සාමය සඳහා අයැදුම් කිරීම

විකිපීඩියා වෙතින්

යුද්ධයෙහි නියැලෙන ජාතියක් විසින් සාමා ක්‍රියාදාමයක් ඇරඹීම සඳහා ගනු ලැබිය හැකි පියවර අතුරින් එකක් සාමය සඳහා අයැදුම් කිරීම ලෙසින් හැඳින්වෙයි. ජයග්‍රහණය ලබන ජාතියට වාසිදායක වන්නාවූ සාමය සඳහා අයැදුම් කිරීම උදෙසා පරාජය වන්නාවූ පාර්ශවය විසින් සාමාන්‍ය වශයෙන් ආරම්භය සපයන්නේ, සම්පූර්ණ හෝ කොන්දේසි විරහිත හෝ යටත්වීම මත යුද්ධයක් කෙළවර කිරීම වෙනුවෙන් ඉතා අධික මිලක් වැය කල යුතු වන්නාවූ හෙයින් කොන්දේසි විරහිත යටත්වීම වළක්වා ගැනීම උදෙසාය.

අමතර ගැටුම්කාරී තත්ත්වය විජයග්‍රාහී පාර්ශවයෙහි සංජානනය පරිදී ඔවුනට ප්‍රතිඵලදායක නොවන අවස්ථාවන් වැනි විවිධ හේතු නිසා යුද්ධය නිමා කිරීමට අවශ්‍ය වූ විට සාමය සඳහා අයැදුම් කිරීම සමහරවිට විජයග්‍රාහී පාර්ශවය විසින්ම අරඹනු ලබයි. මෙම අවස්ථාවෙහිදී, ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබිය හැකි අතර, ඒ වෙනුවට ජාතීන් දෙක විසින් "ශ්වෙත සාමයක්" හෝ යුද්ධයට පෙර පැවති තත්ත්වය වෙත එකඟ විය හැක.

මෙයද බලන්න[සංස්කරණය]