ඕටොනොවී (චන්ද්‍රයා)

විකිපීඩියා වෙතින්

ජුපිටර් XXVIII ලෙසින්ද හැඳින්වෙන, ඕටොනොවී, යනු බ්‍රහස්පතිගේ ස්වභාවික චන්ද්‍රිකාවකි. 2001 දී ස්කොට් එස්. ෂෙපර්ඩ්ගේ නායකත්වය දැරූ, හවායි විශ්වවිද්‍යාලයීය තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයා ගත් එයට, S/2001 J 1 යන තාවකාලික නිල නාමය ලබා දෙන ලදි. [1][2][3]

කිලෝමීටර 4 ක පමණ විෂ්කම්භයක් සහිත ඕටොනොවී චන්ද්‍රයා, එහි ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතීට කිලෝමීටර මිලියන 24.264 පමණ සාමාන්‍ය දුරකින්, දින 772.168 ක කාලයක් ගනිමින් එය වටා පරිභ්‍රමණය වෙයි. . එය පරිභ්‍රමණය වන්නේ කක්ෂතලයට 151° ක (බ්‍රහස්පතිගේ සමකයට 150° ක) ආනතියක් සහිතව, ප්‍රතිගාමී දිශාවට සහ 0.369 ප්‍රමාණයක උත්කේන්ද්‍රියතාවයක් සහිතවය.

අක්‍රමවත් ලෙසින් හා ප්‍රතිගාමී චලිතයෙහි යෙදෙමින්, 22.8 සහ 24.1 ගිමී අතර පරාසයක දුරක් බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ සිට තබමින් සහ, 144.5° සහ 158.3° අතර වන පරාසයක ආනතීන් දරමින් එය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රයින් අඩංගු පැසිෆේ කාණ්ඩයට මෙම චන්ද්‍රයා අයත් වෙයි.

සියුස්ගේ (බ්‍රහස්පතිගේ) අභිභවනයක්ද,[4] සහ සමහරක් කතුවරයන් පරිදී කැරිටීස් (ග්‍රාසියස්) ගේ මවද වන,[5] ග්‍රීක පුරාකථාමය චරිතයක් වන ඕටොනොවී අනුව යමින් 2003 අගෝස්තු මසදී ඕටොනොවී නම් කෙරිණි.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඕටොනොවී_(චන්ද්‍රයා)&oldid=591597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි