ඕපන්ඔෆිස්

විකිපීඩියා වෙතින්
OpenOffice.org
සංවර්ධක(යෝ)Oracle Corporation
ප්‍රථම නිකුතුවඅප්‍රේල් 30, 2002 (2002-04-30)
ක්‍රමලේඛන භාෂා(ව)C++, Java
මෙහෙයුම් පද්ධතියමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
මැක් ඕඑස් එක්ස්
ලිනක්ස්
BSD
යුනික්ස්
පරිගණක වේදිකාවCross-platform
ලබාගත හැකි භාෂා ගණනOver 110 languages
වර්ගයOffice suite
බලපත්‍රයGNU Lesser General Public License v3 (OpenOffice.org 2 Beta 2 and earlier are dual-licensed under the SISSL and LGPL)
වෙබ් අඩවියopenoffice.org

OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඉදිරිපත් කළ මයික්‍රොසොෆ්ට් ඔෆිස්, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන් ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.

මෙම OpenOffice.org මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා OpenOffice.org Writer යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා OpenOffice.org Calc යන මෘදුකාංගය ද, Presentation සඳහා OpenOffice.org Impress යන මෘදුකාංගයද දත්ත ගොනු සඳහා OpenOffice.org Base යන මෘදුකාංගය ද ඇත.

ඉතිහාසය[සංස්කරණය]

OpenOffice.org අනුවාදයන්
අනුවාදය එළිදැකුම් දිනය විස්තරය
Build 638c ඔක්තෝබර් 2001 පළමු සන්ධිස්ථාන එළිදැකුම
1.0 මැයි1, 2002
1.0.3.1 මැයි 2, 2003 වින්ඩෝස් 95 සඳහා නිර්දේශ කෙරිණි
1.1 සැප්තැම්බර් 2, 2003
1.1.1 මාර්තු 30, 2004 දිඕපන්සීඩී සමග සංධානගත කෙරිණි
1.1.2 ජූනි 2004
1.1.3 ඔක්තෝබර් 4, 2004
1.1.4 දෙසැම්බර් 22, 2004
1.1.5 සැප්තැම්බර් 14, 2005 1.x නිෂ්පාදන පෙළ සඳහා අවසන් එළිදැකුම

වින්ඩෝස් 95 සඳහා අවසන් අනුවාදය OpenOffice.org 2 ගොනු සංස්කරණය කල හැකියි

1.1.5secpatch ජූලි 4, 2006 ආරක්ෂණ උබනාහය (සාර්වයන්)
2.0 ඔක්තෝබර 20, 2005 සන්ධිස්ථානය, ප්‍රධාන ඉවැඩිකිරීම් සමගින්
2.0.1 දෙසැම්බර 21, 2005
2.0.2 මාර්තු 8, 2006
2.0.3 ජූනි 29, 2006
2.0.4 ඔක්තෝබර 13, 2006
2.1.0 දෙසැම්බර 12, 2006
2.2.0 මාර්තු 28, 2007 ආරක්ෂණ යාවත්කාලයක් එක්කෙරිණි;
ෆොන්ට් කර්නිං යළි-එක්කෙරිණි[1]
2.2.1 ජූනි 12, 2007
2.3.0 සැප්තැම්බර 17, 2007 සටහන් උපයෝජන සංරචකය යාවත්කාල කෙරිණි
2.3.1 දෙසැම්බර 4, 2007 ස්ථායිතා හා ආරක්ෂණ යාවත්කාලය
2.4.0 මාර්තු 27, 2008 දෝෂ සැකසුම් හා නව විශේෂාංගයන්
2.4.1 ජූනි 10, 2008 ආරක්ෂණ පිළිසකර, සුළු ඉවැඩි කිරීම්, සහ දෝෂ පිළිසකරයන්
2.4.2 ඔක්තෝබර 29, 2008 ආරක්ෂණ පිළිසකර, සුළු ඉවැඩි කිරීම්, සහ දෝෂ පිළිසකරයන්
2.4.3 සැප්තැම්බර 1, 2009 දෝෂ පිළිසකරයන් හා සුළු ඉවැඩි කිරීම්[2]
3.0.0 ඔක්තෝබර 13, 2008 සන්ධිස්ථානය, ප්‍රධාන ඉවැඩි කිරීම් සමගින්
3.0.1 ජනවාරි 27, 2009 දෝෂ පිළිසකරයන්
3.1.0 මැයි 7, 2009 Overlining and transparent dragging available
3.1.1 අගෝස්තු 31, 2009 ආරක්ෂණ පිළිසකර, ‍‍‍ ‍‍දෝෂ පිළිසකරයන්
3.2 උප‍ලේඛනය:[3] නොවැම්බර, 2009
3.3 උප‍ලේඛනය:[4] මැයි, 2010


මෙය මුලින් ජර්මන් ආයතනයක් වූ StarDivision විසින් නිමිකාර මෘදුකාංගයක් ලෙස නිර්මාණය කරන ලදුව පසුව 1999 දී Sun Microsystems ආයතනය විසින් එහි ප්‍රභව කේතය (Source Code) මිලයට ගන්නා ලදී. එහි 5.2 වන සංස්කරණයෙහි ප්‍රභව කේතය ලොවට නොමිලේ ම ලබා ගත හැකි විය. 2000 වසරෙහි ජූලි 19 දින Sun Microsystems ආයතනය මෙම ප්‍රභව කේතය නොමිලේ ලොවට ඉදිරිපත් කළ අතර එම වසරේම ඔක්තෝබර් 13 වන දින OpenOffice නම් අළුත් ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ඇරඹිණ.


2003 වසර මුල දී දෙවන සංස්කරණයේ වැඩ ඇරඹුණු අතර එහි බීටා සංස්කරණය (Beta Version), MicroSoft Office සමඟ වඩා හොඳ අන්තර්ප්‍රතිග්‍රහණයක් (interoperability) හා වැඩි පහසුකම් සහිතව වැඩි දියුණු කරන ලද වේගයකින් හා අඩු මතක භාවිත (Low Memory Usage) ද ඇතිව 2005 මාර්තු 4 වන දින ඉදිරිපත් වූ අතර එහි නිල සංස්කරණය වශයෙන් එම වසරේ ම ඔක්තෝබර් 20 දින නිකුත් කරන ලදී. ඊට සති අටකට පසු කුඩා දෝෂ නිවැරදි කරන ලද 2.0.1 සංස්කරණය නව පහසුකම් ද සහිතව නිකුත් කරන ලදී.


2.0.3 සංස්කරණය සමඟ ම එහි දෝෂ මඟ හැර නව පහසුකම් සහිතව සංස්කරණයක් ඒළි දැක්වීමේ කාලය මාස දහ අටේ සිට මාස 3කට අඩු විය. 2008 ඔක්තෝබර් මස VBA Macros වැනි නව පහසුකම් සහිත 3.0 සංස්කරණය ලොවට නිකුත් විය.

ලක්ෂණ[සංස්කරණය]

Open Office.org හි අරමුණ Microsoft Office හි වැඩ කරන විට ඇතිවන හැඟීම දෙන්නටයි. දැනටමත් Microsoft Office හි හා වෙනත් මෘදුකාංග බොහොමයක ඇති ඇති File Formats ගණනාවක් කියන්නටත් ලියන්නටත් Open Office.org වලට හැකියාවක් ඇත. Microsoft Office හි පැරණි සංස්කරණවලට අයත් ගොනු විවෘත කරන්නටත් එහි නව සංස්කරණවලට විවෘත කිරීමට නොහැකි පළුදු වූ ගොනු විවෘත කරන්නටත් Open Office.org වලට හැකි ය.

ගැලපෙන මෙහෙයුම් පද්ධති[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Espiner, Tom (2007-04-04). "New OpenOffice version includes security upgrades". CNET. http://news.com.com/New+OpenOffice+version+includes+security+upgrade/2100-7344_3-6173145.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-08-10. 
  2. "OpenOffice.org 2.4.3 (build OOH680_m21) - Release Notes". development. OpenOffice.org. 2009-09-08. සම්ප්‍රවේශය 2009-09-27.
  3. "OpenOffice 3.2 developer page".
  4. "OpenOffice 3.3 developer page".

වැඩිහමනත් කියවීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඕපන්ඔෆිස්&oldid=349911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි