ලංකා ජාතික සංගමය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කටයුතු කිරීම නිසා සිංහල නායකයන් තුල එකමුතුකම වර්ධනය විණි. බ්‍රිතාන්‍යයන් යටතේ සිදුවන අසාධාරණකම් හා මර්දනවලින් මිදීම සඳහා සියළුම ජනකො‍ටස් වලින් සමන්විත සංගමයක අවශ්‍යතාව දැනිනි. ......

1919 දෙසැම්බර් මස මෙම සංගමය පිහිටුවනු ලැබීය. [1]


ලංකාව තුළ ප්‍රථම වතාවට ආගමික, භාෂාත්මක, වාර්ගික ලෙස නොබෙදී එක්වූ සංවිධානයක් ලෙස ලංකා ජාතික සංගමය හැදින්විය හැකිය. ලංකා ජාතික සංගමය බිහිවීමට බලපාන ලද ප්‍රධාන සාධක දෙකකි. එනම්:

1915 සිංහල මුස්ලිම් කෝලාහලය. 1917 අගෝස්තු 20 ඉංදියාවට ලබාදුන් මොන්ටේගු චෙම්ස්පර්ඩ් ප්‍රතිසංස්කරණ

    සිංහල මුස්ලිම් කෝලාහලය වැරදියට අවබෝධ කරගත් බ්‍රිතාන්‍යයින් දේශීය නායකයින් විශාල මර්දනයකට ලක් කරනු ලබයි. එම නිසා තවදුරටත් වෙන්වී කටයුතු කිරීම අනුවන බව වටහාගත් ලාංකිකයින් සියලු සංවිධාන එක්ව කටයුතු කිරීමට ක්‍රියාකළේය. එහි ප්‍රතිපලයක් වශයෙන් ලංකා ජාතික සංගමය නිර්මානය විය. 
   එමෙන්ම මේවනවිට ඉංදියාවේ ජාතික ව්‍යාපාරය උද්වේගකාරී තත්ත්වයක පැවතුනු බැවින් එහි නායකයින් මොන්ටේගු චෙම්ස්පර්ඩ් ප්‍රතිසංස්කරණ හරහා ව්‍යවස්ථාදායක සභාව මෙන්ම විධායක සභාවටද තේරීපත් විය. එවැනි ප්‍රතිසංස්කරණ ලබාගැනීම සදහා සියලු ජනවර්ග ඒකරාශී වියයුතු බව ජාතික නායකයින්ගේ අදහස විය. මෙම කාරණා මත 1919 දෙසැම්බර් 11 වන දින පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ සභාපතීත්වයෙන් ලංකා ජාතික සංගමය ආරම්භ වේ. මෙහි ප්‍රධනතම අරමුණ වූයේ දේශපාලන බලය ලබාගැනීමත්, ආර්ථික බලයට සරිලන දේශපාලන නියෝජනයක් ලබාගැනීමත්ය. ඒ සදහා ඔවුන් සිදුකරනු ලැබුවේ සාමකාමී උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීම, සිහිවටන පත් නිකුත් කිරීම, සංදේශ යැවීම වැනි කාරණාය. 
   ඕනෑම සංවිධානයක අරමුණ තීරණය වන්නේ ක්‍රමඋපායන් මතය. එසේම ක්‍රමඋපායන් තීරණය වන්නේ නායකත්වයේ පංති ස්වභාවය මතය. ඒ අනුව ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වූ පිරිස සුපිරි ධනවතුන්ය. ඔවුන්ට කිසිසේත් නිදහස දිනාගැනීමට අවශ්‍යතාවයක් නොතිබුනි. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් ලැබූ ආර්ථික ශක්තියට සරිලන දේශපාලනික බලයක් ගොඩනගා ගැනීමය. මෙම කරුණු අනුව නායකත්වයේ ස්වභාවය අනුව ප්‍රධාන කොටස් දෙකක් දැක්විය හැකිය. 

ඉංග්‍රීසි උගත් කතෝලික ආගම වැලදගත් බටහිර සංස්කෘතියට උරුමකම් කියන පිරිස. මොවුන් කොම්පදෝරු හෙවත් කළු සුදු ධනපති පංතිය ලෙස හදුන්වයි. ඉංග්‍රීසි උගත් බෞද්ධ ආගම වැලදගත් දේශීය සංස්කෘතියට උරුමකම් කියන පිරිස. මොවුන් ජාතික පිල ලෙස හදුන්වයි.

     මීට අමතරව රැඩිකල්වාදී තරුණ පිරිස්ද දක්නට ලැබේ. එනම් වික්ටර් කොරයා, වලිසිංහ හරිස්චන්ද්‍ර, ඒ. ඊ. ගුණසිංහ වැනි පුද්ගලයින්ය. ඉහත කී පිරිස් පිළිබද සළකා බලනවිට මොවුන් විශාල ධනපතීන්ය, වැවිලිකරුවන්ය. එමනිසා ඔවුන්ට ආර්ථික බලයට සරිලන දේශපාලන බල අධිකාරියක් විනා වෙනත් අදහසක්, අවශ්‍යතාවයක් තිබුනේ නැත. ඔවුන් ඒ සදහා කලේ සාමකාමී උද්ඝෝෂණ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීමයි. ලංකා ජාතික සංගමය ආරම්භයේදීම ඔවුන් ඉදිරිපත් කරයි. එම ඉල්ලීම් පහත පරිදි වේ.

ව්‍යවස්ථාදායක සභික සංඛ්‍යාව 50 දක්වා වැඩිකිරීම. ඉන් 40ක් පිරිමින්ගේ පුළුල් ඡන්දයෙන් හා ගාහැණුන්ගේ සීමිත ඡන්දයෙන් තෝරා විධායක සභාවක් වශයෙන් නිල නොලත් සාමාජිකයින්ගෙන් හරි අඩක් නිල නොලත් සාමාජිකයින් තුළින්ම තෝරාගැනීම. එහි සභාපති ආණ්ඩුකාරවරයා වීම. අයවැය පිළිබද සම්පූර්ණ බලය ව්‍යවස්ථාදායකය සතුවීම. ආණ්ඩුකාරවරයා යටත් විජිතය සම්බන්ධයෙන් හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් හොද පරිචයක් ඇත්තකු වීම. සිවිල් සේවය 50% - 75% දක්වා වැඩිකිරීම. පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ යෝජනා අනුව පලාත් ආයතන සම්බන්ධයෙන් අයබදු පැනවීම, විශ්ව විද්‍යාලයක් පිහිටුවීම, ආසියාතික රටවලට නීති පැනවීමට විරුද්ධ වීමට ව්‍යවස්ථාදායකයට බලය තිබීම.

    ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබද ලාංකික ඉල්ලීම් බලවත් වුවත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අවසාන තීරණය ප්‍රමාද විය. එහෙයින් ජාතික ව්‍යාපාරයේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයන ලදී. ඒ අනුව 1920 අගෝස්තු 13 රාජ්‍ය අාඥාවක් නිකුත් කරමින් නව ආණ්ඩුක්‍රමයක් මෙරටට එවන ලදී. නමුත් එයට ජාතික ව්‍යාපාරය තදින්ම විරුද්ධ විය. එමනිසා ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික සංගමය නව ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ව්‍යවස්ථාදායකයේ සභික සංඛ්‍යාව වැඩිකලයුතු බවත්, ඔවුන්ට අධ්‍යාපන, අධිකරණ, මුදල්, මහාමාර්ග යන රාජ්‍ය බලය සහ කාන්තාවන්ට සීමිත ඡන්ද බලයක් ලබාදියයුතු බවත්ය. ඔවුන්ගේ ඉල්ලීම් එසේ වුවත් ආණ්ඩුවට විරුද්ධව හඩ නැගීමේ ක්‍රියාවලියක් දක්නට නොලැබුනි. මේ හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් යථාර්තයක් බවට පත්කිරීමට බ්‍රිකාන්‍යයින් මැලිවිය. 1924 මැනින් ඩෙවෝන්ෂර් ප්‍රතිසංස්කරණ එවුවේ මේ හේතුව මතය. නමුත් මේ වනවිට ඉංදියාවේ ජාතික ව්‍යාපාරය ඉතා දියුණු මට්ටමක පැවති හෙයින් එරට ස්වදේශික නායකයින් දේශපාලන තලයේ ඉහලටම ගමන් කර තිබුනි. එක් පසකින් වාමාංශික නායකයින් ගෙනගිය වැඩවර්ජනය මතත් අනෙකුත් රටවල යටත්විජිත පාලනය ගැටලුකාරී නිසා මේ වනවිට බ්‍රිතාන්‍ය පාලනයේ වෙනස මෙරට පාලනය වෙනස් කිරීමට හේතුවිය. 
    එම කරුණු මත ජාතක ව්‍යාපාරය ඔවුන්ගේ උද්ඝෝෂන අභ්‍යන්තරික ස්වයං පාලනය ඉල්ලීමට තරම් ඉදිරියට රැගෙනයන ලදී. හමි පියවරක් ලෙස ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ලබාගැනීමත්, ඒතුළ සර්වජන ඡන්දබලය, විධියක කාරකසභා මැතිවරන ක්‍රම හරහා දේශපාලනික ගමන් මාර්ගය ශක්තිමත් කරගන්නා ලදී. ඒඅනුව අභ්‍යන්තරික ස්වයං පාලනයේ නිදහස් රාජ්‍යක් ලබාගැනීමට ප්‍රමුකත්වය ලබාදෙමින් ජාතික ව්‍යාපාරය 1946 දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට පැමිනේ. එය එක්සත් ජාතික පක්ෂයයි.
    ලංකා ජාතික සංගමය මේ ආකාරයට ඉදිරියට ගියත් ආරම්භයේ සිටම පිරිහීමට ලක්විය. එහි ප්‍රධාන දුර්වලතාවය නම් සිංහල ද්‍රවිඩ ජාතිකයින් අතර මතබේදයයි. මුල් කාලීනව මෙවැනි මතභේදයක් නොතිබුනේය. එසේ තිබුනානම් අරුණාචලම්ට සබාපතිත්වය හිමිවන්නේ නැත. ලංකා ජාතික සංගමය ආරම්භයේදීම ඉදිරිපත්කළ සුළු ජාතීන්ට එතරම් වාසිදායක නොවු නිසා එළබෙන ව්‍යවස්ථාදායකයෙන් කොළඹ අග නගරයට නිතරගයෙන් ආසනයක් දෙන බවට සිංහල නායකයින් ද්‍රවිඩ නායකයින්ට පොරොන්දු විය. නමුත් ජාතික සංගමය කල ඉල්ලීම් නොලැබුන හෙයින් පොරාන්දුව ඉටු නොවුනි. එහෙයින් ද්‍රවිඩ පිරිස් ජාතික සංගමයෙන් ඉවත්වී ද්‍රවිඩ සංගමය බිහිකරන ලදී. එතැන් පටන් මෙම සංගම් කළ ඉල්ලීම් දෙවර්ගයක් විය.
    1922 අවධියේදී තමන්ට වාසිදායක ඉල්ලීම් කිරීම මත  ජාතික සංගමයේ මතභේද ඇතිවිය. එසේම 1922දී ජාතික සංගමයේ සිටි තරුණ පිරිස් ඉවත්ව ගොස් ලංකා කම්කරු සංගමය පිහිටුවිය. මෙයින්ද ජාතික සංගමයේ පිරිහීමක් ඇතිවිය. 1924 පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ අභාවයද ජාතික සංගමයේ පිරිහීමට හේතුවක් විය. 
    ලංකා ජාතික සංගමයේ සාමාජික ගාස්තුව මහජනතාවට දැරිය නොහැකි රුපියල් 10ක් වීම නිසා නව සාමාජිකයින් ඇතුළත් නොවීය. එසේම 1931 ඩොනමෝර් ක්‍රමය එළබීමත් සමග විධායක කාරක සභා අතර ආරවුලත්, 1936 සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම මත සුළු ජනවර්ග සම්පූර්නයෙන්ම ඉවත් වී යන ලදී. ඒ අනුව මෙම කරුණු මත ලංකා ජාතික සංගමයේ පැවැත්ම හීනවිය. 
                -NithilA-
  1. පොන්නම්බලම් අරුණාචලම් මහතා මෙහි ප්‍රතම සභාපතිවරයා වශයෙන් පත් විය.
"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_ජාතික_සංගමය&oldid=435348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි