මෙගක්ලයිටී (චන්ද්‍රයා)

විකිපීඩියා වෙතින්

ජුපිටර් XIX ලෙසින්ද හැඳින්වෙන, මෙගක්ලයිටී යනු, බ්‍රහස්පති ග්‍රහයාගේ ස්වභාවික චන්ද්‍රිකාවකි. 2000 දී ස්කොට් එස්. ෂෙපර්ඩ්ගේ නායකත්වය දැරූ, හවායි විශ්වවිද්‍යාලයීය තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයා ගත් එයට, S/2000 J 8 යන තාවකාලික නිල නාමය ලබා දෙන ලදි.[1][2][3]

කිලෝමීටර 5.4 ක පමණ විෂ්කම්භයක් සහිත මෙගක්ලයිටී චන්ද්‍රයා, එහි ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතීට කිලෝමීටර මිලියන 24.687 පමණ සාමාන්‍ය දුරකින්, දින 792.437 ක කාලයක් ගනිමින් එය වටා පරිභ්‍රමණය වන්නේ, කක්ෂතලයට 150° ක (බ්‍රහස්පතිගේ සමකයට 148° ක) ආනතියක් සහිතව, ප්‍රතිගාමී දිශාවට සහ 0.308 ප්‍රමාණයක උත්කේන්ද්‍රියතාවයක් සහිතවය.

සියුස්ට (බ්‍රහස්පතීට) දාව තේබී සහ ලෝක්‍රස් (කෙසේවුවත් අනෙකුත් කතුවරුන් විසින් මෙම දෙදෙනාට වෙනත් මවක් නම් කෙරෙයි) බිහි කල මෙගක්ලයිටී අනුව යමින්, 2002 ඔක්තෝම්බරයෙහිදී එය නම් කෙරිණි. [4][5]

අක්‍රමවත් ලෙසින් හා ප්‍රතිගාමී චලිතයෙහි යෙදෙමින්, 22.8 සහ 24.1 ගිමී අතර පරාසයක දුරක් බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ සිට තබමින් සහ, 144.5° සහ 158.3° අතර වන පරාසයක ආනතීන් දරමින් එය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රයින් අඩංගු පැසිෆේ කාණ්ඩයට මෙම චන්ද්‍රයා අයත් වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. IAUC 7555: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2001 ජනවාරි 5 (සොයාගැනීම)
  2. MPEC 2001-A29: S/2000 J 7, S/2000 J 8, S/2000 J 9, S/2000 J 10, S/2000 J 11 2001 ජනවාරි15 (සොයාගැනීම සහ ග්‍රහචාරය)
  3. MPEC 2001-T59: S/2000 J 8, S/2000 J 9, S/2000 J 10 2001 ඔක්තොම්බර් 15 (සංශෝධිත ග්‍රහචාරය)
  4. IAUC 7998: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 ඔක්තොම්බර් 22 ("මෙගක්ලයිටී" චන්ද්‍රයා නම් කිරීම)
  5. IAUC 8023: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 නොවැම්බර් 29 (නම නිවැරැදි කිරීම)