කිලෙයාස්

විකිපීඩියා වෙතින්

රෝමානු ඉතිහාසයෙහි, කිලෙයාස් (ග්‍රීක: Κινέας) යනු තෙසලි ප්‍රදේශයේ අමාත්‍යවරයෙක් වූ අතර එපීරුස් හී පිරොස් රජුගේ මිත්‍රයෙක් විය.

රෝමය සමග යුද්ධයෙහිදී, හේරාක්ලියා සටනෙහිදී ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව, පිරොස් විසින් කිලෙයාස් රෝමයට යැවුණේ සාමය සඳහා අයැදුම් කිරීමටය. ඔහු අන්ධ බවට පත්වීමෙන් පසුව අපියුස් ක්ලවුඩියුස් කයිකුස් විසින් ක්‍රිපූ 280 දී කිලෙයාස් ට එරෙහිව කරන ලද පසිඳු කථාවෙහි අන්තර්ගතය තුල රෝමය කිසිදිනෙක යටත් නොවන බවට කල ප්‍රකාශ කල නිසාවෙන්ම රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් සටන් නැවැත්වීමට එකඟ නොවීය. ලතින් භාෂාවෙන් කරන ලද පළමු ලේඛනගත දේශපාලන කථාව මෙය වන අතර, "සෑම මිනිසෙකුම තම දෛවයෙහි නිර්මාතෘ වෙයි" (ලතින්: ක්විස්කෙ ෆෑබේර් සුවෙ ෆෝර්ටූනා) යන කියමනෙහි මූලාශ්‍රය මෙය විය. [1]

කිලෙයාස් කෙසේවෙතත් පිරොස් හට පැවසුවේ, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සමන්විත වූයේ ගෞරවාන්විත රජුන් වෙතින් බවත් ඔවුන් සමග සටන් කිරීම හයිඩ්‍රාවකුට එරෙහිව සටන් වැදීම වැනි බවත්ය.

කිලෙයාස් මහත් මතක ශක්තියක් ඇති පුද්ගලයෙකුද විය. රෝමයට පැමිණ එක් දිනකට පසුව, එක් එක් සෙනෙට් මන්ත්‍රීවරයා සහ එක් එක් මුරකරුවා නමින් ආමන්ත්‍රණය කොට කතා කිරීමට ඔහුට හැකි විය.

මෙයද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිලෙයාස්&oldid=368879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි