උදයන්

විකිපීඩියා වෙතින්
උදයන්
වර්ගයදිනපතා පුවත්පත
අයිතිකරුඋදයන් පුවත්පත් සමූහය
ආරම්භකඊ. සරවනපාවන්
ප්‍රකාශකසීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්ගලික) සමාගම
ප්‍රධාන කර්තෘඑම්. වී. කනමයිල්නාදන්
කළමනාකාර සංස්කාරකවරුන්ඊ. සරවනපාවන්
ඇරඹුනේ27 නොවැම්බර් 1985 (1985-11-27)
දේශපාලන නැඹුරුතාවයමධ්‍යස්ථ
භාෂාවදෙමළ
මූලස්ථානය361 කස්තුරියාර් පාර, යාපනය, ශ්‍රී ලංකාව
බුහුනණීය පුවත්පත්සුදර් ඔලි
නිල වෙබ්අඩවියuthayan.com

උදයන් (දෙමළ: உதயன் උදයන්, ඉංග්‍රීසි: Morning) යනු, උදයන් පුවත්පත් සමූහයෙහි කොටසක් වන සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන, දෙමළ භාෂා ශ්‍රී ලාංකික දිනපතා පුවත්පතකි. 1985 දී අරඹන ලද එය, යාපනය නගරය කේන්ද්‍රගතව ප්‍රකාශයට පත් කෙරෙයි. එහි සොහායුරු පුවත්පත වන්නේ කොළඹ කේන්ද්‍රගතව ප්‍රකාශයට පත් කෙරෙන් සුදර් ඔලි පුවත්පතයි. යාපනය කේන්ද්‍රගතව පළවෙමින් සිවිල් යුද්ධය නිසා ප්‍රකාශයට පත් කිරීම අත්නොහල එකම පුවත් පත උදයන් වෙයි. [1] පුවත්පත කිහිපවතාවක්ම පහරදීම් වලට ලක්ව, අවිගත් බලකායන් විසින් හා වෙනත් හමුදාවන් විසින් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු මරා දමා ඇති අතර එය නිතොර තර්ජන වලට ලක් වෙයි. [2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඔෆිෂියල්ස් ප්ලෙජ් ටු ලිෆ්ට් ශ්‍රී ලංකා සෙන්සර්ෂිප් ඉන්ටර්නැෂනල් ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් එක්ස්චේන්ජ් – 15 ජූනි 2000
  2. අසීස්, අබ්දුල් එච්. (12 ජූනි 2011). "උදයන් අන්ඩර් ෆ්‍රෙෂ් ඇටෑක්". ද සන්ඩේ ලීඩර්. http://www.thesundayleader.lk/2011/06/12/uthayan-under-fresh-attack/. 
"https://si.wikipedia.org/w/index.php?title=උදයන්&oldid=297345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි