ස්පන්දන් චතුර්වේදී

විකිපීඩියා වෙතින්
(ස්පන්දන් චතුර්වේදි වෙතින් යළි-යොමු කරන ලදි)
ස්පන්දන් චතුර්වේදි
ස්පන්දන් චතුර්වේදි 2015දී
ස්පන්දන් චතුර්වේදි, චාකොර් ලෙස 2015 උදාන් පසුතලයේ දී
උපත25 අගෝස්තු 2007 (2007-08-25) (වයස 16)
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
රැකියාවනිළිය
සක්‍රීය වසර2012-වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේඋදාන්හි චාකොර් චරිතය නිසා

ස්පන්දන් චතුර්වේදි යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියානු රූපවාහිනී ළමා නිළියකි. චතුර්වේදි ඇගේ රංගන දිවිය ඇරඹූයේ 2012 රූපවාහිනී මාලා නාට්‍යයක් වූ ඒක් වීර් කි අර්දාස්...වීරා කතාමාලාව තුළිනි. අනතුරුව ඇය රූපවාහිනී දැන්වීම් කිහිපයක ද පෙනීසිටියා ය. පසුව ඇය සංස්කාර් - ධරෝහාර් අප්නොන් කි කතාමාලාවට සිය රංගන දායකත්වය සැපයූවා ය.ඉන් පසුව ඇය ද සුට් ලයිෆ් ඔෆ් කරන් ඇන්ඩ් කබීර්හි පසුබිම් චරිතයක් ද නිරූපණය කළා ය. 2014 පෙබරවාරි මස චතුර්වේදි විසින් කලර්ස් ටීවී නාළිකාවේ වැඩසටහනක් වූ මධුබාලා – ඒක් ඉෂ්ක් ඒක් ජුනූන් තුළ ලාබාල මධුබාලාගේ චරිතය නිරූපණය කරන ලදී. නමුත් 2014 අගෝස්තුවේ සිට 2016 පෙබරවාරි දක්වා වූ කාලය තුළ ඇය විසින් කලර්ස් ටීවී නාළිකාවේ උදාන් කතාමාලාවේ 'චාකොර්' චරිතය නිරූපණය කරන ලදී. මේ හේතුවෙන් ඇය අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර, සම්මාන කිහිපයක් ද හිමි කරගැනීමට සමත් වූවා ය. මේ අතරට හොඳම ළමා නළුවා සඳහා සී ස්වර්ණ සම්මානය ද වේ.

දිවිය සහ වෘත්තිය[සංස්කරණය]

ස්පන්දන් චතුර්වේදි උපත ලැබූයේ 2007 අගෝස්තු 25වන දින යැයි පැවසේ.[1] ඇය උපත ලබා ඇත්තේ මුම්බායිහි උල්හාස්නගර් ප්‍රදේශයේ සුනිල්චතුර්වේදි මහතාට දාව ය.[2] ඇය ඇගේ පළමු පන්තියේ අධ්‍යාපන කටයුතු 2015දී අවසන් කළා ය.[3] චතුර්වේදි යනු ළමා නිළියක වන ස්පර්ශ් ඛාන්චාන්දනිගේ ඥාති සොහොයුරිය ද වේ.[4]

චතුර්වේදි රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 2012දී යෂ් ඒ. පට්නායික්ගේ මාලා නාට්‍යයක් වූ ඒක් වීර් කි අර්දාස්...වීරා ඔස්සේ ය. මෙහි පළමු කථාංග කිහිපය තුළ රංගනයෙහි යෙදුණු ඇය ගුන්ජන්ගේ චරිතය නිරූපණය කළා ය. ඉන් පසුව චතුර්වේදි රූපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයකම පෙනීසිටියා ය.[3] පසුව ඇය කරල්ස් ටීවී නාළිකාවේ වැඩසටහනක් වූ සංස්කාර් - ධරෝහාර් අප්නොන් කි කතාමාලාව තුළ ආර්වි නැමැති චරිතයක් නිරූපණය කළා ය.[5][6] චතුර්වේදි විසින් ඩිස්නි නාළිකාවේ ප්‍රහසන කතාමාලාවක් වූ ද සූට් ලයිෆ් ඔෆ් කරන් ඇන්ඩ් කබීර් තුළ පසුබිම් චරිතයක් ද නිරූපණය කරන ලදී.[3] 2014 පෙබරවාරි මස, රවීන්ද්‍ර ගෞතම්ගේ සෝප් ඔපෙරාවක් වන මධුබාලා – ඒක් ඉෂ්ක් ඒක් ජුනූන් තුළ ද්‍රාෂ්ති ධාමිගේ දියණියගේ චරිතය නිරූපණයට චතුර්වේදි දායක කරගැනිණි. මෙය ඇය විසින් වසර විස්සක පරතරයකින් පසුව ප්‍රධාන චරිතයක් වූ ලාබාල මධුබාලාගේ චරිතය නිරූපණය කරන ලදී.[7]

2014 අගෝස්තු මස, චිත්‍රපට අධ්‍යක්ෂක මහේෂ් භාට්ගේ මාලා නාට්‍යයක් වූ උදාන්හි ප්‍රධාන චරිතය නිරූපණයට චතුර්වේදි තෝරාගැනිණි.[5][8][9] මෙහි ඇය නිරූපණය කළේ චාකොර් නැමැති ප්‍රධාන චරිතයයි. උපතේ දී ඇපකාර වහල් මෙහෙයට නියමවී සිටින චාකොර් කමල් නාරායන් රාජ්වංශි‍ගේ (සායි බිලාල් විසින් නිරූපණය කරයි) කෲර ක්‍රියාවන්ට එරෙහිව සටන් වදින්නේ ඇගේ දෙමාපියන් වන කස්තුරි (සායි දියෝධාර් විසින් නිරූපණය කරයි) සහ භුවන් (රජීව් කුමාර් විසින් නිරූපණය කරයි) විසින් ඇයව අපයට තැබීමෙන් පසුවයි. ඇය ඇපකාර වහල් මෙහෙයෙන් නිදහස දිනා ගන්නට උත්සාහ දරයි.[10][11] මෙම කතාමාලාවේ රංගනය වෙනුවෙන් ඇය ජනප්‍රියත්වයට පාත්‍ර වූ අතර, විචාරක පැසසුම් ද හිමි කරගත්තා ය.[12][13] එසේම ඇය හොඳම ළමා නළුවා සඳහා සී ස්වර්ණ සම්මානය, වඩාත් ජේත්තුකාර නන්හේ නට්ඛාට් සඳහා ටෙලිවිෂන් ස්ටයිල් සම්මානය සහ වඩාත් බලාපොරොත්තු සහගත ළමා තරුව සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය - කාන්තා (දේශ් කි ලාඩ්ලි/බේටි) යන සම්මාන ද හිමි කරගත්තා ය.[14][15] මෙම කතාමාලාවේ කථාංග 100 සැමරුමේ දී, කිරිගරුඬ මේසයක් පාදය මත ඇද වැටීමෙන් චතුර්වේදි තුවාල ලැබුවා ය. ඇය අවම වශ‍යෙන් දින දහයකටවත් රෝහල්ගත කිරීමට සිදුවූ අතර, සම්පූර්ණයෙන්ම සුව වීමට මාස එක හමාරක් පමණ ගත විය.[16][17]

2015 පෙබරවාරි මස, චතුර්වේදි ආරාධිතයකු ලෙසින් K9 නිෂ්පාදන ප්‍රහසන කතාමාලාවක් වූ කලර්ස් ටීවී නාළිකාවේ කොමඩි නයිට්ස් විත් කපිල් සඳහා දායක වූවා ය.[18] 2015 අප්‍රේල් මස, චතුර්වේදී GR8! රූපවාහිනී සඟරාවේ මුද්‍රණ ව්‍යාපාරය සඳහා පෙනීසිටියා ය. ඇය සහ ගෞතම් ගුලාති සඟරාවේ කවරය සඳහා ඡායාරූපයට පෙනී සිටි අතර, එහි "BeWithBeti" ලෙස ටැගයක් ද විය.[19]

රූපවාහිනිය[සංස්කරණය]

තේමාව වර්ෂ(ය) චරිතය නාළිකාව සටහන්
ඒක් වීර් කි අර්දාස්...වීරා 2012 ලාබාල ගුන්ජන් ස්ටාර් ප්ලස්
සංස්කාර් - ධරෝහාර් අප්නොන් කි 2013-2014 ආර්වි කලර්ස් ටීවී
ද සූට් ලයිෆ් ඔෆ් කරන් ඇන්ඩ් කබීර් 2013 ඩිස්නි චැනල් ඉන්ඩියා පසුබිම් නිරූපණය
මධුබාලා - ඒක් ඉෂ්න් ඒක් ජුනූන් 2014 ලාබාල මධුබාලා කලර්ස් ටීවී
උදාන් 2014-2016 චාකොර්/චුන්නි/චෝකා කලර්ස් ටීවී ත්‍රිත්ව චරිත නිරූපණය
කොමඩි නයිට්ස් විත් කපිල් 2015 ඇය ලෙසම කලර්ස් ටීවී ආරාධිත නිරූපණය
ජලක් දිඛ්ලා ජා 9 2016-වර්තමානය ඇය ලෙසම කලර්ස් ටීවී තරගකාරිණියකි

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය ආශ්‍රේ.
2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන වඩාත් බලාපොරොත්තු සහගත ළමා තරුව - කාන්තා (දේශ් කි ලාඩ්ලි/බේටි) උදාන් දිනාගති [15][20]
2015 සී ස්වර්ණ සම්මාන හොඳම ළමා නිළිය උදාන් දිනාගති [21][22]
2016 "කලර්ස් රන් පත් සම්මාන 2016" හොඳම ළමා නිළිය "උදාන්" දිනාගති

සටහන්[සංස්කරණය]

පාදක සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "EXCLUSIVE! Food Food: Udaan fame Spandan Chaturvedi (Chakor) turns chef; check photos". Daily Bhaskar. 26 May 2015. සම්ප්‍රවේශය 13 October 2015.
  2. "spandan chaturvedi play lead role udaan show lucknow news". Daily Bhaskar. 21 August 2014. සම්ප්‍රවේශය 13 October 2015.
  3. 3.0 3.1 3.2 "Children's Day special: Child actors Spandan Chaturvedi, Sadhil Kapoor on being stars in their own right". DNAIndia. 14 November 2014. සම්ප්‍රවේශය 13 October 2015.
  4. "Here are some unseen pictures of Chakor aka Spandan Chaturvedi". Daily Bhaskar. 28 January 2015. සම්ප්‍රවේශය 12 October 2015.
  5. 5.0 5.1 "Mahesh Bhatt's unreleased film 'Udaan' becomes a TV show". DNAIndia. 12 August 2014. සම්ප්‍රවේශය 13 October 2015.
  6. "PHOTOS: Children's Day Special: Shweta Basu Prasad, Macaulay Culkin, Avika Gor the most loved child actors". The Indian Express. 14 November 2014. සම්ප්‍රවේශය 13 October 2015.
  7. Neha Maheshwri (19 July 2014). "Young Madhubala to play Sai Deodhar's daughter in TV show". The Times of India. සම්ප්‍රවේශය 13 October 2015.
  8. "In Pics: Girls bonding on 'Udaan' set". Daily Bhaskar. 16 August 2014. සම්ප්‍රවේශය 13 October 2015.
  9. "Udaan: Little Chakor becomes bonded labour". India TV. 23 August 2014. සම්ප්‍රවේශය 13 October 2015.
  10. "Dare to dream". The Indian Express. 22 August 2014. සම්ප්‍රවේශය 13 October 2015.
  11. "Mini superstars of small screens". Deccan Chronicle. 12 October 2014. සම්ප්‍රවේශය 12 October 2015.
  12. Tribune News Service (27 May 2015). "Chakor's acting tips!". The Tribune (Chandigarh). සම්ප්‍රවේශය 13 October 2015.
  13. "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". The Tribune (Chandigarh). 22 October 2014. සම්ප්‍රවේශය 12 October 2015.
  14. "Television Style Awards 2015 Winners List: Gautam Gulati, Karishma Tanna, Divyanka Tripathi and Others Take Trophies". International Business Times. 31 March 2015. සම්ප්‍රවේශය 13 October 2015.
  15. 15.0 15.1 "Indian Television Academy Awards 2015 winners list". Indian Television Academy Awards. 6 September 2015. සම්ප්‍රවේශය 13 October 2015.
  16. Tribune News Service (14 December 2014). "Child artist injured". The Tribune (Chandigarh). සම්ප්‍රවේශය 13 October 2015.
  17. "Child artiste Spandan 'Chakor' Chaturvedi injured and hospitalised". The Times of India. 12 December 2015. සම්ප්‍රවේශය 13 October 2015.
  18. "'Comedy Nights with Kapil': Colors TV Celebs Grace Special Mahashivratri Episode". International Business Times. 13 February 2015. සම්ප්‍රවේශය 13 October 2015.
  19. "Gautam Gulati On GR8 TV Mag Cover With Chakor!". Filmibeat. 2 April 2015. සම්ප්‍රවේශය 13 October 2015.
  20. "ITA Awards 2015 Complete Winners List: Karan Patel, Shakti Arora, Radhika Madan, Anita Hassanandani and Others Win Big [PHOTOS]". Ibtimes.co.in. 2015-09-07. සම්ප්‍රවේශය 2015-10-19.
  21. "Gold Awards 2015: Winners list revealed". The Times of India. 5 June 2015. සම්ප්‍රවේශය 19 October 2015.
  22. "8th Boroplus Gold Awards 2015 Winners list: Best jodi Ahil & Sanam, Karan & Divyanka Best Actors". India Telly Talkies. සම්ප්‍රවේශය 28 October 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ස්පන්දන්_චතුර්වේදී&oldid=605862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි