මැක් ඕඑස් එක්ස්
![]() | |
Mac OS X desktop Screenshot of මැක් ඕඑස් ටෙන් v10.6 "හිම කොටියා" | |
සමාගම / විකාශකයා | ඇපල් සංස්ථාව |
---|---|
වැඩසටහන් කරන ලද්දේ | C, C++, Objective-C |
මෙ.ප පෙළපත | Mac OS, Unix |
වැඩකරන තත්ත්වය | Current |
මූලාශ්‍ර ආකෘතිය | Closed source (with open source components) |
ප්‍රථම නිකුතුව | මාර්තු 24, 2001 |
නවතම ස්ථාවර නිකුතුව | 10.6.7 / මාර්තු 21, 2011 |
නවතම පෙරදසුන | 10.7 Developer Preview 2 Update / අප්‍රේල් 15, 2011 |
අලෙවිකරණ ඉලක්කය | Personal computing |
ලැබිය හැකි භාෂා | Multi-lingual |
යාවත්කාලීන ක්‍රමය | Apple Software Update |
කරළි | |
කර්නල් වර්ගය | Hybrid based on the Mach microkernel |
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | Graphical (Aqua) |
බලපත්‍රය | Proprietary EULA |
පූර්වගමනය කරන ලද්දේ | Mac OS 9 |
නිල වෙබ් අඩවිය | Official website |
මැක් ඕඑස් ටෙන් යනු ඇපල් සමාගම මගින් ගොඩනංවා, වෙළඳ පොළට ඉදිරිපත්කර විකිණීම සිදු කරන ලියාපදිංචි වෙළඳ නාමයක් යටතේ විකුණනු ලබන චිත්‍රක මෙහෙයුම් පද්ධතියකි. එහි නවතම සංස්කරණය දැනට නැව්ගත කර ඇත. සියලු මැකින්ටෝෂ් පරිගණකවල අන්තර්ගත කර ඇත. මැක් OS X , 1984 සිට ඇපල්හි මූලික මෙහෙයුම් පද්ධතිය වූ මැක් OS ට වූ අනුප්‍රාප්තිකය විය. එහි පූර්ව ගාමිකයා මෙන් නොව මැක් OS X යුනික්ස් මෙහෙයුම් පද්ධතියක් වන අතර 1980 සිට 1977 දී ඇපල් සමාගම විසින් එම සමාගමත් මිළ දී ගන්නා තෙක් නෙක්ස්ට් (NeXT) සමාගම මගින් දියුණු කරන ලද තාක්ෂණයක් මත ගොඩනගා ඇත. 1999 දී මෙහෙයුම් පද්ධතිය මූලින්ම මැක් Mac OS X සර්වර් 1.0 ලෙස නිකුත් විය. 2001 මාර්තු මස වැඩතල දෙසට හැඩගැසුණු (මැක් Mac OS X v10.0) සංස්කරණයක් ද නිකුත් විය. එතැන් සිට මැක් OS X හි වඩා වෙනස් “පරිශීලක” හා “සේවාදායක” මෙහෙයුම් පද්ධති සංස්කරණ පහක් නිකුත් වී ඇත. මෙයින් වඩාත්ම මෑතක දී නිකුත් වූයේ මැක් (Mac) OS X v10.5ය. ඒ 2007 ඔක්තෝබර් මාසයේ දීය. මැක් OS X නිකුත්වීම නම් තබා ඇත්තේ බළල් පවුලේ විශාල සාමාජිකයන්ගේ නම්වලිනි. මැක් OS X v10.5 ඇපල් හා එහි පරිශීලකයන් විසින් හඳුන්වනු ලබන්නේ “දිවියා” ලෙසය. සත්කාරක සංස්කරණයවන මැක් OS X සර්වර් (Server) සැලසුමෙන් වැඩතල සංස්කරණයට සමාන වන නමුත් සාමාන්‍යයෙන් ධාවනය වන්නේ ඇපල්හි මැකින්ටෝෂ් සත්කාරක දෘඩාංග මතයි. මැක් OS X සර්වර් හි ක්‍රියාකාරී පරිගණක සමූහ කළමණාකරණය හා පරිපාලනයට මෘදුකාංග මෙවලම් අන්තර්ගත වේ. එම මෙවලම්, ලියුම් හුවමාරු නියෝජිතයේ , සැම්බා සත්කාරක , LDAP සත්කාරක , වසම් නාම සත්කාරක හා අනෙකුත් වැදගත් ජාල සේවාවලට පහසු ප්‍රවේශ සලසයි.