ඉලංගම්

විකිපීඩියා වෙතින්
අංගම් ශාස්ත්‍රය තුළ එන ඉලංගම් හරඹයට අයත් කඩුවක් අතින් ගත් නිරූපනයක්

අංගම් ශාස්ත්‍රය නොහොත් අංගම්පොර සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්, ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග වලින් ඉලංගම් යනු අවිආයුධ වලින් කරන සටන් ක්‍රමවේදයන්ය. හෙලංකං හෙරළ යන පැරණි ව්‍යවහාරෙන් බිඳී වත්මන වන විට මෙය ඉලංගං ලෙස භාවිතා කෙරේ. හෙළංකං යන්නෙහි තෙරුම හෙළයාගේ විශ්මිත ක්‍රියා යන්නයි. සාමාන්‍යයෙන් යුද්ධයට භාවිතා කර ඇත්තේ මෙම කොටසයි. දීර්ඝ කාලයක් පුරාවටම මනාව පුහුණුවීම් සිදුකළ ඉලංගම් සටන්කරුවෙකුට ලොව ඕනෑම ආයුධයක් හැසිරවිය හැකි අතර තම අතට අසුවන ඕනෑම දෙයක් ආයුධයක් ලෙස භාවිතයට ගත හැක.

මෙයට අමතරව ඉලංගම යනුවෙන් හඳුන්වන වාහල ඉලංගම, නැටුම් ඉලංගම, හරඹ ඉලංගම, කවිකාර ඉලංගම ආදී තවත් භාවිතයන් හඳුනාගත හැකිය. මෙසේ ඉලංගම යනුවෙන් හැඳුන්වී සටන් හෝ වෙනත් ශාස්ත්‍රීය ක්‍රමවේදයන් උගන්වන ශාලාවට ඉලංගම් මඩුව[1] ලෙස හඳුන්වයි.

ශාස්ත්‍රයට අදාල වන්නාවූ මූලිකම සටන් ආයුධ 21කින් යුක්ත වන අතර මේවාට කඩුව, හෙල්ල, පළිහ, රිට, මුගුර, යෂ්ටිය, කිණිස්ස ආදිය අදාල වේ. ඉලංගක්කාර ආයුධ ආදී තවත් සමහරක් ආයුධ අතිශයින් රහසිගත ඒවා වෙයි. මෙයට අමතරව යම් යම් සටන් ගුරුකුලයන්ට පමණක් අදාල පාරම්පරික ආයුධද දක්නට ලැබේ. තම පරම්පරාවට අයත් කස්තාන වර්ගයේ පැරණි කඩු ආදිය මේ සඳහා නිදසුනක් ලෙස ගත හැකිය. කඩුවේද ප්‍රභේද 32කි. ඒවාට නයිපෙන කඩුව, කස්තාන කඩුව, ඉලුක්කොළේ කඩුව, එතුණු කඩුව, පතුරු කඩුව ආදිය උදාහරණ වශයෙන් දැක්විය හැකිය. තුවක්කුවට සමාන කටින් පිඹ විස හී කූරක් සතුරාට යවන ආයුධයක් අංගම් ශාස්ත්‍රයේ ඇත.

එමෙන්ම අවිආයුද භාවිතයෙන් යොදන ගැටක්‍රම රාශියක්ද හෙළ සටන් ශාස්ත්‍රය තුල පවතී.

බාහිර සබැඳුම්[සංස්කරණය]

  1. අංගම් පොර ශාස්‌ත්‍රීය විමර්ශන සංරක්ෂණය කළ පිටපත 2019-09-09 at the Wayback Machine,ලක්‌දිව සෑම ගමකම "අංගම් සටන්" ක්‍රම පුරුදු කරන මධ්‍යස්‌ථාන ඈත අතීතයේ පැවැති බවට සාක්‌ෂි අපමණය.මෙම මධ්‍යස්‌ථාන හඳුන්වනු ලැබුවේඉලංගම් මඩුවහෙවත් "ඉලංගම" යනුවෙනි..
"https://si.wikipedia.org/w/index.php?title=ඉලංගම්&oldid=591459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි