහ්” නමැති නිසරු භූමියෙහි අහිකුන්ඨකයින් මෙන් ඇවිදිමින් සිටි ඉස්රායීල්වරුන්ට දෙවියන් විසින් ලබා දුන් ආහාර වර්ග දෙකකි. “මන්නු” යනු පිසිනු ලබන සුවඳ හතු වර්ගයකි යයි නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් සඳහන් කර ඇත්තාහ. “සල්වා” සම්බන්ධයෙන් වූ විස්තරය සාධකයන්ගෙන් පිරි දැනුම් දීමෙහි දක්නට නැත. කෙසේ වෙතත් වටුවන් වැනි, ප‍්‍රමාණයටත් වඩා තරමක් ලොකු එක්තරා වර්ගයක පක්ෂීන් විශේෂයක් යයි එක් අදහසක් ඇත.

මන්සිල් - වාසය කරන ස්ථානය, බෝඩිම, තත්වය යන්න මෙහි අර්ථයන් වේ. දින හතකට වරක් කුර්ආනය සමුදීරණය කර අවසන් කරන පුරුද්දක් ඇති අයට සුදුසු ආකාරයකට කුර්ආනය සම කොටස් හතකට බෙදා ඇත. මෙයින් එක් කොටසකට “මන්සිල්” නැතහොත් “හිස්බු” යයි හඳුන්වනු ලැබේ.

මජූසි - (අග්නි ආරාධනාවෙහි යෙදෙන්නන් - මැජියන්). ගින්දර නැමදූ පුරාණ පර්ෂියානු පූජකයන්ගෙන් කෙනෙකු වන “මින්ජ්කූෂ්” නමැත්තාම මජූස් වන්නේය. ඔහුගේ ප‍්‍රතිපත්තීන් අනුගමනය කළ අයට මජූෂිවරුන් යයි කියනු ලැබේ. ආලෝකය හා අන්ධකාරයම සෑම දැයකටම මුල් වී ඇත. හොඳ දැය අලෝකයෙන්ද, නපුරු දැය අන්ධකාරයෙන්ද නිර්මාණය වන්නේය යන්න මොවුන්ගේ වැදගත් ප‍්‍රතිපත්තිය වන්නේය. මින්ජ්කූෂ් නමැති වචනය අරාබියට පරිවර්ථනය කිරීමෙන් මජූස් යන්න නිර්මාණය වී ඇත.

මෂ්අරුල් හරාම් - මෙයට “ශුද්ධ වූ වත් පිළිවෙත් ස්ථානය” යයි අර්ථය වේ. මෂ්අරුල් හරාම් කුමක්ද යන්න සම්බන්ධයෙන් විද්වතුන් අතරේ මත භේදයක් දක්නට ඇත. සමහරෙක් “මුස්තලිෆා” සම්පුර්ණයෙන්ම “මෂ්අරුල් හරාම්” යයිද, සමහරෙක් මුස්තළිෆාවෙහි ඇති කඳු දෙක අතරේ ඇති කොටසට “මෂ්අරුල් හරාම්” යයිද පවසා ඇත්තාහ. අරෆා නිසරු භූමියට “මෂ්අරුල් හරාම්” යයි තවත් සමහරෙක් පවසා ඇත්තාහ.

මස්ජිද් - නැමදුම්පළ (මොස්ක්). හිස බිම තබා නමදින ස්ථානය යන්න මෙහි අර්ථය වේ. බහුවචනය: මසාජිද්.

මස්ජිදුල් අක්සා - බයිතුල් මක්දිස් බලන්න.

මස්ජිදුල් නබවී - මදීනාවෙහි ඇති ශුද්ධ වූ නැමදුම්පළ. මෙය නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් විසින් ඉදි කරනු ලැබූ බැවින් මෙයට මස්ජිදුල් නබවී (නබි තුමාණන්ගේ නැමදුම්පළ) යයි හඳුන්වනු ලැබේ. මෙය දෙවැනි ශුද්ධ වූ නැමදුම්පළ වන්නේය.

මස්ජිදුල් හරාම් - කඃබාව ඇතුළු අල්ලාහ්ගේ නිවසට “මස්ජිදුල් හරාම්” (ශුද්ධ වූ නැමදුම්පළ) යයි කියනු ලැබේ. මෙය පළමුවැනි ශුද්ධ වූ නැමදුම්පළ වන්නේය. මෙය “බයිතුල් හරාම්” යයිද හඳුන්වනු ලැබේ.

මහ්ර් - විවාහ දීමනාව. විවාහ කර ගැනීම සඳහා මනමාලයා මනමාලියට දිය යුතු අනිවාර්යයය මුදල.

මහ්ෂර් - එක්කාසු කරනු ලබන ස්ථානය/කාලය. ලොවෙහි ඉපදුණු සියලූම මනුෂ්‍යයින්වම ලොව විනාශ වූ පසු පණ ලබා දෙනු ලබන දිනයට “යව්මුල් හෂ්ර්” යයි කියනු ලැබේ. එම ස්ථානයට “මහ්ෂ්ර්” යයි කියනු ලැබේ.

මිඅරාජ් - මෙයට නගින උපකරණය (ඉනිමග) යයි අර්ථය වේ. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් මක්කාවේ සිට මදීනාව බලා (හිජ්රත්) යාමට අවුරුද්දකට පෙර (ක‍්‍රි.ව. 621) දී ජෙරුසලමේ ඇති මස්ජිදුල් අක්සා නැමදුම්පළේ සිට අජටාකාශ ගමනේ යෙදුනාහ. මෙම ගමනට මිඅරාජ් යයි කියනු ලැබේ. අල්ලාහ්ගේ නියෝගයට අනුව සිදු වූ මෙම ගමනේදී පස් වේල් සලාතය අනිවාර්යයය කළේය.

මිනා - මක්කාවට හා අරෆාවට අතර ඇති ස්ථානයකි. මක්කාවේ සිට කි.මී. 9 පමණ ඈතින්ද, අරෆා සිට කි.මී. 17 පමණ ඈතින්ද මෙය පිහිටා ඇත. හජ් සමයේදී මෙහි රැුඳී සිටිය යුතු (දුල්හජ් 11,12,13 ආදී දින තුනක) කාලයට “මිනාවේ රාත‍්‍රීන්” යයි කියනු ලැබේ.

මීකායිල් - (ඒන්ජල් මයිකල්) වැදගත් මලායිකාවරුන්ගෙන් කෙනෙකි. සමහර අවස්ථාවන්හි අල්ලාහ්ගේ දූතයන්ට අල්ලාහ්ගේ දැනුම් දිම් ගෙන ඒමේ කටයුතු කර ඇත්තාහ.

මීකාද් - දේශ සීමාව. “හජ්” නැතහොත් “උම්රා” ඉටු කිරීම සඳහා මක්කා නගරයට වන්දනා කරන අය තමන්ගේ වත් පිළිවෙත් ආරම්භ කළ යුතු දේශ සීමාවන්.

මුඅදසිලා - ඉස්ලාමයෙන් වෙනස් වුනු සිතුවිලි ප‍්‍රකාශයට පත් කළ එක් සමූහයකි. වාසිල් බින් අදාඋ නමැත්තාම ඔවුන්ගේ ප‍්‍රධානියා වශයෙන් පත්ව සිටියේය. හසන් අල් බසරී (රහ්මතුල්ලාහි අලෛහි) තුමාගේ සිසුවෙකු වශයෙන් සිටි මොහු, පසුව වෙනස් වූ අදහස් ඉදිරිපත් කර, එතුමාගේ සභාවෙන් ඈත් වී ගියේය. මේ අනුව ඔහු “ඈත් වී ගිය අය” (මුඅදසිලී) යයි හඳුන්වනු ලැබීය. ඔහුගේ අනුගාමිකයින් “මුඅදසිලාවරුන්” යයි හඳුන්වනු ලැබූහ. මුස්ලීම්වරුන්ගෙන් පාපයන් කරන්නන් ඉස්ලාමයෙන් පිටමං වී යන්නෝය යන්න මොවුන්ගේ ප‍්‍රතිපත්තීන්ගෙන් එකක් වන්නේය.

‘මුද්’දු - මදීනා නගරයෙහි පුරුදුව තිබූ ග‍්‍රෑම් 533 පමණ බරැති එක් බර ප‍්‍රමාණයකි.

මුතෂාබිහ් - මෙයට “අවුල්සහගත” යයි අර්ථය වේ. පැහැදිලි අර්ථය තේරුම් ගත නොහැකි ආයාවන් මෙය සඳහන් කරන්නේය. කුර්ආනයෙහි පරිච්ෙඡ්දයන් ආරම්භයේදී සඳහන්ව ඇති “අලිෆ්. ලාම්. මිම්.” (2/1) වැනි ආයාවන් මෙය සඳහන් කරන්නේය. මිනිසුන්ගේ බැරිකම විදහා දැක්වීමටම මෙවැනි සමහර ආයාවන් අල්ලාහ් පහළ කර ඇත්තේය යයි විද්වතුන් පවසන්නාහ.

මුනාෆික් - වංචනිකයා, ව්‍යාජ විශ්වාසවන්තයා, පිට පෙනුමට තමන්ව අල්ලාහ් මත විශ්වාසය තැබූවාක් මෙන් පෙන්වමින්, ඇතුළතින්අල්ලාහ්වප‍්‍රතික්ෂේපකරන්නෙකුවශයෙන් සිටින්නෙකි. බහුවචනය: මුනාෆිකූන්. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ සමයෙහි මෙවැනි වංචනිකයින් මුස්ලීම්වරුන්ට විවිධ නපුරුකම් කරමින් සිටියහ. බොරු, ද්‍රෝහිකම්, නපුරු වචන පාවිච්චි කරන්නාක් වැනි නපුරු ගති පැවතුම් වංචනිකයින්ගේ ගුණාංගයන් වන්නේය.

මුස්තලිෆා - “එකට එක්කාසු වන ස්ථානය, දෙවියන්ගේ සමීපත්වය ලබා දෙන ස්ථානය, රාත‍්‍රියෙහි සුළු වේලාවක් රැඳී සිටින ස්ථානය” යන්න මෙහි අර්ථයන් වේ. මෙය අරෆාවටද, මිනාවටද අතරේ පිහිටි එක් විවෘත පිටියක නාමයයි. අරෆා සිට ආපසු හැරුනු පසු මෙහි රැඳී සිට, නියමිත සලාතයන් ඉටු කිරීම හජ්හි වත් පිළිවෙත් වල දැය වන්නේය. මෙය “මෂ්අරුල් හරාම්” (ශුද්ධ වූ ස්ථානය) යයිද කියනු ලැබේ.

මුස්ලිම් - ශාන්තිය ලබා දෙන්නා, යටහත් පහත් වන්නා යන්න මෙහි අර්ථයන් වේ. අල්ලාහ් මත විශ්වාසය තබා දෙවියන්ගේ නීති රිතීන්ට යටහත් පහත් වන්නා, අල්ලාහ්ගේ වත් පිළිවෙත් නියමිත ආකාරයකට කරන්නා.

මුහ්කම් - කුර්ආනයෙහි ආයාවන් දෙවර්ගයක් ඇත්තේය. ඒවායින් එකක්: මුහ්කම්. මෙයට ස්ථීර කරනු ලැබූ ඒවා යයි අර්ථය වේ.පැහැදිලි අදහස් ඇති ආයාවන් මෙය සදඟන් කරන්නේය. දුටු පමණින්ම අර්ථය පැහැදිලිව තේරුම් ගත හැකි ආයාවන්ට “මුහ්කම්” යයි කියනු ලැබේ. වැඩි වශයෙන්ම වූ ආයාවන් මෙම වර්ගයට අයත් ඒවාය. තවත් වර්ගයක් නම්: මුතෂාබිහ්. මෙයට “අවුල්සහගත” යයි අර්ථය වේ. පැහැදිලි අර්ථය තේරුම් ගත නොහැකි ආයාවන් මෙය සඳහන් කරන්නේය. කුර්ආනයෙහි පරිච්ඡේදයන් ආරම්භයේදී සඳහන්ව ඇති ‘අලිෆ්. ලාම්. මිම්. (2/1) වැනි ආයාවන් මෙය සඳහන් කරන්නේය. මිනිසුන්ගේ බැරිකම විදහා දැක්වීමටම මෙවැනි සමහර ආයාවන් අල්ලාහ් පහළ කර ඇත්තේය යයි විද්වතුන් පවසන්නාහ.

මුහම්මද් (සල්) - අල්ලාහ්ගේ අවසාන දුතයා වන නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ නාමයයි. ප‍්‍රශංසා කරනු ලැබූවා යන්න මෙහි අර්ථයයි. මෙතුමාණන් ක‍්‍රි.ව. 570 අගෝස්තු 20 වැනි දින සවුදි අරාබියාවේ ඇති මක්කාවෙහි ඉපදී, ක‍්‍රි.ව. 632 ජූනි 9 වැනි දින මදීනාවේ අභාවප‍්‍රාප්ත වූහ.

මුහාජිර් - “අත්හැර දමන්නා” යන්න මෙහි අර්ථය වේ. ඉස්ලාමීය ඉතිහාසයේ මක්කා නගරය අත්හැර මදීනාවට ගිය සරණාගතයන්ට “මුහාජිර්වරුන්” යයි කියනු ලැබේ.

මූසා (අලෛ) - (මෝසස්). අල්ලාහ්ගේ දූතයන්ගෙන් කෙනෙකු වන මොහු ඊජිප්තුවේ උපත ලැබුවේය. ක‍්‍රෑර පාලකයෙකු වන දෙවැනි රම්සේසාස් (ෆිර්අවුන්) විසින් ඇප මත වහල් සේවයේ යොදවා තිබුණු ඉස්රායීල්වරුන්ව (මූසා අලෛහිස් සලාම් තුමා) මුදා ගත්තේය. මොහුට අල්ලාහ් තව්රාත් (ටෝරා) නමැති ධර්මය පහළ කළේය.

යඅකූබ් - (ජේකොබ්) නබි ඉස්හාක් (අලෛහිස් සලාම්) තුමාගේ පුතාද, අල්ලාහ්ගේ දූතයෙකුද වන්නේය. මොහුට පිරිමි දරුවන් 12 දෙනෙකු සිටියේය. මෙම දොළොස් දෙනාගේ පැවතෙන්නන්ම ඉස්රයීල් ජනතාව (ජූස්) වන්නාහ. යඅකූබ් (අලෛහිස් සලාම්) තුමාගේ වෙනත් නාමයක් නම් ඉස්රායීල්ය. මෙබැවින් ඉස්රයීල්වරුන්ට බනූ ඉස්රයීල් - ඉස්රයීල්ගේ ජනතාව යයි කියනු ලැබේ.

යඃජූජ්, මඃජූජ් - ඊශාන දිග ආසියාවේ ජීවත් වූ සමුහයකගේ නාමයකි. මොවුන් දියුණු රටවල් කොල්ලකා ජීවත් වූහ. කළු මුහුදේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයන්හි ජීවත් වූ “සිත්තියන්” ජනතාව මොවුන් යයි සමහරෙක් කියති. මොස්කව් ඇතුළු රුසියාවේ (සමහර ප‍්‍රදේශවල) මොවුන් ජීවත් වී ඇත.

යහ්යා (අලෛ) - (යෝවාන්). නබි සකරියියා (අලෛහිස් සලාම්) තුමාගේ පුතා වන මොහු අල්ලාහ්ගේ දූතයෙකි. මොහුව ඉස්රයීල්වරුන් ඝාතනය කළහ.

යහූද් (යුදෙව්වන්) - (ජූස්). අල්ලාහ්ගේ දූතයා වන යඅකූබ් (අලෛහිස් සලාම්) තුමාට (ජේකබ්) පිරිමි දරුවන් 12 දෙනෙකු සිටියහ. මෙම දොළොස්දෙනාගෙන් පැවතෙන්නන් වන ඉස්රයීල්වරුන් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසු කොටස් දෙකකට බෙදුනාහ. ඔවුන්ගෙන් එක් සමූහයක් යුදෙව්වන් වන්නාහ. අනිත් සමුහය ක‍්‍රිස්තියානුවන් වන්නාහ.

යූසුෆ් (අලෛ) - (ජෝසෆ්). නබි යඅකූබ් (අලෛහිස් සලාම්) තුමාගේ බාල පුත‍්‍රයා වන මොහුද අල්ලාහ්ගේ දූතයෙකු වන්නේය. එතුමා ඉතාමත් රූප ලක්ෂණයෙන් පිරි අලංකාරවත් ඉතිහාසයකටද අයිතිකරුවෙකු වන්නේය. නබිවරුන්ගේ පරම්පරාවෙන් උපන් ආඩම්බරත්වයට හිමි මොහු ඊජිප්තුවේ ඇමති කෙනෙකු වශයෙන් සිටියේය.

රකඅත් - සලාතයේ එක් වරක් සිටීම, නැවීම හා සජදාවන් දෙකක් (පොලොවෙහි නළල තබා කරන පිළිවෙත) ඉටු කිරීම ආදී ක‍්‍රියාවන් අඩංගු එක් කොටසකි.

රසූල් - අල්ලාහ්ගේ දුතයා. නබි යන්නෙහි තවත් නමකි. පැවතෙන්නන්ගෙන් වැදගත් අල්ලාහ්ගේ දූතයන්ට “රසුල්වරුන්” යයි කියනු ලැබේ.

රළි - “රළියල්ලාහු අන්හූ” (දෙවියෙනි! මොවුන් සම්බන්ධයෙන් සෑහීමට පත් වනු මැනව!) යන්නෙහි කෙටි යෙදුමකි. මෙය නබි සහාබාවරුන් වෙනුවෙන් කරනු ලබන ප‍්‍රාර්ථනාවක් වන්නේය.

රහ් - “රහ්මතුල්ලාහි අලෛහි” (ඔහුට අල්ලාහ් දයාව පහළ කරනු මැනව!) යන්නෙහි කෙටි යෙදුමකි. මරණයට පත් වූ ඉස්ලාමීය ප‍්‍රභූවරුන් වෙනුවෙන් මෙසේ ප‍්‍රාර්ථනා කිරීම පුරුද්දකි.

රාෆිලාවරුන් - (රාෆිජිවරුන්). ෂියාවරුන්ගේ එක් කොටසකි. “අත්හැර දැමූවන්” යන්න මෙහි අර්ථය වේ. මොවුන් සයිද් බින් අලී (රහ්මතුල්ලාහි අලෛහි) තුමාව එක් අකරතැබ්බයකදී අත්හැර දැමූ බැවින් “රාෆිලාවරුන්” යනුවෙන් හඳුන්වනු ලැබේ.

රුක්නුල් යමානි - කඃබාවෙහි එක් කොනක තැන්පත් කර තබන ලද “හජරුල් අස්වද්” නමැති කළු ගල පිහිටා ඇති මුල්ලට “රුක්නුල් යමානි” යයි කියනු ලැබේ.

රුකූඋ- “නැවීම” යන්න මෙහි අර්ථයයි. සලාතයේදී දෑත් දණහිස් දෙක මත තබා නැවී සිටින ඉරියව්ව.

රූහ් - අත්මය, පණ. “අර්රූහ්” යන වචනයෙන්ද, “රූහුල් කුදුස්” (පරිශුද්ධ ආත්මය) යන වචනයෙන්ද ජිබ්රීල් (අලෛහිස් සලාම්) නමැති මලායිකාවරයා හඳුන්වන්නේය.

ලූහ්ර් - (මධ්‍ය සලාතය). අපර භාගයේ මුල් කොටසේ ඇති කාලයයි. මෙම කාලය තුළදී සලාත් කරනු ලබන අනිවාර්යයය වූ සලාතයට “ලූහ්ර් සලාතය” යයි කියනු ලැබේ.

ලූත් (අලෛ) - (ලොට්). අල්ලාහ්ගේ දූතයින්ගෙන් කෙනෙකි. නබි ඉබ්රාහීම් (අලෛහිස් සලාම්) තුමාගේ සහෝදරයාගේ පුතා වන ඔහු ජෝර්දානයේ ඇති “සත්තූම්” නමැති ප‍්‍රදේශයට අල්ලාහ්ගේ දූතයා වශයෙන් පත් කර තිබුණි. පිළිරූ නැමදුමද, සම ලිංගික සේවනයටද විරුද්ධව ඉතාමත් තීව‍්‍ර ප‍්‍රචාරයක් දියත් කළේය.

ලෙයිලතුල් කද්ර් - ගෞරවණීය රාත‍්‍රිය. මෙම රාත‍්‍රියේදී පළමුවෙන්ම පරිශුද්ධ වූ කුර්ආනය නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් හට පහළ කරන ලදී. රමලාන් මාසයේ අවසාන දින දහයේ ඔත්තේ දිනයන්හි ඇති එක් රාත‍්‍රියකි.

වස්ක් - කි.ග‍්‍රෑම් 191.56 සමාන බරකි.

වසීයියත් - අන්තිම කැමැත්ත, මරණ (මංචකයේදී හෝ මරණයට පෙර දෙන අන්තිම) කැමති පත‍්‍රය. කෙනෙකු තමන්ට මරණය ළඟා වන විට දේපළ උරුමය නොලැබුණු ඥතින් වෙනුවෙන් සම්පූර්ණ දේපළින් තුනෙන් එක් කොටසකට නොවැඩි “වසීයියත්” කිරීම අගනේය.

වහී - ධර්ම දැන්වීම. මලායිකාවරයා අල්ලාහ්ගේ දූතයන්ට අල්ලාහ් විසින් ලබා දෙනු ලැබූ පුවත් හා ධර්ම සන්නිවේදනයයි.

මලායිකාවරුන් - (ඒන්ජල්). මිනිස් වර්ගයා හා ජින් වර්ගයාගෙන් නොවන වෙනත් වර්ගයකි. ආලෝකයෙන් නිර්මාණය කරන ලද මොවුන් පුරුෂ පක්ෂයද නොව, ස්ත‍්‍රී පක්ෂයද නොවන්නාහ. අල්ලාහ්ගේ නියෝගයන් පූරණය කිරීමද, අල්ලාහ්ව නැමදීමද, සුවිශුද්ධ කිරීමද මොවුන්ගේ කටයුත්ත වන්නේය. මොවුන්ට අහාර, නින්ද, ඥති සබඳතාවය, විවාහ, ආශාවන්, (දුක, ශෝකය), පරම්පරාව ආදිය නොමැත.

ජම්රත් - “ජම්රත්” යන්නට “ගල් කැට” යයි අර්ථය වේ. හජ් සමයේදී “මිනා” නමැති ස්ථානයෙහි ෂෙයිතාන්වරුන්ට ගල් වලින් ගැසිය යුතු ස්ථානයයි. මිනාහි ස්ථානයන් තුනක ගල් ගැසිය යුතුය. පළමුවෙන් ගල් ගැසිය යුතු (ස්ථානයට) “ජම්රතුල් ඌලා” යයිද, දෙවෙනි වරට ගල් ගැසිය යුතු (ස්ථානයට) “ජම්රතුල් උස්තා” යයිද, අවසාන වශයෙන් ගල් ගැසිය යුතු (ස්ථානයට) “ජම්රතුල් අකබා” යයිද කියනු ලැබේ.

ජාලූත් (ජුල්යාත්) - මොහු පලස්තීනයේ ඒකාධිපතිවරයෙකු වශයෙන් සිටියේය. ඉස්රයීල්වරුන් තාලූත් රජුගේ ප‍්‍රධානත්වයෙන් ජාලූත්ගේ සේනාව පරාජය කළහ. තාලූත්ගේ සේනාවේ විශිෂ්ඨ යුද්ධ භටයා වශයෙන් සිටි නබි දාවූද් (අලෛහිස් සලාම්) තුමා ජාලූත්ව මරා දැමුවේය. තවද වැඩි විස්තර සඳහා 2/249-251 ආයාවන්ගේ විවරණය බලනු.

ජිඉර්රානා - මක්කාව අසල තායිෆ් දක්වා යන මාර්ගයේ පිහිටා ඇති ස්ථානයකි. හුනෙයින් යුද්ධයේදී ලැබුණු යුද්ධාජිද වස්තූන් මෙම ස්ථානයේදි නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් බෙදා දුන්හ. හිජ්රි 8 වැනි වසරේ දුල්කඅදා මාසයේ නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් උම්රාව සඳහා ගිය විට මෙහිදී “ඉහ්රාම්” හැඳ ගත්හ.

ජිබ්රීල් - ජිබ්රාල්, ජිබ්රායීල්, (ඒන්ජල් ගේබ්රියෙල්) අල්ලාහ් වෙතින් අල්ලාහ්ගේ දුතයන්ට පුවත් ගෙන ආ මලායිකාවරයාය. මොහු මලායිකාවරුන්ගේ ප‍්‍රධානියා වන්නේය.

ජින් - මිනිසුන්ද මලායිකාවරුන්ද නොවන වර්ගයකි. මෙම වර්ගයා ගිනි පුපුරු වලින් උත්පාදනය ලැබූවන් වන්නාහ. පියවි ඇසට නොපෙණෙන වායුවක් බවටද, මිනිසුන් ඇතුළු විවිධ ජීවින්ගේ රූපයෙන් පිළිබිඹු වන්නට දක්ෂ වන අතර, මිනිසුන්ට පෙරම මෙම වර්ගයා උත්පාදනය කරනු ලැබූහ. ජින්වරුන්ට පිරිමි, ගැහැනු, පවුල් විස්තීරණය, ධර්ම නිති රීති ආදිය ඇත. මොවුන්ටද පින්-පව් ආදියෙහි තනියෙන් ක‍්‍රියාකිරීමේ ශක්තියක් ඇත. ෂෙයිතාන්වරුන්ගේ පියා වන ඉබ්ලීස් මෙම වර්ගයෙහි උපත ලැබූවෙකු වන්නේය.

ෂහීද් - ජීවිත පූජා කළ අය. අල්ලාහ්ගේ වදන (සත්‍යය) මුදුන්පත් කිරීම සඳහා ප‍්‍රතික්ෂේපයට විරුද්ධව අල්ලාහ් වෙනුවෙන් වූ යුද්ධයෙහි ජීවිත පූජා කළ අය.

ෂෙයිතාන් - (සාතාන්) මිනිස් වර්ගයාගේ -දෑසට නොපෙනී සිටිමින්ම- මාර්ගය වැරද යවන ජින් වර්ගයාට අයත් කෙනෙකි. මොහුට ක‍්‍රිස්තියානුවන් ‘අශුද්ධ ආත්මය’ යයි හඳුන්වනු ලැබේ.

ෂුඅයිබ් (අලෛ) - නබි ඉබ්රාහීම් (අලෛහිස් සලාම්) තුමාගේ පරම්පරාවෙන් පැවතෙන අල්ලාහ්ගේ එක් දූතයෙකි. ඔහු වයඹ සවුදි අරාබියාවේ පිහිටි කඳු ප‍්‍රදේශය වන “මදියන්” දේශයට අල්ලාහ්ගේ දූතයෙකු වශයෙන් පත් කරනු ලැබීය. එක් දෙවියෙකු යන ප‍්‍රතිපත්තියද, වානිජ ඍජුභාවයද අනිවාර්යයෙන් ඉටු කළ යුතුය යයි තම ජනතාව අතරේ තීව‍්‍ර ප‍්‍රචාරයක් ඉදිරිපත් කළේය.

සකාත් - අනිවාර්යය දානමානයයි. අවුරුද්ද පුරා නියමිත ප‍්‍රමාණයක වස්තුව එක් මුස්ලිම් කෙනෙකු අත රැඳී තිබුණහොත් ඔහු එයින් සියයට දෙකහමාරක ප‍්‍රමාණයක් අනිවාර්යයෙන්ම (සකාත් හෙවත් දුප්පතුන්ගේ බද්ද වශයෙන්) ලබා දිය යුතුය. කුර්ආනයෙහි (9/60) ආයාවෙහි සඳහන්ව ඇති කොටස් අටෙන් කවුරුන්ට හෝ මෙය ලබා දිය යුතුය.

සෆා - මක්කාවෙහි කඃබාව අසල පිහිටා ඇති කුඩා කඳු ගැටයකි.

සබූර් - ඬේවිඞ්ගේ සංගීතය, ඬේවිඞ්ගේ (දෙවියන්ව ප‍්‍රශංසා කරන) ගීතයන්. නබි යඅකූබ් (අලෛහිස් සලාම්) තුමාගේ පරම්පරාවෙන් පැවතෙන අල්ලාහ්ගේ දූතයා වන දාවූද් (අලෛහිස් සලාම්) තුමාට (ඬේවිඞ් තුමාට) අල්ලාහ් විසින් පහළ කරන ලද ධර්මයයි. තව්රාත්, ඉන්ජීල්, කුර්ආන් ආදී ධර්මයන් තුනම එකතු කර “සූබූර්” යයි කියනු ලැබේ.

සම්සම් - මක්කාවෙහි ශුද්ධ වූ කඃබාව අසල පිහිටා ඇති වැදගත් ඉතිහාසගත ප‍්‍රබල ලිඳකි.

සමූද් - ක‍්‍රි.පූ. දෙදහස් (2430) වසරේදී සවුදි අරාබියාවේ ඇති “අල්හිජ්ර්” නමැති ස්ථානයෙහි ජීවත් වූ පැරණි අරාබි ගම්වාසීන්ය. මොවුන්ට ඍජු මාර්ගය පෙන්වීම සඳහා පහළ කරන ලද අල්ලාහ්ගේ දූතයා සාලිහ් (අලෛහිස් සලාම්) තුමාය.

සල් - “සල්ලල්ලාහු අලෛහි ව සල්ලම්” (අල්ලාහ්ගේ කරුණාවද, ශාන්තියද එතුමාණන් කෙරෙහි අත් වේවා !) යන්නෙහි කෙටි යෙදුම වේ. මෙය මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙනුවෙන් අල්ලාහ් වෙත ජනතාව කරන ප‍්‍රාර්ථනාව වේ. එබැවින් නබි තුමාණන්ගේ නම සමග එකතු කර මෙය සඳහන් කරන්නාහ. මෙයට “සලවාත්” යයි කියනු ලැබේ.

සනා - අල්ලාහ්ව ප‍්‍රශංසා කිරීම. සලාතයේ පළමු තක්බීර් වලට පසු එක්තරා ප‍්‍රාර්ථනාවකි.

සාඋ - මදීනාවේ පුරුද්දක්ව පැවති කි.ග‍්‍රෑ. 2.135 බරැති ප‍්‍රමාණයට මෙසේ හඳුන්වනු ලැබේ.

සාලිහ් (අලෛ) - ක‍්‍රි.පූ වසර දෙදහසේදී (2430) සවුදි අරාබියාවේ ඇති “අල්-හිජ්ර්” නමැති ස්ථානයේ ජීවත් වූ අල්ලාහ්ගේ දූතයෙකි. ආඩම්බර ජීවිතයේ ගැලී, පිළිරූ නැමදීමේ යට වී ජීවත් වෙමින් සිටි “සමූද්” ජනතාව නිවැරදි කර ඍජු මාර්ගයට ගැනීමට ඉතාමත් වෙහෙස මහන්සි දැරුවේය.

හද්දීම් - “කැඞී බිඳ වැටුනි” යන්න අර්ථය වේ. ශුද්ධ වූ කඃබාව සමීපව දුන්නක හැඩයට පිහිටා ඇති රවුම් කාලක හැඩයේ බිත්තිය මෙයින් සඳහන් වන්නේය. මෙයට “හිජ්ර්” යයිද කියනු ලැබේ.

හදීස් - නබි වදන, (නබි සම්ප‍්‍රදාය). නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ වචන, ක‍්‍රියාව, අනුමත කිරීම් වන්නේය. හදීස් මුර්සල්- නබි වදනක් දන්වන “තාබිඋ” කෙනෙකු, තමන්ට එම නබි වදන දැනුම් දුන් නබි සහාබාවරයාගේ නාමය සඳහන් නොකර, කෙලින්ම නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙතින් දැනුම් දෙන හදීසයටම “මුර්සල්” යයි කියනු ලැබේ. “අතරමගදී අත්හැරුණු” යන්න මෙහි අර්ථය වේ.

හදීස් මර්ෆුඋ - නබි වදනක දැනුම් දෙන්නා සම්බන්ධයෙන් ගොස් අවසන් වුවහොත් එයට “මර්ෆුඋ” යයි කියනු ලැබේ. “ඉහළට ඔසවනු ලැබීය” යන්න මෙහි අර්ථයයි. එය නබි (සල්ලල්ලාහු ‍අලෛහිව සල්ලම්) තුමාණන්ගේ වචන, නැතහොත් ක‍්‍රියාවන්, නැතහොත් එකඟ වන ආකාරයට තිබීම.

හදීස් මව්කූෆ් - එක නබි වදනක දැනුම් දෙන්නා සම්බන්ධයෙන් නබි සහාබාවරයා තෙක් ගොස් සේන්දු වුවහොත් එයට “මව්කූෆ්” යයි කියනු ලැබේ. “නවත් වනු ලැබීය” යන්න මෙහි අර්ථයයි. එම පුවත නබි සහාබාවරුන්ගේ වචන, නැතහොත් ක‍්‍රියාවක් වශයෙන් අදහස් කරනු ලබනවා මිස, නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ වචන, නැතහොත් ක‍්‍රියාවන් යයි අදහස් කරන්නේ නැත.

හදීස් මක්තූඋ - එක පුවතක් දැනුම් දෙන්නා සම්බන්ධයෙන් “තාබිඋ” දක්වා ගොස් සේන්දු වන්නේය. එයට වඩා නබි සහාබාවරුන් සමග හෝ, නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් සමග හෝ එයට සම්බන්ධයක් තිබෙන්නට ඉඩ නැත. එබැවින්, එය එම තාබිඋගේ වචන, නැතහොත් ක‍්‍රියාවන් වශයෙන්ම අදහස් කරනු ලැබේ. “වෙන් කරනු ලැබීය” යන්න මෙහි අර්ථය වේ.

හදීස් මුතවාත්තිර් - එක් හදීසයක දැනුම් දෙන්නා සම්බන්ධයෙන් සෑම තත්වයන්හිදීම විශ්වාසභාවයද මතක තබා ගැනීමේ ශක්තිය අධික වශයෙන් ඇති බොහෝ දෙනෙකු දැනුම් දි ඇති නබි වදන් වන්නේය.

හදීස් සහීහ් - සාධකයන්ගෙන් පිරිණු නබි වදන් ස්ථීර වූ මතක තබා ගැනීමේ ශක්තියද, විශ්වාසවන්ත භාවයද අධික වශයෙන් ඇති දැනුම් දෙන්නන් විසින් දැනුම් දී ඇති හදීස්.

හදීස් හසන් - සුනනුත් තිර්මිදි නමැති නබි වදන් එකතු කර ලිවීමේ ක‍්‍රමයට අනුව අංගයන් තුනකින් සමන්විත හදීස් දැනුම් දිමටම “හසන්” යයි කියනු ලැබේ. අලංකාරවත්, හොඳ යන්න මෙහි අර්ථයන් වේ. (1) එම හදීසයන්ගේ දැනුම් දෙන්නන් “බොරුකාරයන්” යන චෝදනාවට ලක් වී සිටින්නේ නැත. (2) “ෂාත්” වර්ගයට අයත් හදීසයන් වශයෙන් ඒවා නොතිබෙණු ඇත. එනම් එක් දැනුම් දෙන්නෙකුගෙන් බොහෝ දෙනෙකු එම හදීසය අසා තිබියදී ඔවුන්ගෙන් කෙනෙකු පමණක් අන් අය දැනුම් දීමට වෙනස් වූ ආකාරයකට දැනුම් දුන්නහොත්, එම දැනුම් දීමම “ෂාත්” (පදුමාකාර, නැතහොත් අඩුපාඩුවෙන් යුතු) යයි හඳුන්වනු ලැබේ. (3) මෙවැනි දැනුම් දීම් වෙනත් විශ්වාස කළ හැකි දැනුම් දෙන්නන් විසින්ද දැනුම් දෙනු ලැබ ඇත.

හදීස් හසන් සහීහ් - එක් නබි වදනක් දැනුම් දෙන්නන් දෙදෙනෙකුගේ දැනුම් දීම්වල පැමිණ ඇත. එකක් “සහීහ්” යන තත්වයෙහිද, තවත් එකක් “හසන්” යන තත්වයෙහිද තිබෙන්නට ඇත. මෙම තත්වයන් දෙකම මුසු වූ හදීසයන්ටම “හසන් සහීහ්” යයි කියනු ලැබේ.

හසන් කඃරීබ් - නබි වදනක දැනුම් දෙන්නා සම්බන්ධයෙන් නබි සහාබාවරුන්ගේ මට්ටමෙහි, නැත්නම් තාබිඋවරුන්ගේ මටිටමෙහි බොහොමයක් දෙනෙකු සඳහන් නොකර කෙනෙකුගෙන් පමණක් සඳහන් කරනු ලැබ ඇති හදීසයන්ටම “කඃරීබ්” යයි කියනු ලැබේ. “විනෝදාත්ම, නොහඳුනන” යන්න මෙහි අර්ථයන් වේ.

හදීස් සහීහ් කඃරීබ් - නබි වදනක සඳහන්ව ඇති පුවත ස්ථීර වශයෙන් තිබෙණු ඇත. එබැවින් “සහීහ්” යයි කියනු ලැබේ. එසේම දැනුම් දෙන්නා සම්බන්ධයෙන් බැලූවහොත් “එක් මාර්ගයකි” යයි කියනු ලබන බැවින් “කඃරීබ්” යයි කියනු ලැබේ. මේ අනුව සහීහ්ද, කඃරීබ්ද එකට එකතු වන්නේය. එසේය “හසන් කඃරීබ්” වර්ගයේ හදීස් ඇති වන්නේ.

හදීස් හසන් සහීහ් කඃරීබ් - නබි වදනක පවසනු ලබන පුවත එක් මාර්ගයකින් හසන් වශයෙන්ද, වෙනත් මාර්ගයකින් සහීහ් වශයෙන්ද තිබෙණු ඇත. එබැවින් එම පුවත සාධකයන්ගෙන් පිරී පවතී. නමුත් තිර්මිදි (හදීස්) එකතු කර ලියන මහ ඇදුරු තුමා තමන්ගේ පුස්තකයෙහි සඳහන් කර තිබෙන දැනුම් දෙන්නා සම්බන්ධයෙන් “එක් මාර්ගයක” එකක් යයි පවසන බැවින් ‘කඃරිබ්’ යයිද පැවසිය හැකිය.

හරම් - (අ) ආරක්ෂාව ලබා දෙන ශුද්ධ වූ භූමිය, ශුද්ධ වූ මක්කාවද, ශුද්ධ වූ මදීනාවද, ආරක්ෂාව ලබා දෙන ශුද්ධ භූමියන් වශයෙන්ද දැනුම් දෙනු ලැබ ඇත. මෙහි යුද්ධ නොකළ යුතුය. කිසිම ජීවියෙකුටවත් සුළුවෙන් හෝ අවහිරතාවයක් ඇති නොකළ යුතුය.

හරම් - (ආ) මස්ජිදුල් හරාම්. ශුද්ධ වූ මක්කාවේ ඇති අල්ලාහ්ගේ නිවස වන ශුද්ධ කඃබාව වටා ඇති නැමදුම්පළයි. මෙය ජනතාව කතාබහ කිරිමේ පුරුද්ධට අනුව “හරම්” යයි කයනු ලැබේ.

හරාම් - (අ) ශුද්ධ වු කුර්ආනය මගින්ද, නබි (සල්) තුමාණන් විසින්ද නිත්‍යානුකූලව තහනම් කරනු ලැබ ඇත. නිත්‍යානුකූලව අනුමැතිය දී ඇති දැයට “හලාල්” යයි කියනු ලැබේ.

හරාම් - (ආ) ශුද්ධ වූ දැය. ගෞරව කළ යුතු දැය. මුහර්රම් මාසයට “අස්සහ්රුල් හරාම්” (ශුද්ධ වූ මාසය) යයිද, මක්කා නගරයට “අල්- බලදුල් හරාම්” (ශුද්ධ නගරය) යයිද, කඃබාව ඇතුළු නැමදුම්පළට “අල්-මස්ජිදුල් හරාම්” (ශුද්ධ නැමදුම්පළ) යයිද කියනු ලැබේ.

හලාල් - අනුමැතිය දෙනු ලැබීය යයි අර්ථය වේ. ශුද්ධ වූ හජ් වන්දනාවේදී ඉහ්රාමයෙන් මිදී සමාන්‍ය තත්වයට ආපසු පැමිණීමටද “හලාල්” නමැති වචනය මුල් වී ඇත. බලනු හරාම්.

හව්වා - ඒවා. ආදි මිනිසා වන ආදම් (අලෛහිස් සලාම් ) තුමාගේ සහකාරියයි.

හජ් - මක්කාවෙහි ඇති ලොවෙහි පළමු නැමදුම්පළ වන ශුද්ධ වූ කඃබාව දර්ශණය කර, ඉටු කළ යුතු වත් පිළිවෙතකි. මෙය ඉස්ලාමයේ මූලික අනිවාර්යය යුතුකම් වලින් එකකි.

හජරුල් අස්වද් - කඃබාවෙහි එක් මුල්ලක පතිත කර ඇති කළු පැහැති ගලකි. හජ් වන්දනාවේදී මෙය සිප ගැනීම නබි මාර්ගය වේ. මෙම ගලෙහි එක් කොණකට රුක්නුල් යමානි යයි කියනු ලැබේ. මෙම ගලට දේව බලයක් (අංගයක්) කිසිත් නැත.

හාරූත්-මාරූත් - නබි සුලෙයිමාන් (අලෛහිස් සලාම්) තුමාගේ සමයේදී ජනතාවට සූණියම උගන්වා දුන් සූණියම්කරුවන්. මොවුන් මලායිකාවරුන් යයිද සමහරෙක් කියනු ලැබේ. නමුත් මෙය නිවැරදි අදහසක් නොව. බලනන්න 2/103 ආයාවේ විවරණය. හාරූන් (අලෛහිස් සලාම්)-ආරොන්. නබි මූසා (අලෛහිස් සලාම්) තුමාගේ සහෝදරයාය. ඊජිප්තුවේ ඒකාධිපතිවරයා වන දෙවැනි රම්සේස් (ෆිර්අවුන්)ට විරුද්ධව සටන් කිරිමේදී මුසා (අලෛහිස් සලාමි) තුමාට ඉතාමත් හොඳ සහායයෙකු වශයෙන් සිටියේය.

හාජර් - නබි ඉබ්රාහීම් (අලෛහිස් සලාම්) තුමාගේ දෙවැනි සහකාරියයි. අල්ලාහ්ගේ දූතයා වන ඉස්මායීල් (අලෛහිස් සලාම්) තුමාගේ මවයි.

හිරා - මක්කාව අසල ඇති “ජබලන් නූර්” නමැති කන්ද. මෙහි ඇති එක් ගුහාවක නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් රැඳී සිටි සමයේදී කුර්ආනයේ පළමුවැනි ශුද්ධ වූ ආයාව එතුමාණන් හට පහළ විය.

හිජ්රත් - රට ගම අත්හැර යාම. කෙනෙකු අල්ලාහ්ගේ ධර්මය අනුගමනය කිරීමට බාධක පැමිණෙන විට තමන් වාසය කරන ස්ථානය අත්හැර දමා වෙනත් ස්ථානයකට යාම. මෙසේ නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් කි‍්‍ර.ව. 622 දී මක්කාව අත්හැර දමා මදීනාවට යාමේ සිද්ධිය ඉස්ලාමීය ක‍්‍රමයට අනුව “හිජ්රත්” යයි කියනු ලැබේ. නබි සහාබාවරුන් පළමු වරට ඇබිසීනියා දේශයට කළ හිජ්රත් ගමනට “හිජ්රතුල් ඌලා” (පළමු හිජ්රත්’) යයිද මක්කාවේ සිට මදීනාවට නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ද, නබි සහාබාවරුන්ද සිදු කළ හිජ්රත් ගමනට “හිජ්රතුල් සානීයියා” (දෙවැනි හිජ්රත්) නැතහොත් “හිජ්රතුල් නබී” යයිද හඳුන්වනු ලැබේ.

හිජ්රි - (ඉස්ලාමීය වසර). හිජ්රත් සිද්ධිය මුල් කොටගෙන “හිජ්රී” නමැති ඉස්ලාමීය වසර ආරම්භ වන්නේය. ඉස්ලාමීය වසරේ මාසයන් මෙසේය: 1. මුහර්රම්. 2. සෆර් 3. රබීඋල් අව්වල් 4.රබීඋල් ආකිර් 5. ජුමාදල් ඌලා 6. ජුමාදල් ආකිර් 7. රජබ්. 8. ෂඅබාන් 9. රමලාන්. 10. ෂව්වාල්. 11. දුල්කඅදා. 12. දුල්හජ්.

හිජාස් - සවුදි අරාබියාවේ රතු මුහුදට ආසන්නයේ උතුරු දිගින් අකබා අර්ධද්වීපයේ සිට දකුණු දිගින් “අසීර්” දක්වා විස්තීරණය වී ඇති ප‍්‍රදේශයයි. මෙම භූමි ප‍්‍රදේශයේ මක්කාව, තායිෆ්, තබූක් ආදී නගරයන් පිහිටා ඇත. ශුද්ධ වූ මක්කාව මෙහි අගනුවර වශයෙන් පත් වී තිබුණි.

හුදෙයිබියා (හුදෙයිබියියා) - මෙය මක්කාවේ සිට ඉතාමත් ටික දුරකින් පිහිටා ඇති එක් මිටියාවතක් වන්නේය. හිජ්රි 6 (කි.ව. 627) වසරේදී නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ද, මක්කාවාසීන්ද කර ගත් ඉතිහාස ගත ගිවිසුම “හුදෙබියා ගිවිසුම” වන්නේය. මෙයට “හුදෙයිබියියා ගිවිසුම” යයිද කියනු ලැබේ.

හුනෙයින් - මක්කාවටද, තායිෆ්ටද අතරේ “අරෆා” විවෘත පිටිය දිසාවේ සැතපුම් 18 කට වැඩි දුරක් ඇති එක් මිටියාවතක නාමයයි. හිජ්රී 8 වැනි වසරේ (ක‍්‍රි.ව. 630) ෂව්වාල් මාසයේ “හවාසින්” නමැති අරාබි ගෝත‍්‍රයින්ටද, මුස්ලීම්වරුන්ටද අතරේ සිදු වූ යුද්ධයට “හුනෙයින් යුද්ධය” යයි කියනු ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=කුර්ආන්&oldid=250005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි