Jump to content

ඈන් හැතවේ

විකිපීඩියා වෙතින්
ඈන් හැතවේ
හැතවේ 2017දී
උපත
ඈන් ජැකලීන් හැතවේ

නොවැම්බර් 12, 1982 (1982-11-12) (වයස 41)
රැකියාවනිළියක, ගායිකාවක
සක්‍රීය වසර1999–වර්තමානය
උපන් නගරයමිල්බර්න්, නිව් ජර්සි
කලත්‍රයා(යන්)ඇඩම් ෂුල්මන් (වි. 2012)
දරුවන්1
අත්සන

ඈන් ජැකලීන් හැතවේ (උපත 1982 නොවැම්බර් 12) යනු ඇමරිකානු නිළියක සහ ගායිකාවකි. නිව් යෝක්හි බෲක්ලින්හි උපත ලද ඇය හැදී වැඩුණේ නිව් ජර්සියේ මිල්බර්න්හි ය. හැතවේ රංගනය කෙරෙහි යොමුවූයේ ඇගේ මවගේ බලපෑම මත වන අතර, උසස් පාසල් ශිෂ්‍යාවකව සිටි සමයේ ඇය උසස් පාසල් නිළියකගේ හොඳම රංගනය සඳහා පේපර් මිල් ප්ලේහවුස් නැගී එන තරුව සම්මානය සඳහා නිර්දේශ වූයේ වන්ස් අපොන් අ මැට්‍රස්හි ඇගේ රංගනය වෙනුවෙනි. ඇය වෘත්තීමය වශයෙන් තිර ප්‍රවේශය සනිටුහන් කළේ කෙටි-කාලීන ෆොක්ස් රූපවාහිනී කතාමාලාවක් වූ ගෙට් රියල් (1999–2000) තුළිනි. පසුව ඇය ඩිස්නි ප්‍රහසන චිත්‍රපටයක් වූ ද ප්‍රින්සස් ඩයරීස් (2001) චිත්‍රපටයේ මියා තර්මොපොලිස් නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මේ වෙනුවෙන් ඇය තේරීම චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. නිකොලස් නිකල්බි (2002), එලා එන්චෑන්ටඩ් (2004), ද ප්‍රින්සස් ඩයරීස් 2: රෝයල් එන්ගේජ්මන්ට් (2004), සහ හුඩ්වින්කඩ්! (2005) තුළ ඇගේ රංගනය වෙනුවෙන් හැතවේ "ළමයින් සඳහා චරිත නිරූපිකාවක" ලෙස පුළුල් පැසසුමට ලක්වූවා ය.

2005දී හැතවේ වඩා වැඩිහිටි චරිත කරා සංක්‍රමණය සනිටුහන් කළ අතර හැවොක් (2005) චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ඩීවීඩී විශිෂ්ට සම්මානය හිමිකරගත්තා ය. විචාරක පැසසුමට පත් බ්‍රෝක්බැක් මවුන්ටන් (2005) හි ඇගේ රංගනය වෙනුවෙන් ඇය ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මානය සඳහා නිර්දේශ වූවා ය. ඇය තවදුරටත් ජනාදරයට පත්වූයේ මෙරිල් ස්ට්‍රීප් සමග ද ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා (2006) චිත්‍රපටයේ රංගනය නිසායි. බිකමිං ජේන් (2007) චිත්‍රපටයේ ජේන් ඔස්ටින්ගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය නිළියකගේ හොඳම නිරූපණය සඳහා වූ BIFA නිර්දේශයක් හිමි කරගත්තා ය. රේචල් ගෙටිං මැරීඩ් (2008) චිත්‍රපටයේ පුනරුත්ථාපනය වන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූ කාන්තාවකගේ චරිතය නිරූපණය වෙනුවෙන් හැතවේ විචාරක ප්‍රශංසා හිමි කරගත්තා ය. මේ සඳහා ඇය හොඳම නිළිය සඳහා විචාරක තේරීම් චිත්‍රපට සම්මානය හිමි කරගත් අතර, ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ්, සහ ඉන්ඩී ස්පිරිට් සම්මාන සඳහා නිර්දේශ වූවා ය. බ්‍රයිඩ් වෝර්ස් (2009) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සිය දෙවන තේරීම් චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම් සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. 2010දී ඇය බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා බිඳහෙළූ වැලන්ටයින්’ස් ඩේ, ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් සහ ලව් ඇන්ඩ් අදර් ඩ්‍රග්ස් චිත්‍රපටවල රංගනයෙන් දායක වූවා ය. මින් අවසානයට සඳහන් කළ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සැටලිය්ට් සම්මානය හිමි කරගත් අතර, හොඳම නිළිය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය – සලරූ ප්‍රහසන හෝ සංගීතමය සම්මානය සඳහා නිර්දේශ වූවා ය.

2011දී, හැතවේ රියෝ සජීවීකරණ චිත්‍රපටයේ ජුවෙල්ගේ චරිතය සඳහා හඬකැවූ අතර, ජේම්ස් ‍ෆ්‍රැන්කෝ සමග 83වන ඇකඩමි සම්මාන උළෙල මෙහෙයවූවා ය. 2012දී ඇය ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ද ඩාර්ක් නයිට් රයිසස් චිත්‍රපටයේ කැට්වුමන්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ඇය හොඳම සහාය නිළිය සඳහා සැටර්න් සම්මානය හිමි කරගත්තා ය. එම වර්ෂයේම ටොම් හූපර්ගේ ලෙස් මිසෙරබල්ස් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ෆැන්ටීන්ගේ චරිතය වෙනුවෙන් ඇය පැසසුමට පත් අතර, හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, BAFTA, සහ SAG සම්මාන හිමි කරගත්තා ය. අනතුරුව හැතවේ රියෝ 2 (2014), ඉන්ටර්ස්ටෙලර් (2014), ද ඉන්ටර්න්| (2015) චිත්‍රපට‍ සඳහා සිය දායකත්වය සැපයූ අතර , ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016) චිත්‍රපටයේ ඇගේ සුදු රැජිනගේ චරිතය නැවතත් නිරූපණය කළා ය.

පීපල් සඟරාව විසින් හැතවේ 2001 වර්ෂයේ කැපීපෙනෙන නිළියන් අතුරින් අයකු ලෙස නම් කළ අතර,[1] 2006දී ඇය ලොව රූමත්ම පුද්ගලයන් 50 දෙනාගේ ලැයිස්තුවට ද ඇතුළත් විය.[2] රෆායෙලෝ ෆොලියෙරි සමග සිව් වසරක සම්බන්ධතාවයෙන් පසුව, හැතවේ 2002දී ඇඩම් ෂුල්මන් සමග විවාහ වූවා ය. 2016 මාර්තු මස ඇය පුත්‍රයකු බිහිකළා ය.

නිර්මාණ දායකත්වය

[සංස්කරණය]

චිත්‍රපට

[සංස්කරණය]
වර්ෂය තේමාව චරිතය සටහන්
2001 ද ප්‍රින්සස් ඩයරීස් මියා තර්මොපොලිස්
2001 The Other Side of Heaven ජීන් සැබින්
2002 Nicholas Nickleby මැඩ්ලින් බ්‍රේ
2003 The Cat Returns හරු යොෂියෝකා (හඬ) ඉංග්‍රීසි හඬකැවුම
2004 Ella Enchanted ‍ෆ්‍රෙල්හි එලා
2004 ද ප්‍රින්සස් ඩයරීස් 2: රෝයල් එන්ගේජ්මන්ට් මියා තර්මොපොලිස්
2005 Hoodwinked! රෙඩ් පකට් (හඬ)
2005 Havoc ඇලිසන් ලැන්ග්
2005 Brokeback Mountain ලුරීන් නිව්සම් ට්විස්ට්
2006 The Devil Wears Prada ඇන්ඩ්‍රියා "ඇන්ඩි" සැච්ස්
2007 බිකමිං ජේන් ජේන් ඔස්ටින්
2008 Get Smart ඒජන්ට් 99
2008 Rachel Getting Married කිම් බච්මන්
2008 Passengers ක්ලෙයා සමර්ස්
2009 Bride Wars එමා ඇලන්
2010 Valentine's Day ලිස් කරන්
2010 ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් මාර්මෝරියල්හි මිරානා / සුදු රැජින
2010 Love & Other Drugs මැගී මර්ඩොක්
2011 රියෝ ජුවෙල් (හඬ)
2011 One Day එමා මෝර්ලි
2012 The Dark Knight Rises සෙලීනා කයිල් / කැට්වුමන්
2012 Les Misérables ෆැන්ටයින්
2013 Don Jon එමිලි ලොම්බාර්ඩෝ පසුබිම් රංගනය
2014 Song One ෆ්‍රැනී එලිස් නිෂ්පාදකවරිය ද වේ.
2014 රියෝ 2 ජුවෙල් (හඬ)
2014 Don Peyote සත්‍යයේ නියෝජිතවරිය පසුබිම් රංගනය
2014 Interstellar ඇමීලියා බ්‍රෑන්ඩ්
2015 The Intern ජූල්ස් ඔස්ටින්
2016 ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් මාර්මෝරියල්හි මිරානා / සුදු රැජින
2016 Colossal ග්ලෝරියා
2018 Ocean's Eight ඩැෆ්නි ක්ලූගර් පශ්චාත්-නිෂ්පාදනය

රූපවාහිනිය

[සංස්කරණය]
වර්ෂය තේමාව චරිතය සටහන්
1999–2000 Get Real මේගන් ග්‍රීන් කථාංග 22ක
2007 Elmo's Christmas Countdown ඇය ලෙසම රූපවාහිනී විශේෂ
2008–12 Saturday Night Live ඇය ලෙසම (නිවේදිකා) කථාංග 3ක
2009–12 ද සිම්ප්සන්ස් ජෙනී / පෙනිලොපි කුමරිය (හඬ) කථාංග 3ක
2010–11 Family Guy මැගී මව්තුමිය / හොට් බ්ලොන්ඩ් (හඬ) කථාංග 2ක
2011 83වන ඇකඩමි සම්මාන ඇව ලෙසම (සම-නිවේදක) රූපවාහිනී විශේෂ
2015 HitRecord on TV විවිනා වයිරස් කථාංගය: ""Re: The Number Two"
2015 Lip Sync Battle ඇය ලෙසම කථාංගය: "Anne Hathaway vs. Emily Blunt"

වේදිකා

[සංස්කරණය]
වර්ෂය තේමාව චරිතය සටන්
2009 Twelfth Night[3] වියෝලා ඩෙලාකෝර්ටි තියටරය
2015 Grounded නම් නොලද ගුවන් නියමුවරිය ද පබ්ලික් තියටර්

ගීත දායකත්වය

[සංස්කරණය]

සටහන්ගත ගීත

එලා එන්චෑන්ටඩ්හි ඇගේ ගීත සඳහා, බලන්න: එලා එන්චෑන්ටඩ් ධ්වනිපථය සඳහා පථ ලැයිස්තුකරණය

තේමාව වර්ෂය උච්ච සටහන් අගයයන් ඇල්බමය
කැන.
[4]
ස්පාඤ්.
[5]
අයර්.
[6]
එ.රා.
[7]
එ.ජ.
[8]
"I Dreamed a Dream" 2012 77 21 26 22 69 Les Misérables: Highlights from
the Motion Picture Soundtrack

ආරාධිත නිරූපණයන්

ගීතය වර්ෂය ශිල්පියා ඇල්බමය
"Don't Go Breakin' My Heart" 2004 ජෙසී මැකාර්ට්නි සහ ඈන් හැතවේ Ella Enchanted (ධ්වනිපථය)
"You Make Me Feel Like Dancing (Remix)" ඈන් හැතවේ
"Somebody to Love" ඈන් හැතවේ
"Great Big World" 2005 ඈන් හැතවේ හුඩ්වින්ක්ඩ් (සැබෑ සලරූ ධ්වනිපථය)
"Take, O Take Those Lips Away" 2009 ඈන් හැතවේ සහ ඉල්රියන් මාර්චිං සංගීත කණ්ඩායම Twelfth Night
"Full Phathom Five" ඈන් හැතවේ, හෙම් සහ ඕඩ්‍රා මැක්ඩොනල්ඩ්
"Come Away Death" ඈන් හැතවේ, ඩේවිඩ් පිටූ, රාවුල් එස්පාර්සා සහ ඉලිරියන් මාර්චිං සංගීත කණ්ඩායම
"Real in Rio" 2011 ඈන් හැතවේ, ජෙසී අයිසන්බර්ග්, ජේමී ෆොක්ස්, ජෝර්ජ් ලෝපෙස්, විල්.අයි.ඈම්, සහ ද රියෝ සිංගර්ස් සමග හොලිවුඩ් රියෝ (චිත්‍රපටය)
"Hot Wings (I Wanna Party)" ඈන් හැතවේ, විල්.අයි.ඈම්, ජේමී ෆොක්ස්
"At the End of the Day"[9] 2012 හියු ජැක්මන්, ඈන් හැතවේ, ෆෝර්මන්, ෆැක්ටරි ගර්ල්ස් සහ පිරිස Les Misérables: Highlights from
the Motion Picture Soundtrack
"I Dreamed a Dream"[9] ඈන් හැතවේ
"Epilogue"[9] ඇමැන්ඩා සෙයිෆ්‍රීඩ්, ඈන් හැතවේ, කොල්ම් විල්කින්සන්, එඩී රෙඩ්මේන්, හියු ජැක්මන්
"What is Love" 2014 ජැනෙල් මොනේ, ජේමී ෆොක්ස්, ඈන් හැතවේ, ජෙසී අයිසන්බර්ග් රියෝ 2
"Don't Go Away" ඈන් හැතවේ සහ ‍ෆ්ලේවියා මේයා
"At The Ballet" (A Chorus Line තුළ) 2016 බාබ්‍රා ස්ට්‍රයිසෑන්ඩ්, ඩේසි රිඩ්ලි, ඈන් හැතවේ Encore: Movie Partners Sing Broadway

සම්මාන සහ නිර්දේශ

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Anne Hathaway". movietome.com. December 17, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 9, 2006. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. ^ "Anne Hathaway". People. සම්ප්‍රවේශය October 10, 2008.
  3. ^ {{cite web|url=http://www.lortel.org/lla_archive/index.cfm?search_by=people&first=Anne&last=Hathaway&middle= |title=Lortel Archives-The Internet Off-Broadway Database |publisher=Lortel.org |accessdate=February 25, 2012}}
  4. ^ "Week of 12, January 2013: Biggest Jumps". Billboard. සම්ප්‍රවේශය January 13, 2013.
  5. ^ "Anne Hathaway - "I Dreamed a Dream"". PROMUSICAE/spanishcharts.com. සම්ප්‍රවේශය January 13, 2013.
  6. ^ "GFK Chart Track". Irish Recorded Music Association. January 18, 2013. සම්ප්‍රවේශය January 19, 2013.
  7. ^ "2013 Top 40 Official UK Singles Archive". Official Charts Company. January 26, 2013. සම්ප්‍රවේශය January 23, 2013.
  8. ^ "Weekly Chart Notes: Anne Hathaway, Anna Kendrick get in the act of charting". Billboard. January 4, 2013. සම්ප්‍රවේශය January 13, 2013.
  9. ^ a b c "Les Misérables: Highlights from the Motion Picture Soundtrack". Amazon. සම්ප්‍රවේශය January 13, 2013.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Oscars hosts 2001–2020

"https://si.wikipedia.org/w/index.php?title=ඈන්_හැතවේ&oldid=591425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි