ක්වීන් ඉන්සූ

විකිපීඩියා වෙතින්
(ඉන්සු දේබි වෙතින් යළි-යොමු කරන ලදි)
ක්වීන් ඉන්සූ
ක්වීන් ඉන්සූ සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේQueen Insu
ප්‍රභේදයකාලාන්තර/ඓතිහාසික
රචනය කලේජුං හා-යොන්
අධ්‍යක්ෂණය කලේලී තේ-ගොන්
නෝ ජොං-චන්
කිම් ජේ-හොං
රඟපෑමහාම් ඉයුන්-ජුං
චේ ෂි-රා
කිම් යොං-හෝ
කිම් මි-සූක්
බෙක් සුං-හ්යුන්
ජොන් හ්යේ-බින්
Composer(s)ලී ජි-යොං
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන60
නිෂ්පාදනය
ස්ථානය(න්)කොරියාව, ජපානය, චීනය
ධාවන කාලයසෙනසුරාදා සහ ඉරිදා 20:55ට (KST)
නිෂ්පාදන සමාගමඩ්‍රාමාහවුස්
ප්‍රචාරණය
මුල් නාලිකාවjTBC
මුල් ධාවනය3 දෙසැම්බර් 2011 (2011-12-03) – 24 ජුනි 2012 (2012-06-24)
කාලානුක්‍රමය
අනුගමනය වනුයේචයිල්ඩ්ලස් කොම්ෆර්ට්
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ක්වීන් ඉන්සූ (කොරියානු인수대비; ප්‍රරෝඉන්සුදේබි) යනු හාම් ඉයුන්-ජුං, චේ ෂි-රා, කිම් යොං-හෝ, කිම් මි-සූක්, බෙක් සුං-හ්යුන් සහ ජොන් හ්යේ-බින් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන 2011 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙමගින් ජොසොන් රාජවංශයේ රාජ මාලිගයේ විසූ කාන්තාවන් තිදෙනකුගේ බිහිසුණු බල අරගලයක් පිළිබඳ නිරූපණය වේ. 2011 දෙසැම්බර් 3 සිට 2012 ජූනි 24 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනවල 20:55ට විකාශය වූ‍ මෙය කථාංග 60කින් සමන්විත විය.[1] මෙය එකල අලුතෙන් ආරම්භ කෙරුණු ජුංඇං තොංග්යැං විකාශන සමාගම හෙවත් jTBC නැමැති කේබල් රූපවාහිනී නාළිකාවේ ආරම්භක නාට්‍ය අතරින් එකකි.[2][3][4][5]

මෙම රූපවාහිනී කතාමාලාව රචනා කරන ලද්දේ ජුං හා-යොන් විසිනි. ලී තේ-ගොන්, නෝ ජොං-චන් සහ කිම් ජේ-හොං යන අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මෙම කතාමාලාව අධ්‍යක්ෂණය කරන ලදී. ඩ්‍රාමාහවුස් නැමැති ආයතනය මෙහි නිෂ්පාදන සමාගම ලෙස සැලකෙයි.

මෙහි චේ ෂි-රා විසින් ඉන්සූ රැජිනගේ චරිතය නිරූපණය කළ අතර, ඇය විසින්ම එම චරිතය 1998-2000 කාලාන්තර නාට්‍යයක් වූ ද කිං ඇන්ඩ් ද ක්වීන් නැමැති ජුං හා-යොන් විසින් රචිත කතාමාලාවේ ද නිරූපණය කොට තිබිණි. ඇය පැවසූයේ‍ ඇය මෙම කතාමාලාවට එකතු වූයේ එම චරිතය පිළිබඳ වැඩිදුර ගවේෂණයට ඇති ආශාව නිසා බවයි. "මෙම මාලා නාට්‍යයෙන් ඉන්සූ රැජිනගේ වඩාත් මහත් අපේක්ෂා සහිත පැත්ත නිරූපණය වේ. ඇගේ සිහිනය ජොසොන් රාජවංශයේ පරම පාලකයා වීමටයි. මා මෙම චරිතයට කැමතියි" යනුවෙන් ඇය පැවසුවා ය.[6][7]

චරිත නිරූපණය[සංස්කරණය]

ඓතිහාසික තොරතුරු[සංස්කරණය]

ඉන්සු රැජින යනු සොංජොං රජුගේ මෑණියන් ය. ඇගේ සැමියා කිරුළහිමි උයිග්යොං කුමරු කුමරු ය. කිරුළහිමි උයිග්යොං කුමරුගේ පළමු පුත්‍රයා වූයේ වොල්සන් ප්‍රධාන කුමරු (1454-1487) ය. ඔහු‍ ‍සොංජොං රජුගේ වැඩිමහල් සොහොයුරා ය. සොංජොං රජු සිහසුනට පත්වූයේ 1469දී යේජොං රජුගේ මරණයත් සමගයි. මේ වන විට යේජොංගේ පුත්‍රයා සිහසුනට පත්වීමට ළාබාල වැඩි විය. සොංජොං ද සිහසුනට පත්වන විට ලාබාල වියේ පසු වූ බැවින් (සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 13කි) ඔහුගේ නාමයෙන් රාජ්‍ය පාලනය සිදු කරන ලද්දේ ඔහුගේ මිත්තණිය වූ ජොංහී අගබිසව සහ ඔහුගේ මව වූ ඉන්සු අගබිසව (ඉන්සු අගබිසව ලෙස හැඳින්වුණ ද ඇගේ සැමියා රජකු නොවී ය. නමුත් මරණයෙන් පසු ඔහුට රජ යන නාමය ප්‍රදානය කෙරිණි) විසිනි. 1476දී 20වන වියට එළඹීමෙන් පසු සොංජොං රජු තනිව රාජ්‍ය පාලනය ඇරඹී ය.

1479දී, එක් රාත්‍රියක සොංජොං රජුගේ අගබිසව වූ යූන් ආර්යාව හෙවත් බලයෙන් පහකළ යුන් අගබිසව රජුගේ මුහුණ සූරා තුවාල කැලැල් ඇතිකළා ය. සිය තුවාලය වසන් කිරීමට රජු තැත්කළ ද, සොංජොංගේ මව වූ ඉන්සූ මහා බිසව සත්‍යය දැනගෙන යූන් ආර්යාව පිටුවහල් කරන්නට අණදුන්නා ය. බලයෙන් පහකළ යුන් අගබිසව සිය තනතුර යළි ප්‍රතිෂ්ඨාපනයට ප්‍රකට උත්සාහයන් කිහිපයක් දැරූ මුත්, අවසානයේ රාජ්‍ය නිලධාරීහු ඇයට වස ලබා දී මරණයට පත්කරන මෙන් පෙත්සම් යැවූහ. අවසානයේ ඇයට වස දී මරණයට පත්කෙරිණි.

යූන් ආර්යාවගේ පුත්‍රයා වූ යොන්සන්ගුන් රජු සිය මවගේ මරණය පිළිබඳ දැනගෙන ඊට සම්බන්ධ සියලු නිලධාරීනට දඬුවම් පැමිණවූ අතර යොන්සන්ගුන්ගේ මිත්තණිය වූ මහා ඉන්සු රැජින හෙවත් සෝහ්යේ අගබිසව යොන්සන්ගුන් සමග ආරවුලක පැටලීමෙන් පසු මියගියා ය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. හොං, ලුෂියා (9 මැයි 2012). "JTBC'ස් හිස්ට්‍රිකල් සීරීස් ක්වීන් ඉන්සූ එක්ස්ටෙන්ඩ්ස් 10 එපිසෝඩ්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-08-25.
  2. ලී, ජින්-හෝ (4 දෙසැම්බර් 2011). "ක්වීන් ඉන්සූ අර්න්ස් හයස්ට් රේටිං ඔන් ජෙනරල් සර්විස් චැනල්ස්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
  3. "අ ෆ්‍රෙෂ් ස්ටාට් බයි JTBC". කොරියා ජූංඇං ඩේලි. 7 දෙසැම්බර් 2011. සම්ප්‍රවේශය 2013-02-21.
  4. ලී, සුන්-මින්; චෝයි, මින්-වූ (9 දෙසැම්බර් 2011). "JTBC ලීඩ්ස් නිව් චැනල්ස් ඉන් ෆස්ට් වීකෙන්ඩ්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2013-02-21.
  5. නෝ, හ්යුන්-ගි (4 ජනවාරි 2012). "ෆෝ නිව් ටීවී චැනල්ස් ෆේස් අන්සර්ට්න් ෆියුචර්ස්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2013-02-21.
  6. සුං, සෝ-යොං (1 දෙසැම්බර් 2011). "ටීවී එන්ටර්ස් නිව් ඊරා විත් ලෝන්ච් ඔෆ් ෆෝ නෙට්වර්ක්ස්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2013-02-21.
  7. චෝයි, ඉයුන්-හ්වා (24 නොවැම්බර් 2011). "චේ සි-රා ඔන් ක්වීන් ඉන්සූ, බෙක් සුං හ්යුන් ඇන්ඩ් හම් ඉයුන් ජුං". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
  8. ලී, ක්යුං-නම් (27 ජනවාරි 2012). "T-අරා'ස් ඉයුන් ජුං ෂූට්ස් අ බෙඩ් සීන්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
  9. හොං, ලුෂියා (26 ඔක්තෝබර් 2011). "බෙක් සුං-හ්යුන් කාස්ට් ඉන් හිස්ට්‍රිකල් ඩ්‍රාමා". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-21.
  10. චෝයි, මින්-ජි (26 ඔක්තෝබර් 2011). "බෙක් සුං හ්යුන් කාස්ට් ඉන් ක්වීන් ඉන්සූ". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.
  11. චෝයි, ඉයුන්-හ්වා (25 නොවැම්බර් 2011). "බෙක් සුං හ්යුන් හින්ට්ස් ඇට් ලව් සීන්ස් විත් ඉයුන් ජුං". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය 2013-02-21.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ක්වීන්_ඉන්සූ&oldid=591681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි