සුදර් ඔලි

විකිපීඩියා වෙතින්

සුදර් ඔලි (දෙමළ: சுடர் ஒளி සුදර් ඔලි) යනු, උදයන් පුවත්පත් සමූහයෙහි කොටසක් වන සී/ස මාස් මීඩියා සින්ඩිකේට් (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන, දෙමළ භාෂා ශ්‍රී ලාංකික දිනපතා පුවත්පතකි. 2000 වසරෙහිදී ඇරඹුනු එය ප්‍රකාශයට පත් කෙරෙනුයේ කොළඹ නගරය කේන්ද්‍ර කොට ගෙනය. එහි සොහායුරු පුවත්පත වන්නේ යාපන නගරය කේන්ද්‍ර කොට ගත් උදයන් පුවත්පත වෙයි. මෙම පුවත්පත කිහිපවතාවක් පහරදීමට ලක්ව, අවිගත් කණ්ඩායම් සහ අනෙකුත් හමුදා බලකායන් විසින් එහි කාර්ය මණ්ඩලයෙහි කිහිප දෙනෙකු ඝාතනයට ලක්වී ඇති අතර, එය නිතොරම තර්ජනයන්ට ලක්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සුදර්_ඔලි&oldid=275413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි